Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අලුත් මිදියුෂ අලුත් බඳුනෙක
බූන්දි, 17:28:45
අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු හුළං පොදක් පවා තමන්ගේ ඇඟේ වැදීම පිළිකුල් කරති. ඔවුන්ට රැකියාවක් පවා සොයා ගැනීම අපහසු ය. මේ කුල පීඩනයට එරෙහිව හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලයේ රෝහිත් වෙමියුලා සිය දිවි හානි කර ගත්තේය. ඒ තරම් ඉන්දීය ජනයා අතර දලිත් කුල පීඩනය බරපතලය.

එහෙත් එවන් කුලහීනයකු හා දලිත්වරයකු වූ රාම්නාත් කෝවින්ද් නොබෝ දා ඉන්දියාවේ රජ මැදුර වන රාශ්ට්‍රපති මන්දිරයට සාඩම්බරයෙන් පිය මැන්නේ එවන් රටක ජනාධිපති ලෙසය. ජනාධිපති ධුරයට ඔහු හා තරග කළ ප්‍රධාන ප්‍රතිවාදියා වූ මෙයිරා කුමාර් ද දලිත්වරිියකි. ව්‍යවස්ථාදායකයෝ හා නීති සම්පාදකයෝ 99%ක්ම මේ දලිත්වරුන් සඳහා ඡන්දය පාවිච්චි කොට තිබිණි. මේ සියල්ල ඉන්දියාවේ ව්‍යවස්ථාවට පින්සිදු වන්නට ය.

ඉන්දියාවේ හිටපු විධායක අගමැති මනමෝහන් සිං සීක් ජාතිකයෙකි. ඉන්දියාවේ සිටි විධායක අගමැතිවරියක වූ හා නේරුගේ දියණිය වූ ඉන්දිරා ගාන්ධි මරා දමනු ලැබුවේ ඇයගේ ආරක්ෂාවට සිටි සීක් ජාතිකයන් කීප දෙනෙකු විසිනි. ඒ ඔවුන්ගේ පූජනීය ස්ථානයක් වූ රන් දෙවොලට හමුදාව යවා එය අපවිත්‍ර කළ බවට වූ චෝදනාව නිසාය. මීට ප්‍රතිචාර දක්වමින් 1984 දී දහස් ගණන් අහිංසක සීක් ජාතිකයන් සමූල ඝාතනය කරන්නට තරම් ඉන්දියානු ජාතිකවාදයන් බලවත් විය. සීක් ජාතිකයකු වූ මනමෝහං සිං ට අගමැති ධුරය ලබා ගත හැකි වූයේ එවන් රටක ය. ඒ ඉන්දියාවේ ව්‍යවස්ථාවට පින්සිදු වන්නට ය.

මේ නිදසුන් දෙකක් පමණකි. ඉන්දියාව විවිධ ජාතීන්ගේ හා ආගමික කොට්ඨාසයන්හි සම්මිශ්‍රණයකි. එපමණක් නොව ජාතිකවාදී, ආගම්වාදී, කුලවාදී පීඩනයන් ඉතා බහුල රටකි. එකී සියලු පීඩනයන් සහේතුක කෙරෙන ජාතික හා ආගමික ලිඛිත හා අලිඛිත මූලාශ්‍රයන්ද බහුල රටකි. (නිදසුනක් ලෙස ඉන්දියානු කුල භේදය ඇතැම් හින්දු ආගමික මූලාශ්‍රයන්ගෙන් සහේතුක වේ.) එහෙත් එකී භේදයන් අති ගැඹුරට මුල් බැසගෙන ඇති රටක එකී සියලු භේදවාදයන් හා පීඩනයන් ඉක්මවා යන ආකාරයට ඉන්දියානු ව්‍යවස්ථාව නිර්මාණය කරන්නට එහි නිර්මාතෘ බී.ආර්. අම්බෙඩ්කාර් ශ්‍රීමතාණන්ට දුර දැක්මක් තිබිණි.

කිසිදු ආගමකට, ජාතියකට, කුලයකට හා භාෂාවකට විශේෂ සැලකිල්ලක් නොදෙන ආකාරයට ලෞකික රාජ්‍යයක් (a secular state) ලෙස ඉන්දීය ව්‍යවස්ථාව ඉන්දියාව ස්ථාපිත කර ඇත. එලෙස තිබියදීත් ජනතාව අතර පෙරකී භේදයන් ඇතැම් ප්‍රාන්තයන් හා ප්‍රදේශයන්හිි ඉතා දැඩිව දැකිය හැක. ඒ අතරම එකී භේදයන් ඉක්මවා යමින් සැමට සමානව සලකන සමාජයක් වෙනුවෙන් අරගල කරන විමුක්ති ව්‍යාපාර රැසක් ඉන්දියාව පුරා බිහි වී ඇත. ඔවුනට ඉන්දියාවේ පොදු නීතිය වූ ව්‍යවස්ථාව ඉමහත් ශක්තියකි. දලිත්වරුන්ට මෙන්ම විවිධාකාරයෙන් කෙනෙහිලිකම්වලට ලක්වන ජාතික හා ආගමික කොට්ඨාසයන්ට උසාවිය මගින් සාධාරණය ඉටු කර දීමට අදාළ විමුක්ති ව්‍යාපාරයනට හා නීති ආධාර ව්‍යාපාරයනට හැකි වී ඇත්තේ ඉන්දියාවේ පොදු නීතිය වූ ව්‍යවස්ථාවට පින්සිදු වන්නටය.

ලංකාව නම්...

ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක හින්දු ආගමික කුල තරුණියක් අසල්වැසි මුස්ලිම් තරුණයකුට ආදරය කළා ය. ඇයගේ සහෝදරයෝ හා ඥාතීහු මේ සම්බන්ධයට විරුද්ධ වූහ. ඔවුන්ගෙන් එල්ල වූ තර්ජන ගර්ජනා හේතුවෙන් ඔවුහු විවාහයෙන් පසු වෙනත් ගමක පදිංචි වූහ. මේ අතර ඉපැදුණු දරුවාගේ පළමු උපන් දිනය ළං විය. මේ වන විට තර්ජන හා ගර්ජනා නැවතී තිබිණි. එබැවින් සුබවාදී වූ මේ යුවළ යළිදු ගමට ගියේ තමන්ගේ ම ගමේ, තමන්ගේ ම ගෙදර තම කුළුඳුල් පුතුණුවන්ගේ පළමු උපන් දිනය සමරන්නට ය. දරුවාගේ පියා වූ මුස්ලිම් තරුණයා කේක් ගෙඩියක් සමඟ නිවසට එමින් සිටියේ ය. එය ඔහුගේ අවසන් ගමන විය. වහා ක්‍රියාත්මක වූ බිරියගේ සහෝදරයන් විසින් ඔහුව කපාකොටා මරා දමන ලදි. මේ ඉන්දියාවේ පුවත්පතක් නොබෝදා වාර්තාකරන ලද අනුවේදනීය සිදුවීමකි. ඉන්දියාවේ දිනපතා පුවත්පත් මෙවැනි සිදුවීම් දිනපතා බහුලව වාර්තා කරයි. ඒ තරමට ඉන්දියානු ජනයා අතර ජාතිභේද, කුලභේද, ආගම් භේද ආදී දෑ බහුලය. එහෙත් ඉන්දියානු ව්‍යවස්ථාව කිසිදු ජාතියකට, කුලයකට, ආගමකට විශේෂයක් නොකරන අනාගමික ලෞකික රාජ්‍යයක් තහවුරු කර ඇත.

ඉන්දියාවට සාපේක්ෂව ගත් කළ ලංකාවේ ජනයා තුළ මුල් බැසගත් එවන් භේදවාදයන් අඩුය. විවිධ ජනවාර්ගිකයන්, විවධ ආගමික කොටස්වලට අයත් වූවන් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය බොහෝ තැන්වල දැකිය හැක. කුල භේදය දැන් ප්‍රායෝගිකව අහෝසි වී යන මට්ටමට ම පැමිණ ඇත. එහෙත් අතීතයේ සිට මේ දක්වාම ලාංකිකයන් වෙතින් අහෝසි වී යමින් තිබෙන භේදයන් මතු කර ගන්නට අවස්ථාවාදී දේශපාලකයෝ ද, අවස්ථාවාදී ආගමික කල්ලි ද කටයුතු කර ඇත්තාහ. ලංකාවේ ඇති වූ සියලුම ජාතිවාදී, ආගම්වාදී කෝලහාල හා අර්බුද පිටුපස අවස්ථාවාදී දේශපාලන හස්තයන් තිබූ බව ඒ පිළිබඳ කරන ලද සියලුම අධ්‍යයනයන් විසින් සනාථ කරනු ලැබ ඇත.

සාමාන්‍ය ජනයාට නොවැදගත් භේදයන් කොල්ලකාරී දේශපාලකයන්ට ද, කොල්ලකාරී ආගමික කොටස්වලට ද වැදගත් ය. කිසියම් ආගමකට, ජනවර්ගයකට හෝ විශේෂත්වයකින් සැලකීම වූකලී 'වෙනස් කොට සැලකීම' හැර වෙන කුමක් ද? කොල්ලකාරී දේශපාලකයන්ට තම කටයුතු හා පැවැත්ම සාධාරණීකරණය කර ගැනීම සඳහා ආගමේ උදව් අවශ්‍යය ය. ආගම්වලට කෙසේ වෙතත් ඇතැම් ආගමික නායකයන්ට ද සිය පැවැත්ම සඳහා දේශපාලකයන්ගේ සහය අවශ්‍යය ය. මේ නිසා දේශපාලකයෝ ආගමික නායකයන් පිනවීම කරති. ආගමික නායකයෝ දේශපාලන නායකයන් පිනවති. එහෙත් මෙහි ඇති ඛේදනීයම කරුණ නම් රටේ පොදු නීතිය වන ව්‍යවස්ථාව ඒ සඳහා පාවිච්චි කිරීම ය. එය වූකලී අවස්ථාවාදීන්ට හා අන්තවාදීන්ට අං තට්ටු පැළඳීමකි. ගලගොඩඅත්තේ වැනි හිමිවරුන් හා රාවණා, මහසොහොන් වැනි යක්ෂාවේෂ බලකායන් නිර්මල බුදු දහමට නිගා කරනුයේ මේ ව්‍යවස්ථාදායක අං තට්ටුවලට පිං සිදු වන්නට ය.

කාදිනල් තුමාට නොතේරෙන අනාගමික රාජ්‍යය

තත්ත්වය මෙසේ තිබියදී මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කර සිටින්නේ ලංකාව අනාගමික රාජ්‍යයක් වීම භයානක බවය. එමෙන් ම එසේ වීමේදී ලංකාවේ ආගම් නැති භංග විය හැකි බවක් අසන්නා තුළ ඇඟවෙන්නට එතුමා කටයුතු කරයි.

එහෙත් දේශපාලන විද්‍යානුකූලව අනාගමික රාජ්‍යය වශයෙන් නම් කෙරෙනුයේ secular state යන්නය. secular යන වදනට අගාරික, අනාගාමික, ඓහික, චිරකාල, ලෝකායත්ත, ලෞකික, විලම්බික යන අරුත් ඇත්තේය. එබැවින් 'අනාගමික රාජ්‍යය' යනු ආගම් නැති රාජ්‍යයක් ලෙස එතුමාට හැඟුනේ නම් එම පටු ආස්ථානය තේරුම් ගත හැකි වුවද, එය ප්‍රකාශ කරන්නට යෑම හානිකරය යන්න අපේ අදහසය. එලෙස ප්‍රකාශ කරන්නට පෙර ඒ පිළිබඳව නිසි සොයා බැලීමක් කර තහවුරු කරගත යුතුව තිබූ බව අපේ හැඟීමයි.



රාජ්‍යය 'අනාගමික රාජ්‍යයක්' විය යුතු යැයි කියන විට එහි අදහස සියලු ආගම් අහෝසි වීම නොව රටේ පොදු නීතියේ පොදුබව සුරක්ෂා වීම ය. තවත් පැහැදිළිව කියන්නේ නම් රටේ සෑම පුරවැසියකුට ම සමාන ලෙස සැලකීමයි. කිසියම් ජනවර්ගයකට, කිසියම් ආගමකට, කිසියම් භාෂාවකට විශේෂත්වයක් දැක්වීමේ දී රටේ පොදු නීතිය වන ව්‍යවස්ථාවේ පොදු බව හෙවත් 'සැමට සමානව සැලකීමේ' ගුණය අහෝසි වීමේ විභව ශක්තිය ඉතා වැඩිය.

බෞද්ධාගමේ හරය වන මෛත්‍රීය නොපෙනෙන තරමට තමන් බෞද්ධ යැයි කියා ගන්නා ඇතැම් කොටස්වල හැසිරීම් රටාවනට උඩ ගෙඩි දෙන්නට රටේ පොදු නීතියේ ඇති වී තිබෙන අසමානතාව හේතුපාදක වී ඇති බව කාදිනල්තුමා වැන්නවුන්ට නොපෙනීම ජාතියේ අවාසනාවකි.
කිසියම් ආගමකට පමණක් නොව, ජනවර්ගයකට, භාෂාවකට, කුලයකට වෙනස් ලෙස සැලකීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවකට හොඳ ලක්ෂණයක් නොවේ.

එපමණක් නොව ලෝකයේ කොහේවත් නැති තරමේ අධිබලතල විධායක ජනපතිට හිමි මේ ව්‍යවස්ථාව මගින් මේ රටේ විධායක ජනාධිපතිවරු කී දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් ඉක්මවා ගියාදැයි කාදිනල්තුමාට අමතක වී ඇත්තේ කෙසේදැයි අපට නොතේරේ. තවද පසුගිය දා ඥානාර්ථ ප්‍රදීපය (2017, ජූලි 02) එහි ශීර්ෂ පාඨයෙන් වාර්තා කළේ 'අප සතු ව්‍යවස්ථාවෙන් ප්‍රශ්නය විසඳන්න බැරිනම් අප අත නැති ව්‍යවස්ථාවකින් ප්‍රශ්න විසඳෙයි ද?' යනුවෙන් කාදිනල්තුමා යාපනයේ දී ප්‍රකාශ කළ බවය. අප සතු ව්‍යවස්ථාවෙන් උතුරේ ප්‍රශ්නය විසඳිය හැකිව ඇත්තේ කෙසේදැයි එතුමා පැහැදිලි කරන්නේ නම් අපි කෘතඥ වෙමු. අපගේ අවබෝධය නම් පවතින ව්‍යවස්ථාවට උතුරේ ප්‍රශ්නය විසඳීමේ කිසිදු හැකියාවක් නැති බවය. උතුරේ ප්‍රශ්නය තබා දකුණේ ප්‍රශ්නවත් විසඳාලීමට පවතින ව්‍යවස්ථාවට ප්‍රමාණවත් හැකියාවක් නැත. උතුරේ ප්‍රශ්නය විසඳීමට 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෙනා පළාත් සභා බලතල සමගාමී ලැයිස්තුවකින් යළි උදුරාගෙන ඇති පවතින ව්‍යවස්ථාව ඒ වෙනුවට උතුරේ හා දකුණේ ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණන් උදුරාගෙන චීනය ඇතුළු ධනේශ්වර රටවලට හා සමාගම්වලට අවුරුදු 90 ගණන්වලට බදු දීමේ හෝ විකිණීමේ හැකියාව කොල්ලකාරී පාලකයන් ට අත්පත් කර දී ඇත. අවුරුදු 99 බදු කාලය අවසාන වන විට අප හෝ අප දරුවන් හෝ නැතිව පරම්පරා 3ක කාලයකි. බද්ද සින්නක්කර වන ආකාරය නොපෙනීමට ඒ කාලය හොඳටම ප්‍රමාණවත් ය. ඉතිං මේ ව්‍යවස්ථාව වෙනස් කළ නොයුතු යැයි කාදිනල්තුමා සිතන්නේ, කියන්නේ කෙසේදැයි අපට නොතේරේ.

ආගම හා රාජ්‍යානුග්‍රහය

ආගමකට පවතින්නට රජයේ විශේෂ අනුග්‍රහය අවශ්‍ය යැයි අපි නොසිතමු. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට රාජ්‍ය පාලනය සඳහා ආගම පටලවා ගැනීම අවශ්‍ය නැත. රාජ්‍ය පාලකයන්ට අවශ්‍ය වන්නේ රාජ්‍ය පාලනය පිළිබඳ දැනුමැති විශේෂඥයන්ගේ උපදෙස් මිස ආගමික නායකයන්ගේ උපදෙස් නොවේ ය. ආගමික නායකයින් රාජ්‍ය පාලනයේ විශේෂඥයන් නොවන බව රාජ්‍ය පාලකයෝ දනිති. එහෙත් ඔවුන් ආගමික නායකයන් සොයා යන්නේ උපදෙස් ගැනීමට නොව රූප නාලිකාවල මෙය ප්‍රදර්ශනය කොට ජනයා ගොනාට ඇන්දීමට බව ආගමික නායකයෝ තේරුම් ගත යුත්තාහ.

අනෙක් අතට රජයේ විශේෂ අනුග්‍රහය නැතිව තමන්ට පවතින්නට බැරියයි ආගම සිතන්නේ නම් මෙය ෆෝබියාවකි. භීතිකාවකි. එසේ වන්නේ නම් එය එම ආගමේ ඇති අසමත්කමයි. එහෙත් අප රටේ කිසිදු ආගමක් හරාත්මකව ගත් කළ එසේ අසමත් වන්නට තරම් බංකොලොත් යැයි අපි නොසිතමු. මක්නිසාදයත් මේ රටේ බුද්ධාගම, හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම යන සෑම ආගමක් ම මෛත්‍රීය, කරුණාව, ප්‍රේමය, දයාව, සාමය, අහිංසාව වැනි උතුම් ගුණ දහම් පෙරදැරිකරගත් ආගම් ය. මේ උතුම් ආගමික හරයන් නඩත්තු කර ගැනීමට අපොහොසත් ආගමික නායකයන් තුළ බිය ඇති වීම වැලැක්විය නොහැක.

ආගම් ඇදහීම, නොඇදහීම, ඇදහිය යුතු ආකාරය, ආගම වෙනස් කිරීම මේ සියල්ල මනුෂ්‍යයන්ගේ අවබෝධය තුළ ඇති කර ගන්නා පුද්ගලික තීරණය. මේ සඳහා නිදහස ව්‍යවස්ථාවෙන් තහවුරු විය යුතු අතර, ඒ පිළිබඳ බියක් ඇති කර ගැනීමට ආගමට හේතුවක් නැත. ආගමික හර පද්ධතීන් තුළ තම සැදැහැවතුන් හා අනුගාමිකයන් නඩත්තු කර ගැනීමේ හැකියාව ඇති ආගමික නායකයන්ට මේවා ප්‍රශ්න නොවේ ය. ප්‍රශ්නය ඇත්තේ මේ හර පද්ධතීන් අනුව ජීවත් නොවන නායකයන් හා අනුගාමිකයන් ඇති ආගම්වලට ය.

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මෙපමණකි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හා ජනතාව සතු බලය සුරැකෙන ආකාරයට පවතින ව්‍යවස්ථාව වෙනස් කළ යුතුමය. අලුත් වයින්වලට අවශ්‍ය අලුත් මිදි බඳුනක් යැ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ram Nath Kovind, India New President, Caste system in India, India's Second Dalit President, Malcolm Ranjith, Archbishop of Colombo, Secular State
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් හැඩ්ලි පෙරේරාගෙන් තවත් වියමන්
අදහස්
කොළඹ නිල කතෝලික සභාවේ පෝර්ට් සිටි විරෝධය
අදහස්
පාලම තව දුරය සෙන්දුරන්
අදහස්
බෙදුම්වාදී ෆෝබියාව
වෙසෙස්
ශ්‍රී ලංකාවම ෆෝබියාවෙනි...!
අදහස්
අලුත් වයින් පරණ බඳුන්
තවත් අදහස් බූන්දි
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
නෙල්සන් මැන්ඩෙලා කියයි.
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන... [More]
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook