Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්
ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල කිරීමයි. සමස්තයක් වශයෙන් සමාජය වැඩි වැඩියෙන් එකිනෙකට සතුරු මහ කඳවුරු දෙකකට, එකිනෙකාට එරෙහිව මුහුණට මුහුණලා සිටින මහා පංතීන් දෙකකට, ධනපති හා කම්කරු නැමති පංති දෙකකට බෙදෙමින් පවතී.

මධ්‍ය කාලීන යුගයේ ප‍්‍රවේණිදාසයන්ගෙන් ආදි නගර වල නිදහස් ජනගහනය ඇතිවිය. මේ නාගරිකයන්ගෙන් ධනපති පන්තියේ ප‍්‍රථම කොටස් ඇතිවිය. ඇමරිකාව සොයාගැනීමත් අපි‍්‍රකාව වටා යාමට මුහුදු මාර්ගය සොයාගැනීමත් නිසා නැගී ආ ධනපති පංතියට අලුත් කි‍්‍රයාකාරී ක්ෂේත‍්‍රයක් ඇති විය. පෙරදිග ඉන්දියානු සහ චීන වෙළඳ පොළවල් ද, ඇමරිකාව යටත් විජිත කරණයට හසුවීම ද, යටත්විජිත සමග වෙළඳාම ද, හුවමාරු කිරීමේ මාධ්‍යයන් සහ වෙළඳ භාණ්ඩ වල වැඩිවීම ද නිසා වාණිජ්‍යටත් නෞකා ගමනටත් කර්මාන්තයටත් ගරා වැටෙමින් පැවති රදළ සමාජයේ සිටි විප්ලවීය කොටසට සීඝ‍්‍ර වර්ධනයක් ලබා දුන්නේය.

ශිල්පීන් අල්ප සංඛ්‍යාවකට සීමාවී තිබුණු ශ්‍රේණි මගින් කාර්මික නිෂ්පාදනය මත ඒකාධිකාරයක් අයත් කර ගෙන සිටි පැරණි රදළ වාදයට වැඩිවෙමින් පැවති අලුත් වෙළඳ පොළවල්වල වර්ධනය වන ඉල්ලූම තවදුරටත් සපුරාලීමට නොහැකි විය. එය වෙනුවට හස්තෝපක‍්‍රම කර්මාන්තය ඇති විය. භාණ්ඩ සාදන මැද පංතිය විසින් ශ්‍රේණි ශිල්පීන් පසෙකට තල්ලු කැරිණ. එහෙත් වෙළඳ පොළවල් නොනැවතී වැඩෙන්නට වූ අතර ඉල්ලුම ද එන්ට එන්ටම වැඩිවිය.

හස්තෝපක‍්‍රම කර්මාන්තයට පවා එම ඉල්ලුම සපුරාලීමට තවදුරටත් නොහැකි විය. එවිට වාෂ්ප සහ යන්ත‍්‍ර සහ යන්ත්‍රෝපකරණ විසින් කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනයේ විප්ලවයක් ඇති විණි. හස්තෝපක‍්‍රම කර්මාන්තය වෙනුවට නවීන මහා පරිමාණ යෝධමය කර්මාන්තය ඇතිවිය. කාර්මික මැද පංතියට අයත් ස්ථානය දස ලක්ෂාධිපති ධන හිමි කර්මාන්ත කරුවෝ, කර්මාන්ත හමුදා මෙහෙයවන නායකයෝ, සමකාලීන ධනපති පංතිය අයත් කර ගත්හ.

මහා පරිමාණ කර්මාන්තය සමස්ත ලෝක වෙළඳ පොළක් බිහි කළේය. මෙයට මග හෙළි කරන ලද්දේ ඇමරිකාව සොයා ගැනීම විසිනි. සමස්ත ලෝක වෙළඳපොල වෙළඳාමේත් නෞකා ගමනයේත් ගොඩබිම ගමනාගමනයේත් ඉමහත් සංවර්ධනයක් ඇති කළේය. මෙය යළි කර්මාන්ත ව්‍යාප්ත කිරීමෙහිලා බලපෑමක් ඇති කළේය. එමෙන්ම කර්මාන්තය වෙළදාම නෞකා ගමනය දුම්රිය සේවාව වර්ධනය වූ ප‍්‍රමාණයටම සමානුපාතිකව ධනපති පංතිය වැඩිදියුණු වී සිය ප‍්‍රාග්ධනය වැඩි කරගෙන මධ්‍යම යුග වලින් දායාද වශයෙන් පැවත ආ සියලූ පංති පසුතලයට ඇද දැම්මේය.

මේ නයින් සමකාලීන ධනපති පංතිය දීර්ඝ කාලීන සංවර්ධන කි‍්‍රයාදාමයක ඵලයක් බවත් භාණ්ඩ නිෂ්පාදන විධිවල සහ හුවමාරුවල ඇති වූ පෙරළි මාලාවක ඵලයක් බවත් අපි දකිමු.

ධනපති පංතියේ දියුණුවේ සෑම පියවරක් සමගම ඊට අනුරූපව එම පංතියේ දේශපාලන ප‍්‍රගමනයක් ද ඇතිවිය. රදළ කුලීන ආධිපත්‍යය යටතේ පීඩිත පංතියක් වූ, මධ්‍යකාලීන කොමියුනය තුළ අවිගත් ස්වයං පාලක සංගමයක් වූ (ඉතාලියේ සහ ජර්මනියේ මෙනි), එක් තැනක ස්වාධින නාගරික සමූහාණ්ඩුවක් වූ (ප‍්‍රංශය මෙනි), තවත් තැනෙක රාජාණ්ඩුවට අයබදු ගෙවිය යුතු තෙවැනි ප‍්‍රජාව වූ, ඉන් ඉක්බිතිව හස්තෝපක‍්‍රම කර්මාන්ත පැවති අවධියේදී රදළ ප‍්‍රභූවරුන්ට විරුද්ධව පාවිච්චි කළ බලවේගයක් ලෙස අර්ධ රදළවාදයට හෝ පරම රාජාණ්ඩුවට හො සේවය කළ පොදුවේ මහා රාජාණ්ඩුවල ප‍්‍රධාන මුල්ගල වූ ධනපති පංතිය අවසානයේදී සමකාලීන මහා කර්මාන්තය සහ සමස්ත ලෝක වෙළඳ පොළ පිහිටුවාලීමෙන් අනතුරුව නියෝජිත සමකාලීන රාජ්‍යයන් තුළ තමාට පමණක් සීමා වූ සුවිශේෂ දේශපාලනමය ආධිපත්‍යයක් ලබාගෙන සිටී. සමකාලීන රාජ්‍ය බලය අන් කිසිවක් නොව මුලූ මහත් ධනපති පංතියේම පොදු කටයුතු මෙහෙයවන කාරක මණ්ඩලයක් පමණකි. ධනපති පංතිය ඉතිහාසයෙහි අති විප්ලවීය කි‍්‍රයාකලාපයක් ඉටුකර ඇත.

-කොමියුනිස්ට් ප්‍රකාශනය -කාල් මාක්ස් හා ප්‍රෙඩ්රික් එංගල්ස් (1848)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Bourgeois Class, The Communist Manifesto, Karl Marx, Friedrich Engels
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
චේ [උපුටන දෙකක්]
පරිකල්පනික අතික්‍රමණය​
පැවිද්දා පූජකයා සහ දේශපාලකයා මිනිස් වර්ගයාට එරෙහි කුමන්ත්‍රණයක....
මිහිතලේ අසරණයෝ
මිනිසෙක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.
What's New | අලුතෙන්ම
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
ඔත්තු| නේරංජනේ ඉස්නානේ- අගෝ. 29

16-Secs

2000 වසරේදී අතිශය ආදෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ. කේ. සමන් කුමාරගේ 'නේරංජනේ ඉස්නානේ' නවමුද්‍රණය,... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කතන්දර| රා ත්‍රි ය

2-Mins

(අරුශිමා කරුණාකලගේ ) ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook