Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මුතුරාජවෙල වනසන්නට පෙර
බූන්දි, 08:43:36
මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ මුතුරාජවෙල,ජා ඇල,කඩවත වැනි ප්‍රදේශවල පිහිටි අනර්ඝ පාරිසරික වටිනාකමකින් යුතු තෙත්බිම් ය.

මෙම තෙත් බිමකට කොළඹ එකතුවන වෙන් වෙන්ව එකතු නො කළ මිශ්‍ර කසල බැහැර කිරිම තුළින් ඇතිවිය හැකි උපද්‍රවයේ පරිසර විද්‍යාත්මක පැතිකඩ සලකා බැලුවහොත් සැබැවින්ම එය මීතොටමුල්ල ඛේදවාචකයට වඩා බරපතලවනු නො අනුමානය. කොළඹින් ගෙනයන මිශ්‍ර කසල වල සංයුතිය සැලකුව හොත් එහි වැඩි ප්‍රමාණයක් කාබනික ආහාරමය අපද්‍රවය අන්තර්ගත වන අතර එමෙන්ම විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග කොටස්, බැටරි විදුලි බල්බ, ශාලක (detergent.), කෘමිනාශක, කාර්මික අපසාදන, මෙන්ම රෝහල්වලින් බැහැරවන සායනික අපද්‍රව්‍ය හා ඩයි මෙන්ම වර්ණක ආදිය අඩංගු බව අපි දනිමු.

ඒ පිළිබඳ සරල අවබෝධයක් ලබා ලැනිමට අප මුතුරාජවෙල වැනි තෙත්බිමකට මිශ්‍ර කසල බැහැර කළහොත් එම කුණුගොඩ තුළ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය පිලිබද අවධානය යොමුකරමු.බොහෝ දෙනා සිතන්නේ ආහාර කොටස් හා දිරායන කාබනික ද්‍රව්‍ය පරිසරට හානිකර නොවන අතර ඒවා කුණුගොඩ තුළ පොහොර බවට පත්වන බවකි. නමුත් එය එතරම් සරල නැත.සාමානයයෙන් කසලවල පවතින කාබනික අහාර ජිර්ණයට ලක්වන්නේ බැක්ටිරියා හා දිලීර ක්‍රියාකාරීත්වයෙනි.

මෙහිදි කුණු ගොඩේ පිටත ස්ථරවල ඔක්සිජන් හොඳින් පවතින නිසා පූර්ණ ස්වායු(Aerobic digestion) ජිර්ණය සිදුවන නමුත් අභ්‍යයන්තරයේ පවතින කසල වලට හොඳ ඔක්සිජන් සැපයුමක් නොමැති බැවින් සිදුවනුයේ නිර්වායු බැක්ටිරියා මගින් සිදුවන නිර්වායු ජීර්ණයක්(anaerobic digestion) වේ.මෙහිදි අවසන් ඵලය ලෙස මීතේන් හා අර්ධ ලෙස ජීර්ණය වු කාබනික සංයෝග වන ඇමයිනෝ අම්ල ,මේද අම්ල,ඇමීන වැනි සංයෝග මිශ්‍ර තරලයක් ගොඩනැගේ. මෙය( leachate) ක්ෂිරකය/ කසල කාන්දු දියර(Waste soup) ලෙස හඳුන්වයි.මෙහි රසායනික ක්‍රියාකාරිත්වය සැලකූ විට Higher oxygen demanding substance හෙවත් අධි ඔක්සිජන් ඉල්ලුමක් සහිතය.මෙය මළසිරුරක් කුණුවිමේදී ගලායන ඕජස හා සමාන තරලයකි.වැසි සමයේ දී හෝ වගුරුබිමෙන් කුණු කන්දට ජලය කාන්දුවිමේ දී මෙම දියරය මතුපිට ජලයටත් එමෙන්ම භුගත ජලයටත් කාන්දුවන අතර ඒ ඔස්සේ තරමක් බැහැරින් පිහිටි ජල මුලාශ්‍ර වෙතට ගමන්කොට ඒවා දූෂණයට ලක්කරයි.

මෙහි පවතින අධි ඔක්සිජන් ඉල්ලුම නිසා තෙත්බිමේ ජලයට මුසු වූ පසු එම ජලයේ දියවි ඇති ඔක්සිජන් ප්‍රමාණය සිඝ්‍රයෙන් පහළ වැටීම සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ ජලජ ජීවීන් විනාශ වෙමින් තෙත් බිමේ ජලය පල් වූ (Eutrophic condition) තත්වයකට පත්විමයි. ඇතැම් විට මෙම leachate තුළ පවතින අර්ධ ජීර්ණයට ලක්වු කාබනික ද්‍රව්‍ය කුණු කන්දේ ඇති කාර්මික කසලවල හා ශාලකවල (Detergent) පවතින ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියා කොට Ogano chlorate නැමැති උඝ්‍ර විෂ තැනිමට ද ඉඩකඩක් පවතී. එය කෘමිනාශක ඝනයේ විෂ ද්‍රව්‍යයකි.

ඉන්පසු අනෙකුත් රසායනික හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල ජිර්ණක ක්‍රියාවලිය සැලකුවහොත් බොහොමයක් කාර්මික අපසාදන, ඉලෙක්ට්‍රොනික උපාංග හා විදුලි බල්බ බැටරි හා වර්ණක ද්‍රව්‍ය දිරාපත්වීමේ දී නිකල් , කැඩ්මියම් ,ඊයම්, රසදිය වැනි බැර ලෝහ හා ඒවායේ ලවණ භුගත ජලයට කාන්දු වීම මෙන්ම තෙත් බිමෙහි ජලයට කාන්දු වීම ද සිදුවේ.


මීතොටමුල්ල ඛේදවාචකය
©nation.lk


උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සම්මත පානීය ජලයේ පැවතිය හැකි උපරිම රසදිය සාන්ද්‍රනය ලීටරයට මිලිග්‍රෑම් 0.001කි. සාමාන්‍යයෙන් එක් CFL බල්බයක රසදිය මිලිග්‍රෑම් 4ක් පමණ අන්තර්ගතය. ඒ අනුව කුණු ගොඩට බැහැරකරන එක CFL බල්බයකින් ජලය ලීටර හාරදහසක් පමණ පානයට නුසුදුසු මට්ටමට දූෂණයට ලක්කරනු ඇත.

මේවා ඇතැම් විට තරමක් දුර බැහැරින් පිහිටි ළිං වලට ද කාන්දුවිය හැක.මෙම බැර ලෝහ පිළිකා,ස්නායු රෝග හා අක්මාව ආශ්‍රිත රෝග වලට මුල් වන අතර ඇතැම් විට අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල පවතින ආකාරයේ දිර්ඝකාලීන වකුගඩු රෝගවලට ද හේතුවේ.

මෙම බැර ලෝහ තෙත් බිම් හා වගුරු බිම්වල පවතින පලා වර්ග , කොහිල,නෙලුම් අල වැනි ශාක තුළ සංචිත වන අතර එම ශාක මත යැපෙන මත්ස්‍යයින් හා අනෙකුත් සතුන්ගේ දේහ තුළ සංචිත වීම (Bio Accumulation/Persistence) සිදුවෙමින් අහාර දාම ඔස්සේ දුර බැහැර ප්‍රදේශවලට පවා ව්‍යාප්තවිම සිදුවේ.

මේවා හුදු පුරෝකථනයන් නොවන අතර පසුගිය දිනක ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලන්ති බණ්ඩාර මහත්මිය මොරටුව නගර සභා බල ප්‍රදේශයේ නාගරික කසළ අංගන ආශ්‍රිතව සිදුකල පර්යේෂණයකින් සොයාගනු ලැබුවේ එම මිශ්‍ර කසළ අංගනයට බැහැරින් පිහිටි ළිං ජලයේ කැඩ්මියම් සාන්ද්‍රනය ඉතා අහිතකර මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි.

එපමණක් නොවේ. පරිසර විද්‍යාත්මකව ලෝක පරිමාණයේ මහත් ආන්දෝලනයකට ලක්වු මහා ව්‍යසනයක් වන ජපානයේ සිදු වූ මිනමාටා සිදුවිම (Minamata incident) සිදු වූයේ තෙත්බිමකට රසදිය අඩංගු අපද්‍රව්‍ය කාලයක් තිස්සේ මුදාහැරීම හේතුවෙනි.එහි ප්‍රතිඵලය ලෙස එම තෙත්බිම ආශ්‍රිත ජනයා වසර තිහක් තිස්සේ දරුණු ස්නායු රෝගයකට ගොදුරු වෙමින් මරණයට පත් විය.මෙය Dancing dog disease ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ මෙම බලපෑමට ලක්වු සුනඛයන් පවා කාලයක් ස්නායු අප්‍රාණිකව සිට දඟලමින් මියගිය බැවිනි.

එබැවින් එක් ව්‍යසනයකට තාවකාලික පිළිතුරක් ලෙස තෝරන විකල්පය මගින් තවත් ඛේදවාචකයකට මගපෑදීමට වගකිව යුතු නිළධාරින්ට මෙන්ම දේශපාලකයන්ට ද ජනතාව ඉඩ දිය යුතු නැත.

සාමාන්‍යයෙන් කසල රඳවනයක් ස්ථිරව සකස්කිරිමේ දී මූලිකවම සළකා බලන කරුණක් වන්නේ එම ප්‍රදේශයේ භූගත ජල මට්ටම ගැඹුරින් පැවතිම , අඩු වර්ෂාපතනය හා මතුපිට ගලායන ජලයට නිරාවරණය වීම සිදු නොවන පරිදි ස්ථාන තෝරාගැනිම ය.

එසේ තෝරාගන්නා ස්ථානයක වුව කසළ රඳවනයේ පතුල HDP වැනි ආවරණයකින් හොඳින් ආවාරණය කොට එතුළ එකතුවන කාන්දු දියර වෙනම නළ පද්ධතියකින් එක්රැස් කොට පිටතට ගෙන පිරිපහදු කරනු ලබනුයේ එම දියර පොළවට කාන්දුවීම හානිකර වන බැවිනි.එවන් පසුබිමක වටිනා තෙත්බිමකට අමු අමුවේ කසළ බැහැර කොට අනාගත පරපුරක් මහා ඛේදවාචකයක් කරා තල්ලුකර දැමීමට යමෙකු ක්‍රියා කරයි නම් එම නිළධාරීන් හා දේශපාලකයින්ද ඔවුන්ට උපදෙස් දෙන අන්ධ පරිසරවේදීන් පිළිබඳව ද මහජනයාට ඇතිවිය යුත්තේ කසළ වලට එහා ගිය පිළිකුලක් මිස අන් කවරක්ද?

එබැවින් මේ මොහොතේ තාවකාලිකව කසළ බැහැර කිරිමට යම් ස්ථානයක් තෝරා ගන්නේ නම් එවැනි ස්ථානයක් අනිවාර්යෙන්ම ජලයෙන් ඈත් වූ වියළි භුමියක් විය යුතු අතර එහි වුව ද භුමියට කාන්දුවීම වැලැක්විමේ නිසි ක්‍රමවේදයක් සකස්කර තිබිය යුතුම ය. ඒ සියල්ල පැවතිය ද තාවකාලික කසළ බැහැර කිරීම වචනයේ අර්ථයෙන්ම දින කිහිපයකට සීමා විය යුතු අතර එය තවත් කසළ කන්දක් බවට පත්වීම වැළැක්වීමට වග බලා ගත යුතුමය.


මීතොටමුල්ල නාය ගිය පසු
©dailymirror.lk

නමුත් බලධාරීන් කුණු දැමීමට භුමියක් තෝරාගැනිමේ දී සලකා බලා ඇති කාරණා වනුයේ එහි වන පරිසර විද්‍යාත්මක පසුබිම නොව භූමිය සදහා කිසිදු වියදමක් නොකර රජයේ රක්ෂිතයක් භාවිතයට ගැනීමත් මහජන විරෝධය අවම වීමට වාසස්ථාන වලින් බැහැර ස්ථානයක් තෝරාගැනිම යන පටු කාරණාවන් පමණි.

මෙහිදි තාවකාලික විකල්පයක් ලෙස බස්නාහිර පලාතේ බොහෝ ස්ථානවල පවතින මහා පරිමාණ කලුගල් කැණීම් සිදු කර පරිහාණියට ලක් වූ වලවල් සහිත භුමි මෙන්ම තෙත් බිම් පද්ධතියෙන් පරිබාහිරව පිහිටි වයස්ගත රබර් වගාවන් පවතින භුමියක් සපයා ගෙන එවැන්නක සාපේක්ෂව අඩු කාල සීමාවකින් සකස්කර ගත හැකි පාලිත බිම් පිරවුමක් (Controlled landfill) සකසා එයට තාවකාලිකව කොළඹ එකතුවන කසල බැහැර කිරිම වඩාත් යෝග්‍ය ම විසඳුමක් වනු ඇත. එහෙත් එවැන්නක් සදහා බලධාරින් යොමු නොවන වග අමිහිරිවුත් කටුකවූත් සත්‍යය නොවන්නට නම් ජනතාව සිය හඬ අවදි කළ යුතුම ය.

මුතුරාජවෙල ඡායාරූපය-© පූර්ණිමා පීරිස්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Meethotamulla Garbage Issue, Waste Management Sri Lanka, Muthurajawela Wetland, Colombo Municipal Council, Soil Pollution, Water pollution
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කපිල මහේෂ් රාජපක්ෂගෙන් තවත් වියමන්
වෙසෙස්
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
වෙසෙස්
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
කවි
ෆෙන්ෂුයි බුදුන් අනඳ හිමි හමුව..
කවි
තෙතක් නැති රෝහලේ බිල මත -වැතිර හිටියා සුභාෂිත පොත
කවි
ධීවරී ගීතය
තවත් වෙසෙස් බූන්දි
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලෙනින් ලියයි.
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook