Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
බූන්දි, 17:34:09
බොලිවුඩ් කියන්නේ සිනමාවක්. ඒත් සිනමා කර්මාන්තයක සීමා මායිම් පහුකරල ඉන්දියාවේ සමාජ ජීවිතය තුළ පාට පාට ලෝකයක් මවන්නට බොලිවුඩ් සිනමාව සමත් වී තිබෙනවා. ඉන්දියාවේ, විශේෂයෙන් මුම්බායි නගරයේ පැල්පත් තුළ හිරවුණු ලක්ෂ ගණන් ජිවිත වෙලා ගත් දුෂණය, භීෂණය සහ පොලිස් රාජ්‍ය බලහත්කාරකම් ලස්සන බොලිවුඩ් සිහින ලෝකයක තවරා ඔවුන් මතම මුදා හරින්නේ ඔවුන්ගේ සැබෑ ජිවිත වල බුර බුරා පැන නඟින සැබෑ ගින්දර යටපත් කරමින්.

ඒත් මේ බොලිවුඩ් හීන සමඟ ගුවන්ගත වී සිටින මිනිසුන්ගේ හීන වලට වෙඩි තබා යළිත් මහ පොළව වෙත ගෙන ඒමට සමත් සංගීත රැල්ලක් මුම්බායි නගරයේ පැල්පත් තුළින් බිහි වී දවසින් දවස සමාජ ගත වෙමින් තිබෙනවා. "ගලි රැප්" (Gully Rap) නමින් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතින සංගීත රැල්ල නිර්මාණය කරන්නේ බොලිවුඩ්වල පැල්පත්වාසී තරුණයින්. තම ගීත තුළින් ඔවුන් කථා කරන්නේ පාට පාට බොලිවුඩ් හීන වල අනික් පැත්ත ගැන. හීන වල හිරවුණු ඔවුන්ගේ ජිවිත ගැන, රාජ්‍ය මර්දනය ගැන, දුෂණය ගැන. ඩොලර් ට්‍රිලියන් ගණන් පොහොසත් බොලිවුඩ් සිහින රාජ්‍යට මතවාදී වෙඩි ප්‍රහාර එල්ල කරන මේ තරුණයන් අත තියෙන්නේ සමාන්‍ය කැමරා ආම්පන්න, පුංචි පටිගත කිරීමේ යන්ත්‍ර, ජංගම දුරකථන වගේ සරල උපකරණ ටිකක්. ඒත් මේවා වලින් ඔවුන් නිර්මාණය කරන රැප් ගීත ඉන්දියාවේ බොලිවුඩ් හීන කර්මාන්තයට යටින් වෛරසයක් සේ පැතිර යනවා.

බි‍්‍රතාන්‍යයේ, ගාර්ඩියන් පුවත්පතේ හනා පීටර්සන් තම පුවත්පත වෙනුවෙන් මේ ගලි රැප් රැල්ල ගැන පර්යේෂණයක් කරනවා. [ Poverty, corruption and crime: how India's 'gully rap' tells story of real life ] ඇය කියා සිටින්නේ මේ රැල්ල 1970 වසරේ නිව්යෝර්ක් නගරයේ බිහි වූ හිප් හොප් සංගීත රැල්ලට හැම අතින්ම සමාන බවයි. නිව්යෝර්ක් නගරයේ ප්‍රධාන සංස්කෘතික ධාරාවෙන් පිටමං වූ කළු ජාතිකයන් සමාජයට එරෙහිව තමාගේ පීඩනය එළියට දැම්මේ හිප් හොප් සංගීතයෙන්. පසුව හිප් හොප් සංගීතය කළු ජාතිකයන්ගේ විමුක්ති ගී බවට පත් වුණා.

විසිහතර හැවිරිදි නවීඩ් ෂයික් (Naved Shaikh) කියන්නේ ගලි රැප් රැල්ලේ ඉදිරියෙන්ම ඉන්න තරුණයෙක්. 'NAEZY' කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධ ඔහු ජීවිතය පටන් ගත්තේ මුම්බායි නුවර Khatarnak කියන පැල්පත් ප්‍රදේශයෙන්. මේ පළාත ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මත් ද්‍රව්‍ය ව්‍යාපාර, මංකොල්ලකෑම් වලට. මේ අඳුරු ලෝකය ඇතුලේ ඔහුට ඇමරිකාවේ රැප් ගායකයින් වන Tupac සහ Notorious BIG වැනි අයගේ අභාසය ලැබෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ ආබාධිත සමාජයේ අඳෝනාව ඔහු විසින් ගලි රැප් ගීතයට නඟනවා. මේ ගීත මුළු ඉන්දියාවේම ප්‍රසිද්ධ වෙනවා.


Aafat!- Naezy (Introductory Verses) [@ YoutTube]

මේ ජනප්‍රියකම ගැන නවීඩ් ඉන්නේ හරිම අවදියෙන්. මේ ඔහුගේ වචන- "නියම ඉන්දියාව කියන්නේ දුප්පත්කම, දුෂණය සහ බලහත්කාරකම පිරිච්ච තැනක්. බොලිවුඩ් සිනමාව කියන්නේ බොරු වීරයන් මවල ඒ වීරයින් ඇතුළේ මේ ඇත්ත හංගල දාන එක. රටේ ප්‍රසිද්ධ රැප් ගායකයින් කියන සිංදු වල තියෙන්නේ මොනවද? ලස්සන කෙල්ලෝ, මධුවිත පිරුණු පාට පාට ප්‍රිය සාද, සෙක්ස් වලින් පිරුණු බොරු සුන්දර ලෝකයක්. මට ඕනි වුණා අපේ මිනිස්සුන්ගේ අරගලය, බඩගින්න, මිනීමැරුම් වලින් ගහණ දිනපතා ජිවිත මේ සිහින වලට ආදේශ කරන්න. මම හැදී වැඩුනේ මේවා සමඟ. මං විතරක් නෙමෙයි, දහස් ගණන් ඉන්දියානුවන්...!"

තමන් විසින්ම තනු නිර්මාණය කොට ඔහු විසින් නිපදවන ගීත ඔහු හඳුන්වන්නේ "ජීවත්වීම සදහා කරන එදිනෙදා අරගල" යනුවෙන්. "ඉන්දියාව දැන් දියුණුවේගන යනවා. දුප්පතුන් තව තවත් දුප්පත් වෙනවා. උන් සහ පෝසතුන් අතර පරතරය තව තවත් වැඩිවෙනවා. මගේ පංතියේ මිනිස්සුන්ට මේ සමාජයේ තියෙන අවස්ථා වේගයෙන් ඇහිරෙමින් යනවා."

ඉන්දියාවේ පාට පාට බොලිවුඩ් හීන ලෝකයට කදිමට ගැලපෙන සංගීතය හඳුන්වන්නේ "ඩේසි රැප්" යනුවෙන්. ඩොලර් ට්‍රිලියන ගණනක් වැයකොට නිපදවන ඩේසි රැප් සිහින ලෝකයට මහපොළවෙන් ලැබෙන උත්තරය තමයි ගලි රැප්. හනා පීටර්සන් සඳහන් කරන ආකාරයට ගලි රැප් වලට තියෙන්නේ මුදල් වටිනාකමක් නොව සමාජ වටිනාකමක්. ඒවා හදන්නේ සරල ආකාරයෙන්. බොහෝවිට ජංගම දුරකථන වල කැමරා උපයෝගී කරගෙන. ප්‍රචාරය කරන්නේ කට වචනයෙන්. එහෙමත් නැත්නම් YouTube මාර්ගයෙන්. වැඩේ කොයිතරම් සරල උනත් ඒ ගීතවලට බොලිවුඩ් හීන ලෝකය කොනිත්තාගෙන මහපාරේ මිනිස්සුන්ව තිගස්සවන්න පුළුවන් වෙලා තියනවා.

විසිපස් හැවිරිදි විවියන් ෆර්ඩිනන්ඩස් (Vivian Fernandez) කියන්නේ බොලිවුඩ් හීනය කොනිත්තපු තවත් තරුණයෙක්. ඔහු ජිවත් වුණේ මුම්බායි ගුවන්තොටුපොළ අසල පැල්පත් වල. ඔහුට අනුව මිනිහෙකුට ජීවත් වන්නට සිදු වන ලෝකයේ භයානකම ස්ථානය එතන. කුඩා කාලයේම ඔහුගේ මව මැද පෙරදිග රැකියාවකට යනවා. පියා ඔහුව අතහැර ගොස් තැන තැන බේබදු ජීවිතයක් ගත කරනවා. මෙවන් පරිසරයක හැදෙන වැඩෙන තරුණයෙක් අනිවාර්යයෙන්ම තෝරාගන්නේ පාතාල ලෝකය.


Yeh Mera Bombay- Divine (Hindi Rap) Official Music video [@ YoutTube]

ඒත් ෆර්ඩිනන්ඩස් වෙන විදිහකට හිතනවා. මිතුරෙක් සමග එකතුවෙලා ඔහු සිංදු කිහිපයක් පටිගත කරලා තමන් ජීවත්වෙන වීදියේ මිනිස්සුන්ට බෙදා හරිනවා. පසුව තවත් මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා YouTube එකට දානවා. මේ සිංදු වෛරසයක් වගේ මුම්බායි නගරයේ පැතිරෙනවා. ඊට පසු ඔහු ජංගම දුරකථන කිහිපයක් උපයෝගී කරගෙන තම ප්‍රථම මියුසික් වීඩියෝ එක කරනවා.

"මට කියන්න ඕනි මුම්බායිවල වීදි වල සැරිසරන මිනිස්සුන්ගේ ඇත්ත ජීවිත ගැන. මට පෙන්නන්න ඕනි මීඩියා වලින් පෙන්නන ලෝකයට වඩා අපි කොච්චර වෙනස්ද කියල. මං වගේ මිනිස්සුන් ළග අවි ආයුධ නෑ, සල්ලි නෑ. අපි හොඳට ඉගෙන ගෙන නෑ. අපි පුංචි කාලේ ඉඳලම ජිවත් වීමට අරගල කරනවා. මට ඕනි වුණේ ඒ අරගලය සංගීතය තුළින් පෙන්නන්න. දැන් මගේ වීදියේ බාබර් සාප්පු වලට ගියාම, පුංචි තේ කඩ වලට ගියාම මගේ සිංදු මිනිස්සු අහනවා මං දකිනවා. මං යමක් කරලා තියනවා කියල හැඟීමක් මට දැනෙනවා."

රටේ ළමුන්ට සහ කාන්තාවන්ට සිදු වන අසාධාරණකම්, විශේෂයෙන් මුම්බායි නගරයේ සමුහ ස්ත්‍රී දුෂණ වලට එරෙහිව ඔහු ඉතා සරල, මිනිසුන්ට තේරෙන භාෂාවෙන් නිර්මාණය කරන ලද ගීත ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ ජනප්‍රියත්වය පිටුපස සැඟවී තිබෙන්නේ රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාවලියෙන් ගිලිහෙන මිනිසුන්ගේ පීඩනය බවයි ගාර්ඩියන් පුවත්පතේ හනා පීටර්සන් පවසන්නේ.

BBC මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලද 2016 වසරේ මහත් අවධානයට ලක්වුණු සංගීත කරුවන් අතරට විවියන් ෆර්ඩිනන්ඩස්ගේ නමත් තෝරාගන්නවා. මේ තෝරාගැනීමත් සමගම ඔහු ලෝක අවධානයට පත්වෙනවා. මේ සමඟම ඔහු ඉන්දියාවේ සංගීත තරුවක් බවට පත්වෙනවා.

නමුත් ෆර්ඩිනන්ඩස් කියන්නේ ඔහු තරුවක් නොවන බවයි. තමන්ගේ සංගීත ක්‍රියාවලියේ අරමුණ මුම්බායි නගරයේ වීදි වල සැරිසරන මිනිසුන් සිහිනයක අතරමං කරන බොලිවුඩ් සිහින මාලිගාවට වෙඩි තැබීම බවයි.

ඇසුර- The Guardian
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Bollywood music, Indian Gully Rap Style, Mumbai, Hannah Ellis-Petersen, Naved Shaikh, Desi Rap, Vivian Fernandez
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
අදහස්
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
වෙසෙස්
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
වෙසෙස්
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
අදහස්
අමරදේව මාස්ටර්, අපිනං ගොඩ...!
තවත් වෙසෙස් බූන්දි
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
සුබවාදී පෙරවදනක්- විකල්ප සංගීත ධාරාවේ මැදිහත්වීම
රෝස කටු සුවඳ නැත....!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.
What's New | අලුතෙන්ම
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook