Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
බූන්දි, 18:14:50
සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි පසුගාමිත්වයක් පෙන්වුම් කළ අවකාශයකි. යුදකාමී පුරුෂෝත්තමවාදී සමාජ වපසරියක් තුළ, සම්භාව්‍ය යුගයේ ග්‍රීක කාන්තාව, මූලික වශයෙන් ගෘහය තුළට කොටුවූ අයෙක් විය. එම යුගයෙහි විශිෂ්ඨතම ග්‍රීක දේශපාලනික හඳුන්වාදීමක් වූ ප්‍රජාතන්ත්‍රවාදී ජන බලයෙන් (democracy) පවා ඇයව සපුරා ඉවත් කොට තැබිණි. යම්තරමක හෝ සමාජ පිළිගැනීමක් ලද්දේත්, සමාජය හා ගැටීමට තරම් බුද්ධිමත් බවක් සහිත වූයේත් හෙටෙයිරා (hetaera) යන නාමයෙන් හැඳින්වූ ඉහළ පෙළේ නගර සෝභනියන් පමණි.

මෙම යථාර්ථයට අභියෝග කරන අයුරින් ගොඩ නැඟුනු කාන්තා චරිත අප සමකාලීන ග්‍රීක නාට්‍යකරුවන්ගේ කෘති තුළින් දකින මුත් (සොෆොක්ලීස්- ඇන්ටිගනී, ඊසිකිලස්- ක්ලයිටමෙන්ස්ට්‍රා) සර්වකාලීන සහ විශ්වීය තලයක ලා, පුරුෂමූලික සමාජයක ගැහැනිය මුහුණ දෙන අසාධාරණයත්, ඒ අසාධාරණය හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නැඟී පුරුෂෝත්තමවාදයට අභියෝග කරන නිර්භයත්වයත් තම නාට්‍ය කෘති තුළින් ඉහළින්ම විදහා පෑවේ යුරිපිඩීස් (ක්‍රි.පූ. 480-406)ය.

යුරිපිඩීස් යනු පූර්ව ස්ත්‍රීවාදියෙක් ද (proto-feminist), එසේත් නැතිනම් ස්ත්‍රී විරෝධියෙක් ද (misogynist) යන්න අද වන තුරුත් ග්‍රීක නාට්‍ය හදාරන්නන් අතර විවාදයට තුඩුදෙන කරුණකි. මෙහිදී යුරිපීඩීස් විසින් ගොඩනැඟූ ස්ත්‍රී චරිතයන්හී ඇති සංකීර්ණත්වයත්, සමකාලීන පමණක් නොව සර්වකාලීන වශයෙන් ස්ත්‍රීය පුරුෂෝත්තමවාදී සමාජයක මුහුණ දෙන දුක් ගැහැටත්, ස්ත්‍රියකගේ ඇසින් නිර්මාණය කරන ආකාරය ඔහුගේ නාට්‍ය හරහා විදහා දැක්වීම ඔහු පූර්ව ස්ත්‍රීවාදියෙක් යැයි හඳුන්වා දීමට ප්‍රමුඛ කාරණා වන අතර, ඔහුගේ කෘති තුළින් ගැහැණුන් නරකෙන්, අශාවන්ගෙන් පිරි, පළි ගැනීමේ චේතනාවන්ගෙන් මඩනා ලද, දරුණු ගති වලින් හෙබි ලෙස හුවා දැක්වීම, ඔහු ස්ත්‍රී විරෝධියෙකු ලෙස හංවඩු ගැසීමට රුකුල් දෙයි.

නමුත් අප මෙහිලා සිතිය යුතු යමක් ඇත. ඒ, ග්‍රීක නාට්‍ය වල ප්‍රතිබිම්භිත වීර පුරුෂ චරිතවලට පරිභාහිර කිසිවක් ඔහු තම ස්ත්‍රී චරිත තුළ ඉස්මතු නොකරන බවයි. අපට හුරු පුරුදු ග්‍රීක වීර පුරුෂ චරිත ගැන සිතා බලන්න. ඔවුන් මිනීමැරුමෙන්, පාවාදීමෙන්, ආශාවන්ගෙන්, පළිගැනීමේ චේතනාවෙන් පිරි ස්වාභාවික මිනිසුන්‍ ය. ඔවුන්ගේ දුශ්ශීලත්වයක් තිබුන ද, එමගින් පුරුෂ වර්ගයා නරකයැයි හැඟීමක් සමාජ ගත නොවෙයි. මේ වීරයන් කැළ සමඟ යුරිපිඩීස් ඔහුගේ කාන්තා චරිත හොඳ නරක කැටිවූ, පිරුනු මිනිසුන් (human beings) ලෙස ගෙන එක් පෙළට සිටුවයි. (උදා- මීඩියා, ෆේඩ්‍රා) මෙයින් ඔහු බලාපොරොත්තු වන්නේ තම ස්ත්‍රී චරිතත් පුරුෂ චරිත හා සමාන බව නොවේද?


Pier Paolo Pasolini තැනූ Medea (1969) චිත්‍රපටයෙන්.

එමෙන්ම, බොහෝ විට ඔහුගේ ස්ත්‍රී චරිත තුල හමුවන දෙබස් අතර, "ස්ත්‍රීත්වය යනු ශාපයකි, දුර්වලකමකි" යන අදහස් ඇතුලත් දෙබස් ඛණ්ඩ මඟින් ඉස්මතුවන්නේ, ඒ චරිත තුළ පිරි වේදනාව හා ඉච්ඡාභංගත්වයයි. සිතන්න, ජීවිතයේ එමට දුක් ගැහැට විදි මීඩියා වන් කාන්තාවක්, පාවාදීම් වලට නතුව, අසරණව වේදිකාව මතට වී, වේදිකාව ගිගුම් දෙන හඬින් "අහෝ, ස්ත්‍රීත්වය යනු ශාපයෙකි"යැයි වේදනාවෙන් පැවසීමෙන් නරඹන්නා තුල ඇති වනුයේ (විශේෂයෙන් පුරුෂයන්ගෙන් සමන්විත සමකාලීන ඇතන්ස් ප්‍රේක්ෂකාගාරයෙහි සිටින), තමා තමාවම ප්‍රශ්න කරගැනීමේ වරදකාරී සිතුවිල්ලක් ද, නැතහොත් ස්ත්‍රීත්වය පිළිබඳ වෛරී හැඟීමක් ද?

අනිත් අතට, යුදකාමීත්වය විසින් පුරවැසි ස්ත්‍රීන්ගෙන් තව තවත් දරුවන් වැදීම ඉල්ලාසිටින මොහොතක, "ස්ත්‍රියගේ ගරුත්වය රඳා පවතින්නේ පුරුෂයන් ඇයගේ හොඳ හෝ නොහොඳ ඉතාම අඩුවෙන් කතා කරන තරමටය" යන (පුර නායකයා වන පෙරික්ලීස්ගේ) ප්‍රපංචය මත සමකාලීන ස්ත්‍රීත්වය අර්තකතනය වන ඇතන්ස් සමාජය, "එක් වරක් දරුවන් බිහිකරනවාට වඩා දහස් වරක් යුද පෙරමුණක සිටගැනීමට මම කැමති"යැයි මීඩියා කරන අභීත කියමන විසින් කෙතරම් ගැඹුරකට සසල කරවන්නට ඇතිද? සැබැවින්ම වර්තමාන ස්ත්‍රීවාදි අවකාශය තුළ පවා සාකච්ඡාවට බඳුන් වන, පවතින සමාජ දේශපාලනික තත්ත්වයන් (status quo) ප්‍රශ්න කිරීමට ලක් කරන මෙවන් අදහස් ඔහුගේ කෘති තුල අපට නිබඳවම හමුවෙයි.



සැබැවින්ම ස්ත්‍රී මනෝභාවයන් පිළිබඳ මෙපමණ සියුම් ලෙස විශ්ලේෂ්ණය කල නාට්‍යකරුවෙක් ග්‍රීක ඉතිහාසයේ තවත් නොමැත. ඔහුගේ හිපොලිටස් නාට්‍යයෙහි සඳහන් ෆේඩ්‍රා චරිතය යනු, තම සැමියාගේ තුරුණු පුත්‍රයා පිළිබඳ, අනුරාගයෙන් දවන ලද ආදරයකින් බැදෙන ගැහැණියෙකි. මතුපිටින් බලන කල මෙය ස්ත්‍රීයකගේ රාගය නිසා නිර්මල තරුණ දිවියක් නැති වී යාම ලෙස පෙන්වුම් කලත්, චරිත චිත්‍රණයේදි යුරිපීඩිස් දක්වන විශිෂ්ඨත්වය තුල, යටි පෙළින් මෙහි වියමන උඩු යටිකුරු වෙයි. හිපොලිටස් යනු ස්ත්‍රීන් පිළිකුල් කරන, අහංකාර පරවශ තරුණයෙකි. නාට්‍ය තුල ඔහු ඉස්මතු වන්නේ, යථාර්ථයට එහා ගිය (eccentric) චරිතයක් ලෙසයි. නමුත් ඊට මුහුණලා ෆේඩ්‍රා සිටගන්නේ සාමාන්‍ය මිනිස් හැඟීම් වලින් පිරිපුන්, අනුරාගී කාන්තා චරිතයක් ලෙසය.

බොහෝ විට සෙසු චරිත හරහා කරන හැඳින්වීම්, විවේචන තුළින් සහ, දෙවියන්ගේ මැදිහත් වීම් තුලින්ද, යුරිපීඩීස්, ස්ත්‍රීය අරභයා ප්‍රේක්ෂකාගාරයෙහි හෘද සාක්ෂිය අභියෝගයට ලක් කරයි.

යුරිපිඩීස් ස්ත්‍රී විරෝධියෙකු ලෙස හැඳින්වූන් අතර ඉදිරියෙන්ම සිටිනුයේ ඔහුගේ සමකාලීනයෙකු වූ ඇරිස්ටොෆනීස් ය. නමුත් එම නාට්‍ය පරිශීලනයේදි හැඟී යන්නේ, ස්ත්‍රීන්ට පහර ගැසීමට ඇරිස්ටොෆනීස්, යුරිපිඩීස් පළිහක් ලෙස භාවිතා කල බවයි. උදාහරණයක් ලෙස ඉහත සඳහන් වූ මීඩියාගේ වචන සමඟ, ඇරිස්ටොෆනීස් ගේ 'The Poet and the Women', යන කෘතියෙහි, සෙල්ලාකාර කාන්තාවක්, ඉතා සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් පවසන මෙම වචන කිහිපය සසඳා බලන්න.

"මම ලස්සන ඇඳුමක් ඇඳලා ඒක විහිදනවා මිනිහට පේන්න. එතකල් මගේ පෙම්වතා මට කෙළින් පහළ ඉඳන් ඉහළ බලා ඉන්නවා."


යුරිපිඩීස්(ක්‍රි.පූ. 480-406)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Euripides, Tragedian, Classical Athens, Heracles, Medea, Hippolytus, Electra, The Trojan Women, Bacchae, Electra, Aristophanes, Feminism, hetaera
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂි බී. වීරකෝන්ගෙන් තවත් වියමන්
අදහස්
ඒ ඇගේ අහසයි!
අදහස්
කාලෝ අයංතේ
වෙසෙස්
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
කවි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****

"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook