Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
රහසින්වත් පව් නොකරන ලංකාව සහ HIV භීතිකාව
බූන්දි, 00:10:30
කිරිඇල්ල මැදි විදුහල් භූමිය තුළදී දුල්මිණි ඉරෝෂිකා සිසුවියට පිහියෙන් ඇන මරා දැමුවේ එම පාසලේම ජයතිලක නම් සිසුවාය. මරණීය දණ්ඩනයට නියම වූ ජයතිලක සිසුවා වසර කිහිපයකට පසුව බන්ධනාගාරයේ සිටම උසස්පෙළ විභාගයට සහභාගී වී විශිෂ්ඨ ප්‍රතිඵල ලැබුවේය. නමුත් දුල්මිණි ගේ දෙමාපියන් වූ තිලකරත්න යුවල තම දියණියගේ ඝාතකයාගේ අධ්‍යාපන අයිතිවාසිකම් වලට එරෙහිව විරෝධතා පැවැත්වූ බවක් අසන්නට නැත. එහෙත් ඔවුන් දුල්මිණීට ආදරය කළ බවත් ඇයගේ අඩුව අදටත් ඔවුනට දැනෙන බවත් ඉරහඳ මෙන් ස්ථිරය.

1968 දී බ්‍රිතාන්‍යයේ මේරි බෙල් නම් එකොළොස් හැවිරිදි දැරිය වරදකරු වන්නේ සිව් හැවිරිදි සහ තුන් හැවිරිදි කුඩා දරුවන් දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳවය. ක්‍රූර ලෙස හැසිරී තිබූ මේරි බෙල් විසින් එක් ළදරුවෙකුගේ වෘෂණ කෝෂ පවා විනාශකර තිබිණ. 1980 දී නව අනන්‍යතාවක් සමග නිදහස ලබන ඇය එම අලුත් නමින් විවාහ වී දියණියක් ද ලබන්නීය. කෙසේ හෝ මේරි බෙල් ව සොයාගන්නා පැපරාසීන් 1998 දී නිවස වටලන තෙක්ම 14 හැවිරිදි ඇගේ දියණිය කුප්‍රකට මේරි බෙල් යනු තම ආදරණීය මෑණියන් බව දැන සිටියේ නැත. එම සිදුවීමෙන් අනතුරුව අධිකරණය සමග ගැටෙන මේරි බෙල් අවසානයේදී ජය ලබා තමාගේ අනන්‍යතාව තව දුරටත් දීර්ඝ කර ගන්නී, දියණියට යාවජීව අනන්‍යතාවක් ද ලබා ගැනීමට සමත් වේ. එදා කුඩා දරුවන් මරා දැමූ මේරි බෙල් අද වන විට ආදරණීය මිත්තණියකි.

ළමුන් අතින් වැරදීම් සිදුවන අවස්ථා ද එම වැරදි වලට දඬුවම් ලබාදෙන අවස්ථා ද විරල නොවේ. අතිශය සාපරාධී ගණයේ වැරදි කළ ළමයෙකුට පවා මිනිසෙක් ලෙස බුක්ති විඳීමට ජීවිතයක් හිමි බවට සාක්ෂි සපයන්නේ මේ ඉතිහාසය ය. වෙනෙකෙකුගේ ජීවිතය උදුරාගත් ළමයෙකුට පවා ජීවත් වීමටත්, ළමයෙකු ලෙස හිමි විය යුතු දෑ හිමි කර ගැනීමටත් නීතියෙන් පවා අවසර හිමි වන බව අපට සිහි කරන්නේ මේ ඉතිහාසය ය.

නමුත් මේ ආන්දෝලනයට තුඩු දුන් කුලියාපිටියේ දරුවා සිදු කළ සාපරාධී අපරාධයක් නොමැත. කිසිවෙක් ඝාතනය කළ බවට හෝ කරන්නට තැත් කළ බවට චෝදනා නොමැත. වෛද්‍ය සහතික වලින් පවා දරුවා රෝග ආසාදිතයෙකු නොවන බව තහවුරු කරද්දී ඔහුගේ අධ්‍යාපන අයිතිය උදුරා දමන්නට ඔහු කළ වරදක් නැත. දරුවාගේ මව ආසාදිතයෙකු යැයි යමෙක් සැක පල කරන්නේ නම් ඇයට සුදුසුම පරිසරය වන්නේ ඔය කියන කුලියාපිටිය ගමම ය. පවු නොකළ , පවුකාරයින්ට ගසන්නට ගල් දරා සිටින පුණ්‍යදාස ලා පුණ්‍යවතී ලා සිටින්නේ කුලියාපිටියේය. එහි සිටින තාක් කල් ඇයගෙන් එම රෝගය සම්ප්‍රේෂණය වීමට කිසිදු ඉඩකඩක් නැත්තේ ගම්පියසේ සිටින්නේ පාපය කුමක්දැයි කණින්වත් නොඇසූ දේව දූතයන් සහ සුරංගනාවියන් කණ්ඩායමක් වන බැවිනි. ශුද්ධෝත්තම පිරිමින් ට තම ආත්ම දමනය පිළිබඳ සියයට සියයක්ම විශ්වාසය. ඔවුන්ගේ බිරින්දෑවරු තම සැමියන් කෙරේ තැබූ විශ්වාසය ද එලෙසමය. සමහරවිට දේවතා මණ්ඩල කිහිපයකට මේ දිනවල සුව නින්ද අහිමිව තිබෙනවා විය හැකිය. නමුත් ඇය ආසාදිතයෙකු නම් ඇයට සුදුසු වන්නේ මෙවන් පින්බිමක් ම නොවේද ?

කරුණාකර ඒඩ්ස් රෝගය තබා තුන්වැනි සිල්පදය කුමක්දැයිවත් නොදන්නා දරුවෙකු පාගා මැඩ නොදමන්න. තම දරුවන් ගේ ශුභසිද්ධිය පතන දෙමාපියන් ලෙස තවත් දරුවෙක්ට පාසල අහිමි කළ පුවත අසා හුරේ දැමීමෙන් අත්පොළසන් දීමෙන් වළකින්න.

කුලියාපිටියේ සිල්වත් පරපුරෙන් මෙසේ අසමි.

සමාජ අපවාද විඳිමින්, ඉවසා දරමින් හෝ තම පුතුට පාසලක් සොයන මේ මව කෙරෙන් නොමළ ගෙයකින් අබැටක් සොයන කිසාගෝතමියක ඔබ නොදකින්නේද ? වල්ගයෙන් ඉස මුහුද සිඳවා පැටවා බේරාගැනීමට උත්සාහ ගන්නා ලෙහෙනියන් සිටින්නේ ජාතක පොතේ පමණක්යැයි ඔබ සිතනවාද ? උපන් හැටියේ බිළිඳුන් මරා දමන, වැසිකිළි වළට විසිකර දමන, නොරැටියන්ට විකුණා දමන ගැහැණුන් අතර මේ මවගේ පුත්‍රදාරක ස්නේහය ඔබ නොදිටී ද?

එසේ නම් වැරදීමකින් හෝ පාසල් ගොස් ඇත්නම් එදා පාඩම් කළ සුභාෂිතය සහ බුදුගුණාලංකාර අමතක කර දමන්න. පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කතා වස්තුව සහ අම්බපාලි රහත් තෙරණියගේ කතා ඔබගේ දරුවන්ට කියා දීමට කරදර නොවන්න. එදා ඔබ ඇසූ මේ ගී ඔබේ දරුවාට අසන්නට දුන්නාට අරුත් පහදන්නට උත්සාහ නොකරන්න. මන්ද යත් එමගින් ඔබට අවශ්‍ය තාලයේ කුලියාපිටිය ප්‍රඩක්ෂන් එකක් බිහිකරලීමට බාධා පැමිණීමට බොහෝ ඉඩකඩ ඇති බැවිනි.

කටු අකුලේ මල් ඇහැරේ - රළු අහසේ තරු හිනැහේ
ළමයින් සුවඳයි - කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ - රන්මිණි පහනයි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Student rejected by Kuliyapitiya school over HIV suspicion, AIDS, Prevention and Awareness
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සහන් කසීර වික්‍රමසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කතන්දර
ඉරණවිල එළිය
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
කල්ලඩි පාලම පාමුල
කතන්දර
කබායක් පැළැඳි මැදිවියේ කත
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
චැප්ලින් සහ හිට්ලර්
චිර ප්‍රකට උඩු රැවුල්වල සමානත්වය හැරුණු විට චැප්ලින් සහ හිට්ලර් අතර තවත් අපූරු සමානකමක් තිබෙන බව ඔබ දන්නවාද? දෙදෙනාම මෙලොව එළිය දුටුවේ එකම වසරේ එකම... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook