Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
පළතුරු සහ චාරිත්‍රය
බූන්දි, 17:47:45
ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම අනාගත වක්තෘවරයකු අමතා පවසා සිටියේ, කාන්තාරයේ පෙදෙස්වල වෙසෙන හැම අයෙක්ට ම දිනකට එක පළතුර බැගින් ආහාරයට ගැනීමට උපදෙස් දෙන ලෙසයි.

දෙවියන් කී අයුරින් ම මෙම චාරිත්‍රය පරම්පරා ගණනාවක් යන තුරු එම පෙදෙස්වල වැසියන් විසින් අනුගමනය කෙරිණි. එහි අවසන් ඵලය වූයේ කාන්තාර බද පෙදෙස තුරුගොමුවලින් පලබර වීමයි.

කාන්තාර බද මේ සරුසාර පෙදෙස දැකීමෙන් අනෙක් යාබද ගැමියෝ විස්මයට පත් වූහ. එතෙකුදු වූවත් වසර සිය ගණනක් පැවැති, සිය අනාගත වක්තෘන් කියූ පරිදි එම චාරිත්‍රය ඉදිරියට පවත්වාගත් ගම්වාසීහු දිනකට එක් පළතුරක් බැගින් ආහාරයට ගත්හ.

වසර අවසන අස්වනු නෙළන කාලයන්හි ඉතිරිවන හා අපතේ යන අස්වැන්න අනෙක් ගම්වල මිනිසුන්ට දීමට පවා කාරුණික නො වූ මේ ගම්වාසීහු ඒවා විනාශ වීමට ඉඩ හළහ. ඉතිරි වූ පළතුරු තොග කුණු වී විනාශ වී ගියේ ය.

කාන්තාරයේ තිබෙන මේ සශ්‍රීක ගම්මානයේ මිනිසුන්ගේ ක්‍රියාව දෙස විමසිල්ලෙන් බලාසිටි දෙවියන් නව අනාගත වක්තෘවරයකු කැඳවා මෙසේ කීය.

"තමන්ට කැමති විදිහට මේ මිනිසුන්ට ආහාර ගන්න කියන්න. ඒ අතරෙ ඉතිරි වෙන ආහාර අනෙක් ගම්වල ඉන්න මිනිස්සු එක්කත් බෙදා ගන්න කියන්න."

දෙවියන්ගේ පණිවිඩය රැගත් අනාගත වක්තෘවරයා ගමට පිවිසි විට ගම්වාසීන් ඔහුට ගල්ගසා පන්නා දැමූහ. මක්නිසාද යත් පැරණි චාරිත්‍රය අවිචාරවත් අන්දමින් කාලාන්තරයක් තිස්සේ ගැමියන්ගේ සිතු තුළ පැලපදියම් වී තිබීම නිසාවෙනි.

කාලය කෙමෙන් ගතවීමත් සමඟ නැවුම් අදහස් දරන තරුණ පිරිස් කාලයක් තිස්සේ පැවැති මේ ම්ලේච්ඡ චාරිත්‍රය පිළිකෙව් කරන්නට වූහ. කෙසේ වූවත් නව අදහස් හමුවේ නො නැමෙන දැඩි වැඩිහිටි අදහස් හමුවේ තරුණයන්ගේ අදහස් ප්‍රතික්ෂේප විය. තමන්ට ඇති තරම් ආහාර බුක්ති විඳීමට හා අනුන්ට බෙදාදීමට හැකියාව තිබුණ ද අවසන තරුණයෝ සිය උපන් ගම හැරදා ගියහ.

අන්ධ දේව භක්තිය දරමින් සාන්තුවරයින් සේ ජීවත් වූ වැඩිහිටි පිරිස පමණක් ගමෙහි ඉතිරි විය. විශ්වාසයන් අන්ධ වූ කල්හි බාහිර ලෝකයේ වෙනස්කම් සිදුවන බව අවබෝධ කර ගැනීමටත් ඊට අනුරූපව තමන් ද වෙනස් විය යුතු බවත් යන සැබෑව වටහා ගැනීමට අපොහොසත් වූ මේ වැඩිහිටි පිරිස ජීවිතයේ ඉතිරි කාලය ද එලෙසින් ම ගෙවා දැමූහ.

(-තත්පර 60ක් කියවමු)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Fruit and Tradition, Paulo Coelho, 60 Seconds Reading
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
පාවුලෝ කොයියෝගෙන් තවත් වියමන්
රත්තරං ටික
මිත්‍රත්වයේ ගිනිසිළුව
වෙසෙස්
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස්
රත්තරං ටික
සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා.
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
කතා-බස්
වෙනස් වීම| පාවුලෝ කොයියෝ සමග සංවාදයක්
තවත් රත්තරං ටික
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
වරෙං වරෙං සුළංනේ- සුළං සුළං වරෙන්නේ
රිද්මයක් නැතිකම තමයි බවුල් වල රිද්මය. උමතුව.
සිස්ටම් vs ඕටී
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook