Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
පද්මිණී මොකා......ආ?
බූන්දි, 23:22:39
පන්තිභාර ටීචර් ඇස් දොඹ කරගෙන ඒක අහපු හැටි තාමරසී ට තාම මතකයි. අඩු ගාණේ ව්ලැදිමීර් පූටීන් , බෲතෝස් බෲතෝස් ගාලි වගේ නමක් නම් හිතා ගන්නවත් පුළුවන්. ඒත් හතුරුසිංහ කියන නම ජීවිතේට අහලා නැති වෙන්නේ බැහැ? චන්දික හතුරුසිංහ කියලා කෙනෙක් ක්‍රිකටුත් ගැහුවා ද කොහෙද ? ඔවු... ඔවු ගැහුවා නේන්නම්. ඒක නිසා තාමරසී ටිකක උස් හඬින් උත්තර දුන්නා.

"ගැහැණු ළමයි පොතේ පද්මිණි හතුරුසිංහ"

ලංකාවට නියම සුනාමිය ආවේ එදා කියලා ඉතිහාස පෙළ පොත්වල ලියන්න ඕනේ බව තාමරසීට පස්සේ කාලෙක හිතුණා. කතා පොත් වල තමන් කැමතිම චරිතය මොකක්ද කියලා ටීචර් අහපු ප්‍රශ්නය තමයි මෙච්චර දුර ගියේ. හුඟක් ළමයි මඩොල් දූවේ උපාලිට, ජින්නාට කැමතියි කිවුවා. තුන් යහළු වික්‍රමය කියවපු කීපදෙනෙකුත් හිටියා. අඹ යාළුවෝ පොතේ නිමල්ට කැමති වුණේම ගෑණු ළමයි. ඒත් තාමරසී පද්මිණි හතුරුසිංහ ට කැමතියි කියපු එකෙන් ඇති වෙච්ච සුළි කුණාටුවට පන්ති කාමරේ ඉඩ මදි වුණු නිසා ද කොහෙද ශාලවෙන් එළියට පනින්න ටීචර් තීරණය කළා. ගෘහ විද්‍යා ටීචර් පද්මිණි හතුරුසිංහගේ කතාව අහලා තාමරසී දිහා පුදුමෙන් බලද්දි පී.ටී. සර් හිනා වෙලා මග ඇරලා ගියා. ඉතිහාසය උගන්නන කෙට්ටු නන්දාවතී ටීචර් කම්මුලේ අත ගහගෙන විස්සෝප වෙන හැටි දැක්කත් තාමර්සී ට මුකුත්ම හිතුණේ නෑ. උත්තර දෙන්න නැගිට්ට ගමන් ම නිසා ආයේ ඉඳ ගන්නවද නැත්නම් මෙහෙමම ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ හිටගෙනම ඉන්නවද කියලා විතරක් එකල මෙකල වුණා.

"කරුණාසේන ජයලත්ගේ පොත් කියෙවුවට නම් කමක් නෑ. ඒත් අඩුම ගාණේ ගැහැණු ළමයි එකේ කුසුම්..... නැත්නං සතීගේ කතාවේ සරස්වතී මානවඩු ...." ටීචර් කියද්දි අම්ම බණ අහනවා වගෙ අහගෙන හිටියා. ඊයේ පද්මිණි හතුරුසිංහ කියන්නේ කවුද කියලා නිච්චි නැතිව හිටිය පන්තිභාර ටීචර් අද වෙද්දි කරුණාසේන ජයලත්ගේ හොඳම රසිකාවිය වෙලා. තාමරසී හිනාව හංග ගත්තා. තාමරසීට නම් ඒ පොත්වල ලිපිනය හිටං කටපාඩම්. "කණිෂ්ක ජයලත්, අමරජය, පොකුණුවිට" ටීචර් කියන විදියට තාමරසී වයසට වැඩිය මෝරලාලු. දැන් මොකද කරන්නේ? බණ්ඩක්කා කරලක් වගේ කොණක් කඩලා බලලා අහක දාන්නද? කිසිම දුකක් කරදරයක් නැතිව හැදෙන තාමරසීට මොකක්ද මේ හැදිලා තියෙන පිස්සුව කියලා ටීචර් මුළු දවස තිස්සේම කල්පනා කරනවලු. ඒක වෙන්න පුළුවන්. ඕවා කල්පනා කරලාම වෙන්න ඕනේ ටීචර්, කොණ්ඩේ පීරන්නෙත් නැතිව, ගොනයි මීමයි වගේ සාරි හැට්ට ඇඳගෙන හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙට එන්නේ. පවු දෙයියනේ! තාමරසීට ටීචර් ගැන දුකත් හිතුණා. දැන් මේ පද්මිණී හතුරුසිංහ ජාතික ප්‍රශ්නයක් වෙලා. කුසුම්වත් පද්මිණි ගැන මෙච්චර වද වෙන්න නැතිව ඇති. තාමරසීට ආයෙත් හිනා යන්න ආවා.

අම්මා මෝහනය වෙලා වගෙ ටීචර් දිහා බලන් ඉන්න අතරේ ටීචර් තමන්ගේ කතාවෙන්ම මෝහනය වෙලා අම්මා දිහා බලන් හිටියා. තාමරසී හිටියේ ගුරු විවේකාගාරයේ ජනේලෙන් එහා බලාගෙන. දැන් ටීචර් කියන්නේ සාහිත්‍ය සමිතියට තාමරසී කියපු සිංදුව ගැන. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී කියලා ඉගැන්නුවට ටීචර් ට කියන්න අලුත් දෙයක් ඇත්තෙම නෑ වගෙයි. තාමරසී සමිතියට සිංදු කිවුවේ ආසාවට නෙමෙයි. අනිවාර්යය හින්දා. සංදීපනි ඔළුව දෙපැත්තට වන වනා, ගවුමේ කොන් දෙකත් අල්ලගෙන "ඉර හඳ මොකට ද අපේ ලෝකයට - අපේ සිනා කැන් බැබලෙනවා" සිංදුව කියද්දි හැමෝටම පේෂලා මෙන්ඩිස්ව මතක් වුණා. ඊළඟට තමයි තාමරසී ශිෂ්‍යාව. නන්දා මාලිනිගේ "දසමසක් මා කුස තුළ උන් පුතුනේ" බොහොම සීරුවට කියාගෙන ගියාට වැඩිවෙලාවක් ඒ සිංදුව කියන්න හම්බ වුණේ නැහැ. සාහිත්‍ය විෂය භාර සර් නැගිටලා තාමරසීට සිංදුව නවත්තන්න කිවුවා. ඊට පස්සේ විනාඩි විස්සක්ම ගත වුණේ සර් පවත්තපු දේශනාවට. එදා කවි කතා කියන්න නියම වෙලා හිටිය අයට වෙලාව මදි වුණු නිසා ඒ අය තාමරසීට නොසෑහෙන්න පිං දුන්නා. නමුත් තාමරසී කල්පනා කළේ නන්දා මාලිනීගේ "මල් මල් හීනය සීතල උදයේ පැල්පත් මීදුම මැද රැඳිලා" සිංදුව මතක හිටින්නේ නැත්තේ ඇයි කියලා විතරයි.

පද්මිණි හතුරුසිංහ ව අමතක කරලා වෙන චරිතයක් ගැන රචනයක් ලියාගෙන එන්න කියලා ටීචර් එදා සමාව දුන්නු හැටි තාමරසීට තාම මතකයි. තනියම රචනාව ඉවර කළා වුණාට රෑ කීය වෙනකං රචනාව ලිවුවද කියලා මතක් කරගන්න අමාරුයි. දැන්නම් එහෙම නිදි මරනවා බොරු. වැඩ ඉවර වෙලා කාමරේට කූඩු වුණාම මොන රචනාද? වතුර ටිකක් ඇඟට හලාගෙන හොද්දක් ලිපේ තියා ගන්න ටිකටම ඇස් පියවෙනවා. අනිත් කෙල්ලෝ කවුරුහරි ගෙනාපු සිත්තර පත්තරයක් බැලුවොත් ඇරෙන්න පොතක් කියවපු කාලයක් තාමරසීට මතකම නැහැ. අඩුම ගාණේ අන්තිමට ඉස්කෝලේ ගියේ කොයි අවුරුද්දේද? තාමරසී මතක් කළා. කොහොම හරි ඒ අර රචනාව ලියාගෙන ගිය දවස කියලා නම් මතකයි. ඒත් එදා ඉටි පහන් පොතේ දුලීනා ගැනම ලියන්න හිතුනේ ඇයි කියලා නම් තාමරසීට නිච්චි නැහැ.

ඕවා මතක් කරනවට වඩා කොච්චර නම් වැඩ තියෙනවාද ගාමන්ටෙකක රස්සාවක් කරද්දි?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සහන් කසීර වික්‍රමසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කතන්දර
ඉරණවිල එළිය
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
කල්ලඩි පාලම පාමුල
කතන්දර
කබායක් පැළැඳි මැදිවියේ කත
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook