Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
බූන්දි, 17:57:30
සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්' ලෙසින් හැඳින්වෙන සුරූපී හා මෘග පිළිබඳව සංක්ෂිප්ත කියවීමක් මෙයින් අපේක්ෂිතය. පෙළ පක්ෂය මෙන්ම රංග කාර්යයක් වශයෙන් උභය ආකාරයෙන්ම විමසීම මේ ලිපියේ දී සිදු වේ.

කතාවස්තුව හා නාට්‍යය

සුරූපිය හා මෘග සුරංගනා කතාවකි. 'Beauty and the Beast' නමින් සුප්‍රකට මෙය බටහිර ජන සාහිත්‍යයේ එන අතිශය රමණීය සහ ජනප්‍රියතම කතාන්දරයකි. සුරූපිය හා මෘග, සුරූපී විරූපී ආදී නොයෙක් නම්වලින් හැඳින්වෙන මෙම කතාවස්තුව පදනම් කරගෙන සිනමා කෘති ගණනාවක් ද වේදිකා නාට්‍ය, ගීත නාට්‍ය ගණනාවක් ද ලෝකය පුරා නිර්මාණයව ඇත්තේය. එක් දේශයකට හෝ දේශසීමාවකට පමණක් සීමා නොවූ මෙය විශ්වීය ධර්මතාවයක් ප්‍රකට කරන්නක් වන අතර මීට සමාන හැඩයෙන් යුත් කතා ලෝකය පුරා ජනශ්‍රැති මූලාශ්‍රය වශයෙන් විවිධ වෙනස්කම්වලින් යුතුව හමුවේ.

අපට වඩාත් සමීප 'කුස පබාවතී' පුවත ද මේ සුරූපිය හා මෘග කතාන්දරයේ සාරයට සමානය. ජාතක පොතෙහි එන කුස ජාතකය විරූපව ගිය කුස කුමරු හා රූපශ්‍රීයෙන් ආඪ්‍ය වූ පබාවතී කුමරිය පිළිබඳ වර්ණිතය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පබාවතී නාට්‍ය පෙළ පෙරවදනෙහි කුස ජාතකයේ විවිධ කතා ස්වරූප ගණනාවක්ම දක්වා ඇත. ඒ අතර ටිබෙට්, නේපාල, ඉන්දීය, ශ්‍රී ලංකා ආදී විවිධ වෙනස්කම් සහිත කතාන්දර දක්නට ලැබේ. (බලන්න- පබාවතී පෙරවදන, එදිරිවීර සරච්චන්ද්‍ර)

මේ කතාන්දරය, නොඑසේ නම් අපගේ කියැවීමට බඳුන්වන සුරූපිය හා මෘග යනු සුරංගනා කතාවක් බව සැබෑය. එසේවුව ද එක් අතකින් එය අපගේ අවිඥානික ෆැන්ටසිය නියෝජනය කරයි. චිත්තාභ්‍යන්තරයෙන් මතුව එන ගූඪ ලිංගිකත්වය නියෝජනය කරයි. සුරූපී බවේ ප්‍රතිපක්ෂය විරූපී බවයි. මේ දෙක හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ වන අතර එකක පැවැත්ම නිසා ම අනෙක පවතියි. එකකටවත් ස්වාධීන පැවැත්මක් නැත. ඇත්තේ අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුතු දයලෙක්තික සම්බන්ධයකි. සුරූපී බව තුළමය විරූපී බව ඇත්තේ. අඳුර, අඳුර වන්නේ ආලෝකය නිසාවෙන් ම වන අතර ආලෝකයට එහි අර්ථය හා ගුණය ලැබී ඇත්තේ අඳුර නිසාමය. එහෙයින් මේ දෙකේ පැවැත්ම තීරණය වනුයේ දෙකෙහිම අන්‍යෝන්‍ය බන්ධනය මතය. සුරූපිය මෘගයාට අකමැති වුව ද ඇගේ සිතෙහි ආතතිය, ලාලසාව, බලාපොරොත්තු නංවන්නේ විරූපී බවයි. මෘගයාට ද එසේමය. කලුවලට වඩාත් ඉක්මනින් සුදු ආකර්ෂණය වීමත්, සුදුවලට වඩාත් ඉක්මනින් කලු ආකර්ෂණය වීමත් යන මනෝලිංගික අර්ථය මින් ප්‍රකට වේ. නිර්මිත සංස්කෘතියක අපගේ ආශාව හා බාහිර ප්‍රකාශය යනු දෙකකි. ආශාව අන්‍යාකාරයකින් බාහිර ඉංගිතයන්ගෙන් මතු වුව ද එය සැඟවීගත් රංගනයන් නිසා ප්‍රකට නොවේ. අවිඥානය ආශාවේ සැබෑ ස්වාමියාය. කලු සහ සුදු අතර පැවැත්ම අවිඥානය හොඳින් දනී. එහෙයින් මේ කතාවස්තුවට, නාට්‍යයට ෆ්‍රොයිඩියානු අරුතක් ඇත. නාට්‍යකරුවා අවස්ථා කිහිපයකදීම එය මතු කරයි.

සුරූපිය මෘගගේ හඬට සහ බාහිර පෙනුමට බිය මුසු ගෞරවයක් දක්වයි. ඇයගේ අභිලාශය කෙසේ හෝ මේ අප්‍රසන්න පෙනුමැති මෘගට හුරු වීමයි. කෙසේ හෝ මෘගගේ රළු බව ඉවසා සිටින්නට ඇය සමත් වෙයි. ඒ ඔහුගේ අභ්‍යන්තරයේ වන මෘදු බව මතුකර ගැනීමෙනි. සුරූපියගේ ආදරය හමුවෙහි මෘගයා ආශ්චර්යමත් ලෙස කඩවසම් කුමරෙක් වන අතර ඇය එකවරම ඔහුගේ කඩවසම් බව ප්‍රතික්ෂේප කරයි.

'එහෙත් මට ඕනෑ මගේ මෘග
ඔබ මේ වෙන කෙනෙක්
මට ඔනෑ මට සෙනෙහෙ පෑ මෘග'


කඩවසම් තරුණයාගෙන් මතුව එන ආදරයටත් වඩා මෘගගේ හදින් උපන් ළයාන්විත බව, ආදරය ආශාවේ සීමා බන්ධන අතික්‍රමණය නොකරන්නේද? සුරූපිය තව දුරටත් 'මා හමුවේ හිඳ, මා බියපත් කළ, මට ස්නේහය පෑ, මෘග කොහි ගියෙද?' යනුවෙන් අසන්නීය.



නාට්‍ය පෙළ

හුරුපුරුදු කතාව පර්යේෂණාත්මක නාට්‍යයකට නැගීමේ දී රචකයා වෙනස්කම් කිහිපයක් කර ඇත. චරිත නම් කර ඇත්තේ මෙරට නාමයන්ගෙනි. (ධනදාස, සුරූපා, නිරූපා, ප්‍රභා) එහි වරදක් නැත්තේමය. සිදුවීම්වල ස්වභාවය හා ගැටුම්කාරී බව අඩු කර ඇත. කෙසේ වුවත් මුල් කතාවේ වූ ප්‍රබලත්වය සුරූපිය හා මෘග නාට්‍යයේ දී අඩු වී ඇති බව කිව යුතුය.

Beauty and the Beast සුරංගනා කතාවක් බව සැබෑය. එය අප මතක තබා ගත යුතු වුව ද, ඒ නිසාම රංගනයේ හෝ සිද්ධීන්වල යථාර්ථවාදී බවක් අපේක්ෂා නොකළ යුතු වුව ද මායාවී බව තුළ වන තාර්කිකත්වය රසවින්දනය සඳහා අවැසිමය. මායාවීත්වය ඉබේ හටගන්නක් නොවේ. ඊට සහේතුක තත්ත්වයන් ඇත. මාක්ස්-එංගල්ස් කී පරිදි පුරාණ ග්‍රීක වීර කාව්‍යයන් වන ඉලියඩ්-ඔඩිසි කාව්‍යයන්හි නිරූපිත අද්භූත කතාන්දර එකල මානවයාට යථාර්ථය ජයගැනීමේ හෝ තේරුම් ගැනීමේ අපහසුතා නිසා උපන් ඒවාය. එහෙයින් සුරංගනා කතා යනු ජන මනස පිළිබඳ කියැවෙන වෘත්තාන්තමය විදාරණයකි. එම නිසාම දෙවියන් වහන්සේ මෙන්ම සුරංගනා ලෝකය ද මිනිසුන්ගේම නිමැවුමකි.

ධනදාස හා දියණිය සුරූපී මෘගගේ මාළිගය බලා පැමිණෙන මොහොත දුර්වල ප්‍රේක්ෂා මවයි. ගැටුම් අවස්ථා හා කුතුහලය මැවිය හැකි තැන් නාට්‍යකරුවා බලහත්කාරයෙන් මගහැර ගොස්ය. කිසිදු ආධුනික බවකින් හා භීත වීමකින් තොරව සුරූපිය හා පියා මෘගගේ මාළිගයට පිවිස ආහාර අනුභව කරති. ඉතා පහසුවෙන් හා ඉක්මනින් මෘග හා තනිවෙන්නට බිය නැති බව ඇය පවසයි. සුරංගනා කතාවක් වුව ද කතාවස්තුව විසින් ඉල්ලා සිටින තාර්කික බවක් ඇති අතර නාට්‍යයේ තන්හි තන්හි එය බිඳ වැටී ඇත.

මෘගගේ මාළිගයට පිළිපන් කල්හි ධනදාස මෙන්ම සුරූපිය ද මීට වඩා බිය විය යුතු යැයි අප කියන්නේ කරුණු කාරණා ඇතිවය. මෘගගේ මාළිගය අති විශාලය. සැප සම්පතින් ආඪ්‍යය. කෑම බීම, සුව සයන සූදානම්ව තිබේ. මේ මාළිගයේ කිසිදු දාසයෙකු නැත. කතාවෙහි එවැන්නක් අසන්නට නොලැබේ. එහෙත් මේ මෘගයා යනු කලින් කඩවසම් කුමරෙකි. ඔහුට දැසිදස්සන් නොසිටියේ ද? මෘගයා වූ කල්හි සියල්ලන් පලා ගොසින්ද? එසේ නම් කවුද මේ කෑම සූදානම් කරන්නේ. මෙවැනි ප්‍රශ්න සුරංගනා කතා ශානරය තුළ ඇසීම තහනම්ය. එහෙයින් එය විසින් පනවන රීති ගැන අප සාවධාන විය යුතුය. මෘගගේ මාළිගාව කිසිවෙකුගෙන් තොර හුදෙකලා මාළිගයක් වීම භයානක රසයට උල්පතකි. ධනදාස තනිවම පැමිණෙන මොහොත මෙන්ම සුරූපිය කැටුව එන මොහොත ද මාළිගාව තුළ ගුප්ත බව ඉල්ලා සිටියි. නාට්‍යකරුවා මෙය ප්‍රතිනිර්මාණය කර නොතිබීම කතාන්දරය විසින් ඉල්ලා සිටින රසයක් යටපත් කිරීමකි.

මෘග සුරූපියගෙන් ප්‍රශ්න අසන මොහොත (ආදරය ඉල්ලන මොහොත) ප්‍රේක්ෂක සිත්හි මනහර හැඟුම් උපදවයි. ආදරය හමුවේ ඕනෑම දැඩි සිතක් මෘදු වන බව කවුරු නොදනිත්ද? නාට්‍ය පෙළෙහි එය මතු කොට තිබුණ ද නිෂ්පාදනයේ දී මෘගගේ චරිතය විසින් එහි බර හෑල්ලු කෙරිණි. මේ තත්ත්වය පෙළ තුළින් ද තව තවත් උසස් කළ හැකිව තිබිණි. මක්නිසා ද යත් වචනයෙන්, භාෂාවෙන්, රංගනයෙන් තව බොහෝ දේ කීමට ඉඩකඩ තිබුණු බැවිනි. මේ මොහොතේ භාෂාව තවදුරටත් රමණීය හා කාව්‍යාත්මක වූයේ නම් රැඟුම තව දුරටත් තීව්‍ර වනු ඇත.

සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ රළුපරළු බව කීමට පොතේ ගුරෙක් නුවමනා තරම්ය. සරච්චන්ද්‍රයන්ගේ කවිබස එය ඉටු කරයි. සිංහයා පැමිණ ගයන ගීතය, බස්වහර, අනුප්‍රාසය දැඩි බව ප්‍රකට කරයි.

'දස දෙස ඉන්ද්‍රා
වෙමි මම සිංහ රාජ මෘගේන්ද්‍රා
මා බල බිඳලන නැත සත මේ වන
යන එන සැම දෙන වෙත පවරමි බල...'


එසේම තම ප්‍රේමිය, සුප්පා දේවිය හමුවේ මේ රුදුරු මෘග රාජයා මුදු මොළොක් පෙම්වතෙකු වෙයි. දැඩි බව සිංහයා කෙරෙන් පලා ගොස් අවනත පෙම්වතා මතුවෙයි.

'මෙන් කමලේ දෙන රැව් මිහිලොල්
මුදු තෙපලින් රඳනා හැම කල්
පෙම්බරියේ නුඹ දුන් මෙවදන්
දොම්නස පහකරවයි සිත් සතන්...'


සුරූපිය සිය පියා වෙත ගිය කල්හි සතියක් පුරා විරහ වේදනාවෙන් තැවෙන මෘගයා සුදු රෝස ගොමුවෙහි පෙරැළෙමින් වැළපෙයි. මෙය නාට්‍යෝචිතය. සතියක් පුරා තම ප්‍රියාව නොවූ වියෝගයෙන් තැවෙන මෘගගේ මුවට නැංවෙන දෙබස් ඛණ්ඩයන්ට අමතරව, අත්වැල මුවට නංවන භාවපූර්ණ ගී පදයට අමතරව ඔහුගේම මුවින් ගැයෙන භාවාත්මක ගුණයෙන් ආඪ්‍ය ගී පදයක් ද නැංවිය හැකිව තිබුණි. සිය ප්‍රියාව නොදකින සොවින් කාලිදාසයන්ගේ මේඝදූත මහා කාව්‍යයෙහි තුරුණු යක්ෂයා වලාකුළක් අත තම ප්‍රේමියට පණිවුඩ යැව්වේය. කුස ජාතකය පදනම් කරගෙන දෙවන පැරකුම් නිරිඳු කළ කව්සිළුමිණි මහා කාව්‍යයෙහි එන කුසවළප, පබවත නැති සොවින් පෙළෙන කුසගේ විරහව කොතරම් උසස් අන්දමින් කාව්‍යයට නඟා ඇත්ද? එය ම වස්තු කොටගෙන අලගියවන්න මුඛවෙටීන් කළ කුසදා කවෙහි ද භාවාත්මක විලාසයෙන් කුසගේ වේදනාව කවියට නැගී ඇත.

'සිහිල් සොමි තරිඳු රිවි මෙන් දිසේයා
කොවුල් නඳ ඇසේ යක් හඬ ලෙසේයා
ලකල් පබාවති සහ නොම වැසේයා
මෙකල් මෙමා සිතු නළවමි කෙසේයා'


නාට්‍ය පෙළ රංගයක් බවට පත් වීමේදී පෙළෙහි සඳහන් දේට අමතරව බොහෝ දේ ඒකරාශී වී රංගය පෙළ ඉක්මවා නැගී සිටීම වැඩිමනක්ම දක්නට ලැබෙන ලක්ෂණය වුව ද මෙහි දී පෙළෙහි වන සමහර ප්‍රයෝග, දෙබස්, ගීත, දසුන් රංගනයේ දී දක්නට නොවීම වෙසෙස් අවධානයට යොමු විය යුතුය.



රංගනය හා ආනුෂාංගික අංග

නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සුරූපියගේ රංගනය පැසසුම් කටයුතුය. මනෝහරය. ලලිතය. සුමටය. අප කුඩා කල කියවා ඇති සුරූපී-විරූපී පිළිබඳ කතාන්දරයේ වූ යහපත්, පැහැපත්, රූපත් සුරූපිය ඇගේ (ෂෙහාරා සචින්ද්‍රි) රැඟුමෙන් සාධාරණීකෘත වන්නීය. පියාගේ චරිතය (මුවිඳු විතානගේ) ද පැසසුම් කටයුතුය. එමෙන්ම සොයුරියන් දෙදෙනා, අත්වැල මේ සැමෙකක්ම පූර්ව දර්ශනයේ වූ ආධුනික බව ඉක්මවා යමින් සාර්ථකත්වය කරා ළඟා වෙමින් පැවතියදී නාට්‍යයේ කේන්ද්‍රීය චරිතය වන මෘගගේ රංගනය (මංගල පැස්කුවෙල්) පහළ අඩියේ තිබීම ගැඹුරු ප්‍රේක්ෂාවකට නිරතුරුවම බාධා පමණුවයි. අධ්‍යක්ෂවරයාට අවැසි පරිදි පූර්ව කතාන්දරයේ අරුත් වෙනස් කරමින් නාට්‍ය කෘතියට නව අර්ථ එකතු කළ හැකිය. එමෙන්ම රංගන ශිල්පීන්ට ද අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන චරිතයට තමාගේ ශිල්පීය පක්ෂයෙන් දායක වී චරිතය ලෙයින් මසින් පුරවා ඊට වඩාත් සුවිශේෂී අනන්‍යතාවක් ලබා දිය හැකිය. මේ කරුණු දෙකම සාර්ථක නාට්‍යයකට සහේතුක වන්නේය. මෘග සංඥාව බියකරු අරුත් මවයි. ප්‍රේක්ෂකයා නාට්‍ය කෙරෙහි බැඳෙන්නේ ද නාට්‍යයේ ගැටුම තීරණය වන්නේ ද මේ රළු බියකරු බව හා සුන්දර සුකොමළ බවේ දයලෙක්තික සබඳතාව කරණකොටගෙනය. කතාවස්තුව විසින් නිරායාසයෙන් ලබා දෙන ඒ තීව්‍රතාවය නාට්‍යකරුවා ස්වෝත්සාහයෙන් මරාගෙන තිබීම කණගාටුදායකය.

නාට්‍යාවසානය ප්‍රේක්ෂකයාට ආනන්දය, ඉෂ්ටාර්ථ සිද්ධිය රැගෙන එන බව සැබෑය. මේ තත්ත්වය ප්‍රේක්ෂකයා කලින්ම අපේක්ෂා කරන නමුදු ගැටුම නාට්‍යයේ නව්‍ය බව තීරණය කරයි. ගැටුමක් නැති තැන නාට්‍යයක් ද නැති වන්නේ එහෙයිනි. අප හොඳින්ම දන්නා සිංහබාහු කතාන්දරය නාට්‍යයක් ලෙස කී වතාවක් නැරඹුව ද නීරස නොවනුයේ මේ නිසාය. මෘගගේ වියරු බව, රළුපරළු බව, භයානක බව අදාළ රංගනය විසින් අමු අමුවේ මරා තිබිණි. අවම රංගය තුළ භාවිත වස්ත්‍ර එසේම තිබියදී වුව ද මෘගයා කඩවසම් කුමාරයෙක් බවට පත්වීම ආශ්චර්යමත් මොහොතක් බව පෙන්වීමට ශ්‍රේෂ්ඨ රංගනය වුව සෑහේ. දුර්වල රංගනය ඒ සියල්ල යටපත් කොට තිබිණි.

මෙම නාට්‍යයෙහි ප්‍රාසාංගික බව, නාට්‍යමය පූර්ණත්වය සඳහා අත්වැල සුවිසල් මෙහෙයක් ඉටු කරයි. සියලු වේදිකා නිර්මිතයන්, පසුතල සැකසුම් හා රංගෝපකරණ නිර්මාණය කරන්නේ අත්වැලයි. නිදහස් වෘත්තාන්ත රංගය තුළ අත්වැලේ කාර්යය තවදුරටත් වර්ධනය විය යුතුවූවා සේම රංගනයේ අර්ථය තීව්‍ර කිරීමට ද එය හේතුපාදක කරගත යුතුය.

රංග රීතිය අනුයමින් රංග වස්ත්‍ර භාවිත කොට තිබුණේ අවම වශයෙනි. එහෙත් තාර්කික තලයේ දී නාට්‍යයේ සාර්ථකත්වය වෙනුවෙන් රංග වස්ත්‍ර මීට වඩා ප්‍රබල විය යුතු යැයි හැඟේ. නිදසුනක් ලෙස මෘගයාගේ රංග වස්ත්‍ර අල්ප වීම නාට්‍යෝචිත බවට බාධාවකි. පූර්ව දර්ශනයේ දී භාවිත සිඟාල පෙනුමැති වෙස් මුහුණ ඉවත්කොට රෞද්‍ර මුහුණක් යොදාගෙන තිබීම මනෝඥය. එහෙත් ඔහු හැඳ සිටින වස්ත්‍ර ඊට වඩා මෘග පෙනුමෙන් යුක්ත වූයේ නම් මෘග, කඩවසම් කුමාරයා බවට පත්වන ආශ්චර්යමත් මොහොත වඩාත් නාට්‍යෝචිත වනු ඇත.

නාට්‍යයේ අර්ථ තීව්‍ර කිරීමට භාවිත කොට තිබූ සීමිත රංගාලෝකය ප්‍රමාණවත් නැත. අවස්ථාවෝචිතව එය තව දුරටත් සංවර්ධනය විය යුතුය. රංගයේ අවම බව නාට්‍යමය අඩුවක් නොවී, ශිල්පීය උපක්‍රමයක් ලෙස මතුවන්නේ රංගාලෝකයේ මහිමයෙනි. විශේෂයෙන්ම සුරූපිය හා පියා මාළිගයට පිවිසීම, මෘගගේ පැමිණීම, මෘගගේ වැළපීම, මෘගයා කඩවසම් කුමරෙකු වීම වැනි ආතති දනවන අවස්ථා වඩාත් තීව්‍ර කිරීම හා ඒ කෙරෙහි ප්‍රේක්ෂකයා බැඳවීමට රංගාලෝකයට තව බොහෝ කාර්යය කළ හැකිව තිබිණි.

ඊටම සමගාමීව සංගීතය ද තවදුරටත් නාට්‍යයේ පරිපූර්ණත්වය උදෙසා වර්ධනය විය යුතුව ඇත. කලා නිර්මාණයකින්, විශේෂයෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය දෙපක්ෂයම සපිරි සජීවී වේදිකා නාට්‍යයකින් මැවෙන රසය හා නැවුම් බව වැඩිය. ඇරිස්ටෝටල්, භරත ආදීන්ගේ සිට නූතන සෞන්දර්යවේදීන් දක්වා රස හා භාව ගැන කතාකොට ඇති අතර එහිලා සංගීතයට ඇත්තේ සුවිසල් බලයකි. අවස්ථා තීව්‍ර කිරීමේ සිට නාට්‍යයේ අර්ථ වෙනස් කිරීම දක්වා පරාසයන් ගණනාවක බලයක් නාට්‍ය සංගීතය සතුව පවතියි.

සමාලෝචනය

සුරූපීය හා මෘග කැලණි සරසවි විද්‍යාර්ථීන්ගේ රංගනයෙන් ඔපවත්වුණු පර්යේෂණාත්මක වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බැවින් ඒ කෙරෙහි සාවධාන වීම වැදගත්ය. අවම පහසුකම් මැද විෂය සමගාමී ක්‍රියාකාරකමක්, ඉගැන්වීම්-ඉගෙනුම් ක්‍රියාවලියක් වශයෙන් බැලූ කල සුරූපිය හා මෘග පැසසිය යුතු හා තව දුරටත් අතහිත දිය යුතු නිර්මාණයකි. කෙසේ වෙතත් මහජන දර්ශනයක් ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ රඟදැක්වීම යනු පුළුල් ප්‍රේක්ෂාවකට කෙරෙන ආරාධනාවක් බැවින් විවෘත මනසින් කියවීමකට ලක් කිරීමේ පරහක් ද නැත්තේය.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Surupiya Saha Mruga by Prof Sunanda Mahendra, Beauty and the Beast, KelaniyA University, Ediriweera Sarachchandra, Kusa Pabawathi, Fairy Tales, Sinhala stagedrama, Sri Lankan stage plays
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.ඩී. දර්ශනගෙන් තවත් වියමන්
අදහස්
ඩෙරීඩාගේ විශ්වවිද්‍යාලය සහ කැලණියේ නවකවදය
රංග
'එකම මිනියට වැඩිම වැන්දඹුවන් ඉන්න රට'- දහස් ගණන් වැන්දඹුවෝ
තවත් රංග බූන්දි
කැඩපතට ගල් ගසා ගත් පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය
තරුවන් සරණයි [රේඩියෝ කතා අහන්න!]
කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් 'දුටු තැන අල්ලනු'
ග්‍රීක පාලකයා නාට්‍ය කලාවට හතුරු වීද?
තමන් ට අහිමි වූ තමාගේ ප්‍රතිබිම්බය- "මරණය නොමිලේ"
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
කවි| ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

28-Secs

(වින්ද්‍යා ආරියරත්න) කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි

වැට මායිමක
වැටහිරියා අතු අඟිස්සක... [More]
අදහස්| සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?

4-Mins

(සරද සමරසිංහ) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කවි| අපේ තාත්තා

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණ ඇතුළේ
හිටපු අපෙ තාත්තා

කූරු හිසකේ -රැළි ගස්සා... [More]
වෙසෙස්| රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

4-Mins

(සරද සමරසිංහ) අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කතන්දර| දොළොස්දාහක්

5-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
කවි| මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය

19-Secs

(මහේෂි බී. වීරකෝන්) ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති... [More]
කවි| එතැන, එ'ගඟ නිසලව ගලන

30-Secs

(දිනේෂ් සිල්වා) කොහිද ඒ කඳු මුදුන කඳුළු උල්පත හඬන
නොදන්නෙමි මම සබඳ, වෙද මඟක් එහි දිවෙන?
දිය රඳන එක තැනෙක සිනිඳු මල් දිග හරින
කවක් පමණක් දනිමි එ'පෙති මත ගිම් නිවන

ළපල්ලකි ළදල්ලකි නව හැඟුම් පියල්ලෙකි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook