Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"
බූන්දි, 17:13:50
සිනමා කෘතියක් නිෂ්පාදනය කිරීමට සාමාන්‍යයෙන් විචිත්‍ර චින්තාව මූලික වේ. ඒ චින්තාව තිරයක් මත පතිත කරගත හැකි වන්නේ තෝරාගත් චරිත හා පසුතල අනුසාරයෙනි. අවසානයේ සිනමා කෘතියකට අදාළ රෑපරාමුවක් තිරයක් මත පිහිටන්නේ කැමරාව හා වෙනත් තාක්ෂණික විධික්‍රම ඇසුරෙන් ප්‍රේක්ෂක ඇස හා චරිත, පසුතල අතර සමෝධාන කාර්යය ඉටුකරමිනි. එබැවින් සමස්ත සිනමා කෘතියක් හෝ කෘතියෙහි එක් රූප රාමුවක් විචාරය කිරීමේදී ඊට අදාළ චින්තනමය, රෑපමය හා තාක්ෂණිකමය භාවිතාවන් මෙන්ම නිර්මාණ කාර්යය සිදුවන බිමෙහි ඒ කාලයට අදාළව එම භාවිතාවන් කෙරෙහි අත්පත් කරගන ඇති හැකියාවන් හා කුසලතාවලින් වියුක්ත වීම යුක්ති සහගත නොවේ. විශේෂයෙන්ම අනෙකුත් කලා කෘතීන්ට වඩා චිත්‍රපටය වඩ වඩාත් තාක්ෂණික යෙදවුම් සමඟ ගැටෙමින් හැපෙමින් ඉදිරියට දිවෙයි. ඕනෑම බිමක තාක්ෂණික දියුණුව සෘජුව සබැඳෙන්නේ එම බිම අත්පත් කරගන තිබෙන ආර්ථික හැකියාව මතය. එබැවින් ආරම්භයේ සිටම මෙම ලිපිය විසින් තර්කනය ස්ථානගත කිරීමට උත්සාහ කරන්නේ යම් බිමක ආර්ථික හැකියාව පිළිබඳ නොසැලකිල්ලෙන් එම බිමේ ගොඩනැගෙන සිනමා කෘතියක් පිළිබද විචාරය කිරීම උගහට බවය.

ආලෝකෝ උදපාදී පවතින තත්ත්ව යටතේ තාක්ෂණය සිනමාවට මුසු කරලීම සම්බන්ධව ඇගයීමක් ලැබිය යුතු සිනමා කෘතියකි. සනාථ නොවු ඉතිහාසය පිළිබඳ එක් එක් ප්‍රේක්ෂකයා තුල ඇඳී තිබෙන්නේ විවිධ වූ සංකල්ප රූපය. මිනිසාගේ ස්භාවය, පරිසරයේ ස්භාවය, ඇඳුම්වල ස්භාවය ආදිය තම තම ෆැන්ටසියේ තරමට ඉතිහාස සිනමා කතාවකදී දකින්නට ප්‍රේක්ෂකයා කැමති වෙන බව සැබෑමුත් නිර්මාණකරු මවන රූපය වඩ වඩා සමීප විය යුත්තේ කතා තේමාවටය. චිත්‍රපටය නරඹා අවසානයේ රාජ මාලිගාව රාජ ආභරණ හෝ අනෙකුත් පසුතල මීට වඩා රාජකීය ස්භාවයක් ගත යුතු බව කිසිවෙකුට යෝජනා කළ හැකි මුත් එතුලින් රටේ කලෙක සිට පැවත එන අරාජිකත්වය සවිඥානිකව සංකේතවත් කරන ලද බවත් එය කතන්දරයට ආදාළ කාලය පිළිබඳ ඉඟියක් බවත් තවත් කිසිවෙකුට යෝජනා කල හැකිය. එය තම තම පමණටය. කෙසේ නමුත් එක පෙළට ආ සිලෝන් එපික් රැල්ලේ බෝහෝ චිත්‍රපට වල දුටු ඩිෂුම් ඩිෂුම් තාලේ විකෘතින්ගෙන් මිදී එයට ප්‍රමිතිකරණයක් ලබාදීමට ආලෝකෝ උදපාදී සමත්ව තිබෙන බව කිසිවෙකුට පැවසිය නොහැකි නම් එය ව්‍යාජයකි.







චිත්‍රපටයකින් ගොඩනගන මතවාදය ද වැදගත්ය. බොහෝ විචාරකයන්ට අනුව ලංකාවේ යුධ වින්දන සිනමාවක් පවතී. එය එක්තරා ජාතිකවාදී ආගම්වාදී මතවාදයක් පෝෂණය කරයි. එය එසේ නම් යුධ වින්දන නොවන සිනමාව පෝෂණය කරන්නේ කුමන මතවාදයක් ද? එය සාමය වින්දනය කරයිද? සාමය වින්දනය කරන සිනමාවක් නැති තැන යුද්ධය වින්දනය කරන සීමාවක් අර්ථ නිරුපනය කළ හැකිද? සැබෑ යුධ වින්දනය පවතින්නේ සිනමාව තුළ නොවේ. තත් කාලීන සමාජය තුළය. මේ ලියන මොහොතේත් ලෝකයේ සුවහසක් මිනිසුන් යුද්ධ වලට මැදි වී වෙව්ලමින් පණ ගැට ගසාගනිමින් සිටින බව යථාර්ථයයි. එය අල්පතර රටවල් ප්‍රමාණයක් හා බලධාරීන් පිරිසක් විසින් වින්දනය කරයි. වින්දනය කරන අතරම සාමය වින්දනය කිරීම සඳහා චිත්‍රපට කිරීමට ලංකාව වැනි රටවල් වලට චෙක් ලියා දෙයි. සැබෑ යුධ වින්දන සිනමාව යනු එම මුදලින් යැපෙන සිනමාවයි.

'ආලෝකෝ උදපාදී' යන්න ලිහිල් අර්ථයෙන් බෞද්ධ දර්ශනයේ හරය ලෙස ගැනීම වැරදි නැත. ආගමික නිරාගමික බොහෝ සබුද්ධික මිනිසුන්ට බෞද්ධ දර්ශනයේ සෑබෑ යථාර්ථයන් සමඟ කිසිම් හෝ එකඟතාවයක් පවතී. සත්‍ය වශයෙන්ම ආලෝකෝ උදපාදී මතවාදීව පරාජය වන්නේ බෞද්ධ දර්ශනය හා සංඝයා යනු රජ පෙලපත් වලින් එන මැණික් රැකීමට පැවතිය යුතු හමුදාවක්ය යන මතය තවදුරටත් තහවුරු වන පරිදි යටි පෙළ ගොඩනැගීමට සැලැස්වීම තුලය. එබැවින් එහි නම ආලෝකෝ උදපාදී වීමම හාස්‍යජනකය. අඩු තරමේ මෙය කොමඩි කෘතියක් ලෙස නම් කර තිබුනේ නම් සබුද්ධික ජනයාට හාමුදුරුවරැ මැණික් රකිනු දැක, පිරිත් හඬ අස අසා සටන් පුහුණු වනු දැක සිනාසී මේ සිනාසෙන්නේ අපටම නේදැයි සිතා විදර්ශනා කොට එළිය දකින්නට ද ඉඩක් තිබුණි. රාජ්‍ය බලය වෙනුවෙන් කඩේ නොගිය වනවාසී භික්ෂූන් පිළිබදව ඒ.වී. සුරවීරගේ "අඳුර දුරලන රැස්" කෘතිය විස්තර කරන්නේ මීට පසු යුගය ගැන විය යුතු නිසා එම වනවාසී භික්ෂූන්ගේ ආභාෂය මේ යුගය වන විට පැවතිය හැකිව තිබුණු බව පමණක් අවසාන වශයෙන් ලියා තබමි.
වෙනත් සබැඳි |
ආලෝකෝ උදපාදී
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Aloko Udapadi, Sinhala Epic Movies, Sinhala Historical Film, King Valagamba, Anuradhapura Kingdom, Chathra Weeraman, Baratha Hettiarachchi, Uddika Premarathna, Dihani Ashokamala Ekanayake, Roshan Ravindra
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Cine බූන්දි
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook