Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
රා ත්‍රි ය
බූන්දි, 18:09:59
ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම වැලි ගොඩේ එරමිණියා ගොතා ගෙන. ගැහැනු සාමාන්‍යයෙන් අසුන් ගන්නේ අර්ධ පර්යංකෙන් වුණාට මට පුරුදු බද්ධ පර්යංකය. එයත් බද්ධ පර්යංකයෙන්... අපි ඒ නිසා හුඟක් දුරින් වගේ උන්නේ. සිරුරු එකට ස්පර්ශ වුණේවත් නෑ... ස්පර්ශ වෙලා දැන් කුමක් කරන්නද...

"ඔයාට පුලුවන්ද අන්තිම වතාවට මිල්ටන් මල්ලවආරච්චිගේ සිංදුවක් කියන්න." නිහඬතාව ගොළු කළේ මං එහෙම කියලා... එතකොට මට පුලුවන් අඬන්න.... ඒත් එයා කිව්වේ නෑ...

අපි බලන් හිටියේ ක්ෂිතිජය දිහා.... තද තැඹිලි පාට... තව ටිකකින් දම් වෙලා අඳුරු පැහැයට හැරෙනවා... අමාවකද කොහෙද... හඳ තිබුණේ නැහැ... ටික වෙලාවකින් තරු එකින් එක ඇහැරෙන්න අරන් තිබුණේ... එතකනුත් අපි කතා නොකර ඈත අහස දිහා බලන් හිටියා...

"අපි තරු රටා හොයමුද?"

මං ඇහුවේ එයාගේ මුහුණ දිහා බලලා මගේ මුහුණ පැත්තට බර කරලා... මං දැනන් හිටියා එහෙම ඇහුවම එයාව පිස්සු වැටෙනවා කියලා... මට උවමනා වුනේ අන්තිම වතාවට හරි ආදරෙන් බැඳෙන්න...

ඒත් එයා කිසි සසලවීමක් නැතුව හිටියා...

වෙනදට නම් එහෙම බැලුවත් ඇති... මාව පෙරලන් ප්‍රංශ හාදු දෙන්න..!

මං තනියෙන් තරු රටා තෝරන්න ගත්තා... අපි හමු වුන මුල් දවස් වගේම ඔරායන් ඇවිත් දුන්න අපි දිහාට දික්කරන් හිටියා... දුන්නේ තියෙන්නෙ මලක්... ඒ මල්සරා, නැතුව දඩයක්කාරයා නෙවේ. ඔහු කිව්වේ ඒ දවසේ එහෙම...

"අන්න අනංගයා අදත් ඉන්නවා"

මං එහෙම කිව්වම ඔහු ඔච්චමට හිනා වෙලා කිව්වේ ඒ දඩයක්කාරයා කියලාමයි... මං තර්ක කරන්න ගියේ නෑ... ඔහු කියනවා නම් ඒ දඩයක්කාරයා කියලා මං එහෙම පිළිගන්න පුරුදු වෙලා හිටියේ කොහොමත්...

"සරස්වති, අපි යන්නේ කීයටද? මට පහ වෙද්දි ලැහැස්ති වෙන්න තියනවා."

සරස්වතී...! ඒ තරම් දුරස් වෙලාද මාව... මං ඔයාගේ සාරා නේද... එයාගේ ප්‍රශ්නෙට මං පිළිතුරු දෙන්න දැනන් හිටියේ නැහැ... මේ ගමන රාත්‍රියෙන් නවතින්න. මං පැතුවේ එහෙම.

"තව ටිකකින් දකුණු අහසේ දකුණු කුරුසය දිස් වෙවී... ඔයා එකේ මාව තියලා ඇණ ගහන්න... ඊට පස්සේ ගෙදර ගිහින් ඔයාගේ මංගල්‍යයට ලක ලැහැස්ති වෙන්න පුලුවන්නේ..."

හීන සීතලයි තමයි... ඒත් මේ සීතල මේතරම් වේදනාකාරී කියලා මං දැනන් හිටියේ නෑ. රැයේ සීතල එක්ක මාව ගැහෙන්න අරන් තිවුණේ...

මට අවශ්‍ය වුණේ එයාට රිද්දන්න... මං හිමිහිට බෑග් එකට අත දාලා ලයිටරෙයි, සිගරට් පෙට්ටියයි ගත්තා... මං දුම් උරන කෙල්ලෙක් නෙවේ... ඒත් මං ගණිඳු එක්ක සිගරට් බීලා තියනවා. අපි ඒවා කළේ නිදහස භුක්ති විඳින්න... සිගරට් පෙට්ටිය සුදු පාටයි. එළියේ ප්‍රින්ට් කරලා තිබුණා හර්ද රෝග හා පෙනහළු පිළිකා ඇති කරයි කියලා. සිගරට් හතරක් සුදු පාට කොලේක ඔතලා තිබ්බා. මං එක සිගරට් එකක් තොල් අතර තියා ගත්තා.. ලයිටරේ පත්තු කලා.. පත්තු උනේ නෑ. දෙවනි පාර පත්තු කලා.. පත්තු උනා... ඒ එක්කම එයා මහ බරට සුසුමක් හෙලුවා...

"ඔයාට කොහෙන්ද මල්බොරෝ සාරා... අනික මං කිව්වා නේද සිගරට් ගහන්න පුරුදු වෙන්න එපා කියලා.."

මං කිසිදු වචනයක් නොකියා දුම් ඇද්දා... එයා කියා දීපු විදියට... එළියට නොයවා.

"සාරා ඔය තරම් විහින් නාස්ති වෙන්න හදන්න එපා. මං ජිවීතේ හුඟක් ආදරය කල ගෑනි උඹ... මං කොහොමද මේවා බලන් ඉන්නේ..."

ගණිඳු ඒක හිතන්න තිබ්බේ ගෙදරින් යෝජනා කල මනමාලිට කැමති වෙන්න පෙර නේද... මං ඇහුවේ නෑ... එයා මහ බරට සුසුම් යැව්වා...

මට සීතල දරාගන්න පුලුවන් වුණා... ඒවගේම කාටවත් නොකියා දුකත් මේ සිගරට් දුම් එක්ක වා තලයට මුසු කරන්න පුලුවන් වුණා... සිගරට් එකත් ඉවර වුණා. අපිට වෙන් වෙන වෙලාවත් ලං වෙමින් තිබුණේ එයා යන්න ඕන කියලා නැගිට්ටා. මාත් එයාට කීකරුව එයාගේ පස්සෙන් ගියා. එයා කාර් එක අරන් ගියේ නයිටෙන්ගෙල් මියුසික් ක්ල්බ් එකට... අපි හුඟ දවසකට පස්සේ ඒකට ගියේ.

එයා පුරුදු විදියට විස්කි බොන්න ගත්තා. මාත් බියර් බිව්වා එතකොට වෙලාව එකොලහයි හතලිස් පහයි. තව මිනිත්තු පහලවකින් එයාගේ ජිවිතයේ අලුත්ම දවස උදා වෙනවා... මං කිසි දෙයක් කිව්වේ නැහැ. අපි පුරුදු විදියටම ඒ සෙල්ලම පටන් අරන් තිබුණේ... එයා වෙන කෙල්ලෙක් එක්ක නටන්න ගියා... ඒත් මං බලන් හිටියා එයා දිහා... අද විතරයි මෙහෙම එයා දිහා බලන් ඉන්න පුලුවන්... මිනිත්තු දහයකට පස්සේ එයා ආවා...

"සාරා ඇයි අද ඩාන්ස් කරන් නැද්ද..?"

මං හිනාවුණා... එයාට හුඟක් වැදිලා තිබුණේ... එයා මං දිහා බලන් අඬන්න ගත්තා... මාව තුරුලු කර ගත්තා....

වෙනදා වගේම අපි අපි දෙන්නව අල්ලගෙන කාර් එකට ගියා... ඉන් පස්සේ එයා කාරය අරන් ගියේ එයාගේ මහල් නිවාසෙට... එයා ඉංග්‍රීසි ගීතයක් කිය කිය පඩිපෙල නැග්ගා..

අපි උදේ ඇහැරුණේ අපේ ඇඳේ ඉඳලා, ඒ එයාගේ අක්කා කතා කරන සද්දෙට. අපි දිහා හුඟක් අය බලන් හිටියා. මට දැනුණේ මගේ ඇස් නිලංකාර වෙනවා විතරයි...

එතකොට රාත්‍රිය මට වුවමනා විදියට නැවතිලා තිබුණේ..!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Story, Sinhala Kathandara, Sri Lankan Short Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook