Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....
බූන්දි, 03:00:44
කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී
ඔබ සිතට සේලයින් දෙන්න

ඉදින් අපට පුළුවනි
අප දෙදෙන සතු ඒ එකම වස්තුව
අම්මාගෙ සෙනෙහස ගැන
අතීතය ගැන
දොඩමින්

දෙවියන් මැවූ ඈගෙ විස්මිත ආලය
මෙ'ජීවිත දෙව්ලොව
මිහිර මැව් වග,
අප නිවාලු වග
සහනයෙන් සිහිකරලන්න
නුඹ මට කුඩාකල කියාදුන් නිබ්බුත පද
අප විශාදය නසා ශාන්තිය
පැතිරෙන තෙක් කොඳුරන්න

දෝරෙ ගැලූ ඔබ සෙනෙහෙ වෙනුවෙන්
මට පුළුවනි
උනුන් පරයන තරඟයට
මෙතැන් සිට සමු දී

ආදරය යලි පනගැහෙන
සන්නාලියක හිමිදිරියෙ මැහූ
නිල්පැහැ ළදරු ඇඳුමේ හැඩය ගැන
ඔබ නිතර කියනා අතීතය
යලි යලිද
අහන්නට කැමති වග
ආදරෙන්, සෙනෙහෙන්
ඔබ හිස පිරිමැද පියෙකු සේ හඟවන්න

තාවකාලික විසුලු ලොව කඳුළු මැද
සඳ බැසයන මේ අලුයමෙද
නුඹ ගත වේදනා කෙඳිරිය
නොමඩිනා අසරණ පුතෙකු ලෙස
මට හැකිය
සිත පහුරුගානා වේදනා අතරෙදී

අතහැරුමක අමිල බව ගැන
විසඳුම් රහිත මිටට ගත් ජීවිත අනියත ගැන
අවකාශයට,
අප අපට
ඇහෙන ලෙස හිමි හිමින් මුමුණන්න

ඉතා ඈත පෙරඹරක
ඔය දෑස'ඟ හුස්මෙ දිස්නෙන්
ළදරු අඩියෙන් අඩියට මග කී
වදන් නැති ඒ
දිරියට, ප්‍රේමයට
සුදුසු නව වදනක්
ම'හදට කොඳුරන ලෙස
සියල් සියොතුනට පවසා

ලෝකයට රැව්දෙන සේ
තාත්තා ගැන
එවිටවත් මහ පොලව'ත අහස'ත
නින්නාද වන සේ පවසා
මට හැකිය බිඳක් සිත සනසගන්න
රහසේ නොසෑහෙන සිතින් වැලපෙන්න...
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කවි බූන්දි
An Attacked Mosque alias Sutta Palli
අද දවස මෙතෙකින් නිමයි..
කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.
රළ - වෙරළ හා ගල්පර
ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
ඔත්තු| නේරංජනේ ඉස්නානේ- අගෝ. 29

16-Secs

2000 වසරේදී අතිශය ආදෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ. කේ. සමන් කුමාරගේ 'නේරංජනේ ඉස්නානේ' නවමුද්‍රණය,... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කතන්දර| රා ත්‍රි ය

2-Mins

(අරුශිමා කරුණාකලගේ ) ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook