Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
ආලෝකය නොදිටිමි!
බූන්දි, 18:07:26
මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ට ලිඩෝ සිනමාහලට ගියේ "ප්‍රේමය නම්" නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති හෙයින් එය නොපෙන්වන බව දන්වා සිටි නිසා එළියට එනවිට ඉදිරිපස ඇති රිට්ස් සිනමාහලේ "ආලෝකෝ උදපාදී" පෙන්වන බව දුටුවෙමි. වෙන්කරගත් කාලය වෙනුවෙන් වෙනත් හොඳ විකල්පයක් සොයාගත නොහැකි විය. මේ සටහන හුදෙක් ප්‍රේක්ෂක අත්දැකීමක් අකුරුවලට පෙරළීමක් විනා සිනමා විචාරයක් නොවේ.

මුලින්ම කිවයුත්තේ රිට්ස් සිනමාහලේ තිරය සම්බන්ධවයි. ඩිජිටල් තිරය ඉතා හොඳ තත්ත්වයක ඇත. ලංකාවේ චිත්‍රපටයක රූපවල ගුණාත්මකබව ඉහළින් තැබීමට මෙම තිරය සහ ශබ්ද තාක්ෂණය ඉහළ නැංවීම ගැන එකී කළමනාකාරීත්වයට ස්තූතිවන්ත විය යුතුය.

රූපවාහිනී වැඩසටහනකදී විදර්ශන කන්නංගර පැවසූ පරිදි ජැක්සන් ඇන්තනිගේ "අබා"ගෙන් ආරම්භ වූ යුද වින්දන සිනමා කෘති අතරින් මට මතක තරමින් මා නරඹා ඇත්තේ අබා සහ ආලෝකෝ උදපාදී පමණක් වීමට තරම් මා වාසනාවන්තය. ආලෝකෝ උදපාදී ගැන මට දැනෙන පළමු හැඟීම, මේ චිත්‍රපටයට මෙන්ම ලංකාවේ සමකාලීන සමාජයට ද අදාළය. එනම්, මෙලෝ කලා රහක් නැති, කල් ඉකුත්වූ, වයසක පරම්පරාව තරුණයින්ට වද නොදී පැත්තකට වී සිටිය යුතු බවය. (ඉහත කුලකයට විශේෂණ තුනක් අයිති බව මතක තබාගන්න!) සමන් වීරමන්, තුසිත විජේසිරි යන ඉහත විශේෂණ ත්‍රිත්වයට අයත් දෙදෙනා විසින් චත්‍ර වීරමන් නැමැති දක්ෂ පුද්ගලයාව යටපත් කර ඇත. චත්‍ර දක්ෂ සිනමා අධ්‍යක්ෂණයට ද යන්න තීරණය කිරීමට මම ඉක්මන් නොවෙමි. එහෙත් ඔහු සතු දක්ෂතාවයක් ඇත. එය සිය පියා වෙනුවෙන්වත් කඩේ යැවිය යුතු නැත. විදෙස්ගතව සිටියදී මෙන්ම ගමේ සිටියදී ද කලාව පිළිබඳව කල් ඉකුත්වූ, පරිණත නොවූ පුද්ගලයින් පොරවල්ව සිටින අයුරු අවශ්‍ය තරම් දැක ඇත්තෙමි. සම්භාව්‍ය පෙනුමක් ආරෝපණය කරගෙන, පොදු අවස්ථාවල ඉදිරියට පැන වැඩකරන මේ පිරිසට කලාව ගැන පළල් කියවීමක් නැති කුඩා සමාජවල පිළිගැනීමක් ලැබීම ගැන ගැටළුවක් නැත. එහෙත් ඒ අය ඊට වඩා ඉදිරියට ගොස් සිය මුදල්, රාජ්‍ය සම්බන්ධතා ඉදිරියට දමා මෙලෝ රහක් නැති චිත්‍රපට කරන්නට යන විට පැත්තක සිටින පුත්‍රයින්ට අත්වන ඉරණම නැරඹීමට අවශ්‍ය නම් ඊට හොදම උදාහරණය ආලෝකෝ උදපාදී ය.



කල් ඉකුත්වූ පුද්ගලයින් හානිකරන්නේ සිනමාවට පමණක් නොවේ. එය රටේ හැම ක්ෂේත්‍රයකම පාහේ විසිර ගොස් ඇති ගැටළුවකි. මගේ පුද්ගලික අත්දැකීම් වලින්ම පවසන්නේ නම් බැංකු ක්ෂේත්‍රය තුළ නවීනත්වයට එරෙහිවන මෙකී කුලකයට අයත් පිරිස් බහුලය. නව තාක්ෂණයට අනුගත නොවන පිරිස් විසින් ක්ෂේත්‍රයම බිලිගෙන ඇත. රාජ්‍ය පරිපාලනය ගන්නම දෙයක් නැත. නවීන තත්ත්වය දක්වා හැඩගැසිය යුතු සංචාරක කර්මාන්තයට ද මේ තත්ත්වය පොදුය. මේ සියළු දේටත් වඩා ලංකාවේ ප්‍රගතිශීලි දේශපාලනයට ද එබඳු කල් ඉකුත් වූවන් විසින් කරනු ලබන්නේ හානියකි.

දැන් අපි සිනමා කෘතිය දෙසට හැරෙමු. තුසිත විජේසේන බොහෝ ආඩම්බරයෙන් පැවසූ පරිදි මේ චිත්‍රපටයේ විහිළු නැත. ගීත දෙකක් ඇතත් ඒවා වීරත්වය උද්දීපනය කිරීමට සැදූ ඒවාය. වෙනත් කිසිම ආකාරයක වින්දනයක් සපයන ආකාරයේ දෙබසක් සමස්ත පිටපත පුරාවට නැත. සැබැවින්ම මෙලෝ රහක් නැත. කැමරා හැසිරවීම, පසුතලය හා තාක්ෂණය නොමැතිනම් මේ චිත්‍රපටය මේ රැල්ලේ අසාර්ථකම චිත්‍රපටය වීමට ඉඩතිබිණි. අමාරැවෙන් සොයාගෙන ඇති නම් ගම් දැකීමෙන් පාසැල් කාලයේ බලෙන් පාඩම්කළ අමිහිරි මතකයක් ඇවිස්සෙනවා මිසෙක ඉතිහාසයට ආදරයක් දැනෙන්නේ නැත.

සිනමාත්මක කැමරා කෝණවලින් ඇරඹෙන සිනමා කෘතියේ පළමුවැනි බලාපොරොත්තුව බිදවැටෙන්නේ නවීන දමිළ අකුරුවලින් සමන්විත ලිපියත් සමගයි. වසර දෙදහසකට ආසන්න කාලයකට පෙර දමිළ අකුරු වත්මන් තත්ත්වයේ පැවතීමට කිසිම ඉඩක් නැත. සරල විකීපීඩියා සෙවුමකින් මෙය සොයාගත හැක. ඇත්තටම චිත්‍රපටයට සම්බන්ධ කිසිවෙකුටවත් ඒ ගැන උනන්දුවක් තිබී නැත. නැතිනම් දන්නේ නැත. දන්නේ නැතිවිට කළ යුත්තේ දන්න දේවල් කිරීමය.

වළගම්බා රජුගේ පෞරුෂය කිසිලෙකින්වත් ඉස්මතුවක්නේ නැත. ඊට වඩා දාඨිය ලෙස රගපාන ධර්මරාජ් මතුව එයි. මහාකළු සිංහලයාගේ කළු, රැවුල සහ කොණ්ඩය පමණි. චිත්‍රපටයේම පවසන පරිදි කුඩා කල කිසිම ආකාරයක දුක් විඳි බවක් ශරීරයෙන් නොපෙනේ. ශුෂ්ක රටක වායුසමනය කළ කාමර වල ජීවත්වන බවට ඔහුගේ ශරීරය සාක්ෂි දරයි!

පටු දෘෂ්ඨිවාදයක් හා ගලප්පන්නට උත්සාහ නොදරන්නේ නම් වළගම්බා කතාව අතිශයින්ම සිත්ගන්නා සුළු ඉතිහාස කතාවක් නිර්මාණය කරන්නට ඉඩකඩ ඇති කතා පුවතකි. කල් ඉකුත්වූ ඔළුවකින් බලන්නෙක්ට එය ටයිල් පොළොවක් තරම් සමතලා, සෘජු දේශපාලන ප්‍රචාරණයකට ඔබින තමන්ගේ පුද්ගලික ජීවිතවල හිස් වූ තැන් වසාගැනීමට යොදාගත හැකි ගෙතුමකි. සැබෑ වළගම්බා රජු වසර ගණනාවක් රටපුරා වාසය කරමින් සිය සංවිධාන කටයුතු සිදුකළා පමණක් නොව ඉන්පසු එකී ස්ථාන බෞද්ධ පන්සල් දක්වා ගොඩනැගූ බව අදටත් සිව්දෙස ඇති 'වළගම්බා වෙහෙර විහාර' සාක්ෂි දරයි. එසේ නොමැතිව මේ චිත්‍රපටයේ පෙන්වනවා මෙන් ආක්‍රමණයෙන් මිදී පළායාම සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගත නොහැකිව පසුබාන චරිතයක් බවට පෙරළීම ඔහුට කළ හැකි විශාලතම නිග්‍රහයයි.



දෙබස් හෝ කතාව වෙනුවෙන් කිසිමාකාරයක බටහිර ආභාෂයක් නොපෙනෙන තත්ත්වයක, පසුතලය වෙනුවෙන් වන බටහිර ආභාෂය පිටපත විසින් මෙහෙයවූවා යැයි සිතීම උගහටය. විශාල ඉඩම් හිමි රදලයින් විසින් සිය ඉඩම් වගාව සදහා ගම්මාන නිර්මාණය කරන විට එක ළඟ කූඩාරම් ඉදිකර ඇති ආකාරය බටහිර සිනමා කෘතිවල දැකිය හැක. ඒවා වැව් අසබඩ, ගංගා අසබඩ ඉදිකරන්නේ නඩත්තුවේ පහසුව උදෙසාය. ලංකාවේ ඓතිහාසික නිවාස ඉදිකිරීම් අතර එවැනි කූඩාරම් හෝ එක ළඟ ඉදිකළ නිවාස දකින්නට නැත. ඒ වෙනුවට ප්‍රමාණවත් ඉඩකඩ ඇති, මිදුල, පිළිකන්න ඇති, ගෙවත්තක් සහිත තනි තට්ටුවේ නිවාස අතීතයේ පවතින්නට ඇතිබව උපකල්පනය කළ හැක. අනෙක් අතට ලක්ෂ ගණනක් භික්ෂූන් පෝෂණය කිරීමට අවශ්‍ය සමාජ පසුබිම වනුයේ එයයි. වඩාත් උත්ප්‍රාසජනක කාරණය නම් ඔය කියන අතීත ශ්‍රී විභූතිය පැවතීමට නම් එවැනි සශ්‍රීක ගම්මානයක් ද පැවතුණු බව පෙන්විය යුතුව තිබීමයි. එහෙත් ඒවා අදාළ නැත. විශේෂයෙන් ලංකාවේ සිනමා රසිකයාට නම් ඒවා අදාළම නැත. රිට්ස්හි සැළකියයුතු තරම් ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටියහ. ඉන් එක් අයෙක් චිත්‍රපටයෙන් බාගයක් පුරාවට සිය ජංගම දුරකතනයෙන් කතාබහක නිරතව සිටි අතර තවත් පිරිසක් තමන් විසින් ගෙන ආ කෑම වර්ග ශබ්ද නගමින් අනුභව කළහ.

සියළු දුර්වලතා මැද අහඹු ලෙස මේනකා පීරිස්ගේ චරිතය මිනිස් හැඟීම් දනවන කාමුක පෙනුමක් සහිතව නිරූපණය කොට තිබීම කිසිලෙසකින්වත් පිටපතෙන් මෙහෙයවූවක් බව උපකල්පනය කළ නොහැකිය. ගැහැණියකගේ දණහිසෙන් උඩ අඟලක් දුටු විට උඩපනින ඊනියා සදාචාරයක් නියෝජනය කරන මතවාදයක් තුළින් එවැනි චරිතයක් ඉස්මතුවීම බටහිර කොපියකට එහා දෙයක් යැයි මා කිසිලෙසකින්වත් සිතන්නේ නැත. එවැනි කුඩා හෝ කාරණාවක් ඉස්තමතුවන්නේ චිත්‍රපටයේ මිනිස් හැගීම් දැනීම් ඇති කිසිම චරිතයක් හෝ සිද්ධියක් දැකගත නොහැකි නිසාවෙනි.

බලාපොරොත්තු තබා නැරඹීමට ගිය 'ප්‍රේමය නම්' සිනමා කෘතිය නැරඹීමට නොලැබීමට ගැන කණගාටුය. මෙවැනිම අත්දැකීමක් ෆ්‍රැන්ජිපානි නැරඹීමට යෑමේදී ද ලැබීමි. ආලෝකෝ උදපාදී වැනි දුර්වල චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රයිම් ටයිම්වල සාර්ථකව තිරගත වීම සිනමා කර්මාන්තයේ දියුණුවට හේතුවක් යැයි කිසිවෙකු කියන්නේ නම් ඒ ගැන මට කියන්නට දෙයක් නැත..!!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Aloko Udapadi, Sinhala Epic Movies, Sinhala Historical Film, King Valagamba, Anuradhapura Kingdom, Chathra Weeraman, Menaka Peris
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
අදහස්
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
වෙසෙස්
ජෙරමි කෝබීන්- ලේබර් පක්ෂය ඩැහැ ගත් 'අන්ත වාමාංශිකයා'!
තවත් Cine බූන්දි
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
විපරීත යුගයක තරුණ සිනමාව
ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"
ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව
වසඟය ගිනි ගෙන තහනම මියයාම හෙවත් "ඇගේ ඇස අග"
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මරා කියයි.
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
ඔත්තු| ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18

23-Secs

"ලංකාවෙ ආර්ට් එකට විචාරයක් මොකටද?" මැයෙන් 'ඇත්ත' පුවත්පත විසින් සංවිධානය කරන "ඇත්ත- මුහුලස කතිකාවෙහි" දෙවැනි... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]

10-Mins

(සුදර්ශන සමරවීර) මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

ආරියවංශ අබේසේකර ලියූ, සිංහල දෙමළ වාර්ගික අර්බුදය පිළිබඳ ගැඹුරු සංවාදයකට හවුල් වෙන්නට වලිකන මේ කෘතිය ප්‍රබන්ධකතාවේ සත්‍යාභාසී... [More]
ඔත්තු| "දැහැමි ද මෙ දිවයින" සමග "Glimpses of a shattered Island"- ජූලි 20

10-Secs

චූලානන්ද සමරනායක විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ ද්විත්වය, "දැහැමි ද මෙ දිවයින" සහ "Glimpses of a... [More]
කතන්දර| "කුකුළා හා පාට"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

වී. සුතේයෙව් පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, පද්ම හර්ෂ කුරණගේ සිංහලට නැගූ "කුකුළා හා පාට" සෝවියට් ළමා කතන්දර පොත ඇසුරින්... [More]
අදහස්| ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?

2-Mins

(තිලක් සේනාසිංහ ) ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
ඔත්තු| තරුණ සාහිත්‍ය වැඩමුළුව-සැප්. 01

40-Secs

විවිධ කලා ක්ෂේත්‍රයන්හි නම රැන්දූ විශිෂ්ඨයන් සමග යෞවනයේ අත්දැකීම් බෙදා හදා ගන්නට නූතන තරුණ පරපුරට... [More]
පොත්| ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) රුසියානු විප්ලවයට තදනුබද්ධ උන්නතිකාමී ලේඛකකයකු වූ ලියෝ තෝල්ස්තෝයි (1829-1910) විසින් විරචිත ශ්‍රේෂ්ඨත ම මනෝවිද්‍යාත්මක නවකථාව ඇනා කැරනිනා (1873)ය. මෙය වූ... [More]
වෙසෙස්| බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)

21-Secs

බොබ් මාලි (රොබට් නෙස්ටා මාලි) (1945-1981), තම කෙටි ජීවන චාරිකාව නිමා කොට ලෝකයෙන් සමුගත්තේ අමරණීය මියැසි නිර්මාණ රැසක් ලොවට ඉතිරි... [More]
ඔත්තු| සුසුම් නාඳුනන අප දෙදෙන- ජුලි 15

10-Secs

උපේක්ෂා ප්‍රේමතිලකගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'සුසුම් නාඳුනන අප දෙදෙන', 2017, ජූලි 15, සවස 3.00ට, ... [More]
කවි| අද දවස මෙතෙකින් නිමයි..

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) පල්ලියේ ගල් තාප්පය මුදුනත
පරෙවියන් පෙම් කෙළියි
හීන් අඬකින් ගීතිකාවක්
නැගෙයි බැසයයි

අර්ධ අඳුරැති සුරුවමක පාමුල... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4

23-Mins

(අජිත් සී හේරත්) සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව්. ජනරංජන

රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන "ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?" යනුවෙන් ලිපියක්... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]

11-Mins

(සුදර්ශන සමරවීර) කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි.... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කතන්දර| දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...

5-Mins

(විසල් සේනාතිලක) පසුව ලියමි-

කතාවක් පටන් ගැන්මට පෙර පසුව ලිවිය යුතු කොටස ලිවීම කියවන්නා තව දුරටත් කතාව වෙත බැඳ තබා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook