Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
නිල් ඇස්
බූන්දි, 02:16:30
මම නැගිට්ටෙ දාඩියෙන් තෙත් වෙලා. මේ දැන් වතුර ඉහපු රතු ගඩොල් අල්ලපු පොළොවෙන් උණුසුම් හුමාලයක් නැඟුණා. ගිනිකණ වැටුණු, අළු පාට තටු තියෙන සමනළයෙක් කහපාට විදුලි බුබුල වටේ කැරකෙනවා. එල්ලෙන ඇ‍‍ඳෙන් බැහැපු මම සෙරෙප්පු දෙකක්වත් දාගන්නෙ නැතුව කාමරය හරහා ඇවිදගෙන ගියේ තමන්ගේ ගුලෙන් එළි බැහැපු ගෝනුස්සෙක්වත් ඉඳියි කියන බයෙන් උඩින් අඩිය තිය තියා. පුංචි ජනේලෙ ළඟට ගිය මම මේ පිටිසරබද පළාතේ වාතය ආශ්වාස කළා. විශාල, ගැහැනු රාත්‍රිය හුස්ම ගන්න හඬ ඇහෙනවා. කාමරය මැදට ආපහු ඇවිද ගෙන ගිය මම ජෝග්ගුවේ තියෙන වතුර බෙලෙක් බේසමට හිස් කරලා ඒකෙ මගේ තුවාය පෙ‍ඟෙව්වා. තෙත් කරපු තුවායෙන් පපුවයි කකුලුයි අතුල්ලලා ඇඟ පිහ දමා ගත්තු මම ඇඳුම් ඇඳ ගත්තේ ඒවාගේ වාටි වල මකුණො ඉන්නවද කියලා හොඳට බලලයි. මම කොළ පාට පඩිපෙළ දිගේ පහළට බැස්සා. නවාතැන් පොළේ දොර ගාවදී මම ඒකෙ අයිතිකාරයාගේ ඇ‍ඟේ හැප්පෙන්න ගියා. නවාතැන් පොළේ අයිතිකාරයා වැඩි කතාබහක් නැති එකැස් කණෙක්. මිනිහා වේවැල් බංකුවක වාඩි වෙලා දුම් බොනවා. මිනිහගෙ ඇහැ බාගෙට පිය වෙලා. බැරෑඬි හඬකින් මිනිහා කතා කළා:

"කොහෙද යන්නෙ?"

"හරි ග්‍රීස්මයි. මං පොඩ්ඩක් ඇවිදින්න යනවා."

"ම්.... දැන් කඩවල් වහලා. පාරේ එළියකුත් නෑ. ගේ ඇතුළට වෙලා හිටිය නම් තමයි හොඳ."


උරැහිස් අකුළලා 'මං ඉක්මනට එනවා' කියලා මුමුණපු මම අඳුරට වැදුණා. ඉස්සෙල්ලම මට කිසි දෙයක් පෙනුණෙ නෑ. ගල් අල්ලපු පාර දිගේ යන මගේ පය පැටලුණා. මම සිගරැට්ටුවක් පත්තු කර ගත්තා. එක පාරටම කලු වලාකුළක් මැදින් හඳ මතු වුණේ තැනින් තැන බිඳී ගියපු සුදු පාට තාප්පයක් එළිය කරමින්. ඒ සුදුපාටෙන් ගිනිකණ වැටුණු මම නැවතුණා. හීන් හුළඟක් හැමුවා. මම සියඹලා සුවඳ පිරිච්ච වාතය ආශ්වාස කළා. කොළවල සරසරයෙනුයි කෘමීන්ගෙනුයි පිරිච්ච රාත්‍රිය මුණුමුණු ගෑවා. උස් තණගස් වල රැහැයියෝ ලැගලා හිටියා. මම හිස ඔසවලා බැලුවා. ඉහළ අහසේ තාරකාත් වාඩිලා ගෙන. මට හිතුණේ විශ්වය කියන්නේ සංඥා සංකේත පිරුණු සුවිසල් පද්ධතියක් ය, යෝධ සත්ත්වයන් අතර කෙරෙන සංවාදයක් ය කියලයි. මගේ ක්‍රියාවන්, රැහැයියාගේ හඬ, තාරකාවල දිලිහීම, මේ හැම දෙයක්ම ඒ සංවාදයෙන් තැන තැන විසිරුණු වාක්‍ය කෑලි, විරාම සහ අක්ෂර හැර වෙන දෙයක් නෙවෙයි. මම අකුරක් පමණක් වෙච්ච ඒ වචනය මොකක්ද ? ඒ වචනය කතා කරන්නේ කවුරුද? ඒ වචනය අමතන්නේ කාටද? මම සිගරැට්ටුව පදික වේදිකාවට වීසි කළා. වීසි වෙච්ච සිගරැට්ටුවෙන් දිලිසෙන කවයක් නිර්මාණය වුණා. පුංචි ධූම කේතුවකින් වගේ එයින් කුඩා ගිනි පුළිඟු විසිරුණා.

මම හුඟ වේලාවක් තිස්සේ හෙමින් ඇවිද්දා. ඒ මොහොතෙදි මගේ තොල් වලට කොච්චර නිදහසක් ආරක්ෂිත බවක් දැනුණද කියනවා නම් ඒවා විශාල ප්‍රීතියකින් මා සමගම කතා කරන්නට වුණා. රාත්‍රිය ඇස් වලින් පිරිච්ච උද්‍යානයක්. මම පාර පනින කොට කවු‍රුදෝ දොරකින් එළියට එන හඬ ඇසුණා. හැරිලා බැලුවත් මට කාවවත් පෙනුණේ නෑ. මම පය ඉක්මන් කළා. ටික වෙලාවකින් ගල් පොළොවේ වදින සෙරෙප්පු වල වියළි හඬ මට ඇහුණා. සෑම පියවරක් පාසාම මා පිටුපසින් එන හෙවණැල්ල මට කිට්ටු කරන බව දැනුණත් ආපහු හැරී බලන්න මට වුවමනා වුණේ නෑ. මම දුවන්න වෑයම් කළා. ඒත් දුවගන්න බෑ. එකපාරටම මම නැවතුණා. ආරක්ෂාවට යමක් කරන්න ඉස්සර පිහියක තුඩ මගේ පිටේ වදිනවා දැනුණා. මෘදු කටහඬක් මගේ පිටුපසින් නැගුණා:

"ඒයි මහත්තයා හෙල්ලෙන්න එපා. හෙල්ලුණොත් මේක බස්සනවා."

"තමුසෙට මොනවද ඕනෑ ?"


හැරෙන්නෙවත් නැතිව මම ඇහුවා.

"මහත්තයාගේ ඇස් දෙක", මෘදු, වේදනාවකින් පිරුණා වගේ වෙච්චි කටහඬ උත්තර දුන්නා.

"මගේ ඇස් දෙක? මගේ ඇස් දෙක මොකටද තමුසෙට? මේ බලනවා මා ගාව සල්ලි ටිකක් තියෙනවා. ගොඩක් නෑ. ඒත් ඒ සෑහෙන ප්‍රමාණයක්. මට යන්න ඇරියොත් මා ගාව තියෙන හැමදේම තමුසෙට දෙන්නම්. මාව මරන්න එපා."

"බයවෙන්න එපා මහත්තයා මං මහත්තයව මරන්නේ නෑ. මං ඇස්‍ දෙක ගලවා ගන්නවා විතරයි."

"ඒත් ‍මගේ ඇස් දෙකෙන් තමුසෙට ඇති ප්‍රයෝජනය මොකක්ද ?"
මම ආපහු ඇහුවා.

"මගේ ගෑනු ළමයට ආසාවක් තියෙනවා. නිල් ඇස්වලින් හදාපු මල් කළඹක් එයාට ඕනෑලු. මේ පැත්තෙන් නිල් ඇස් හොයා ගන්න හරි අමාරුයි."

"මගේ ඇස් දෙකෙන් තමුසෙට වැඩක් නෑ. ඒවා දුඹුරු පාටයි."

"මාව මෝඩයට අන්දන්න ලෑස්ති වෙන්න එපා මහත්තයා. මං හොඳටම දන්නවා මහත්තයගෙ ඇස් නිල් පාටයි කියලා."

"මිනිහෙක්ගේ ඇස් උගුල්ලන්න හදන්න එපා. මං තමුසෙට වෙන දෙයක් දෙන්නම්."

"මට වෙන දෙයකින් වැඩක් නෑ. පණ්ඩිතකම් නැතුව අනෙක් පැත්තට හැරෙනවා."
මිනිහා බොහෝම රළු විදියට අණ කළා.

මම හැරුණා. මිනිහා බොහෝම කුඩා දුර්වල කෙනෙක්. තල් කොළ තොප්පියෙන් මිනිහගෙ මූණෙ බාගයක් වැහිලා. දකුණු අතේ තිබුණෙ පිටිසරබද පළාත් වල හදන ජාතියේ පිහියක්. ඒක හඳ එළියට දිලිසුණා.

"කෝ මට මහත්තයගෙ මූණ පෙන්නන්න"

මම ගිනිකූරක් ගහලා මූණට කිට්ටු කර ගත්තා. ගිනි කූරෙ එළියට මගේ ඇස් දෙක පියවුණා. මිනිහා මගේ ඇසි පිය අතින් උස්සලා බැලුවා. මිනිහට ඇස් දෙක පැහැදිලිව පෙනුණේ නෑ. කකුලෙ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ඔහු වුවමනාවෙන් මා දිහා බලන් ඉන්නවා. ගිනිකූර පත්තු වෙලා ගිහින් මගේ ඇඟිලි පිච්චුණා. මම ගිනිකූර බිම දැම්මා. ටික වෙලාවක් යනකං කවුරුවත් කතා කළේ නෑ.

"දැන් තමුසේ විස්වාසයි නේද? මගේ ඇස්දෙක නිල්පාට නෑ."

"මහත්තය හරි සූත්තර කාරයෙක් නේද?"
මිනිහා ඇහුවා. "බලමු. පත්තු කරනවා තව ගිනිකූරක්." ඔහු අණ කළා.

මම තව ගිනිකූරක් පත්තු කරලා මගේ ඇස් දෙක ළඟට අල්ලා ගත්තා. මගේ කමිස අතින් අල්ලා ගත්තු මිනිහා මට ආයෙත් අණ දුන්නා.

"දණ ගහනවා."

මම දණ ගැහුවා. ඔහු එක අතකින් මගේ කොණ්ඩයෙන් අල්ලලා ඔලුව පස්සට නැවුවා. කුතුහලයෙන් සහ දැඩි ආතතියකින් මිනිහා මා උඩින් නැඹුරු වුණා. මගේ ඇහි පිය වල ගෑවෙනකම්ම ඔහු පිහිය පහත් කළා. මම ඇස් දෙක වහගත්තා.

"ඇස් දෙක ඇරගෙන ඉන්නවා." ඔහු අණ කළා.

මම ඇස් දෙක ඇරියා. ගිනිකූරෙ දැල්ලෙන් මගේ ඇහි පිය පිච්චුණා. එක පාරටම මිනිහා මාව අත හැරියා.

"හරි, ඒවා නිල් පාට නෑ. යනවා යන්න."

ඔහු අතුරුදන් වුණා. ඔලුවට අත් දෙක තියා ගෙන මම තාප්පයට හේත්තු වුණා. වුණේ මොකක්ද කියලා හිතා ගන්න මම වෑයම් කළා. පය පැකිලෙමින් වැටෙමින් ආපහු නැගිටින්න මම උත්සාහ කළා. පාලුවට ගිය නගරය මැදින් මම පැයක් විතර දුවගෙන ගියා. නගර චතුරස්‍රයට එන කොට මට පෙනුණා නවාතැන් පොළේ අයිතිකාරයා තවමත් දොර ගාව ඉඳගෙන ඉන්න හැටි. මම ඇතුළට ගියේ වචනයක්වත් කතා නොකරයි. පහුවදා මම ඒ නගරය හැර දමා පිට වී ගියා.

(-එලියට් වෙයින්බර්ගර්ගේ ඉංග්‍රීසි පරිවර්තනයෙනි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Octavio Paz, Eliot Weinberger, The Blue Bouquet, Short Story
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඔක්තාවියෝ පාස්ගෙන් තවත් වියමන්
පරිවර්තන
යෑම සහ ඒම අතර
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook