Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
කබායක් පැළැඳි මැදිවියේ කත
බූන්දි, 10:39:36
"අලුතෙන් බලන්න දෙයක් නෑ අනේ. දස පණතම තමයි. අක්කටත් එවලා තිබුණේ" මම සිනාසෙන්නට වීමි. අම්මා මගේ සිනාවට අනුබල නො දෙමින් ඔරවාගෙන බලා සිටිනු පෙනේ. යුක්‍රේන ජාතික මිතුරිය තවමත් කාමරයට පැමිණ නැත. ස්කයිප් ඇමතුමට නැවතීමේ තිත තබමින් අම්මාට සමුදුන් මම ඒ ලියුම සොයන්නට ගතිමි. ආච්චි මිය යන්නට පෙර එවූ ලියුම කියවන්නට ඉස්පාසුවක් නො තිබුණේ ඒ දිනවල විභාගයකට සූදානම් වෙමින් සිටි බැවිනි. ලියුම ගැන උනන්දු නොවුණද සිරිතක් වශයෙන් දිනපතා නිවෙසට ගන්න ස්කයිප් ඇමතුම ඔස්සේ ලෙඩ ඇඳේ සිටින ආච්චී සමග ද කතා කරන්නට අවස්ථාව උදා විය. ඒ හැරත් අක්කා සහ මම ආච්චී සමග දැඩි ළෙංගතුකමක් නො තිබුණු බවද පැවසිය යුතුමය. "හැබැයි ඉතින් ... අපරාදේ කියන්න බෑ. ආච්චිගේ පැත්ත පළාතකින් යන්නේ නෑ මිණිබිරියෝ දෙන්නා" අම්මාගේ නිරන්තර දෝෂාරෝපණයට මා ලබා දෙන්නේ සුපුරුදු පිළිතුරකි. "ක්‍රිස්ටීන් ලූ රොටෙන් ලා දෙන්නෙක් මොකටද ? මට සඳපා වීරකෝන් වුණාම හොඳටෝම ඇති"

ආදරණීය සඳපා වෙත ...
යනුවෙන් ලිපිය ඇරඹී තිබිණ. ආච්චිගේ ඉංග්‍රීසි අකුරු කවදත් ලස්සනය. ඇය ඇමරිකානු කාන්තාවක් වීම මගේ මිතුරියන්ට සහ පාසලේ ගුරුවරියන්ට මහත් ආහ්ලාදයක් ගෙන දුන්නද මට නම් ඒ පිළිබඳව තිබුණේ උදාසීන හැඟීමකි. ඇයගේ අතිශය ක්‍රමවත් සහ සැලසුම්සහගත දිවි පෙවෙත කුඩා අප තුළ උද්දාමයක් ඇති නොකළ හෙයින් බොහෝ විට අප අතර තිබුණේ චාරිත්‍රගත සමබන්ධයක් පමණි. ඇයද අප සමග කුළුපග වන්නට උත්සාහ කළ බවක් මගේ මතකයේ නැත. ආච්චි අපට ආදරය කරන්නේ ද ඇමරිකානු මෝස්තරයටයැයි තාත්තා සිනහවෙන හැටි සිහියට නැගේ. "මමා එක්ක ඉන්න එක හොස්ටල් එකක ඉන්නවා වගේ තමයි . යූ ෂුඩ් වෙල් ඩිසප්ලීන්ඩ්.. අදර්වයිස් - ෂී විල් ස්මැක් යූ". අම්මා ද ඒ සිනහවට එකතු වන්නීය.

"මට ජීවත් වෙන්න තියෙන්නෙ තව බොහොම ටික කාලයයි. දෙවියන් වහන්සේ අඬගහන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියනවා. ඒත් ඒක තේරුම් ගන්න පුළුවන් සඳපාට විතරයි කියලා මට හිතෙනවා . ඔයාට විතරක් ලියුමක් එවනකොට අනිත් අය සැක හිතන නිසා මම ඔයාගේ අක්කටත් නිකම් විස්තර ලියලා ලියුමක් යැව්වා"
ලියුමේ සඳහන් වූ එවදන් දැක මා මවිතයට පත් වීමි. නමුත් ලියුම කියවීම නතර නොකළෙමි.

"මම ලංකාවට ආවේ 1963 අවුරුද්දේ. හරියටම නොවැම්බර් මාසේ 28 වෙනිදා මම ලංකාවට ආවේ තනියම නෙමෙයි. ඩලාස් වල හිටිය මගේ බෝයිෆ්‍රෙන්ඩ් බේලා තමයි මාව ලංකාවට එක්කගෙන ආවේ. එයායි ඔයාලගේ සීයායි ලුමුම්බා වල රූම් මේට්ස්. ඔයාගේ සීයා වගේම බේලාත් මට වඩා අවුරුදු 8 ක් බාලයි. ඒ වුණාට බේලා මට හුඟක් ආදරෙන් හිටියා. "

මා ලිපිය පසෙකින් තබා ආච්චීගේ ඡායාරූපයක් සොයා ලැප්ටොප් එක පීරන්නට වීමි. අප දන්නේ ඇය ලුමුම්බා සරසවියේදී ඇතිවූ ප්‍රේමය නිසා ලංකාවට පැමිණ සීයා සමග විවාහ වූ බවය. සීයා වෛද්‍ය වෘත්තියේ නිරත වද්දී ආච්චි නගර මධ්‍යයේ ගොඩනගිල්ලක බේකරියක් පවත්වාගෙන ගියාය. අදටත් අප පවුලේ ව්‍යාපාරය එයය. මා අසා තිබූ කතාවට අනුව අප ව්‍යාපාරයට "බේලා බේක් හවුස්" ලෙස නම යොදන්නේ ළමා වියේදීම මියගිය ඇයගේ එකම සොහොයුරා සිහිවන්නටය. ඒ පිළිබඳව වැඩිවිස්තරයක් නොදන්නා තරමට අපගේ සම්බන්ධය දුරස්ථය. ආච්චි කිසිදිනෙක ලංකාවෙන් බැහැරව නොගිය අතර ඇය කිසිවිටෙකත් ඇගේ ඥාතියෙක් හෝ ඇමරිකා ජීවිතය පිළිබඳව කතා කරන්නට උනන්දු නොවීය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිස්ටීන් ලූ රොටෙන් යනු අහංකාර කාන්තාවකි. "මම ඇමරිකාව එහේ තියලයි ලංකාවට ආවේ" ඇමරිකාව පිළිබඳ විමසන විටදී එවැනි පිළිතුරක් ලැබෙනවිට කතාව එතැනින්ම නවතින බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

"සඳපා ... බේලා එක්ක යාලු වෙනකොටත් මම කසාද බැඳලා හිටියේ. බේලා ඩලාස් වලට යන්න කලින් මාස කීපයක් අපි හිටිය අපාර්ට්මන්ට් බිල්ඩින් එකේම හිටියා. අපි දෙන්න යාළු වුණේ එහෙමයි. ඒත් ජොනතන්ට කොහෙන්හරි සැකයක් ඇවිත් තිබුණා. මිනිහා එක පාරක් බීලා ඉන්න වෙලාවක මට අනතුරු ඇඟෙව්වා බේලා එක්ක කොහේ හරි ඉඳලා අහු වුණොත් දෙන්නවම මරනවා කියලා. ඒක වෙරි මතටම කියපු දෙයක් කියලා අමතක කරන්න බැරි දෙයක් සඳපා. ජොනතන් ට එහෙම කරන්න බැරි කමක් නැහැ. එයා හොඳ මිනිහෙක් නෙමෙයි. එයාගේ බිස්නස් ඔක්කොම රන් කළේ පාතලෙත් එක්ක සම්බන්ධකම් වලින්"
මෙසේ පවසන ආච්චි ඉන්පසුව ජොනතන් සහ බේලා අතර දෝලනය වූ ඇගේ ජීවිතය පිළිබඳව දීර්ඝ විස්තරයක් කර තිබිණ.

ජොනතන් ඇමරිකාවෙන් බැහැරව සිටි දිනයක ඇය මෙසා සිට ඩලාස් බලා යන්නේ බේලා මුණගැසෙන්නටය. එය දින එකහමාරක ගමනකි. දිනය 1963 නොවැම්බර් 22 වෙනිදාය. බේලා දිවා ආහාරයට මුණ ගැසෙන තෙක් ආච්චි නගරයට පැමිණෙන ජනපති කෙනඩි ප්‍රමුඛ රථ පෙරහර නරඹන්නට තීරණය කරන්නීය. "මම සන්ගලාස් දාලා කාටවත් මුළු ඇඟම වැහෙන්න ඇඳල හිටියේ අඳුනගන්න බැරි වෙන්නයි" ඇය එසේ හේතු දක්වා තිබුණේ තමා සිටියේ කොතරම් නම් අවදානම් සහගත තත්ත්වයකද යන්න පැහැදිලි කිරීමටය. ඩලාස් නගර මධ්‍යයට එන ජනපති ජෝන් එෆ් කෙනඩි ට වෙඩි වදින්නේ මේ අතරතුරය. ජනපතිවරයා ඝාතනය වන්නේ ක්රිස්ටීන් ලූ රොටෙන්ගේ අවාසනාව උදා කරවමිනි. පිරිස හිස් ලූ ලූ අත දිව ගිය අයුරු පසුදා පුවත්පත් වල නොවරදින ඡායාරූප අතර විය. ආච්චිද කාටත් නොදෙවෙනි ලෙසින් ඡායාරූප වලට හසුව තිබිණ. පසුව පැවති ෆෙඩරල් පරීක්ෂණ සඳහා එම ඡායාරූප වල සිටි සහ නොසිටි දෙපිරිසම සහයෝගය දක්වද්දී තැඹිලි පැහැ කබායකින් සැරසී ගත් මැදිවියේ කාන්තාවක් පමණක් තම අනන්‍යතාව හෙළිකිරීමට ඉදිරිපත් නොවීම පරීක්ෂකයින්ගේ සැකයට හේතුවක් විය. "මම ඩලාස් වලම හැංගුණා. ආයේ මෙසා වලට යන්නේ කොහොමද සඳපා. බබුෂ්කා ලේඩි කියලා නමකුත් දාලා මගේ ෆොටෝ එක හැම පත්තරේම යන්න ගත්තා. පොලිසියෙන් බේරුණා කියමුකො. ඩලාස් වල හිටියා කියපු ගමන් ජොනතන් මාව මරලා දානවා ආයේ දෙකක් නැහැ. ඉතින් මම කොහේ කියලා හැංගෙන්නද ? බේලා අන්තිමට කිව්වා ඇමරිකාවෙන් පැනලා යමු කියලා" ආච්චි ඇගේ පෙම්වතා සමග ලංකාවට පැමිණෙන්නේ එලෙසිනි. පැරණි මිත්‍රයාව සහ ඔහුගේ පෙම්වතියව සාදරයෙන් පිළිගන්නා සීයාට ඇයව භාර කරන රුමේනියානු මිතුරා බේලා නැවතත් ඇමරිකාව බලා යන්නේ අළුත් ජීවිතයකට අවශ්‍ය දෑ සූදානම් කරගෙන එනු පිණිසය. "එයා එහෙට ගොඩ බැස්ස ගමන් දාපු ලියුම මට ලැබුණා. එයා ඉක්මණට ඩලාස් වලට ගිහිං යාළුවෙක්ව මුණ ගැහිලා එහෙන් පැනලා යනවා කියලා කතා වෙලා හිටියේ. ඒත් එතනින් එහාට බේලා ගැන කිසිම ආරංචියක් නෑ සඳපා. මම හොඳටෝම දන්නවා ජොනතන් ගැන. අනිවාර්යෙන් ඌ බේලාව මරන්න ඇති. මම ඉන්නේ ලංකාවේ කියන එක අහුවෙන නිසා මට කාටවත් කතා කරලා උදව්වක් ඉල්ලන්නත් බැරි වුණා" අවසානයේදී අවුරුදු දෙකක් තිස්සේ නුපුරුදු රටකට වී තම පෙම්වතා බේලා වෙනුවෙන් බලා සිටින ආච්චී යථාර්ථයට මුහුණ දෙන්නට තීරණය කරන්නීය. ඇය අපේ සීයා සමග විවාහ වන්නේත් අම්මා උපදින්නේත් ඉන් අනතුරුවය.

"සඳපා රුසියාවේ ආවේ අකැමැත්තෙන් කියලා මම දන්නවා. ඔයාට ඇමරිකාවට යන්න ආසාවක් තිබුණට මම උදව් කළේ නැහැ කියලා හිතේ කහටක් තිබුණ බවත් මම දන්නවා. ඒත් එහෙම වුණේ ඇයි කියලා ඔයාට දැන් තේරෙනවා නේද ? මට ලංකාවට ආවයින් පස්සේ මගේ රටත් එක්ක තිබ්බ සම්බන්ධකම් ඔක්කොම නැති වුණා. මට කරන්න කිසිම දෙයක් නෑ සඳපා. මම ඇමරිකාවෙන් එද්දි ක්‍රිස්ටීන් මැරුණා. දැන් එහේ ඉන්නේ පත්තරකාරයෝ හදපු "බබුෂ්කා ලේඩි" කෙනෙක් විතරයි. ඔයා පුළුවන් වෙලාවක ඉන්ටර්නෙට් එකෙන් ඒ ගැන හොයලා බලන්න "

ලියුම තවමත් මා ළඟය. අද වනතුරුම බබුෂ්කා කාන්තාව ගැන කිසිවක් සොයා නොබැලීමි. බේලා සහ ක්‍රිස්ටීන් නැති ලොවෙක ඒ පිළිබඳ වද වීමෙන් පලක් නැතැයි සිතේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සහන් කසීර වික්‍රමසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කතන්දර
ඉරණවිල එළිය
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
කල්ලඩි පාලම පාමුල
කතන්දර
කැමැත්ත හා පෙරමඟුල
තවත් කතන්දර බූන්දි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
ලියුම්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook