Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
කුණු නොවෙන ප්‍රේමයක්
බූන්දි, 17:46:11
කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට
හඳ එළිය ඇවිත් වැටෙනකොට
ෆැක්ටරියෙ දුම් ගුලි
ඇවිත් පිරෙනව ඒ හරහට
A තුන රෝල් කර කර
ජුකී මැෂිමක් උඩ
කැම්පස් අත්ඇරපු මුල් දවස් වල
ඔයා කීවා මතකයි
"හන්තානත් මේ වගේ ඇති නේද
උකු මීදුමට"


දවල් වරුවම සිරිකොතට
රට පෙරට රෑට මහින්දට
අරක්කු කාල මට
බත් පැකට් එක ඔයාට
තුන් වේලම පිරිමැහුන
මාස දෙක තුනක් එක දිගට
අපි හිටියෙ
ආයෙමත් චන්දයක් එනකල්
ඇගිලි ගැන ගැන

හැම යකඩ කෙන්දක්ම ගෙනියන
සේද වත්තේ නවුෆර්ට වැඳ වැඳ
ශිෆ්ට් එක ඕෆ් වෙන දවසක
කන්ද මුදුනට නැග්ග මතකද...?
කොලොන්නාවෙන් එහා ලෝකෙට
අපි යන්නෙ කවදද
ඔයා ඇහුවට
ලෝක ගෝලේ තිබුණු
එකම එක නවාතැන අතහැර
කොයි ලෝකෙ අපි යන්නද...?

ඩිසිප්ලීන් නගරයේ
ලොකු සීන් පැතිවලින්
ඇගිළි තුඩගින් වත් නොඅල්ලා
තුක් කියා ඉවතලන
අවශේෂ මතකය
කඩා වැටුනා එක රෑක
ඔයා යට කරගෙන
අනුන්ගේ කුණු බරට කර තියන
කෙසඟ දෙවුරක
උරස් ඇට මත

අදත් ඒ කන්ද මුදුනට
හඳ ඇවිත් ඉස්සරම හුරු තැනට
ඔයා හොයනව හැම තැනකම
"සැමන් ටින් උඩට හඳ එළිය වැටුණම
හරි රොමෑන්ටික් නේද"

ඔයා කී හැටි
තවම ඇහෙනව මට.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කවි බූන්දි
සිංහයෝ උඹ ණයයි!
'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!
"නික්මෙන්න පෙර ලියමි..."
ඔබ
සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]

12-Secs

අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩිත්තන්ට- චූටි ටීචර් සමග "අලුත් වෙමුද අවුරුද්දේ?"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Kids... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කතන්දර| වනවාසි සහ ලෝකවාසී

26-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා.... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
කතන්දර| "මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

මෙන්න පොඩිත්තන්ට රුසියාවෙන් තවත් කතන්දරයක්! වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "මීයා සහ පැන්සල" ළමා කතන්දරයේ සිංහල ප්‍රතිනිර්මාණය.

හඬ මුසුව- නයෝමි ගුණසිරි,... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
රංග| ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය

11-Mins

(චින්තා පවිත්‍රානි) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
කතන්දර| "පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"පුංචි පුතුට පාඩමක්"- පොඩි දරුවන්ට ලොකුම ලොකු පාඩමක් කියා දෙන ආදරණීය කතාවක් [කාටූන්]- Alex Latimer ලියා, Patrick Latimer සිත්තම් කළ... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
ඔත්තු| මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5

21-Secs

කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය, 2018, අප්‍රේල් 05 වන... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
කතන්දර| නිල් සුළිය

12-Mins

(කේ.ඩී. දර්ශන) එයා තාම නිදි. මම කීප වතාවක්ම කාමරයට එබිලා බැලුවා. ඒත් කිසි හැලහොල්මනක් නෑ. පාන්දර ජාමෙත් පහුවෙනකල් ඇහැරලා හිටපු නිසා වෙන්නැති.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook