Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
බූන්දි, 11:01:38
ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති
ලා රතු වසත් තුරුපත් දැක ඇතිද...?

නිල් අහස් වලා මත සීත අත්තටු අතුල
තරු පාලමක් මතට වී තුඩින් තුඩ සිපගන්න
රන් පාට විහඟුන් විතරක්ද...,

හිරු රැස් උරා සැනහෙන
තණ ගුල්ම මත උණුහුමට ගුලිවෙන
දින ගෙවී යන තුරු සිහින් සර ගී කියන
බඩවැටි අතර දිවයන රැහැයි පෙම්වතුන් නම් කීයක්ද ...?

ළතඹ ගංතෙර ගොම්මනක ඉපදුන
නමක් නැති ප්‍රේමයක්...,
ඉතින් කෙදිනවත් නුඹ දැක නැතිද...?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කවි බූන්දි
නික්මීම
එතැන, එ'ගඟ නිසලව ගලන
අහඹුවක ඔබ ඔහොම තමයි
මෙතැන් සිට, අප හැඬිය යුතු නැත..
අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කතන්දර| දොළොස්දාහක්

5-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
කවි| එතැන, එ'ගඟ නිසලව ගලන

30-Secs

(දිනේෂ් සිල්වා) කොහිද ඒ කඳු මුදුන කඳුළු උල්පත හඬන
නොදන්නෙමි මම සබඳ, වෙද මඟක් එහි දිවෙන?
දිය රඳන එක තැනෙක සිනිඳු මල් දිග හරින
කවක් පමණක් දනිමි එ'පෙති මත ගිම් නිවන

ළපල්ලකි ළදල්ලකි නව හැඟුම් පියල්ලෙකි... [More]
පොත්| 'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්

2-Mins

(මහාචාර්ය සාලිය කුලරත්න) කිසියම් මොහොතක යම් නිර්මාණයක, පාත්‍ර චරිතයක හෝ සමාජ දේහයේ වෙසෙන පුද්ගලයෙකුගේ අවබෝධයට හසුවන ආලෝකවත් යථාර්ථය (epiphany) පැවැත්මෙහි ශුද්ධාලෝකය ලෙස නව... [More]
කවි| අහඹුවක ඔබ ඔහොම තමයි

8-Secs

(වරුණ සාවින්ද) මරණීය නින්දක
රමණීය මොහොතක
විසිරී යෙහෙන්

යහන අමතකව
යහන්ගත වැතිරීමක... [More]
Cine| ආලෝකය නොදිටිමි!

4-Mins

(සංඛ කිරිඳිවැල) මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ට ලිඩෝ සිනමාහලට ගියේ "ප්‍රේමය නම්" නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති... [More]
කවි| මෙතැන් සිට, අප හැඬිය යුතු නැත..

25-Secs

(අනුෂ්ක ප්‍රනාන්දු ) වට්ටියක මධුමල්
පුරෝගෙන
තුසිතයෙන් එන
දෙවුලියන් ගැන
සබඳ,
නුඹලත්... [More]
කවි| අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!

16-Secs

(විමල් කැටිපෙආරච්චි) ගිනි පුළිඟු අරන් එන අඳුරේ
මිණි පළිඟු සොයන්නෙද මිතුරේ
තනි තනිව මියෙන්නට පමණ වරම් ලද
දිනිඳු නොදුටු මරු කතරේ

සුදු අකුණු ගැහෙන කළු අහසේ... [More]
Cine| ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"

2-Mins

(සචින්ත පූර්ණිමාල් ලියනගේ) සිනමා කෘතියක් නිෂ්පාදනය කිරීමට සාමාන්‍යයෙන් විචිත්‍ර චින්තාව මූලික වේ. ඒ චින්තාව තිරයක් මත පතිත කරගත හැකි වන්නේ තෝරාගත් චරිත හා... [More]
කවි| නැදුන්ගමුවේගේ දින සටහනකි!

22-Secs

(MKCP ශෂීන්) ගවු දුර ගෙවනු අලසය
ළඟට එන කිතුල් ගොබ රහය
වැව් තල නටන දිය වහය
නල දිය අම රසය
මහ ඝණ වන කුරිරුය බියකරුය
පන්සල දාහෙන් සැපය... [More]
කතන්දර| කල්ලඩි පාලම පාමුල

7-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) තානායම් කාමරය තුළ බඩු බාහිරාදිය තැන්පත් කර එළියට පැමිණෙද්දී වෙහෙසකර බවක් දැනෙන්නට විය. ප්‍රත්‍යක්ෂයේ අප ස්වාමි දූ දේවස්ථානය දෙස කෙළින්... [More]
වෙසෙස්| ගේබ්‍රියෙල් නම් සුරදූතයා

11-Mins

(සල්මන් රුෂ්ඩි | දිනේෂ් ඩී. දේවගේ) බොහෝ කාලයක් තිස්සේ ගේබ්‍රියල් නම් මිනිසාට මායාවන් කළ හැකිද යන්න ගැන අපි විමසිලිමත් වූයෙමු. මක්නිසාදයත් අවුරුදු ගණනක් තිස්සේ ඔහු අත්තටු... [More]
රත්තරං ටික| ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!

2-Mins

(රංජිත් කුමාර සමරකෝන්) ‘අම්මා අන්තරා වුණා භූමදානේ හෙට‘

ටැලිග‍්‍රෑම් එක ආවේ දැන්. මැරුණේ ඊයේ. නැත්නම් අද. මං හරියට දන්නේ... [More]
කතන්දර| කුකුල් බය

40-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) ගොවි ගෙදරක හිටියා හරිම හීලෑ උකුස්සෙක්. එයා එයාගෙ ස්වාමියා කතා කළාම ඇවිත් අතේ ලගිනවා, කෑම කනවා. ඒත් මේ ගෙදරම ඉන්න... [More]
කතන්දර| අලුත ගෙනා මනාලිය

8-Mins

(සුනීතා ජෛන් | නිලූක කදුරුගමුව) යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට උවමනාය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook