Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
බූන්දි, 17:46:25
සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල කරලන්නට කෙටිකතාවට හැකි යැයි මම විශ්වාස කරමි. නමුත් එසේ කරන්නට හැකි වන්නේ කෙටිකතාව නම් සාහිත්‍යයික ජොන්රයේ සමස්ථ ව්‍යුහ ලක්ෂණ තමන් තුළට අවශෝෂණය කරගෙන, එය, තමන් කෙරෙන් මතු කර, තමන් ගොඩ නගන කෙටිකතාව තුළ රඳවන්නට සමත්වන්නේ නම් පමණි. එය ප්‍රතිභාව මත හෝ කතිකාව මත පමණක් රඳන කාරණාවක් නොවේ. ප්‍රබන්ධකරණයේ ‘ගද්‍ය’ යනු හුදෙක් භාෂා ගොඩනැවීමක් මත පමණක් සිද්ධවන්නක් නොවේ. සාහිත්‍යයික බස යනු ‘භාෂා’ ඥානය යයි පටලවා ගන්නෝ භාෂා විකුම් පෑමට ගොස් සරලමතික සාහිත්‍යකරුවන් බවට පත්වෙති.

හූලියෝ කොර්තාසාර් කෙටිකතාව නවකතාවෙන් වෙන් කර පෙන්වන්නේ සටන් ක්‍රීඩා-කලා වපසරියක තබමිනි. එම අබිමුඛ කිරීම තුළ සැබැවින් ම කෙටිකතාව තේරුම්ගන්නට පහසු ය. කොර්තාසාර්ට අනුව නවකතාව ජය ගනුයේ ලකුණු රැස්කිරීම මත පදනම්ව ය. නමුත් කෙටිකතාවේ දී ජය පදනම් වන්නේ ‘නොකවුටය’ හෙවත් ප්‍රතිවාදියා මුළුමනින්ම ‘හාන්සි කර දැමීම’ මත ය. එහි වේගය හා තාක්ෂණවේදය එයාකාර ය. ජය යනු සාර්ථකත්වය යැයි ගතහොත් කෙටි කතාවක් සාර්ථක වීමට නම් සහෘදයා සමඟ හුරතල් වීමට ලියන්නාට කාලයක් හෝ අවකාශයක් ලැබෙන්නේ නැත. මොහොතින් මොහොත පුදුම ඵලවනසුළු දෑ සිදුවිය යුතු ය. නොහිතූ විරූ දෑ සිදු විය යුතුය. අවසානය නොකවුටයක් විය යුතුය. කොල්තාසාර් අන්තැනක කෙටිකතාවේ සන්දර්භය අපට අබිමුඛ කරන්නේ ද නොකවුටයක් පරිද්දෙනි. කතාව තුළට අන් යමක් නොව, කතාව පමණක්ම ඇතුල් කිරීමට අවශ්‍ය වන්නේ තුච්ඡභාවය නිසා යැයි තමන්ට සිතෙන බව කොල්තාසාර් පවසයි. හිත හිත කෙටිකතා ලිවව හැකි වුව කතාව තුළ හිත හිත ඉන්නට ඉඩ නැත. බරසාර කෙටිකතාකරුවකු වූ ඔහු කෙටිකතා ප්‍රබන්ධකරණය ගැන ස්වකීය භාවිතය තුළම අත්පත් කරගත් සිය මතය, තව දුරටත් ප්‍රසාරණය කරමින් පවසන්නේ කෙටිකතා ප්‍රබන්ධකරුවාට, ක්‍රමාණුකූලව ගොඩනැඟෙමින් ඉදිරියට යාමේ හැකියාවක් නොමැති බවත්, කාලය ඔහුට පක්ෂපාතී සහායකයෙකු නොවන බවත් කෙටිකතා ප්‍රබන්ධකරුවා දැනසිටිය යුතු බවයි. කොල්තාසාර්ට අනුව කෙටිකතා ප්‍රබන්ධකරුවා සතු එකම විසඳුම වන්නේ තිරස්ව ක්‍රියා කරමින් සාහිත්‍යමය අවකාශයක ඉහළ පහළ යාමයි.

මා ඉදිරියෙහි වන ‘කැත ගැහැණියකගේ සිහිනය’ කියවීමට ලක්විය යුත්තේ, මා ද අනුදත් කොල්තාසාරියානු කෙටිකතාද ප්‍රවාද ඔස්සේ යැයි මම හිතමි. කෙටි කතා සප්තකයකින් සමන්විත මෙම කෘතිය රචකයාගේ මංගල ප්‍රයත්නය වෙයි. කතා සියල්ල ම අතිශය සංක්ෂිප්තකර මුහුණුවරක රැඳේ. ඇතැම් කතාවක් මම, ‘ඉතා කෙටිකතා’ ලෙස නම් කරන සාහිත්‍යයික ජොන්රයට ආසක්ත වන පෙනේ. ඔහුගේ සෙසු කෙටිකතා ද අත්පත් කරගන්නේ මෙකී සංක්ෂිප්තභාවයට ලැදි තාක්ෂණවේදයක් ම වුව කොල්තාසාර් කීවාක් මෙන් සරද සමරසිංහ කතාව තුළ කතාව පමණක් ම රඳවයි. එය මෙහෙයවෙනු ලබෙන්නේ කවරක් විසින් දැයි දැන් පැහැදිලි ය. කතා සම්ච්චයේ කතා අතර සැරිසැරීමෙන් එය වඩාලාත් තහවුරු කර ගන්නට සහෘද මනසට අවකාශ ලැබේ.

සරද මිටි මොළොවන විශ්වය අතිශය සංකීර්ණ ය. ‘වීරයා’ ගේ සන්තානය තුළ ම ‘ප්‍රතිවීරයා’ ස්ථානගත කරන්නට නම් කතාකරුවකු තුළ අතිශයින් සූක්ෂ්ම, ඉසියුම් නිරීක්ෂණ විභවයක් පැවතිය යුතු ය. සරද තුළ එය පවතින බව පවසන්නට පැකිලිය යුතු නැති. ඔහු තනා ගන්නා සාහිත්‍ය බස ද සරලභාවය ම දෘඪතර වස්තූන් මත ආරෝපනය කරවයි.

"ප්‍රජාතන්තරවාදී ඩෝසරය කහපාටයි. ඒකට ප්‍රාජාතන්තරවාදී ඩෝසරය කියල කවුරුත් කියන්නේ නෑ. ඒත් හැමෝම ඒක දිහා බැලුවෙ හරිම ප්‍රාජාතන්තරවාදී හැඟීමකින්."
(-‘ප්‍රජාතන්තරවාදී ඩෝසරය’ කෙටිකතාව)

ගම-නගර ධ්‍රැවීකරණයේ සංසද්ධීන් බොහෝ අද්දැකීම් පතුළතින් ගලා යන ‘සර්ජනයක්’ මෙනි. වස්තු විෂයයෙහි පමණක් නොව භාෂාකෘතික භාවිතයහිද පෙන්වන අනන්‍ය ලකුණු, සරද, පළ කිරීමේ සුරතාන්තය තුළ නොගැළුණු නිර්මාණකරුවකු අප අභියස ස්ථානගත් කිරීමකි. ‘වීරයා’ තුළ ම වුව, සංක්ෂිප්තව හදන ‘සංසාර’ පසුබිම මෙකී භාෂාකෘතික ප්‍රතිපදාවත් රැකගනී. කතාවේ තානම ද, ‘වසා’ගේ අම්මාගේ තානම ම ය. යටින් එළූ දැළ, දැනට තියෙන්නෙ වතුර යට ය. මාළු පැටලීදැයි නැද්දැයි මතුපිට ඇසට නොපෙනේ. ‘වසා’ මෙන් කිමිදීමෙහි ලාලසාව වඩවාගන්නේ නම් පමණක් ‘සාහිත්‍යයික කොටහ’ වැඩි කරගත හැකි බව සරද අපට කියයි. බෝට්ටුවක් ගැනීමේ පළමු පියවර ඒ තුළ වේ. අවසන බෝට්ටු හය, හතක හිමිකරුවකු වන්නටද ඔහුට මෙන් ම අපිට ද බැරි කමක් නැති. ‘වසා’, වසන්තය අත්පත් කර ගන්නවා මෙනි.

‘කැත ගැහැණිය’ තුළ ඇත්තේ සමකාලින සමජයේ විවිධ පැතිකඩ ය. මේ මොහොතේ සමාජ ජීවිතය මෙයාකර ය. මේ විකල්ප ජීවිත නෙවේ, ඇත්ත ජීවිත ය. මේ විකල්ප සම්බන්ධකම් නෙවේ, ඇත්ත සම්බන්ධකම් ය. කොටින් ම මේ ප්‍රබන්ධ ජීවිත නොවේ, ඇත්ත ජීවිත යැයි කියන්නට ද බාධාවක් නැති.

සරද කතා සමුච්චය අහවර කරන්නෙ අලුත් සහශ්‍රකයෙ ජීවිත වල සංකීර්ණක ඉඟි කරමිනි. සෙන්ටෙනියල් පරම්පරාවෙ ස්වභාවය සමඟ සමාජ ජීවිතය වඩා සංකීර්ණ වනු ඇත. වික්ටෝරියානු ආකෘතිය තුළ ස්ථානගත කරන ලද ජීවිතය, කවර තාක්ෂණික සන්දර්භයක් ඇතුළත දී වුව, තමන්ගේ ආත්මගත පැවැත්ම හොයාගන්න ගැනීමට නියමිත ය. ඉදින්, ඊනියා ‘වික්ටෝරියානු ආත්ම’ මේ කතා වලට බය වෙන්නට පිළිවන් ය. නමුත් සාහිත්‍යයිකව අප කළ යුත්තේ ජීවන හා සමාජ යථාර්ථය ඥානනය කිරීම ය. ඒ සඳහා පමා වී වුව සරද අත්පත්කර ගන්නේ ඉතා පැහැදිලි ප්‍රවේශයකි. ඒ වනාහී මේ සහශ්‍රකය පුරා අරන් යා යුතු සංකීර්ණ ජීවන විලාශයේ සරල හරස්කඩකි.

මෙබඳු පළමු පොත් පළ කරන්නට පරක්කු වෙන එක හොඳ ය. ලියන සියල්ල ම පළ කළ යුතු යැයි නියමක් නොවේ. කීපවරක්වත් ස්වයං සංස්කරණයකට ලක් කර, ඉක්බිත්තේ පැත්තකට දැමිය යුතු පොත්, මුද්‍රණය කෙරන අවදියක සරදගෙ ‘කැත ගැහැණිය’ මට ‘ලස්සන’ වෙන්නේ මේකී අර්ථ සමුදායෙනි.

සරද සමරසිංහ හා මා අතර වන මිත්‍රත්වය අනූව දශකයේ ආරම්භය කරා ම විහිදෙයි. අපි එකම අවකාශයක ජනමාධ්‍ය ඉගෙන ගත්තෝ වීමු. ඉක්බිති මම ද ඔහු ද භෞතිකවම ජනමාධ්‍යකරණයේ නිරතවන්නෝ වූයෙමු. ඔහු ලංකාදීපයේත්, ලේක් හවුසියේත් වැඩ කරමින් සිටි අතර කලෙක නිහඬ වූ බවක් හැඟිණ. කොහොමත් සරද නිශ්ශබ්ද විලියම් කෙනෙකි. නමුත් කතා කරන විට ඇත්තේ කල්පයකින් කතා කළද එකවර මතක් වන සුළු කටහඬකි. පසු කාලීනව බූන්දිය බඳු අන්තර්ජාල අවකාශ වල ඔහු ලියන මාධ්‍යමය ලියවිලි කියනවන විට ඔහු තුළ වූ මාධ්‍යවේදියා එලෙසින්ම සිටින වග පෙනී මම මහත් සතුටට පත්වීමි. එහෙත් ඔහු ප්‍රබන්ධමය කතාකරුවකු බව දශක දෙකහමාරක් ඉක්මවූ අපේ මිත්‍ර ඉතිහාසය තුළ මා දැන සිටියේ නැත. දැන් ඔහු මා හමුවේ එය අනාවරණය කර ඇත. මිත්‍රත්වයන් හේතුවෙන් ලියන්නන් විශාලනයට ලක්කරන පුරුද්දක් නැති මා, කොර්තාසාරියානු ප්‍රවේශයකින් ඔහුගේ කතා කලාව වෙත පිවිසුණේ, එකී ප්‍රබන්ධ ලියවිලි වලින් මා අද්දකින ‘කෙටිකතාමය’ සහ ‘ඉතා කෙටිකතාමය’ නිමේෂ ගැන පහදාගන්නට ය. මා කියන දේ සත්‍යයක්දැයි අසත්‍යයක්දැයි පසක් කර ගන්නට සහෘද ඔබට බාධාවක් නැති.
වෙනත් සබැඳි |
සරද සමරසිංහ @ Boondi
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Katha Gahaniyage Heenaya (2017), Sarada Samarasinghe, Collection of Sinhala Short Stories, Sinhala Keti Katha, Julio Cortázar
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මංජුල වෙඩිවර්ධනගෙන් තවත් වියමන්
කවි
සුළඟට අවනතව
කරන්ට්ස්
මම තොප නොහඳුනමි
කවි
[සන්තාන ගීතිකා - 7] අවාළු පැහැය විනිවිදිමිනි..
කවි
[සන්තාන ගීතිකා - 6] ස්මරණ නටඹුන් මත
පොත්
ඉකෙලොසීය සන්දර්භයක හකාවති කියවීම
තවත් පොත් බූන්දි
සමහර කමටහන් සහ සමහර රජත
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්
හකාවතී- කියවල අඬන්නද? හිනාවෙන්නද?
ඒ නිද්‍රාවෙහි පසු වන්නේ ඔහුද ඔබද මමද නැතහොත්...?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook