Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
දේශපාලන කිණිතුල්ලෝ
බූන්දි, 16:02:22
සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා වැසියන් පෙලූ දේශපාලනඥයෙකි.

"මූව මරන්නට ඕනෑ."

"මූව මරලත් හිත් වදින්නේ නෑ."

"මේ කාළකණ්නියා අපේ දරුවො මරල දැම්මා."

"මූ මගේ ඉඩම් පැහැරගත්තා."

"මූ මගේ රස්සාව නැති කළා."

"අපේ ජීවත් වීමේ අයිතිය මූ විනාශ කළා."

"හත්මුතු පරම්පරාවකට සෑහෙන ධනයක් මූ පැහැරගත්තා."


වැසියෝ ඔහුට තලමින් කෑ ගසති. ඊසොප් පඬිතුමා රංගයට පිවිසෙයි.

"සෝමෝස් වැසියනි, නුඹලා කුමක් කරන්නද ඔය හදන්නේ?"

"ඇයි පඬිතුමනි, ඇහුණෙ නැද්ද මූ කළ දේවල් අපට?"

"මා හිතවත් සෝමෝස් වැසියනි, දැන් ඉතින් ඔය මිනිහා මැරුවයි කියලා ඇතිවන පලයක් නැහැ."

"මොකක්? පලක් නෑ කිවුවා?"

"වැසියනි, ටිකක් කල්පනා කර බලන්න- මේ මිනිහා මරනවා කියන්නේ හරියට දෝරුවට වැටුණු නරියගෙ ඇඟේ දැවටුණු කිණිතුල්ලන් මරා දානව වගේ වැඩක්."

"මොකක්ද ඒ කතාව? පඬිතුමනි කියමුකො ඒ කතාව."


"ඇඟ පුරාම කිණිතුල්ලන් වසා හුන් නරියෙක් දෝරුවක වැටී උන්නා. ඉත්තෑවෙක් ඒ දැක ඌට පිහිට වෙන්නට ආවා. ඉත්තෑවා කීවා.
මම ඉත්තෑවෙක් හන්දා මට ඇහැකි කිණිතුල්ලන් මරලා ඔබව බේර ගන්න.

නරියා කීවා, අනේ එපා ඉත්තෑවෝ. මං මෙහෙම ඉන්නම්.

එහෙනම් උඹට ගැලවෙන්න ඕනෙ නැත්ද නරියෝ? ඉත්තෑවා ඇහුවා.

ඕන් හොඳට අහගනින්. නරියා පැහැදිලි කෙරුවා...

මේ කිණිතුල්ලො ටික මගෙ ඇඟේ තිබ්බ ලේ ටික බීල බීල උන් ටික බඩ පිරිලා දැං නින්දට වැටිලයි ඉන්නේ. ඔබ උන් මරා දැම්මොත්, වෙන්නේ උන්ගෙන් හිස් වන තැන්වලට මේ දෝරුවෙ ඉන්න අනික් බඩගිනිකාර කිණිතුල්ලොත් ඇවිත් මගෙ ඉතුරු ලේ ටිකත් බීල මාව මරල දාන එක. ආන්න ඒ හන්දා ඔය කාලකන්ණි ටික ඔහෙ හිටපුවාවේ."


(කතාව කියා අවසන ඊසොප් මෙසේ ද කියයි.)

"ඕන්න ඔය කිණිතුල්ලො තමයි දේශපාලන කිණිතුල්ලො කියන්නේ. තමුන්නාන්සේල ඔය පණ පිටින් මරන්න හදන හාදයත් පහුගිය කාලෙ තමුන්නාන්සෙලාගෙ ලේ බීපු තමුන්නාන්සෙලාව හූරන් කාපු අධමයෙක්. ඌට තමුන්නාන්සෙලගෙන් තවත් හූරගන්න දෙයක් නෑ. ඌ හම්බ කරගෙන ඉවරයි. ඌව මරපුවහම වෙන්නෙ තවත් කිනිතුල්ලො ඇවිත් මුල ඉඳන් ඔහේලව හූරගෙන කන එකයි. ආන්න ඒ හන්දා අපි ඔය මිනිහට යන්න අරිමු."

-මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් ලියා, නිපැයූ, "ඊසොප්" (විවෘත උපමා රංගය) නාට්‍ය පෙළෙන්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Aesop's Fables, Aesop Sinhala Stagedrama, Prof. Sunanda Mahendra
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
සාහිත්‍යය මොකටද?
මූදු පුත්තු නාට්‍යයෙන්
"චාල්ස් කුමාරයට ඕනෙ නං මං ගාවට එන්න කියන්න!"
කකුල ද? ඩොලර් කෝටිය ද? [දවස තාම ගෙවුන්නෑ]
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook