Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ඩබල්!
බූන්දි, 12:53:46
ප්‍රාග්ධනයෙන් හානියක් වනේ වන හතුරෙකුටවත් නොවේවා
පාරිශුද්ධත්වයට ඉක්මනින් පත්වෙන්න වාසනා ලැබේවා
පාවෙනා රුපියලක හෙවණ යට නිවන් මග පෙනේවා
පා ගැටෙන දූලිතර ප්‍රතිරූප කිළිටි වී නොයේවා!

සිල් ගත්ත දූපතක දකුණෙන් වමෙන් ඇහෙන ගායනේ
ගල් ගසන්නට එන්න අවි රැගෙන කවි රැගෙන ධාරණේ
මල් පිපේ තල් කරටිවලවල පවා ප්ලාස්ටික් සල් වනේ
සිල්ලර වෙළෙඳුන්ට අකැපද ශුද්ධ වූ දේශපාලනේ

'පින්' මඳව පස් පාගන්න උප සංස්කෘති අම්මගේ සරසවි
සන්තෝෂ වෙන්නෙ මේ ඒ ලෙවල් යාන්තම් කිති කැවී
සන්නාම ප්‍රවර්ධනයට පැන්සල් පෑන් මකනත් නැවි නැවී
වංගුවෙන් යන බොහෝ රථවල තිබුණේ ටයර් පෙර සවී

රස බලා වම් හක්කෙන් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවේ
වස වුණත් අපි බොක්කෙන් වළඳන්න කමිටුවට ආවේ
පැස කඩන් ආ කොක්කෙන් බළලුන්ට දී කිරි ගෙනාවේ
හිස නමන් යමි ඔක්කෙන් හැලෙන විට ජීවගුණ ශ්‍රාවේ

ස්ථාපිතේ නීතියේ ඉතිහාසයේ ගල්කණු මුදුනේ
ඩෙස් බංකු අතරේ නිදහසේ අධ්‍යාපනේ වරුණේ
මිස් වෙන්න නොදෙන ටෙලි නළුද සිංදු කවි රචනේ
ස්ථිරද රතු ළකුණු කන්‍යා ඇඩ්වටයිසින් සයනේ

රිමික්ස් වෙනකොට දුක් සුසුම් ජීවිතේ සෝ කඳුළු පැරණී
ජිමික්ස් එනකොට ජෙනුයින්ද නොඅසන්න ඉතිනී
ක්‍රිටික්ස් අහිමි වූ පොළොවක නැටුම් ඇදයට පෙනුනී
එතික්ස් නොමදත් බඩගින්න දවසකට තුන්වරක් දැණුනී

ප්‍රාග්ධනයෙන් හානියක් වනේ වන හතුරෙකුටවත් නොවේවා
පාරිශුද්ධත්වයට ඉක්මනින් පත්වෙන්න වාසනා ලැබේවා
පාවෙනා රුපියලක හෙවණ යට නිවන් මග පෙනේවා
පා ගැටෙන දූලිතර ප්‍රතිරූප කිළිටි වී නොයේවා!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විමල් කැටිපෙආරච්චිගෙන් තවත් වියමන්
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!
කවි
ඇන්ටන් ජෝන්ස්ලාට උපහාර හිඟයි!
අදහස්
ගොළුවෝ, කථිකයෝ සහ කුමාර්
කරන්ට්ස්
ජෝතිපාල
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook