Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
බූන්දි, 18:00:26
පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි වෙබ් අඩවියේ පළ කරන ලද චිත්‍රපට විචාරයේ සංක්ෂිප්ත පර්වර්තනය යි. මෙම චිත්‍රපටය, 2017 ඇමෙරිකාවේ ඇකඩමි සම්මාන උලළේ, හොඳ ම විදේශ භාෂා චිත්‍රපටය ලෙස අභිෂේක ලැබී ය. [මුල් ලේඛනය සඳහා සබැඳිය.]

මෙම සිනමා නිර්මාණය සර්වතෝපූර්ණ ය. අපූර්ව ගුණයෙන් යුතු ය. චිත්‍රපටය නරඹා දින ගණනක් යන තුරු ම ඒ පිළිබඳ නව තේමාවන් සහ සංකල්පනයන් සහිත පැතිමානයන් ඔබේ මනස තුළ හොල්මන් කරනු ඇත. මේ සියල්ලට ම වඩා මෙම නිර්මාණය සියලු මිනිසුන් තුළ- "දුෂ්ටයා" ද ඇතුලත් ව- මනුෂ්‍යත්වය සහ මානව දයාව ඇති බව සහතික කරයි. පළිගැනීමේ අභිලාෂය තුළ ඇති අරුත්සුන් බව සහ නිස්සාරත්වය නිරාවරණය කරයි.

ඇමරිකානු රජය විසින් ඉරාන ජාතිකයන්ට විරුද්ධ ව ගෙන යන ආධානග්‍රාහී සහ අගතිගාමී සංවිධානාත්මක මෙහෙයුම හමුවේ සහ මිලියන අසූවකට අධික ජනගහණයක් වෙසෙන රටක මිනිසුන්ට යුද තර්ජන කෙරෙන සමයක මෙවන් චිත්‍රපටයක් කලඑළි දැකීම අභිනන්දනයෙන් පිළිගතයුතු ය.

ඉමඩ් (සහාබ් හොසෙනි) ටෙහෙරාන් හි සිය සිසුන්ගේ ප්‍රියමනාපයට ලක් වූ ගුරුවරයෙකි. ඔහු සහ ඔහු ගේ බිරිඳ වන රනා (ටරනේ අලිඩෝස්ටි), ආතර් මිලර් ගේ The Death of a Salesman නම් වූ නාට්‍ය නිෂ්පාදනයක රඟපාති. "නාට්‍යයක් තුළ නාට්‍යයේ" සහ නාට්‍යාගාරයෙන් පිටත ජීවිතයේ ඇති සුපැහැදිලි සමානකම් විශද කරමින් චිත්‍රපටය මාරුවෙන් මාරුවට ඒ අතරතුර දෝලනය වෙයි.

අසල සිදුවන බිම් කැණිමක ප්‍රතිඑලයක් ලෙස තමන් ජීවත් වන තට්ටු නිවාසය දෙදරීමකට ලක් වන විට රනා සහ ඉමඩ් ට නව තට්ටු නිවාසයකට යෑමට සිදු වේ. නව නිවාසයට පැමිණි පසු, තරුණ යුවළට හමුවන්නේ අබිරහස් ආකාරයකයට ලිංගික ශ්‍රමිකාවක ලෙස එම නිවසේ පෙර විසූ කුලී නිවැසිනියකගේ බඩුබාහිරාදිය යි.

එක් රැයක නො සිතූ විරූ ඛේදවාචකයක් සිදු වේ. නිවසට එමින් සිටින ඉමාඩ්ට අහිමුඛ වන්නේ දරුණු තුවාල සහිතව රෝහල්ගත ව සිටින රනායි. එසේ රෝහල්ගත විමට සිදුව ඇත්තේ රනා තම ස්වාමියා යැයි සිතා වෙනකෙකු සඳහා දොරගුලු ඇරීමේ ප්‍රතිඑලයක් ලෙස ය.

රනා සහ ඉමාඩ් යන දෙදෙනා ම චිත්තවේගී ප්‍රකම්පනයකට පත් වෙති. ලිංගික අතවරයකට සමාන දෙයක් සිදු වී ඇති නමුදු එහි ස්වභාවය හෝ ප්‍රචණ්ඩත්වයේ තරම නො පැහැදිලි ය. රනාට සිදුවන්නට ඇත්තේ කුමක් ද? රනා පවා එය දන්නී ද? ප්‍රේක්ෂකාගාරය මෙන් ම ඉමාඩ් ද කිසිත් දන්නේ නැත. ඔහුට අවශ්‍ය වන්නේ ද ඒ පිළිබඳ දැනගැනීම යි.

සිදු වූ බොහෝ දේ චේතනාන්විත ව ම සැක සහිත බහුරුත් මතු වන පරිදි චිත්‍රපටය තුළ දමා ගොස් ඇත. ෆර්හාඩි විටෙක තම සම්මුඛ සාකච්ඡාවක කී පරිදි:
"සංදිග්ධතාව හෙවත් අර්ථ ව්‍යාකුලත්වය වැදගත් සහ වටිනාකමක් තියෙන දෙයක්. ඒකට හේතුව තමා, ප්‍රේක්ෂකයා චිත්‍රපටය නරඹා ඉවර වෙලා ගෙදර ගියාට පස්සෙත් ඔහුට හෝ ඇයට ඒ පිළිබඳ හිතන්නට ඒක උදව් වෙන හින්දා."

රනා සහ ඉමාඩ් පොලිසිය විශ්වාස නො කරති. එසේ විශ්වාස කරන කිසිවෙකු ඇත්තේ ද නැත. ඔවුන් දෙදෙනා දෙගිඩියාවකට පත් වෙති. එහෙත් අවසානයේ එම සිද්ධිය බලධාරීන්ට වාර්තා නො කිරීමට ඔවුහු තීරණය කරති. එසේ කළ හොත් මිනිසුන් කටකතා දොඩවනු ඇත; ඕනවටත් වඩා ප්‍රශ්න ඇසිය හැකි ය. කලින් සිටි කුලී නිවැසිනියගේ ක්‍රියාකලාපය ද එළිදරව් වනු ඇත. තම ප්‍රහාරකයාට දොරගුලු විවර කළේ ඇයි දැයි සියල්ලන්ම රනාගෙන් අසනු ඇත.





ඉමාඩ් තනිව ම මෙම සිදුවී මේ සුලමුල සොයා යෑමට වෙර දරයි. පාත්‍ර වර්ගයා අතර ආතතිය පුපුරා යෑමට නියමිත ය.

ඉතා තීව්‍රතර රංගනයන්ගෙන් සමන්විත මෙම චිත්‍රපටයේ සිනමාරූපී දර්ශන කිසි දා අමතක කර දැමීමට නො හැකි වනු ඇත. වෙසෙසින් ම සිය සැමියා විසින් කළ දෑ චිත්‍රපටය අවසාන භාගයේ රනා දැනගත් පසු ඇයගේ නිසංසල, සුපරික්ෂාකාරී, වික්ෂිප්ත, ඝට්ටනකාරී, දෝෂාරෝපණීය භාවයන් ප්‍රකාශනයට පත්විම මෙම චිත්‍රපටයේ අපට හමුවන බලවත් ම මොහොතකි.

ෆර්හාඩිගේ මෙම චිත්‍රපටයේ ස්වහාවය, සැබෑ ජිවිතයේ මෙන් ම ඉතා සංකීර්ණ ය; එමෙන් ම රුචිකර ය. මානව චර්යාව බොහෝ විට එකිනෙකට ප්‍රතිවිරෝධි බලපෑම්වල කොන්දේසි මත මෙහෙයවෙයි. සමහර විට මෙම තත්ත්වය පුද්ගලයෙකුට පූර්ණ වශයෙන් ප්‍රකාශ කරගැනීම හැකිවීමට හෝ නොහැකිවීීමට පුඑවන. පෙර යුගවල සංස්කෘතික උරුමයන් සමග නවීන යථාර්ථය ඝට්ටනය වේ. සම්ප්‍රදාය විසින් ඉල්ලා සිටින්නේ නම් මිනිසුන් තමන් දන්නා දෙයට, හිතන දෙයට හෝ තමන්ට දැනෙන දෙයට ප්‍රතිවිරුද්ධ අදහස් පළකරනු ඇත. අනෙක් අතට අප එකිනෙකා හඳුනාගෙන, එකිනෙකා කියවීමට පටන් ගත් කල අපගේ සංවේදී ඇස් සහ කන් අනෙකාගේ ඉතා ගැඹුරු, නිර්ව්‍යාජ සහ සූක්ෂම භාව ප්‍රකාශනයන් හඳුනාගනු ඇත.

ෆර්හාඩි සහ ඔහුගේ කණ්ඩායම සිය චිත්‍රපටයේ චරිත නිර්මාණය සැබෑ ජීවිතයේ අපට හමු වන සැබෑ මිනිසුන්ගේ ස්වාභාවය තරමට ම සම කිරීමට සමත් වූ සේ ය. ෆර්හාඩි වරක් තම නඑ නිළියන් සහ චරිත ගැන මෙසේ කීය: "ඔවුන්ට එය සැබෑ ජීවිතය ලෙස දැනෙන්න ඕන, සංවේදනය වෙන්න ඕන."

The Salesman චිත්‍රපටිය අවසාන වන විට අප රනා, ඉමඩ් සහ අනෙකුත් චරිත හඳුනාගෙන අවසන් ය. ඔවුන්ගේ ජිවන අත්දැකීම සහ ඔවුන්ගේ අභ්‍යන්තර ගැටුම් අපට විඳීමට අවශ්‍ය වන්නේ නම් කළ යුත්තේ ඔවුන් ගේ මුහුණු දෙසට කෙටි බැල්මක් හෙළීම පමණි.

ලිංගික අපරාධයක් කෙතරම් ක්ෂතිමය වුවත් හයානක වුවත් ඒ වෙනුවෙන් ඉතාම වේගයෙන් සහ කුරුරි ආකාරයෙන් පළිගතයුතු ය යන අදහස මෙම චිත්‍රපටිය විසින් අභියෝගයට ලක් කරයි. එහෙත් ඉමඩ් මෙම ප්‍රතිගාමි තේමාව ම තාර්කික අන්තයකට රැගෙන යයි. එසේ නැතහොත් එම ප්‍රතිගාමි තේමාව ඉමඩ්ව ඔසවාගෙන යයි. ෆරීඩ් සජීඩි හොසේනි විසින් ඉතා ශූර ලෙස චරිත නිරූපණය කරන ලද අපරාධකරුවා ද සැමදෙනා විශ්මයට සහ භීතියට පත්කරමින් අන් අය මෙන් ම ලෙයින් මසින් සැදුණු මිනිසෙකු ලෙස ප්‍රතිනිර්මාණය වෙයි.

"ඔයා පළිගන්න එකනෙ කරන්නේ" යනුවෙන් රනා ඉමඩ් ට පවසන විට එය ඇය විසින් කෙරෙන දෝෂාරෝපණයක් ලෙස ප්‍රේක්ෂකාගාරය මැනවින් ම අවබෝධ කරගනි. "කාමවිකෘතකයන්"ගේ (sexual perverts) ලේ ඉල්ලා මොර දෙන, ලෝකයේ දක්ෂිණාංශික දේශපාලඥයන්ට සහ පුද්ගල ප්‍රතිරූප වලට මෙයින් මරු පහරක් වදී.

ෆර්හාඩි සිය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි "චිත්‍රපටියේ බොහෝ දේවල් වෙන්නේ තට්ටු නිවාසයක් ඇතුළේ. ඒත් චිත්‍රපටිය ඉවර වුනා ම, ඔබට දැනෙන්නේ ඔබ මුඑ නගරයම දැක්ක වගේ."

කෙසේ වතු දු මෙම චිත්‍රපටය විවේචනාත්මක නිරීක්ෂණයන්ට ද හසුකළ යුතු නිර්මාණයකි. ෆර්හාඩිගේ The Salesman මෙන් ම A Separation චිත්‍රපටවල හමුවන චරිත මූලික වශයෙන් ම නාගරික, මුල්‍යමය වශයෙන් යහපත් තත්වයක සිටින පන්තියක් නියෝජනය කරයි. එනයින් ම මෙම චිත්‍රපට මගින් ප්‍රතිබිම්බිත වන්නේ නිශ්චිත නැඹුරුවක් සහ දෘෂ්ටි පථයකි.


ඇස්ගර් ෆර්හාඩි

ෆර්හාඩි කියන පරිදි ඉරානයේ ඇත්තේ "එකිනෙකට වෙනස් වූ පන්ති දෙකක්. මධ්‍යම පන්තිය සමාජයේ විශාල ම කොටසයි. ඒක හොඳ දෙයක්. අපි දකින මධ්‍යම පන්තියට වැඩි වයසක් නෑ. ඓතිහාසිකව අපට මධ්‍යම පන්තියක් හිටියේ නෑ. ඒක අපේ සමාජයේ අලුත් ප්‍රපංචයක්. මම මධ්‍යම පන්තිය කියන කොට, එයින් අදහස් කරන්නේ නවීනත්වයට සමීප සහ කුලුපග වූ එමෙන් ම සම්ප්‍රදාය සහ නවීනත්වය අතර සංහිඳියාවක් ඇතිකර ගැනීමට වෙර දරන පන්තියක් හැටියට." තම චිත්‍රපටි වලට විෂය වන්නේ මෙම පන්තිය බව ෆර්හාඩි පිළිගනියි.

එක් පැත්තකින් සමාජ පැවැත්ම වැදගත් යැයි හඳුනා ගන්නා කලාකරුවෙකු අපට අභිමුඛ වී ඇත. අනෙක් පැත්තෙන් මහා ව්‍යාකූලත්වයක් හටගෙන ඇත. සම්ප්‍රදාය සහ නවීනත්වය සුසංගත කිරීමට වෙර දරන මධ්‍යම පන්තිය "යහපත් දෙයක්" නම්, වැඩකරන පන්තිය යනු කුමක් ද? එය ඇත්තේ කොහි ද? සමහර විට එය සම්ප්‍රදායික සහ ප්‍රතිගාමි "අයහපත් දෙයක්" විය හැකි ද? ඇත්ත වශයෙන් ම මධ්‍යම පන්තිය "සමාජයේ විශාල ම කොටස" ද? ෆර්හාඩි මෙවැනි නිගමනයකට එළබෙන්නේ කෙසේ ද?

හුස්ම ගැනීමට නොහැකිවන ලෙස ගෙල හිර කරන ආගමික බලධාරීන් ගේ බලපෑමට විරෝධය පෑමක් මෙම චිත්‍රපටය තුළ බලවත්ව මතු වේ. අධ්‍යක්ෂකවරයාට සැබෑ ඛේදාන්තය පිළිබඳ බලවත් සංවේදි බවක් ඇත. එහෙත් එතැනින් එපිටට, ෆර්හාඩි ගේ විචේචනයේ ගැඹුර කෙතරම් ද?

අප සැනෙකින් ම මතක තබා ගත යුතු කරුණ නම් ෆර්හාඩි සහ ඔහුගේ කණ්ඩායම වැඩ කරන්නේ ඉතා දුෂ්කර තත්වයන් මත බව යි. ඉරාන රජය විසින් පැනවිය හැකි වාරණ තර්ජනය හැමවිට ම යථාර්ථයකි. ෆර්හාඩි කියන පරිදි ඉරානයේ වාරණය "බ්‍රිතාන්‍යයේ කාලගුණය" මෙන් හිතුවක්කාරී සහ අත්නනෝමතික ය.

එනමුදු වාරණය කරන්නන් ෆර්හාඩිගේ නිදහස් අදහස් ප්‍රකාශනයට ඉඩ දුන හොත් ඔහුට වැඩියෙන් යමක් කීමට ඇති ද? මධ්‍යම පන්තියට සමාජ වරප්‍රසාද නිදහසේ භුක්ති විඳිය හැකි අනාගමික, ප්‍රතිසංස්කරණවාදී, ධනේශ්වර ඉරානය පිළිබඳ ඔහු තෘප්තිමත් ද? අනෙකුත් කලාකරුවන්ගේ උත්සාහයන්ට අකුල් හෙළන අතරේ ඉරාන රෙජීමය ෆර්හාඩිගේ චිත්‍රපටවලට ඉඩ දෙන්නේ මන් ද? මෙවැනි ප්‍රශ්න ගැන තවදුරටත් ගවේෂණය කිරීම වටනේ ය.

අවසාන විග්‍රහයේ දී සමහරවිට නවීන ජීවිතයේ මූලික මානව ශිෂ්ටත්වය සහ අභිමානය පූජනීයත්වයට නංවමින් කුසලතා පුර්ණව සහ සූක්ෂමතාවකින් නිපදවන ලද චිත්‍රපටයක් පමණක් බලාපොරොත්තු වීම වැදගත් නො විය හැකි ය. එහෙත් මේ මොහොතේ පවතින තත්වයන් යටතේ එය මහත් ආකර්ෂණීය දෙයකි.

ලෝක සමාජවාදි වෙබ් අඩවිය කලින් වාර්තා කළ පරිදි, ට්‍රම්ප් රාජ්‍ය තන්ත්‍රය විසින් පනවන ලද මුස්ලිම් විරෝධී ගමන් තහනම, චිත්‍රපටයේ අධ්‍යක්ෂකට සහ ඔහුගේ කණ්ඩායමට මෙම වසරේ ඇකඩමි සම්මාන උලෙළට සහභාගිවීම සඳහා ඇති ඉඩකඩට අඳුරු සෙවණැල්ලක් පතිත කළේ ය. මෙම චිත්‍රපටය හොඳ ම විදේශ භාෂා චිත්‍රපට ශ්‍රේණියට නිර්දේශ විය. (පසුව එය හොඳ ම විදේශ භාෂා චිත්‍රපටය ලෙස අභිෂේක ලැබී ය.)

තමන් උලෙළට සහභාගි නො වන බව දන්වමින් ෆර්හාඩි විසින් ප්‍රකාශයක් නිකුත් කරන ලදි. ඔහුගේ සහභාගිත්වය පිළිබඳ ඔහු කියා සිටියේ මෙයයි:

"මේ ගමන ඉතා අවිනිශ්චිතතාවන්ගෙන් පිරුණු බැවින්, එයට විශේෂ අවසරයන් ලබා දුන්න ද මා එය කිසිසේත් ම පිළිගන්නේ නෑ."

ඔහු ගේ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ:

"කෙසේ වුවත් මා විශ්වාස කරන්නේ මේ ලෝකයේ නොයෙකුත් රටවල ජීවත්වන මානව වර්ගයා අතරත්, ඔවුනොවුන් අතර ඇති සංස්කෘතීන් සහ ආගමික විශ්වාසයන් අතරත් ඇති වෙනස්කම්වලට වඩා බොහෝ වැඩියෙන් සමානකම් තියෙනවා කියන එකයි."

චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන අලිඩොස්ටි සිය ටුවිටර් පණිවුඩය හරහා මෙසේ කියා සිටියා ය:

"ඉරාන ජාතිකයන් සඳහා වන ට්‍රම්ප්ගේ වීසා තහනම ජාතිවාදියි. එම තහනමට සංස්කෘතික උලෙළක් අයත් වුනත් නැතත්, මගේ විරෝධය පෑම සඳහා මම 2017 ඇකඩමි සම්මාන උලෙළට සහභාගි වන්නේ නෑ."


The Salesman (2017)- Official Trailer
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Salesman, Iranian film, Asghar Farhadi, Trump, Anti-Muslim Travel Ban, Shahab Hosseini, Taraneh Alidoosti, Academy Award for Best Foreign Language Film, 89th Academy Awards
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Cine බූන්දි
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook