Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ඥාණසාර වෙත ලියමි....,
බූන්දි, 23:39:16
මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක්‍රමය තීරණය කිරීමට අපහසු තත්ත්වයක සිටිනා බැවින් මෙසේ ඔබව නමින් ඇමතීමට තීරණය කෙලෙමි. කටපුරා 'හාමුදුරුවනේ' කියා ඇමතීමක් ලැබීමට සුදුසුකමක් මට ඔබ කෙරෙන් විද්‍යාමානවන්නේ නැත.

පහුගිය අවුරුදු ගණනාවක් පුරාවටම මා ඔබව දකින්නේ රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති මවන්නෙක් ලෙසටය. ඒ හැමවරකම මා පුදුමයට පත්කළ කාරණය වූයේ ඔබ සහ ඔබ අවට සිටින්නන් සියළුම දෙනා ඔබව තව දුරටත් බුද්ධ පුත්‍රයකු ලෙස දැකීම හා සැලකීම සිදුවන්නේ කෙලෙසකද කියායි. ප්‍රවෘත්ති පමණක්ම හරහා මනුෂ්‍යයෙකු මිනිය නොහැකි නිසාම ඔබ කෙරෙහි බරපතල ආකල්ප ඇති වුවත් ඒවා පෞද්ගලික කර නොගෙන ඉවසීමෙන් බලා සිටීමට මට හැකිවිය. එහෙත් පසුගිය සති කිිහිපයක් තුළ සන්ධ්‍යා සමග කිහිපවරක් උසාවි ගොස් ඔබ දෙස බලා සිටීමෙන්, ඔබගේ හැසිරීම් දැකීමෙන් හා ඔබගේ ගෝලයන් ගේ හැසිරීම් සහ කතා නිරීක්ෂණයෙන් මට මා තුළ තිබූ ඒ බරපතල ආකල්ප තහවුරු කරගන්නට සිදුවිය, ඔබ කෙරෙහි වූ මාගේ සැක සංකා තහවුරු විය. එබැවින් තවදුරටත් ඔබ වෙනුවෙන් 'හිමි' හෝ 'හාමුදුරු' වචන පාවිච්චි කිරීමට මට හැකියාවක් නැති අතරම 'හිමි' ලෙස ආමන්ත‍්‍රණය කරමින් ඔබව රවටන අය කෙරෙහි මට ඇතිවන්නේ බරපතල සැකයක්, අවිශ්වාසයක් හා අසතුටකි.

ගිය සතියේ පුවත්පතකට මා යවනු ලැබූ ලිපියක මා ඔබ ගැන සදහන් කලේ 'ඥාණසාර' යනුවෙනි. ඔවුන් එය නිවැරදි(?) කොට 'හිමි' යන්න අගට එකතු කොට තිබුනි. එය නැවත නිවැරදි(?) කිරීමට හෝ ප්‍රශ්ණ කිරීමට මම උත්සාහ නොකලෙමි. මන්ද, ඔබව සහ පාඨකයාව තව දුරටත් එසේ රවටන්නේ ඒ අයත් රැවටීමකට අසුවී සිටිනා බැවින්ද නොඑසේනම් දැන දැනම ඔවුත් වෙනත් වුවමනාවක් නියෝජනය කරනවාද යන්න පිළිබදව මා හට පැහැදිලි අදහසක් නොමැති බැවිනි. කෙසේ වෙතත් බෞද්ධයෙකු වශයෙන් හා බුදුන්ගේ ධර්මය ජීවිතයට අදාල කර ගැනීමට උත්සාහ කරමින් සිටින්නෙකු වශයෙන් මට දැනෙන්නේ මේ සෙල්ලම (ඔබව රවටමින් අපත් රැවටීමක සිටීම) තවදුරටත් මෙසේම කරගෙන යාම ඔබටවත් ඔබ වටේ සිටින අයටවත් ඔබව දැන දැන රවටන සහ රැවටෙමින් සිටින අයටවත් පමණක් නොව ඔබේ ක‍්‍රමයට විරුද්ධව යන කිසිවෙකුට පවා හොඳක් නොවන බවක්මය.

අප සියලුම දෙනා විශ්වාස කරමින් සිටින්නේ අප බෞද්ධයන් බවයි. මගේ තේරුම් ගැනීමට අනුව නම් බෞද්ධයන් යනු:
1. බුද්ධ වචනය විශ්වාස කරමින්, බුදුන් වදාල ධර්මයට අනුව ජීවත් වෙමින් සසරින් එතෙරවීමේ පැහැදිලි අරමුණක ජීවත්වන්නන්ය.
2. 'සබ්බ දානං ධම්ම දානං ජිනාති' යි හොඳින්ම දන්නා හෙයින් ලොකුම දානය ලෙස අප දන්නා ධර්මය අන් අයගේ නිවීම උදෙසාද දානය කරන්නන්ය.
3. බුදුන්, දහම් හා සඟ සරණ යන්නන්ය.

අප සඟ සරණ යන්නේ සංඝයා අපට වඩා මේ පෙර කී කාරණා දෙකම පැහැදිලි කරගෙන සිටිනා බැව් විශ්වාස කරනා බැවින් හා ඔවුන් සසර ගමන කෙටි කරගැනීම සදහාම ගිහිගෙයින් නික්ම ගොස් ධාර්මික, ආදර්ශවත් ජීවිතයන් ගත කරමින් අපට සසර ගමන කෙටි කරගැනීම සදහා අවැසි මග පෙන්වනා බැව් විශ්වාස කරනා හෙයින්ය. ඔබ තුළ මේ දැනුම ඇති බවක් හෝ අපට ආදර්ශයට ගතහැකි ජීවිතයක් නැතහොත් අපට සරණ යා හැකි ජීවිතයක් ඔබ ගෙවනා බවක් ඔබගේ මේ කිසිම හැසිරීමකින් තහවුරුවන්නේ නැතිවා පමණක් නොව ඔබ හැසිරෙන්නේ මීට බෙහෙවින් පරස්පරවය. ඔබ ආදර්ශවත් ජීවිතයක් ගත කරමින් අපට ඇවසි මග පෙන්වීම කල හැකි තත්ත්වයක ජීවත්වන බව ඔබ තවදුරටත් විශ්වාස කරමින් සිටිනවානම් අඩුම වශයෙන් ඔබ අප ඉදිරියේ රඟ දක්වන මේ මමත්වයෙන් පිරි දඩබ්බර හැසිරීම් හෝ වෙනස් කල යුතුව ඇත.

ඔබට ඇප ලබාගැනීමේ චේතනාවෙන් බොහෝ අය උසාවි භූමියේ රැදී සිටි එක දිනෙක මා දන්නා අදුරන ළමයෙක් උසාවි භූමියේදී මා හා කථා කලේය. ඔහු මා හා කතා කිරීමට ඉදිරිපත් වූ පමණින්ම මගේ අදහස වූයේ ඒ ළමයාද මා මෙන්ම සියලු සත්ත්වයන් නිදුක් වේවායි ප්‍රාර්ථනයෙන් පමණක් නොනැවතී ඒ අනුව ක්‍රියාකරන්නෙක් බවයි. එහෙත් මේ ළමයාගේ අතේ පිරිත් නූල් විශාල ප්‍රරමාණයක් බැඳ තිබූ හෙයින්ද ඔහු සුදුම සුදු පැහැ කමිසයකින් සැරසී සිටි හෙයින් ද මට එක්වරම පහළ වූයේ සැකයකි. මන්ද, ඇඳුමින් සහ එළිපිට වැඩවලින් තමන් බෞද්ධයන් බව පෙන්වීමට උත්සාහ කරන්නන් බොහෝ දෙනෙකු තුළ මේ කාලයේ බෞද්ධකම සෙවීම ඉතා අපහසු කාර්යක් වී ඇති බව පොදු දැනුමක් බවට පත්ව ඇති හෙයිනි. කා වෙනුවෙන් මෙතැන සිටීදැයි මා ඔහු විමසූ විට අදිමදි කරමින් ඒ ළමයා මට පැවසූයේ අපි හිතාගෙන ඉන්නවාට වඩා ඔබ හොඳ කෙනෙක් බවත් අවශ්‍යනම් මට ඔබව මුණගැසිය හැකි බවත්ය. ඒ මොහොතේ මා ඔහුගෙන් ඇසූයේ මා ඔබ වැන්නෙකු මුණ ගැසිය යුත්තේ මොන හේතුවකටද යන්නයි. ඔබව පුද්ගලිකව හමුවී දැන හැඳුනුම්කමක් ඇති කරගැනීමවත් ඔබ මේ මොහොතේ අත්හදා බලමින් සිටිනා බලයේ තවත් එක් කොටස්කරුවෙකුවීමවත් මගේ බෞද්ධ ජීවිතයේ යහපතට හේතු නොවනු ඇති බව මා ඔහුට පෙන්වා දුන්නෙමි. සැබෑ බෞද්ධ භික්ෂුවක් හමුවී වැඩි දියුණු කරගතහැකි, ඉගෙනගතහැකි අධ්‍යාත්මික පැවැත්මක් මට ඔබ වෙතින් විද්‍යාමාන නොවන බැවිනි ඒ.

ඔබ ධම්ම පදය වනපොත් කොට ඇති බවට සැකයක් නැත.
'සබ්බ පාපස්ස අකරණං,
කුසලස්ස උපසම්පදා,
සච්ත්තපරියෝදපනං,
ඒතං බුද්ධාන සාසනං
'යන්න ඔබ කෙසේ අර්ථදක්වන්නේදැයි මට ඇත්තේ කුකුසකි.

චීන අධිරාජයා තම රටට බුද්ධ ධර්මය රැගෙන පැමිණි බෝධිධර්ම නම් වූ ආචාර්යවරයාගෙන් වචන කිහිපයකින් බුද්ධාගමේ පදනම පැහැදිලි කරන්නැයි ඉල්ලීමක් කලවිට එතුමාගේ පිළිතුර වී ඇත්තේ ධම්ම පදයේ මේ ගාථාවයි. අධිරාජයා ඉන් එක්වරම කළකිරුනු බවත්, අවුරුදු තුනක ළදරුවෙකුට වුවද තේරුම් ගත හැකි පද හතරක් පමණකින් අර්ථ දැක්විය හැකි බුදු දහමක් කියා දීමට මේ තරම් උසස් පණ්ඩිතයෙකුගේ පැමිණීම අවශ්‍ය වන්නේ කුමකටදැයි ඔහු ඇසූ බවත් පොතපතෙහි සඳහන් වේ. බෝධිධර්මයන්ගේ පිළිතුර මෙසේ වීලූ. 'සත්‍යයකි. තෙවසරැති දරුවකුට වුව එහි අර්ථය වටහා ගත හැක, එහෙත් අසූවියැති මහල්ලෙකුට වුව ඊට අනුව ජීවත්වීමට නොහැකි වීමයි ප්‍රශ්ණය'.

වටහා ගැනීමට අසීරු කාරණය වන්නේ බෞද්ධයන් වූ අප සියල්ලන්ටම පමණක් නොව සංඝයන් යැයි කියාගන්නා ඔබ වැන්නන්ටද එම ගාථාව තියා බුදුන් පළමුව දෙසූ බව කියැවෙන දම්සක් පැවතුම් සූත්‍රයේ හරයද අමතක වීමයි, නැවත නැවතත් අමතකවීමයිි. බොහෝවිට අප කිසිවෙකු එය තේරුම් නොගත්තා විය හැක. නැතහොත් බෝධිධර්මයන් කිවූ පරිදි අර්ථය වටහා ගත් නමුත් ඒ අනුව ජීවත්වීමට නොහැකි වූවා විය හැකිය. දුඛ සත්‍යය, එනම්, සියළු සංස්කාරයන්ගේ වෙනස්වන ස්වභාවය විසින් අප තුළ ඇති කරනු ලබන කනස්සල්ල, අතෘප්තිය හා දුක්වීම සත්‍යය බවද ඉන් මිදීම සඳහා එම දුක අප තුළ සංජනනයවීම කෙරෙන නිම්ත්ත විය හැකි යමෙක් හෝ යම් දෙයක් කෙරෙහි ඇති කරගන්නාවූ ලෝභ, ක්‍රෝධ හා මෝහයෙන් අප මිදිය යුතු බව ද, ඉන් මිදීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ජීවත්විය යුතුබවද අප සියලු දෙනා දන්නා එහෙත් පිළිනොපදිනා කාරණය බවයි මගේ අදහස.

රූපවාහිනී නාලිකා තුලින් ඔබ දුටු සෑම අවස්ථාවකම ඔබ හැසිරුනේ මහා ක්‍රෝධයකිනි, එක් එක් අවස්ථාවල එක් එක් අය කෙරෙහි ඒ කෝපය එල්ල විය. එහි උච්ච අවස්ථාවක් සන්ධ්‍යා ඉදිරිපිට හෝමාගමදී අප දුටුවෙමු. ඔබ ඇති කරගෙන තිබූ ලෝභයද ඔබ නොදත් ඔබගේ මෝහයද අපටනම් ඉතා හොඳින් පැහැදිලිව පෙනුනි. ඔබට 'හිමි' ලෙස අමතන්නන් හා ඔබ පිටුපසින් ඔබගේ සියල්ල අගය කරමින් යන්නන් ඔබට කරන්නේ බරපතල වැරැද්දක් බව මා පවසා සිටින්නේ ඒ නිසාවෙනි. මෝහයෙන් අන්ධ වීම රහත් බවට පත්ව නැති ඕනෑම ජගතෙකුට විය හැක්කකි.

එහෙත් ඔබ සමග සිටින්නේ ඔබට සැබෑ ලෙස ආදරය කරන්නන් නම් ඔබට එය පහදා දීම නොවේද ඔවුනගේ අවංක කාර්ය විය යුත්තේ?
'විශ්වයේ කවර තැනෙක හෝ පවතින කිසිම දෙයක් තමා හෝ තමාගේ කියා සිතා ගැනීමට සුදුසුකමක් නැතැ' යි බුදුන් මජ්ජිම නිකායේ චූල තන්හා සංඛය සූත්‍රයේ වදාරා තිබෙන බව ඔබ නොදන්නවා විය නොහැක. එසේනම් රටක් ජාතියක් හා ආගමක් රැකගන්නේ කෙලෙසකද?
කාගෙන්ද?
ඒවා කොහේ රැගෙන යන්නද?
තමාට තමාවත් රැක ගත නොහැකි කොට…?

ලොවක් දිනූවත් තම සිත දිණිය නොහැක්කේනම් ඉන් ඇති ඵලය කුමක්දැයි බුදුන් වහන්සේ වදාලේ නැතිද? ඔබගේ මිත්‍රයන් මට පැවසූයේ උසාවියේදී ඔබ හැගීම්බර වූ බවයි. ඇප නොලැබුණු ඔබගේ යුද්ධ හමුදා මිතුරාගේ කඳුළින් ඔබගේ ඉවසීම සිඳී ගොස් සන්ධ්‍යාට පරිභව කිරීමට ඔබ පෙළඹුණු බවයි. ඉන් ගම්‍යවන්නේ ඔබගේ සිත කය වචනය කෙරෙහි ඔබට කිසිදු පාලනයක් නොමැති බව නොවෙයිද? ඔබමෙන් ධර්මය ඉගෙනීම නොකල ඉතාම සාමාන්‍ය ගැහැනියක් වූ සන්ධ්‍යා තම සැමියා අතුරුදහන් කළ හමුදා සෙබළුන් හා නිළධරයන් ඉදිරියේ තම හැඟීම් කෙසේ ප්‍රරකාශ කල යුතුව තිබුණිද? සැබෑ බුුද්ධ පුත්‍රයෙකුනම් ඔබ කලයුතුව තිබූයේ මේ සියල්ලක් ඉදිරියේ බුදුන් වදාල ලෙස උපේක්ෂාවෙන් තම සිත කය සහ වචන කෙරෙහි දැනුවත්ව ක්‍රියා කොට අන් අයට ආදර්ශයක්වීම නොවේද? ඔබේ යහළුවනට මෙතැන් සිට හෝ ධර්මයට අනුව හැසිරී රියසක මෙන් පිටුපසින් එන තම ක්‍රියාවට ලැබෙන ප්‍රතිවිපාකයෙන් මිදීමට, ඉතිරි ජීවිත කාලය තුළ දී හෝ යහපත් ක්‍රියාවන්හි නියැලෙන ලෙසට දහම් වැදෑරීම නොවේද?

ධර්මය කොතරම් වනපොත් කලද ඔබගේ මේ හැසිරීම් හා අභිලාෂයන් ඔබගේ මරණයෙන් මතු සිදුවිය හැකි දේ තීරණය කරන බව ඔබ නොදන්නවා විය නොහැක. ඔබ හැසිරෙන්නේ නොමැරෙන මිනිසෙකු ලෙසය. සහෝදරියක් වශයෙන් මට ඔබ පිළිබදව ඇත්තේ කණගාටුවකි. මන්ද, බුදුන් දෙසූ සියල්ල දැනගැනීමට, අවබෝධ කිරීමට මෙතරම් භාග්‍යයක් ලද ඔබම කිසිම අගයක් නැති මිනිසෙකු හෝ මිනිසුන් සමූහයක් වෙනුවෙන්, නැතිවී යන ලෞකික දේ වෙනුවෙන් ලොල් බවක් ඇතිකොට, ඒ වෙනුවෙන් සියලු ධර්මය අමතක කොට දැමීම…? විපාකය කෙතරම් මහත් විය හැකිද?

මේ ලිපිය කියවීමෙන් ඔබත් ඔබ වටා රොක්වී සිටිනා අයත් මා කෙරෙහි අමනාපයක් හෝ වෛරයක් ඇති කර නොගන්නා බව මාගේ බලාපොරොත්තුයි. මා මෙසේ ලිවීමට පෙළඹවූ කාරණා මෙහි අන්තර්ගතයෙන් එපිට කිසිවක්ම නොවේ. ඉන් රිදෙන්නේනම් ඒ නැවතත් තම මමත්වය පිළිබඳ ප්‍රශ්නයක් මිසක මාගේ ප්‍රශ්නයක් නොවන බව මා විශ්වාස කරමි. මා හෙට දිනයේ මිය ගියද ජීවත්වන්නන් වෙනුවෙන් මා විසින් යහපත් දෙයක් කළ බව මා විශ්වාස කරනා හෙයින් මා බිය වන්නේ කුමකටද?

බියවිය යුත්තේ ධර්මයට අනුව ජීවත් නොවන්නන්ය.

මේ ලිපිය විසින් ඔබ තුළ හෝ කිසිවෙකු තුළ යම් වෙනසක් සිදුවේනම් ඒම මා කල මහඟු පිනක් වනවා ඇත.

මීට,

කුමාරි කුමාරගමගේ
මෙම ලිපිය මුල්වරට විකල්ප වෙබ් අඩවියේ පළ විය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Galagodaaththe Gnansara, Kumari Kumaragamage, Sndya Eknaligoda, Prageeth Eknaligoda, Teachings of Buddha, Violent Buddhist Monks
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කුමාරි කුමාරගමගේගෙන් තවත් වියමන්
කරන්ට්ස්
හෙට දින මා ගල් ගසා මරා දමනු ඇත…
කවි
Untitled
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ගෞතම බුද්ධ දේශනා කරයි.
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook