Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
මැදවච්චියේ භද්‍රකාලී නම් යකින්න...
දහසකුත් ඇති නමුදු සපුරා
පතිනි වන්නට පතන දෙවොලක
භද්‍රකාලිය වීම අඳුරෙක
යකින්නක් විය තනි කැමැත්තට,

විමන බිඳදා ගියපු සුළඟට
කඩුව ඔසවන් තාම සවසට
එකම බිල්ලක් පතනවා ඇය
තරු වලල්ලට ශාප කර කර

අඳුරු මුත් ජීවිතේ කලබල
අයෙකු ආ විට ඇගේ නිවසට
පතා ආ ලෙස සසර දිගටම
දනට දෙනවා මුලු සරීරෙම

අදත් හවසට පහන් දල්වා
නුඟේ පාමුළ අඳුරු ළෙනකට
ඇගේ තරු නෙත් මලාණික කර
කියයි දුක ගස් මුල් බලාගෙන

විදා ටකරං පෙණය ඉහළට
වැස්ස දවසට ටිකක් තෙමුනට
නුගේ පාමුල ඇගේ භවනට
දේවතා එළි වඩියි අඳුරට

හීන අහුරං තනි ජනේලෙට
ඒම්,යාමද එකම දොරකට
කඩුල්ලක් නැති ඇගේ භවනෙට
පාන් පැල තුල බුදුන් තනියට

රත් මලින් සැරසිලා දොරකඩ
අත වනන වද ගසකි ඈ නෙත
බිඟු බමන මුත් ඇගේ තනියට
සුළඟ එන්නෙත් මූණ වහගෙන...
සිතුවම-Bijaylaxmi
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නගෙන් තවත් වියමන්
කවි
හෘද සාක්ෂිය - සංසාරේ දිගු මාවත්
කවි
මහළු මොණරෙකුගේ ඉල්ලීම
කවි
ආලවක ආලිංගන
කවි
අප්පච්චි මිල්ලන්ගොඩ රාජාට පැරදිණ..
කවි
ගැබ්බර කොටි දෙන කඳවුර අසල මරාදමන ලදි!
තවත් කවි බූන්දි
ප්‍රේමයක් ඇති වුණේ නෑ!
පටාචාරා
නෙළුමෙහි කුහුඹු මිනිසාට
මායිම් ගම්මානයේ ටීචර්
"මිරැන්ඩා...... මම යන්නම්"
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
BoondiLets| ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
වෙසෙස්| එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන... [More]
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
රත්තරං ටික| සොක්‍රටීස්ගේ මරණය

35-Secs

(එරික් ඉලයප්ආරච්චි) ප්‍රංශ මහා විප්ලවයේ දොරකඩ සිටිමින් ශාක් ලුයී ඩේවිඩ් (1748-1825) මේ අසහාය චිත්‍රය නිමවූයේ ය. ග්‍රීක... [More]
කතා-බස්| "මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න

6-Mins

(අනුරාධා කෝදාගොඩ) "හඳ පළුව තනි තරුව" කෘතියෙහි අප කෙතරම් සංස්කෘතික, භාෂාමය වශයෙන් කලවම් ජාතියක් ද යන්න බොහෝ තැන්වල කියැවෙනවා. කෙසේ නමුත් අපිට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook