Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
කරුවල...!
බූන්දි, 19:19:38
කරුවල...! ඒ කරුවල අර කුට්ටි කපලා අතට ගන්න පුළුවන් කරුවලක් නෙවේ. ඇඟිලි අස්සෙන් දියාරු විදියට බේරිලා යන එකක්. සමන්පිච්ච මල් ඉහිරුණ නිල් තණකොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට...

එක පාරටම කවියේ අකුරු කඩාගෙන සී සී කඩ විසුරුවාගෙන බොරළු පාර උඩින් ජීප් එකක් ගියා. රෑ ආකාසෙ තණකොළ පිට්ටනියට දියාරු කරුවල අස්සෙන් බොරළු විසි කරමින්, දූවිලි අවුස්සමින්... බල්ලො පිස්සු වට්ටමින්....

********

ගෙදර පහළින් ගලන වාරි ඇළට උඩින් ආකාස ගංගාව ගලන අතරෙ, මැණිකෙ අඟුණකොළ මැල්ලුම අනමින් හිටියා. මැණිකෙට මුලින්ම ඇහුනෙ බල්ලො බුරනව... ඈ කන් දෙක දික් කරගෙන අහන හිටිය... ලිපේ ගින්දර ඇගේ මැහැළි මුහුණේ රේඛා අස්සේ සෙවනැළි මවන අතරෙ ලිපේ බත් මුට්ටිය වහල තිබුණ බෙලෙක් පියන තාලෙට උඩ විසි කරමින් බත් මුට්ටියේ පෙණ ඈ දිහා බලමින් පහළ ලිපට බේරුණා.... මැණිකෙ වළඳ දිහාව බැලුවා.... අගුණ කොළ.... මැණිකෙගෙ මැල්ලුම අනන අත මැටි වළඳ ඇතුළෙම නැවතිලා.... කිටි කිටියෙ මීට මෙළවිලා.... ඈට මේ වගේ පහු උන රැයක් සිහියට නැගුණා. බොහොම කාලෙකට කලියෙන් නැවතුණ.... ඒ රෑ එදායින් නවතින්න කලියෙන් බන්ට් එක උඩ වාඩි වෙලා, වතුරේ බැහැල ඉන්න රං කොලූ ගෙ පිට අතුල්ලමින් හිටිය මැණිකෙට කුස්සියේ බත් හැලිය මතක් උනා....

"මී හරක වගේ ලැගල ඉන්නේ නැතුව විජහට සබන් ගාගෙන ගොඩ වෙයං.... මං බත බලන්න යනව..."

මැණිකේ ගේ දිහා බලමින් කොලූ දිහා නොබලමින් නේරංජනෙන් එහොඩ උනා.

ලිපේ ගින්දර නිවිල... ඈ ලිප අයිනේ තිබ්බ යකට බටේ අරං කටට ලං කරල පෙනහළු ලිපට හිස් කළා... ලිපේ අඟුරු ගිනියම් වෙලා දිලිසුණා.... දුම වැදිලා කෙවෙන කඳුළු බේරෙන ඇස් අතින් පොඩි කරමින් මැණිකෙ අඟුණ කොළ මිටිය හෙව්වා. අඟුණ කොළ මිටිය, රං කොලූ එක්ක වාරි ඇල නේරංජනේ තනි කරල මෙගොඩට ආපු බව ඈට සිහි උනා.... ඈ හනිකෙන් බන්ට් එකට පියවර මැන්නා... හබරල ගාල අස්සෙන්... එළියක් වත් නැතුවම.... හබරල ගාල මැද හරියෙදි ඈට බල්ලො බුරනවා ඇහුණා.

ඒ රෑ වේගෙන් ආපු ජීප් එක වාරි ඇළ බන්ට් එකේ පාර මැද නැවැත්තුව.... එන්ජිම තාමත් දඩ දඩස් සද්දෙන් හතිලද්දී ජීප් ගැබෙන් එළියට ආපු හෙවනැළි හයක්, තරු එළිය වැටිලා දිලිසෙමින් තිබ්බ වාරි නේරංජනේ නාමින් හිටිය කොලුවෙක් තෙත සරම පිටිංම මාලුවෙක් වගේ ගොඩට ඇදල ජීප් ගැබට දාගෙන දියාරු කරුවල අස්සෙන් නොපෙනී යන දිහාව හබරල කොලයක් උඩ තිබ්බ සබන් කෑල්ලකුත් ඒ අයිනේ තිබ්බ අඟුණකොළ මිටියකුත් බලං හිටිය....

මැණිකෙ හබරල ගාල කොනට එද්දී බන්ට් එක අයිනේ නවත්තපු ජීප් එකේ ලාම්පු එළිය දියාරු කරුවල අස්සෙන් ඈට පෙනුණා. පාරෙ බොරළු පොඩි කරගෙන ආපු හෙවනැළි කොලූව අත් කෙටි දෙකින් ඇදල අරං ජීප් එකට පටෝනවා ඈ හබරල පිත්තක් මිරිකගෙන ගල් ගැහිලා බලං හිටිය... කට ඇරගෙන... ඇස් දෙක ලොකු කරගෙන.... ජීප් එක ගිහිල්ලත් තව මොහොතක් ගත වෙනතුරු...

මැණිකේ පණ නැති වෙලා තිබ්බ කකුල් අමාරුවෙන් වාරු කරගෙන බන්ට් එක අයිනට ගෑටුවා... කොලූ ඇලේ නෑ... ඈ නේරංජනේ තරණය කරල එහා පැත්තෙ බන්ට් එකට ගොඩ උනා.... ඒත් කොලූ නෑ... ඈ කොලූ අරං ගිය දිහාට තවත් පියවර කීපයක් මෑනුව... ඇගේ කකුලට සීතලට පෑගුනා අඟුණ කොළ මිටිය... මැණිකෙට එතනම දණ ගැස්සවුණා... අඟුණ කොළ මිටිය පපුවට මිරිකගෙන ඈ කරුවල දිහා බලං හිටියා....

ඇස දෙකෙන් කඳුළු බේරෙද්දී... ඉකියක්වත් නොගහ.... ඒ රෑ ඉන් පස්සේ කවදාවත්ම ගෙවුණෙ නෑ...

මැණිකෙගේ මිට මෙළවිලා තිබුණ අත එක පාරට දිගෑරුණා.... වළඳ පැත්තකට තල්ලු කරපු ඈ කුස්සියෙන් එළියට පැනල හබරල ගාල පොඩි කරමින් බන්ට් එක දිහාවට දුවගෙන ගියා.... හබරල ගාල පහු කරනවත් එක්කම ඈට වාහනේ ටයර් බොරළු පොඩි කරන සද්දෙ ඇහුණා.... තව පොඩි වෙලාවකින් ඈට ඇහුණෙ රං කොලූ අරං ගිය දවසේ ඇහුන වාහනේ සද්දෙමයි. ඇගේ කකුල් එදා වගෙ වාරු නැති බව ඈට හැඟුණා. එත් රං කොලූ තාමත් වාරි ඇලේ නාන විත්තිය ඈට දැනුණා.

ඈට වුවමනාව තිබ්බේ එදා ඉස්සර කරගන්න බැරි උන පය අද ඉස්සර කරගෙන ගිහින් කොලූව බදා ගන්න. උන්ට අරං යන්න බැරි වෙන්න.

"මයෙ කොලූව තියල පලයන්...." උන්ට ඇහෙන්න කෑ ගහන්න.

මැණිකෙගේ පපුව එන්ජිමේ දෙදරිල්ලට නොදෙවෙනි වෙන්න දෙදරුවා... කකුල් දෙක මඩ අස්සෙ දණක් එරෙනව ඈට දැනුණා... එක අතකින් පපුවෙන් එළියට පනින්න හදන හදවත මේච්චල් කරගෙන අනෙක් අතින් හබරල පිති කිටි කිටියේ මිරිකගෙන එරෙන පයට වාරු අරං හබරල ගාල කොනට එනවත් එක්කම වාහනේ ඈ ඉස්සරහින් ඉගිලුණා.... වාහනේ ලයිට් එළියට මේච්චල් වෙලා පාර දෙපැත්තට රිංගපු කළුවර, මැණිකෙට ඔච්චමට වගේ ආයේ පාර දෙපැත්තෙන්ම වැක්කිරිලා පාර වහගත්තා...

ඈ පපුව පුරා හුස්මක් ඉහලට ඇද්දා... වාහනේ අවුස්සපු දුවිල්ල දුමත් එක්ක එකතු වෙලා මැණිකෙගේ පෙනහළු වලට කටු අනිමින් ඇතුලට රිංගුවා.... මැණිකෙ මොහොතක් නැවතිලා හති ඇරියා... රිදෙන පපුව අතකින් තද කරගෙන අනික් අතින් නහය වහගෙන ඈ ඈත වංගු අස්සෙන් නොපෙනී යන වාහනය දිහා බලන් හිටියා... ඒ අතරෙ තවමත් රං කොලූ තවමත් ඇලේ නාන විත්තිය ඇගේ කන් ඇයට කිව්වා....

ඈ හෙමින් වාරි ඇල නේරන්ජනේ බන්ට් එකට ගෑටුවා... කොලූ ඇලේ දෙතුන් විඩේ ගිලෙමින් දියබුං ගහනව කරුවලට හුරු වුණ ඇස් වලින් ඈ දැක්කා... ඈට හීල්ලුනා... සිල්පර කොටන් අමුණලා හදපු ඒ දණ්ඩෙන් හනිකෙට නේරන්ජනේ අනෙක් ඉවුරට එතෙර වුණ ඈ, දිය සෙවෙල බැඳුන ගල් පඩි වලට පයේ හුරුවෙන්ම අඩිය තියමින් දියට ලං උනා... ගල් පඩියක් උඩ තිබ්බ තෙත සීතල දෙයක් ඇගේ පයට පෑගුනා... ඈ නැමිලා කරුවලේම ඒක අතට ගත්තා... සබන් කැටයක්....

"උඹ තාම නානවද..? කෙවිටක් නැතුව උඹටත් ගොඩ එන්න මතක් වෙන්නෙ නෑ..."

පපුව හිර වෙද්දීම මැණිකේ සැර උනා... කොලූ ගැස්සිලා වතුරෙම කරවටක් ගිලිලා ඈ දිහා හැරිලා ගල් ගැහිල බලං හිටියා... රං කොලූ බය උන විත්තිය ඈට තේරුණා..

"දැන්වත් වරෙන් ගොඩට, සබන් ඩිංගක් ගා ගන්න..."

ඈ දිහා තවත් මොහොතක් බලන් හිටපු කොලූ හිමින් ඉවුරට කිට්ටු උනා... ඉවුරට කිට්ටු වෙන කොලූ දිහා කරුවලේම බලං හිටිය මැණිකෙට ඉවුරට ගොඩ උනේ රං කොලූ නොවෙන බව තේරෙන්න තා මොහොතක් ගත උනා... පුපුරු ගහමින් ඇස් වලට කඳුළු පිරෙද්දි, උගුරෙන් පහලට කෙළ ගුලි කීපයක් ඈට ගිලුණා... මීට බොහොම කාලෙකට කලින් රෑක, රං කොලූ නේරන්ජනේ නාමින් ඉන්දැද්දි, කොලූ තනි කරල තමන් එගොඩ උන බවත්, කොලූ ඒ රැයෙන් පස්සෙ ගෙදර නොආ බවත් මැණිකෙට සිහිපත් උනා.

ගොඩට ආපු කොලුව දිහා කරුවලේම තවත් මොහොතක් බලං හිටපු මැණිකෙ සබන් කෑල්ල අල්ලට මිරික ගත්තා...

"කෝ අනික් පැත්ත හැරියන් පිටේ සබන් ඩිංගක් ගාන්න, උඹලයි අම්මලත් උඹලට මේ කරුවලේ වතුරෙ බහින්න දෙනවනේ... අම්මප... විජහට නාල ගෙවල් වල පලයල්ලා.."

ඈ ඇස් දෙකෙන් බේරෙන කඳුළු අස්සෙන් ආයේ කොලුවට සැර උනා... කොලුවා සද්දයක් නැතිවම මැණිකෙට පිට පෑවා.... ඈ වෙව්ලන අතට වාරු අරං කොලුවගේ පිටේ සබන් කැල්ල අතුල්ලන්න පටන් ගත්තා...

"නෑ... මේ රං කොලූ...."

මැණිකෙට ආයෙ හිතුණා... ඒ රෑ වගෙම අදත් බත් මුට්ටිය ලිපේ බව ඈට ඒ එක්කම සිහි උනා... එක පාරටම එළියට පැන්න ඉකියත් එක්ක සබන් කෑල්ල මැණිකෙගේ අතින් ලිස්සල ගිහින් ඇලට වැටුණා... එහෙම්මම වතුරෙ ඉන්දවුණු මැණිකේ ඉකි ගගහ අඬමින් කරුවලේම ඉහල ආකාසේ දිහා බැලුවා...

සමන්පිච්ච මල් ඉහිරුන නිල් තණකොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට..!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
උදාර සිරිරුවන්ගෙන් තවත් වියමන්
කතන්දර
සීනි
තවත් කතන්දර බූන්දි
දොළොස්දාහක්
කල්ලඩි පාලම පාමුල
අලුත ගෙනා මනාලිය
නිල් මල් ගවුම
මාස තුනක් සහ එක දවසක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කතන්දර| දොළොස්දාහක්

5-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
කවි| මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය

19-Secs

(මහේෂි බී. වීරකෝන්) ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති... [More]
කවි| එතැන, එ'ගඟ නිසලව ගලන

30-Secs

(දිනේෂ් සිල්වා) කොහිද ඒ කඳු මුදුන කඳුළු උල්පත හඬන
නොදන්නෙමි මම සබඳ, වෙද මඟක් එහි දිවෙන?
දිය රඳන එක තැනෙක සිනිඳු මල් දිග හරින
කවක් පමණක් දනිමි එ'පෙති මත ගිම් නිවන

ළපල්ලකි ළදල්ලකි නව හැඟුම් පියල්ලෙකි... [More]
පොත්| 'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්

2-Mins

(මහාචාර්ය සාලිය කුලරත්න) කිසියම් මොහොතක යම් නිර්මාණයක, පාත්‍ර චරිතයක හෝ සමාජ දේහයේ වෙසෙන පුද්ගලයෙකුගේ අවබෝධයට හසුවන ආලෝකවත් යථාර්ථය (epiphany) පැවැත්මෙහි ශුද්ධාලෝකය ලෙස නව... [More]
කවි| අහඹුවක ඔබ ඔහොම තමයි

8-Secs

(වරුණ සාවින්ද) මරණීය නින්දක
රමණීය මොහොතක
විසිරී යෙහෙන්

යහන අමතකව
යහන්ගත වැතිරීමක... [More]
Cine| ආලෝකය නොදිටිමි!

4-Mins

(සංඛ කිරිඳිවැල) මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ට ලිඩෝ සිනමාහලට ගියේ "ප්‍රේමය නම්" නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති... [More]
කවි| මෙතැන් සිට, අප හැඬිය යුතු නැත..

25-Secs

(අනුෂ්ක ප්‍රනාන්දු ) වට්ටියක මධුමල්
පුරෝගෙන
තුසිතයෙන් එන
දෙවුලියන් ගැන
සබඳ,
නුඹලත්... [More]
කවි| අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!

16-Secs

(විමල් කැටිපෙආරච්චි) ගිනි පුළිඟු අරන් එන අඳුරේ
මිණි පළිඟු සොයන්නෙද මිතුරේ
තනි තනිව මියෙන්නට පමණ වරම් ලද
දිනිඳු නොදුටු මරු කතරේ

සුදු අකුණු ගැහෙන කළු අහසේ... [More]
Cine| ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"

2-Mins

(සචින්ත පූර්ණිමාල් ලියනගේ) සිනමා කෘතියක් නිෂ්පාදනය කිරීමට සාමාන්‍යයෙන් විචිත්‍ර චින්තාව මූලික වේ. ඒ චින්තාව තිරයක් මත පතිත කරගත හැකි වන්නේ තෝරාගත් චරිත හා... [More]
කවි| නැදුන්ගමුවේගේ දින සටහනකි!

22-Secs

(MKCP ශෂීන්) ගවු දුර ගෙවනු අලසය
ළඟට එන කිතුල් ගොබ රහය
වැව් තල නටන දිය වහය
නල දිය අම රසය
මහ ඝණ වන කුරිරුය බියකරුය
පන්සල දාහෙන් සැපය... [More]
කතන්දර| කල්ලඩි පාලම පාමුල

7-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) තානායම් කාමරය තුළ බඩු බාහිරාදිය තැන්පත් කර එළියට පැමිණෙද්දී වෙහෙසකර බවක් දැනෙන්නට විය. ප්‍රත්‍යක්ෂයේ අප ස්වාමි දූ දේවස්ථානය දෙස කෙළින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook