The story of Yatto and Theyun- A russian folk tale for children | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර දෝසි
වීර යට්ටෝගේ සහ තෙයුන්ගේ කතන්දරය
බූන්දි, 18:30:15
බොහොම ඉස්සර කාලේ සීතල වතුර ඇති මුහුදක් අසල මුව හමින් සෑදු කූඩාරමක් තිබුණා. මේ කූඩාරමේ දුප්පත් අම්මා කෙනෙකුයි, පුතෙකුයි, දුවෙකුයි වාසය කළා. පුතාගේ නම යට්ටෝ, දුවගේ නම තෙයූන්. අම්මා ගෙදර හැම වැඩක්ම කළා. අම්මා සතුන් දඩයම් කළා, වතුර ගෙනාවා, දර කෝටු එකතු කළා. දවසක් දා අම්මා අසනීප වුණා. ’යට්ටෝ, දර කෝටු අහුලා ගෙන එන්න’ කියලා අම්මා පුතාට කිවුවා. යට්ටෝ මුව හමෙන් මූණ වසාගෙන හොරට නිදාගෙන හිටියා. ’අනේ දුවේ ගිහිල්ලා දර කෝටු ටිකක් ගේන්න’ අම්මා තෙයුන්ට කිවුවා. හිස පීරලා, කොණ්ඩෙ ගොතලා, මුතු ඇට වලින් හිස සරසමින් සිටි තෙයුන් වැඩට හොරයි. ’මට බැහැ’ කියලා ඈ කිවුවා. ’හිම කුණාටුව කූඩාරම ඇතුලට ආවොත් මහ විනාශයක් වේවි’ අම්මා පුතාටයි දුවටයි කිව්වා.

හිම කුණාටුව අත ළඟටම ඇවිත්... ගිනි පුපුරක් හිම කුණාටුව මත වැටුණා. හිම දිය වෙලා සිදුරක් ඇති වුණා. නපුරු හිම කුණාටුව ගින්නට බයයි. කූඩාරමේ ගිනි මැලය නිවී ගිය හැටියෙම මායාකාර නපුරු හිම කුණාටුව කූඩාරම ඇතුලට ඇවිත් අම්මාට පහරක් ගැසුවා. අම්මා අතක් ඉස්සුවා. එවිට ඒ අත කුරුල්ලෙකුගේ පියාපතක් බවට පත් වුණා. අනිත් අතත් පියා පතක් වුණා. අම්මා සුදු පාට වටු කුරුල්ලෙක් වුණා. නපුරු හිම කුණාටුව දුවටයි පුතාටයි පහර දීමට ආවා. එවිට වටුවා පියාපත් වලින් ඔවුන් ආරක්ෂා කලා. පුතාටයි දුවටයි පහර දීමට කුණාටුවට බැරි වුණා.







හිම කුණාටුවට අසුවුණු වටුවා පියාඹන්නට පටන් ගත්තා. යට්ටෝ සහ තෙයූන් කුණාටුව පස්සේ දුවන්නට පටන් ගත්තා. හිම කුණාටුව අතින් අල්ලා ගන්න පුළුවන්ද! ’අයියා තමයි වැරදි කාරයා’ නංගී කිවුවා. ’නැහැ, නංගී තමයි වැරදිකාරී’ අයියා කිවුවා. දැන් ඉතින් වාද කිරීමෙන් වැඩක් නැහැ නේද! ඇඳිරි කූඩාරම තුළ අයියයි නංගියි රෑ ගත කළා. උදෙන්ම නැගිට සිටි යට්ටෝ දුන්නයි, ඊ තලයි අරගෙන නංගීට කතා කලා. ’තෙයූන්, අම්මා හොයන්ට යමු!’

හිම කුණාටුව වටුවා තමාගේ හිම කූඩාරම තුළට ගෙනැවිත්, තම අත ඇති පොල්ලෙන් බිමට පහරක් ගැසුවා. එවිට වටුවා නැවත ගැහැනියක් බවට පත් වූවා. ගින්නට අසු වෙලා පිළිස්සුණු හිම කබාය වෙනුවට අලූත් හිම කබායක් මහන ලෙස හිම කුණාටුව යට්ටෝගේ අම්මාට අණ කළා. හිම නූල්, හිම ඉඳිකටු හන්දා ඇගේ අත් සහ ඇඟිලි ගල්ගැහුණා.

අම්මා තමාගේ ළමයින් සහ කූඩාරම ගැන සිතන්නට වුණා. ළමයින්ට මොනවා වුණාද? යට්ටෝ සහ තෙයූන් තම කූඩරමෙන් පිට වී ගොස් අම්මා සොයන්නට පටන් ගත්තා. ඉර මේ දෙදෙනාට මග පෙන්නුවා. 'හිම කුණාටුව ජීවත් වෙන්නේ හිම කඳුවල. එහි යාම බොහොම අවදානම්. ගිනි පිට කරන ඊතල මම නුඹලාට දෙන්නම්. ඒවා නුඹලාට පිහිට වේවි' කියලා ඉර කිවුවා. දිලිසෙන ඊතල දෙකක් යට්ටෝගේ පාමුලට වැටුණා. ඉර දුන් ඊ දෙක මුවහමින් ඔතලා යට්ටෝ ඒවා කබාය යට සඟවා ගත්තා. ඉර බැස ගියා. ඉන් පසු මාස කීපයක් තිස්සෙම ඉර නොපායන අඳුරු රැය ඇති වුණා. අඳුරේ සිට මුව පැටියෙක් සහ වෘකයෙක් දුවගෙන ආවා. යට්ටෝ එක ඊයක් විදලා වෘකයාව මරා දමලා මුවාව බේරා ගත්තා. ඌත් අම්මා නැති මුව පැටියෙක්.







හිම කුණාටුව මහා කම්මැලියාව එවුවා. ඔහු ආවේ ළමයින්ව නිදි කම්මැලියන් බවට පත් කරලා නිදි කරවන්නයි. තෙයූන් මායාකාර නළාවක් පිඹලා මහ කම්මැලියාව නිදි කෙරෙව්වා. ඔහු තුන්ද්‍රා වනයේ නිදා ගත්තා. අයියයි නංගියි මුව පැටියයි ගමනට පිටත් වුණා. එවිට මුව දෙන පැටියාව හොයමින් ඔවුන් ළඟට ආවා. මුව දෙන පැටියා දැකලා බොහොම සතුටු වුණා. මුව දෙන යට්ටෝවයි තෙයූන්වයි පිට උඩ තබාගෙන තුන්ද්‍රා මහ වනය මැදින් එක පිම්මේ දුව ගියා.

හිම කඳුවලට මේ දෙදෙනා ආවා. හිම කුණාටුවට අයත් හිම කූඩාරම තියෙන්නේ කඳු මුදුනේ. කූඩාරම ඇතුලේ හිම බිත්තියක් තියෙනවා. එතැන තමයි යට්ටෝ ගේ සහ තෙයූන්ගේ අම්මා ඉන්නේ. කූඩාරම ඉදිරිපිට ගැඹුරු වලක්. තෙයූන් තමාගේ කොණ්ඩය කපලා දිග කඹයක් ගෙතුවා. තෙයූන්ගේ කොන්ඩය තරම් දිගැති, ලස්සන කෙස් වැටියක් ඒ රටේ වෙන කාටවත් තිබුණෙ නැහැ. යට්ටෝ කඹය වලෙන් එපිටට වීසි කර්ලා ලණු පාලමක් හැදුවා.

හිම කුණාටුව එවිට මහා අඳුර එවලා ළමයින්ව බිය කළා. හැමදෙයක්ම අඳුර හින්දා නොපෙනී ගියා. යට්ටෝ ඉර තෑගි දුන්න ගිනි පිටකරන ඊයක් අඳුරු අහසට විද්දා. කළු පාට අහසේ අඳුර නැති වී ඉර සහ උතුරු දිග ආලෝකය ඇති වුණා. අඳුර පැරදුනා. අයියයි නංගියි කඹය දිගේ ගිහිල්ලා වලෙන් එගොඩ වුණා. මැරුම් නොකා පලයල්ලා! කියලා හිම කුණාටුව ළමයින් බය කළා. යට්ටෝ ඉර තෑගි දුන් දෙවැනි ඊය හිම කුණාටුවට විද්දා. ඊය ගිනි පිට කරමින් හිම කුණාටුවේ හිමකැටි දිය කළා. අම්මා පුතාවයි දුවවයි බදාගෙන සිප ගත්තා. 'පුතේ, නුඹ නියම දඩයක්කාරයෙක්. අනේ දුවේ! නුඹෙ ලස්සන දිග කොණ්ඩයට මක් වුනාද?' අම්මා තෙයූන්ගෙන් ඇසුවා. කමක් නැහැ අම්මේ, කල් යනකොට ආයෙත් කොණ්ඩය වැවේවි. තෙයූන් කිවුවා. යට්ටෝ සහ තෙයූන් අම්මාත් සමඟ ගෙදර ගිහිල්ලා බොහොම සතුටින් වාසය කළා.









(නෙනෙත් ජන කතාවකි.)

ලිව්වේ- ජාන්නා විටෙන්සොන්
චිත්‍ර- ලියනීඩ් ආරිස්තොව්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Russian folk tale, Russian childrens' stories, Russian Kids' stories, Russian Lama Kathandara
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතන්දර දෝසි
ගල් වඩුවා ('හූමිටි කතා')
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එඩිසන් කියයි.
මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි. අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි... [More]
What's New | අලුතෙන්ම
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook