Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
නිල්ල නොදිලෙන, නිල් පාට හරස් මග... (බ්ලූමැන්ඩල්)
බූන්දි, 23:20:32
උසස් බුමුතුරුණු මත
දහක් දුකඳුළු පෑගෙන
නිදි කිරන ප්‍රාසාද කුළුණු උඩ
නොනිදනා මිනිසුන් වෙසෙන
සින්තටික් නගරයේ අඳුරු කෙලවරකි;
ගඳ ගහන ගිනිපෙට්ටි වීදිය…

දුමක් නො නඟින ගොඩක් දුං කවුළු උඩ
දැකුළුමල් යෙහෙන් වැජඹෙන,
කටරොළුත් කළු පාට වෙන
ඒ හරස් මග කෙළවර
ඉර ගිලෙන්නෙත් නහය වහගෙන,
ලක්කල් ගසන ජීවිත උඩට
හඳත් පායන්නෙම නක්කලේට හිනාවේගෙන
මල් වැටුණු අත් ලේන්සුවකින්
තදට මුඛ වාඩමක් බැඳගෙන,
එහෙත්;
කැලැන්ඩර් දිගේ පෙරළෙන ඒ මිනිස් ජීවිත
ලැවැන්ඩර් වගේ සුවඳය…

සියලු පව් ගං මෝය ළඟ හෝදන
කැළණි පාලම කොණ ගෙවෙන තැන
මුහුණින් මුහුණ බලාගෙන
අහසට නැගුණ කන්දකි;
විරූපී මිනිස් ජීවිතේ උඩ
දහක් හැඩතල අඳින
එහෙත්; ඒ කන්ද සුවඳය…

'හාර්ට් එක දිනන මග'
වෙළුම දෙක කලාපය,
ආර්ට් එක නොදැන, දෙසීයට විකුණන
වාසිටියෙ සුගන්ධී,
හිටියෙ ඒ මහ කන්ද පාමුල

විභූති ගෑ නළලතේ ඉරි තුන
මුට්ටයේ බරට දිය කරන
සුභූර්ති අන්නා නෙතක් වැසුවේ
කන්ද මුදුනේ හිස තියාගෙන

හම්සාන්ගෙ පපුවෙ හරි මැද
ගැඹුරු හැඩ ඉරි කපාගෙන
රිස්වාන්ගේ නෙතේ කඳුළක්
ගෙන්දගම් උඩ පිපිරිණ;
ඒ වුනත්, අර කන්ද උන්නා
නොදැනුනා සේ උඩ බලාගෙන

බොන්සායි සල් ගහක් පාමුල
ඔරිගාමි මල් විකුණන
නයනා එක්කම, අමර උන්නා
ඇලපිල්ල උඩ ඇන තියාගෙන
මළ පොතේ මළ අකුරු දෙකකට
සේලයින් කටු අනින්නට
සාමා හිටියේ, චමරි එක්කම
කන්ද මුදුනට රවාගෙන...

නිල්ල නො දිලෙන
නිල් පාට හරස් මග කෙළවර
කන්ද මුදුනට කෙන්දකින් බැඳි ජීවිත
ගෙන්දගම් නැතිවත් තත්පරෙන් පිපිරෙන
එහෙත්, ඒ මිනිස් ජීවිත සුවඳය;
ඔව්; ලැවැන්ඩර් වගේ සුවඳය…
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විනෝදි පෙරේරාගෙන් තවත් වියමන්
කවි
සීවලී වුනත් මා සිංහ දෝණිය නොවේ…!
කවි
සේල් වෙන ෆේල් ජීවිත….
කවි
නැවතියං කිසා…! අහනවද ඔය මුසා…?
කවි
කළු ගලත්, ගල් ගැහුණු මොහොතක්....
තවත් කවි බූන්දි
බිරියෝසා හිම හඬයි!
හිරු බැස යෑම නියතයකි!
පියාපත්
(ඔබ හිනැහෙන විට)
සියයට විස්සයි, සතුට අනුලට!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook