Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)
බූන්දි, 18:37:52
නංගිගේ මුල්වලට උඩහින් මන්න පිහිපාරවල් වැදුණා
සුද්දකරලා කර තියාගෙන ඒකි උස්සන් ගිහින් තිබුණා
ගැස්සිලා උඩ තිබුන කණකොක් කූඩූ වගයක් බිමට වැටුණා
කරන්නට කිසි දෙයක් නැති තැන ගිය දිහා අපි බලන් උන්නා

කොහේහරි ලොකු පලංචියකට අරන් යන්නට ඇතියි කියලා
හිතේ පැත්තක් රවට්ටන්නට හැදුවා හිතවත් පඳුරු නැවිලා
මුලේ තාමත් ඇගේ සුවඳැති ඉතිරි වී ඇති පුරුක් දැකලා
මොනා කිවුවත් හුඟක් දවසට පඳුර තිබුනේ කඩා වැටිලා

එහා ඉවුරක නෑදෑ පඳුරක් හුළඟ හා කටකතා හැදුවා
දඩාවතෙ යන හඳක් නිතරම සමච්චල් කැත විහිලු කෙරුවා
හිතාගන්නට බැරුව මොකවත් අම්මා ලෝකෙට හොරෙන් ඇඬුවා
උදේ වෙනකොට කඳුළු සේරම බූව පිරි කොළ වලින් පිහුවා

දොළදිගේ වැඩ නැතිව ඇවිදින තිත්තයෝ ටික ළඟට කරගෙන
තොටුපොළේ උඩ තවත් පඳුරක් හුඟක් බිවුවා ඔලුව ගහගෙන
අංකුරේ සිට කොහොම හිටියත් උන් අරන් ගිය ඈව ‍රැකගෙන
හිටපු විස්තර දොළට කිය කිය ඇඬන පඳුරත් පියෙක් වෙරිවුන

එදා වාගෙම කන්ද පැත්තෙන් අදත් හයියෙන් හුළඟ තිබුණා
ඉරාගෙන හැඩ පාට සවුකොළ නංගි අඬ අඬ ඇවිත් වැටුණා
දරාගෙන තව ඉන්න බැරි උන කැඩුන තංගුස් පොටක් තිබුණා
රඳෝගෙන ඉහ මුදුනෙ අත්තක අම්මා ආයෙත් අඬනු ඇහුණා

සිතුවම- Taras Loboda
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජනිත් විතාරණගේගෙන් තවත් වියමන්
කවි
උසාවිය උන් ඊයේ නිදොස්කොට පිටකළා
කරන්ට්ස්
මේ මැයි එක කොහෙ රැළියටද ?
කවි
(කුලී) නත්තල් සීයාගේ නත්තල
කවි
අම්මා බලන්න ගියෙමි
කවි
කොවුලෙකුගෙන් උදවුවක් ඕනෑකර තිබේ..
තවත් කවි බූන්දි
කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.
රළ - වෙරළ හා ගල්පර
ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කතන්දර| දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...

5-Mins

(විසල් සේනාතිලක) පසුව ලියමි-

කතාවක් පටන් ගැන්මට පෙර පසුව ලිවිය යුතු කොටස ලිවීම කියවන්නා තව දුරටත් කතාව වෙත බැඳ තබා... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3

8-Mins

(අජිත් සී හේරත්) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ... [More]
වෙසෙස්| සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා... [More]
කවි| රළ - වෙරළ හා ගල්පර

15-Secs

(රුවන් බන්දුජීව) කොහේදෝ යන ගමන්
කිසියම් සිදුවීමකින් කැළැඹී
එක්වනම හුන් තැනම
නතර වූවා වැන්න මේ කඳු

ගණන් ගන්නේ නැතිව... [More]
කවි| ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.

20-Secs

(වජිර සුමේධ යසරත්න) ලේ ගලන
හදවත
තදින් මිරිකාගෙන
හෙතෙම රෝහල් ගතවිය
මොකද මේ?
කැපුණා වචනෙකට..... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2

13-Mins

(අජිත් සී හේරත්) ඇති හැකි එවුන්ගේ කෑම ප්‍රශ්නය කෙසේද යත්...

ගාමිණි වියන්ගොඩ මේ රටේ උසස් පෙළ සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| 'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2

1-Mins

'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්‍රකලා ප්‍රදර්ශනයක්, 2017, ජූනි 02 දින, පවස්වරු 5:00... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook