Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'
'කණට පාරක්' රේඩියෝ නාට්‍ය ඕඩියෝ සීඩී තැටි එළිදැක්වීමේ උළෙල 2016 අප්‍රේල් 07 වන දින , සවස 3.00ට, කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේදී පැවැත්වෙයි. මේ ඒ සම්බන්ධයෙන් එහි නිර්මාණකරු මාලක දේවප්‍රිය සමග කළ කථා බහක්.

'කණට පාරක්' කියන්නේ?

ජනප්‍රිය වාණිජවාදී ප්‍රවාහ හරහා කණට පාරක් ගසන යුගයක කණට පාරක් විවරකර දීම නැත්නම් සොයාදීම 'කණට පාරක්' ඕඩියෝ සීඩී තැටියේ ප්‍රධාන වෑයමයි. ඒක කරන්නෙ රේඩියෝ නාට්‍යය හරහා. ඔබ දන්නවා රේඩියෝ නාට්‍යය යනු ලොව පවතින ප්‍රබලම කලා මාධ්‍යයක් බව. රේඩියෝ නාට්‍යය ලොව බිහි වූ අටවැනි කලාව ලෙස නම් වෙනවා. වචනාර්ථයෙන් එක් රූපයක් වචන දාහක් වටිනවා කියලා අර්ථයක් තිබුනත් එක් වචනයක් රූප දහසක් දක්වා පරිකල්පනය කරවීමට රේඩියෝ නාට්‍යය නම් මාධ්‍යයට පුලුවන්.

අද රේඩියෝ නාට්‍යය අවභාවිත කලාවක් නේද?

සංස්කෘතික ධනවාදය හරහා රූපය මූලික කරගත් කලා ප්‍රබලම ජනප්‍රියත්වයට පත්වූ වටපිටාවක් අපට හමුවෙනවා. එහිදී ශබ්දය මූලික කරගත් කලාවන් අවභාවිතයට පත්වී ඇතැයි යන්න ජනප්‍රිය කතාවක්. සිනමාවට ශබ්ද ආ මුල් කාලයේදීත් මෙම තර්කයම අරගෙන ආවා. නමුත් මෙම තර්කය හුදු මිත්‍යාවක් පමණයි. ශබ්දය මූලික කලාවක් වන රේඩියෝ නාට්‍යය අද නව මාදිලින් ඔස්සේ පරිණාමයට බඳුන් වෙමින් මහා කලා සංස්කෘතියක් ජාත්‍යන්තරය තුළ ගොඩනගා තිබෙනවා. වර්තමාන ඩිජිටල් සයිබර් අවකාශය තුළ ද රේඩියෝ නාට්‍යය සෙසු කලාවන් අභිබවා ප්‍රබල ලෙස මතුවෙනවා.

රේඩියෝ නාට්‍ය ලෝක භාවිතාව කොහොමද?

රේඩියෝ නාට්‍යය යනු තව දුරටත් හුදු තරංගවලින් නැතහොත් සංඛ්‍යාතවලින්ම පමණක් අසන කලාවක් නොවෙයි. එය මේ වන විට සවුන්ඩ් ෆයිල් ලෙස හුවමාරු වෙමින් බාගත කරමින් රස විඳීමේ මහා සංස්කෘතියක් අන්තර්ජාතිකව නිර්මාණය වෙලා පවතිනවා. Moonlight Audio Theatre වෙබ් අඩවියේ තොරතුරු දෙස බැලුවහොත් එහි දැක්වෙන්නේ අධිවේගී මාර්ගවල දීර්ඝ සංචාරවලදී, වෛද්‍යවරු හමුවීමට බලාසිටින දිගු කාලයන්හිදී, ගුවන් ගමන්වලදී රේඩියෝ නාට්‍ය ඇසීම ජනප්‍රිය සංස්කෘතියක්ව පවතින බවයි. මෙම වෙබ් අඩවිය රටවල් අනූවක් සමග සම්බන්ධ වෙමින් රේඩියෝ නාට්‍ය ඕඩියෝ ෆයිල් ලෙස බාගත කිරීමට ඉඩ සලසමින් ජනතාව අතර හුවමාරු කරනවා. රේඩියෝ නාට්‍යය අද වන විට කොතරම් වූ ස්වර්ණමය යුගයක පසුවෙනවාද යන්න බීබීසී වෙබ් අඩවිය දෙස බැලීමෙන් වටහා ගන්න පුළුවන්. එහි විවිධ තේමා, සංකල්ප ඔස්සේ විශාල නාට්‍ය ප්‍රමාණයක් විවිධ කාල පරාසයන්ගෙන් යුක්තව සතිපතා විකාශනය වෙනවා. බීබීසීයට අවුරුදු 75ක් පිරීමේ සංවත්සරය අලලා 1997 නොවැම්බර් 14 පළ කල සටහනක දැක්වෙනවා එහි නළුවන් 14,000ක්ද, රචකයන් 10,000ක්ද යොදා ගනිමින් නාට්‍ය පැය 1174ක් ද නව නාට්‍යය 2,000ක් ද වසරකට නිෂ්පාදනය වන බව. බීබීසී නාට්‍ය අංශයේ එවකට වාර්ෂික අයවැය ස්ටර්ලින් පවුම් මිලියන 19 ක් වෙනවා. බීබීසීය මගින් විසිරුවා හරින නාට්‍ය මේවන විට සවුන්ඩ් ෆයිල් ලෙස බාගත කරමින් නැවත නැවත රස විඳීමේ අවකාශය ද පවතිනවා.





රේඩියෝ නාට්‍ය ලාංකීය භාවිතාව කොහොමද?

පශ්චාත් යටත් විජිත ලාංකීය සමාජය හදාරන විට රේඩියෝ නාටකය නම් කලා මාධ්‍යය හා කොයිතරම් වූ බැඳීමකින් ලාංකීය සමාජය කටයුතු කළේද යන වග පෙනෙනවා. අපට මුලින් ම රේඩියෝ නාට්‍ය සංස්කෘතිය හිමිවන්නේ 1925 තරම් ඈතකදි. ධර්ම ශ්‍රී මුණසිංහ, ජේ. එච්. ජයවර්ධන වැන්නන් දායක වූ ආරම්භක යුගයේ නාටක බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙන්. රේඩියෝ නාට්‍යය කලාව මහා සංස්කෘතියක් පැවතුනු කාලයක් අපේ රටේ පැවතුනා. 1987 වැනි වකවානුවකත් රූපවාහිනිය හරහා රේඩියෝ නාට්‍ය ඉහල ජනප්‍රියතාවයක් දිනා ගත්බව ගුවන් විදුලි සංස්ථාවේ පර්යේෂණ අංශය සිදුකළ සමීක්ෂණ වාර්තා සාක්ෂි දරනවා. කලක සුගන්ධිකා, මේධා, ගජමුතු, මොණරතැන්න, සඳගල තැන්න, ගුවන් විදුලි රඟමඩල වැනි නාට්‍ය වටා මිනිසුන් රොද බැඳගත්තා. නමුත් වර්තමාන රේඩියෝ චැනල ලාභ උත්පාදනය ඒකායන පරමාර්ථය කරගනිමින් කලාත්මක වශයෙන් පරිපූර්ණ ගුණාත්මක නිර්මාණ කිරීම වෙනුවට අඩු ප්‍රාග්ධනයක් හා කාලයක් භාවිතා කරමින් නිෂ්පාදනය කල හැකි ප්‍රාථමික වැඩසටහන් විකාශනය කරනවා. ඒ සඳහා ඔවුන් විසින්ම ගොඩනගූ තර්ක සමාජ ගත කරනවා. පසුගිය කාලය පුරා ලංකාවේ සියලුම චැනලවල නාට්‍ය අංශයන්හි ප්‍රධානින් සමග මම කතා කළා. ඔවුන් දැක්වූයේ තමන්ගේ ආකෘතියට ගැලපෙන නාට්‍ය රචනා කරන ලෙසයි. එනම් නාට්‍යයක එක් අංකයක් මිනිත්තු තුනක් විය යුතු අතර ඉන් පසු ගීතයක්, වෙළඳ දැන්වීම් හා නිවේදක දෙඩවිලිවලින් යුතු ආකාරයක ආකෘතියකට. තවත් ප්‍රධානින් දන්වා සිටියේ නාට්‍ය රචනා කරන සංකල්පය ඔවුන් ලබා දෙන බවයි. ඇතැම් නාලිකා නොබියව දන්වා සිටියේ වර්තමානයේ තමන් සිදුකරන්නේ රේඩියෝ බිස්නස් බවයි. පෞද්ගලික හා රජයේ නාලිකා තමන් විසින් මේ වන විට මෙලස ගොඩනගා ගෙන ඇති මූලධර්ම ආකෘතීන් නිසා ඉන් පරිබාහිර ආකෘතින් වල රේඩියෝ නාට්‍ය සඳහා අවකාශයන් මෙම ප්‍රධාන ප්‍රවාහයේ නාලිකාවලින් බලාපොරොත්තු විය නොහැකියි. ඒ නිසා යමෙක් රේඩියෝ නාට්‍ය කලා මාධ්‍යයක් වශයෙන් භාවිතා කරන්නේ නම්, මේ සඳහා සුදුසුම මාදිලිය වන්නේ විකල්ප ක්‍රමවේදවලට නැඹුරුවීමයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය එයයි. එම විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් රේඩියෝ නාට්‍යය ලංකීය සමාජය වෙත නැවත ස්පර්ශ කිරීමේ අවකාශයක් ලබා දීමයි.

රේඩියෝ නාට්‍ය ඔබේ භාවිතාව කොහොමද?

රේඩියෝ නාට්‍ය රචකයෙකු ලෙස 1995 සිට මම සක්‍රීයව ක්‍රියාකොට තිබෙනවා. 2005 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි රඟමඩල සඳහා රචකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස ද දායකවී තිබෙනවා. එමෙන්ම සුගතපාල ද සිල්වා, තිලක් ජයරත්න, ජේ.එච්. ජයවර්ධන, ධර්ම ශ්‍රී මුණසිංහ ආදී රේඩියෝ නාට්‍යය කලාවේ ප්‍රබලයන්ගේ ගුරුහරුකම් හා ආභාසය මට ලැබී තිබෙනවා. මා විසින් ආරම්භක යුගයේ රචනා කරන ලද නාට්‍යය කිපයක් කියවා බලා සුගතපාල ද සිල්වා දැක්වූ විවේචනයක්, මගේ රේඩියෝ නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වූවා. ඔහු මගේ පිටපතක් බලා දැක්වූයේ කෙටි කතා, ඉතිහාස කතා, උපමා කතා හෝ වෙනත් ආකාරයක හුදු කතා ප්‍රවෘත්ති දෙබස් ආකාරයෙන් රචනා කිරීම රේඩියෝ නාට්‍ය කලාවේ ආරම්භක ස්වරූපයක් බවයි. රේඩියෝ නාට්‍ය සතු අපරිමිත බලය හා පරිකල්පන අවකාශය ගැන සිතන්න, පර්යේෂණ කරන්න- ඔහු දුන් උපදෙසයි. රේඩියෝ නාට්‍යයක් රචනා කරීමට සංකල්පයක් සිතේ හට ගන්නා සෑම විටම සුගතපාල ද සිල්වාගේ වචන මගේ මනස තුල ප්‍රතිවාදනය වෙනවා.

ඔබේ රේඩියෝ නාට්‍ය සඳහා ලැබුන ප්‍රතිචාර?ya

මේවන විට "උගේ හිස ඉවරයි", "නිහොන් සැප ලැබේවා", "ෆන්සලක්" යන රේඩියෝ නාට්‍යය පිටපත් අඩංගු කෘති තුනක් රචනා කර තිබෙනවා. ඉන් දෙකක් මුද්‍රණය වී තියෙනවා. රේඩියෝ නාට්‍ය 33ක් මෙහි අන්තර්ගතව තිබෙනවා. මෙම සෑම රචනයක්ම සම්ප්‍රදායික රේඩියෝ නාට්‍ය ආකෘතියෙන් බැහැරව නිර්මාණය කිරීමට උත්සාහයක් ගෙන තිබෙනවා. එහිදී විෂමජාතීන් මෙන්ම සමජාතීන් අතර අනන්‍යතාව, සංස්කෘතිය, ස්ත්‍රීපුරුෂ සමාජතාවය, පරිභෝජනය, දිවි පැවැත්ම, ආකල්ප, අන්තර් සබඳතා, අපේක්ෂා සම්බන්ධ තේමා අඩංගුව පවතිනවා. රේඩියෝ නාට්‍ය කෙටි කතා මෙන් කියවා රස විදිමේ සංස්කෘතියක් ලොව පවතිනවා. මවිසින් පළ කරන ලද කෘති සඳහා විශාල ශ්‍රාවක හා පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබුනා. අන්තර්ජාලයේ බූන්දි වෙබ් අඩවිය තුල, ෆේස්බුක් තුල මවිසින් රේඩියෝ නාට්‍ය රචනා පළ කිරීමේ අත්දැකීම්වලින් තහවුරු වූයේ ඒවාට වීශාල පාඨක උනන්දුවක් ඇති බවයි. මෙහි තවත් පියවරක් ලෙස ඉහත කෘති තුනෙහි නාට්‍යය 12ක් නිෂ්පාදනය කොට ඕඩියෝ සීඩී වශයෙන් ලබාදීමට අදහස් කළා. "කණට පාරක්" සීඩී තැටිය තුළ සිංහල බසින් නාට්‍ය 12ක් හා දෙමළ බසින් නාට්‍ය දෙකක් ලෙස නාට්‍යය 14ක් අඩංගු වෙනවා. තරුවන් සරණයි, නිහොන් සැප ලැබේවා, ආලයක දමනය, නිරාභිෂේකන, නිර්වස්ත්‍රං පරමං සුඛං, ෆන්සලක්, රෝම රූපණ, සුවදෙන අග්නි, රඟදෙන කපුවෝ, එකතැන කැරකුම, නව නළු දහම, භෂ්මාන්තර ආදී නම් වලින් මෙම නාට්‍ය රචනාවී තිබෙනවා.

'කණට පාරක්' සමාජගත කරන්නෙ කොහොමද?

මගේ රේඩියෝ නාට්‍ය කලාවට අනෙක් ප්‍රබලම බලපෑම කල තිලක් ජයරත්න සෑම විටම විශ්වාස කලේ ප්‍රධාන ධාරාව නොව විකල්පයයි. ඔහු ගුවන් විදුලියේ අධ්‍යාපන සේවය ප්‍රතිව්‍යහුහගත කිරිමට දැරූ වෙහෙස සදාකාලිකවම සිහිපත් කල යුතුයි. ඔහු බොහෝ විට පැවසූ කරුණ වූයේ රේඩියෝ නාට්‍ය කලාව තුල සමකාලීන සමාජයේ මිනිස් හැසිරීම, මනෝභාවයන් ඉතා සියුම්ව විවරණය කිරීම සඳහා භාවිතා කල හැකි බවයි. ඔහු බීබීසීයේ විකාශය වන නව නාට්‍ය සංකල්පය නිරන්තරයෙන් උදාහරණ ලෙස දැක්වුවා. ඔහුගේ විකල්ප වැඩ කිරීමේ චින්තනයෙන් යම් පෙළඹවීමක් ලබා ගනිමින් මෙම රේඩියෝ නාට්‍ය 14 විකල්පව සමාජගත කිරිම මගේ අරමුණයි. එහිදී දුර ගමන්සේවා බස් රථ 300ක වසරක් පුරා රේඩියෝ නාට්‍ය වාදනය කරනවා. සෑම රේඩියෝ නාට්‍යයක් අවසානයේදිම අප ප්‍රශ්ණයක් අඩංගු කර තිබෙනවා. එනම් නාට්‍යය සම්බන්ධව අදහස් එස්.එම්.එස්. කරන ලෙසයි. අප වෙත එවන සෑම ටෙක්ස්ට් එකකටම තවත් රේඩියෝ නාට්‍ය කට්ටලයක් තැපැල් කිරීම හෝ ලබාදීම සිදු කරනවා.





එමෙන්ම අන්තර්ජාලයේ radioplay.lk නමින් වෙබ් සයිට් එකක් ආරම්භ කරන අතර එහිදී රේඩියෝ නාට්‍ය සජීවීව ඇසීමටත්, ඒවා ඩවුන්ලෝඩ් කිරීමටත්, ප්‍රතිචාර දැක්වීමටත් අවකාශ ලබා දෙනවා. එමෙන්ම ෆේස්බුක්, ට්විටර් ආදිය මගින් අන්තර්ජාලය පුරා මෙම නාට්‍යය සංසරණය කරවනවා. එමෙන්ම ලංකාවේ පළාත් කීපයක් තෝරාගනිමින් විවිධ සංස්කෘතික කණ්ඩායම්වලට රේඩියෝ නාට්‍යය ශ්‍රවණය කරමින් රසාස්වාද අවකාශ ගොඩනගනවා. තවද විවිධ කර්මාන්ත ශාලා, කාර්යාල, වැඩ බිම් වෙත රේඩියෝ නාට්‍ය අසා රසවිදීමේ මාදිලියක් ලෙස ලබා දෙනවා. විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන සඳහා අතිරේක අධ්‍යාපන මාදිලියක් ලෙස රේඩියෝ නාට්‍ය පරිත්‍යාග කිරීම සිදුකරනවා. මේ අතර පරිගණක අලුත්වැඩියා කරන ආයතනවලට මෙන්ම ජංගම දුරකථනවලට නොමිලයේ සංසරණය කිරීම සිදුකරනවා.

'කණට පාරක්' එළිදැක්වීමේ උත්සවය ගැන කිව්වොත්?

රේඩියෝ නාට්‍ය අඩංගු ඕඩියෝ තැටියක් නිෂ්පාදනය වී එළිදකින්නේ ප්‍රථම වතාවටයි. මේ මගින් රේඩියෝ නාට්‍ය කලාවේ සෞන්දර්යාත්මක විප්ලවයක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නාට්‍ය සඳහා ලංකාවේ ප්‍රවීණතම රංගන ශිල්පීන් 24 දෙනෙකු දායක වූණා. ජයලත් මනෝරත්න, ධර්මසිරි බණ්ඩාරනායක, සමන් අතාවුදහෙට්ටි, ලූෂන් බුලත්සිංහල, සෝමසිරි ලියනගේ, ඩබ්ලිව්. ජයසිරි, බුද්ධදාස විතානච්චි, චන්ද්‍රා කළුආරච්චි, රම්‍යා වනිගසේකර, රත්නා ලාලනී ජයකොඩි, දමයන්ති ෆොන්සේකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, සෞම්‍ය ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, දීපානී සිල්වා, චන්ද්‍රසෝම බිංදුහේවා ඒ අතර සිටිනවා. මෙහි තේමා සංගීතය ලක්ෂ්මන් විජේජස්කරගේය.

මෙම නාට්‍ය සීඩී එළිදැක්වීමේ උත්සවය 2016, අප්‍රේල් මස 07 වන දින, සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වෙනවා. එම උත්සවයේදී ආචාර්ය ධර්මසේන පතිරාජ, ලූෂන් බුලත්සිංහල, ආචාර්ය සුනිල් විජේවර්ධන යන වියතුන් විසින් සමකාලීන රේඩියෝ නාට්‍ය කලාව සම්බන්ධ දේශන තුනක් පවත්වනවා. උත්සවයේ මෙහයවීම නාට්‍යයවේදී ඊ.එම්.ඩී. උපාලි විසින් සිදු කරනවා. එදිනට සපැමිණෙන සියලුමදෙනාට රේඩියෝ නාට්‍යය අඩංගු ඕඩියෝ සීඩී නොමිලයේ තිලිණ ලෙස ලබා දෙනවා.
වෙනත් සබැඳි |
මාලක දේවප්‍රිය @ Boondi
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Audio CD, Kanata Parak, Radio Drama, Radio Katha, Malaka Dewapriya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
කලාව යනු යථාර්ථය ඉදිරියෙහි තබා ඇති කැඩපතක් නොවේ. යථාර්ථය හැඩගස්වනු පිණිස හෙලනු ලබන යකුළ් පහරකි.
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook