Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
දන්ත වෛද්‍යවරයා
බූන්දි, 00:33:21
සඳුදා දවස උදාවූයේ උණුසුම්ව සහ වැස්සෙන් තොරවය. උපාධියක් නැති දන්ත වෛද්‍යවරයකු මෙන්ම පාන්දරින්ම අවදිවන්නකු වූ අවුරේලියෝ එස්කොබාර් උදෑසන හයට සිය සාප්පුව විවෘත කළේය. වීදුරු කැබිනෙට්ටුව හැර එතුළින් බොරු දත් ඇන්දක් ගත් හෙතෙම උපකරණ කට්ටලයක් ගෙන ඒවායේ ප්‍රමාණය අනුව මේසය මත පිළිවෙළින් තැබුවේ හරියට ප්‍රදර්ශනයකට මෙනි. රත්රන් බොත්තමකින් කර පියැවුණු කොලරය නැති ඉරි වැටුණු කමිසයකින් ද උරැහිස් පටිවලින් එල්ලුණු කලිසමකින් ද ඔහු සැරසී සිටියේය. ඔහු ඍජු සිහින් මිනිසෙකු වූ අතර තමන් ජීවත් වන වටපිටාවට කෙසේත්ම නොගැලපෙන, ශ්‍රවණාබාධිත මිනිසුන් කෙරෙහි වන පෙනුමක් ඔහු සතු විය.

මේසය මත උපකරණ පිළිවෙළට තැබීම අවසන් කළ හෙතෙම විදින කටුව ආසනය ළඟට ගෙන බොරු දත් ඇන්ද ඔප දැමීමට පටන් ගත්තේය. ඔහු තමන් කරන කාර්යය සිතා බලා නොකරන බවක් පළ කළද, විදින කටුවට බලය දෙන පැඩලය අවශ්‍යතාවකින් තොරව වුව පාගමින් හෙතෙම නොනැවතී වැඩ කළේය.

ජනේලයෙන් අහස බැලීම පිණිස උදෑසන අටට ඔහු සිය කාර්යය මඳකට නතර කළේය. යාබද නිවෙසේ වහළය මත කල්පනාභරිත ගිජුලිහණියන් දෙදෙනකු හිරුරැස් නාන සැටි ඔහුට පෙනිණි. ඔහු නැවත සිය කාර්යය ආරම්භ කළේ දිවා ආහාරයට පෙර නැවත වැසි ඇද වැටෙනු ඇතැයි යන සිතිවිල්ලෙන් යුතුවය. සිය එකොළොස් හැවිරිදි පුතුගේ තියුණු කටහඬින් ඔහුගේ අවධානය බිඳී ගියේය.

"තාත්තේ"

"මොකද?"

"නගරාධිපතිතුමා අහනවා තාත්තට එයාගේ දත ගලවන්න පුළුවන්ද කියලා"

"කියන්න මම නෑ කියලා."

ඔහු රත්රන් දතක් ඔප දමමින් සිටියේය. අතේ දුරින් එය අල්ලා ගත් හෙතෙම අඩවන් වූ දෑසෙන් එය පරීක්ෂා කර බැලීය. කුඩා අමුත්තන් පිළිගැනීමේ කාම‍රයේ සිට ඔහුගේ පුතා නැවතත් කෑ ගැසුවේය.

"නගරාධිපතිතුමා කියනවා තාත්තා ඉන්නවලු. තාත්තා කියන දේවල් එයාට ඇහෙනවා."

දන්ත වෛද්‍යවරයා දිගින් දිගටම දත පරීක්ෂා කරන්නට විය. කාර්යය අවසන් කොට එය මේසය මත තැබීමෙන් අනතුරුව පමණි ඔහු කතා කළේ: "ඒක වඩාත් හොඳයි."

ඔහු නැවතත් විදින කටුව ක්‍රියාත්මක කළේය. වැඩ අවසන් නොකළ දත් ඇඳි සහ කොටස් දමා තිබූ කාඩ්බෝඩ් පෙට්ටියකින් දත් ඇඳි කොටසක් ගත් ඔහු එහි වූ රත්රන් කොටස් ඔප දමන්නට විය.

"තාත්තේ"

"මොකද?"


ඔහුගේ පෙනුම තවමත් වෙනස් වී නොතිබිණි.

"නගරාධිපතිතුමා කියනවා තාත්තා එයාගේ දත ගැලෙව්වෙ නැත්නම් වෙඩි ති‍යනවා කියලා."

කිසිදු කලබලයකින් තොරව අති ශාන්ත චලනයකින් යුතුව විදින කටුවෙහි පෙඩලය පෑගීම නතර කළ ‍ඔහු මේසයේ පහළම ලාච්චුව විවෘත කළේය. එහි රිවෝල්වරයක් තිබිණි. "හොඳයි" ඔහු කීවේය. "කියන්න එයාට ඇවිල්ලා වෙඩි තියන්න කියලා."

කැරකෙන පුටුව දොරට මුහුණලා සිටින පරිදි ඇදගත් ඔහු ලාච්චුවේ කෙළවර මත සිය අත තබා ගත්තේය. නගරාධිපතිවරයා දොර අබියසට පැමිණියේය. ඔහුගේ මුහුණෙහි වම් පැත්තේ රැවුල බා තිබුණු අතර වේදනාවෙන් ඉදිමුණු අනෙක් පැත්තෙහි දින පහක රැවුලක් විය. අපේක්ෂා භංගත්වයෙන් පෙළුණු රාත්‍රී රැසක ලකුණු නගරාධිපතිවරයාගේ දීප්තියෙන් තොර දෑසෙහි දන්ත වෛද්‍යවරයා දුටුවේය. සිය ඇඟිලි තුඩුවලින් සෙමෙන් ලාච්චුව වැසූ ඔහු මෘදු ලෙස කතා කළේය.

"වාඩි‍ වෙන්න."

"සුබ උදෑසනක්."
නගරාධිපතිවරයා කීය.

"සුබ උදෑසනක්." දන්ත වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.

උපකරණ නටන ජලයෙහි තැම්බෙන තුරු නගරාධිපතිවරයා රෝගීන් වාඩි වෙන පුටුවෙහි හිඳගෙන එහි හිස රඳවනයේ හිස තබා ගත්තේය. ඔහුට පහසුවක් දැනිණි. ඔහුගේ සුසුම් දැඩි ශීතලෙන් යුක්ත විය. දන්ත වෛද්‍යවරයාගේ කාමරය දුගී පෙනුමෙන් යුක්ත විය; පැරණි ලී පුටුව, පෙඩලයකින් ක්‍රියාත්මක වන විදින කටුව සහ පිඟන්මැටි බෝතල දැමු වීදුරු කැබිනෙට්ටුව ඒ බව කියා පෑය. පුටුවට ඉදිරිපසින් වූයේ උරැහිස් මට්ටමින් තිරයක් දැමූ ජනේලයකි. දන්ත වෛද්‍යවරයා තමා වෙත ළං වනු දැනුණු නගරාධිපතිවරයා පොළොවේ තදින් පය ගසාගෙන මුව විවෘත කළේය.

අවුරේලියෝ එස්කොබාර් නගරාධිපතිවරයාගේ හිස විදුලි බුබුල දෙසට හැරවීය. නරක් වූ දත පරීක්ෂා කළ හෙතෙම ප්‍රවේසමෙන් ඔහුගේ මුව වැසීය.

"නිර්වින්දන බෙහෙත් නැතුවයි දත ගලවන්න වෙන්නේ." ඔහු කීවේය.

"ඒ ඇයි?"

"නරක් වෙච්ච දත ඇතුළෙ සැරව ගෙඩියක් තියෙන නිසා."

නගරාධිපතිවරයා ඔහුගේ දෑස දෙස එක එල්ලේ බැලුවේය. "කමක් නෑ"යි කී ඔහු සිනාසෙන්නට වෑයම් කළේය. වෛද්‍යවරයා පෙරළා සිනා සුණේ නැත. ජීවානුහරණය කරන ලද උපකරණ සහිත බේසම ගත් ඔහු එය මේසය මත තබා කුඩා අඬුවකින් උපකරණ එකිනෙක එළියට ගත්තේ කිසිදු හදිසියකින් තොරවය. ඉන් අනතුරුව කෙළ ගසන භාජනය සපත්තුවේ තුඩෙන් තල්ලු කළ හෙතෙම දෑත සෝදා ගැනීම පිණිස සෝදන බේසම වෙත ‍ගියේය. ඔහු මේ සියල්ල කළේ නගරාධිපතිවරයා දෙස නොබලමිනි. එහෙත් නගරාධිපතිවරයා ඔහු කෙරෙන් සිය බැල්ම ඉවත‍ට නොගත්තේය.

එය යටි හනුවේ ති‍බූ ඥාන දතක් විය. සිය දෙපා දෙපසට විහිදවූ වෛද්‍යවරයා උණුසුම් අඬුවකින් දත තදින් අල්ලා ගත්තේය. පුටුවේ ඇඳි තද කොට අල්ලා ගත් නගරාධිපතිවරයා සිය දෙපය මුළු වීරිය යොදා පොළොවේ ගසා ගත්තේය. අයිස් බඳු ශීතල හිස්බවක් සිය වකුගඩුවලට දැනුණ ද ඔහු නොවේ කිසිදු හඬක් නැගුවේ. දන්ත වෛද්‍යවරයා චලනය කළේ සිය මැණික් කටුව පමණි. ද්වේශයෙන් තොරව එහෙත් සැරපරුෂ මෘදුබවකින් යුතුව ඔහු කතා කළේය:

"අපේ මැරිච්ච මිනිස්සු විසි දෙනා වෙනුවෙන් දැන් ඔබතුමා වන්දි ගෙවාවි."

ජර ජර අනුකරණයෙන් සිය හනුවේ වූ අස්ථි බිඳි යන සැටි නගරාධිපතිවරයාට දැනිණි. ඔහුගේ දෑස කඳුළෙන් පිරී ගියේය. එහෙත් දත ගැලවී එළියට එන තුරුම ඔහු හුස්ම නොගත්තේය. අවසානයේ කඳුළු මැදින් ඔහු දත දුටුවේය. එය ඔහුගේ වේදනාවට කෙතරම් ආගන්තුක වීද යත් පසුගිය දවස් පහ තුළ එය කරණ කොට ගෙන තමන් විසින් විඳින ලද දරුණු වධය වටහා ගැනීමට ඔහු අපොහොසත් විය.

දහදියෙන් පෙඟී, හතිලමින් සිය කමිසයේ බොත්තම් ගැලවූ හෙතෙම කෙළ ගසන භාජනයට උඩින් නැවී කලිසම් සාක්කුවේ වූ ලේන්සුව සොයන්නට විය. දන්ත වෛද්‍යවරයා ඔහුට පිරිසිදු රෙදි කැබැල්ලක් දුන්නේය.

"ඔය කඳුළු පිහ දා ගන්න." දන්ත වෛද්‍යවරයා කීවේය.

නගරාධිපතිව‍රයා එසේ කළේය. ඔහු වෙව්ලමින් සිටියේය. දන්ත වෛද්‍යවරයා සිය දෑත සෝදන අතරතුර ගරාවැටෙන සිවිලිම ද මැරුණු කෘමීන් සහ මකුළු බිත්තර රැඳි දූවිලි වැකුණු මකුළු දැලක් ද නගරාධිපතිවරයාට පෙනිණි. සිය දෑත පිසදමමින් වෛද්‍යවරයා පැමිණියේය. "ටිකක් නිදා ගන්න" ඔහු කීවේය. "ලුණු වතුරෙන් කට සෝදන්න." නගරාධිපතිවරයා නැගී සිටියේය. සාමාන්‍ය හමුදා ආචාරයකින් වෛද්‍යවරයාට ආචාර කළ හෙතෙම දෙපා දිගහරිමින් දොර දෙසට ඇවිද ගෙන ගියේය. ඔහුගේ කමිසයෙහි තවමත් බොත්තම් දමා නොතිබිණි.

"බිල එවන්න." ඔහු කීවේය.

"ඔබතුමාටද නැත්නම් නගරසභා කාර්යාලයටද?"

නගරාධිපතිවරයා ඔහු දෙස නොබැලුවේය. දොර වැසූ ඔහු දොර පැලැල්ල මැදින් කතා කළේය:

"ඔය දෙකම එකයි."
සිත්තම- Gerard Dou
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- One of These Days, Gabriel García Márquez, Short Stories, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ගාර්ෂියා මාර්කේස්ගෙන් තවත් වියමන්
කතන්දර
දියෙහි ගිලී මළ කඩවසම්ම මිනිසා
කතන්දර
සුවිශාල අත්තටු සහිත මහල්ලා
රත්තරං ටික
උන්මාද ගමන් - හැබෑ ප්‍රේම ගමන්
රත්තරං ටික
ඒ ඔස්සේ ගොස්, යාත‍්‍රා කළ හැකි ඒ අනන්ත දියඹ මත අන්තිමේ දී ඒ දෙනෙත් රැඳුණේ ය.
රත්තරං ටික
සියක් වසක හුදකලාව
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook