Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
තේ
බූන්දි, 10:20:47
සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් එක අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්ප වලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුළට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කර ගෙන ඇති.

කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුණා. කිරිපාට හා දත් දෙකක් මතු වුණා. පීරිසිය උඩ කිරි කෝපි ඇබින්දක් ඉහිරුණා. තෙත සර්වියට් එක පීරිසිය උඩ වැතිරිලා කෑදරකමෙන් කෝපි බිංදු ටික ලෙවකෑව.

කණ්නාඩි කෑල්ල සුසීමට විරිත්තුවා. ලා රෝස පාට ලිප් ග්ලොස් කූර තොල් දෙක වටේ දෙපාරක් එහෙ මෙහෙ ගියා. උඩ පැනපු කොණ්ඩ කැරලි කන් පෙති පිටිපස්සෙ හැංගුණා.

තේ බන්දේසිය වඩාගන්න කොට යාන්තම් තේ කෝපි එහෙ මෙහෙට කැලැත්තුනාට බිඳක්වත් නොඉහිරවා ගන්න තරමට සුසීමා පරෙස්සම් සහගතයි. කෝපි සුවඳට වඩා සැරට දැනෙන්නෙ තේ සුවඳ. ඉස්සරහට ඇවිදන් යන කොට ඉහල ඇදෙන උණුහුම් දුමාරය පිටිපස්සට නැමෙනවා. මී මැස්සියෙක් වගේ කොරිඩෝව දිගේ කලබලෙන් දිවිල්ලේ අතරමැද දැනෙන ඒ උණුහුමට සුසීමා කැමතියි.

"අද තේ පරක්කුයි" භාෂිනී මිස් පුරුදු විදියට හීනි ඇහිබැම දෙක එකට යාකරගෙන නොරිස්සුම් හඬින් කියද්දි ආකාශ් මහත්තය රතු පාට ලැප්ටොප් එක උඩින් ඔළුව උස්සල බලනව. "භාෂිනී අක්කි මනුස්සයෙක්ට කම්ප්ලිමෙන්ට් එකක් දුන්න දවසට ඉර බටහිරින් පායයි." ඒක අහල හැමෝම හිනාවෙනව. දබරැඟිල්ල උරුක්කරල රැවුම් මූණක් හදන්න යන අතරෙ භාෂිනී මිස්ටත් හිනා යනව.

සුසීමා ආකාශ්ගෙ මේසෙ වම් පැත්තෙන් තේ කෝප්පෙ තියල පීරිසියෙන් වහනව. ආකාශ් පුරුදු විදියට වම් අත කරකවල සුසීමගෙ ඇඟිලි දෙකක් අල්ලට හිර කර ගන්නෙ ස්ක්‍රීන් එකෙන් ඇස් දෙක තත්පරේකටවත් එහා මෙහා කරන්නෙ නැතුවයි. ඊට පස්සෙ රතු පාට බාග රාමුවක් දාපු කණ්නාඩිය දකුණු අතින් චුට්ටක් පාත් කරල ඇහැක් ගහනවා.

"ම්ම්ම්හ්" මේසෙ අයිනක ගොඩගහල තිබුන ටොෆි චොකලට් කෝප්පෙකින් කිරි පාට රවුම් චොකලට් දෙකක් සුසීමගෙ අත ගාවට තල්ලු වෙනව.

"ආ… සුසීමා, මෙයා අද අලුතෙන් ආවෙ." ආකාශ් අකුරකවත් ගස්සන්නෙ නැතිව රොබෝ කටහඬකින් කියනවා. තඹ කොණ්ඩාකාරියක් සුසීමා දිහා බලලා කට කොණක් ඇදකලා. පණ කළඳක් නැති බළල් ඇස් දෙකක්.

"මිස්ට මොන්වද ගේන්නෙ?"

"ග්‍රීන් ටී තියනවද?"

"අරං එන්නම්." සුසීමා හිස් බන්දේසිය අරගෙන, කොරිඩෝව දිගේ තාලෙට අඩි තියන කොට සාක්කුව පතුළෙ තියෙන චොකලට්ටු දෙක උඩ පනිනවා.

අවුරුද්දකට විතර කලින් හිටියා මින්ට් සුවඳ තේ බොන, කූරු කරාබු දාන මිස් කෙනෙක්. සුසීමාට මින්ට් සුවඳ අපුලයි. කොල පාට කියන්නෙ තේ වලට ගැලපෙන්නෙම නැති පාටක්.

සුසීමා තේ බොන්නෙ ලා දුඹුරු පාට මග් එකක. ආකාශ්ගෙ මේසෙ දිගේ තල්ලු වෙලා ආපු හතරැස් කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුළෙන් එළියට ආපු මග් එකක. ඉක්මණින් තේ උගුරක් බීපු සුසීමා බන්දේසියේ හරි මැදින් ග්‍රීන් ටී එක තියා ගෙන තාලයක් නැති කලබල පියවර වලින් ඉස්සරහට දුවගෙන යනවා..

ආකාශ් තඹ කොණ්ඩාකාරියගෙ පුටුව ඉහළින් නැමිලා කතා කරමින් ඉන්නේ පරිඝණක තිරේට එබී ගෙන. සුසීමා තේ කෝප්පෙ මේසෙ උඩින් තියන කොට පීරිසිය කෝප්පෙ ගැටිලා ‘ක්ලන්- ක්ලන්ක්’ හඬක් නික්මුණා. ආකාශ් පරිඝනක තිරේ දිහා බලා ගෙනම, සුළු ගැස්සීමක්වත් නැතිව අල්ලා ගෙන උන්නු අහස් නිල් පාට නියපොතු ඇති සිහින් දිගු ඇඟිලි දෙක මුදා හැරියා.

සුසීමා හිස් කෝප්ප පුරවාපු බන්දේසිය වඩා ගෙන කොරිඩෝවට පා වුණා. හිස් කෝප්ප, තේ, කෝපි පුරවාපු කෝප්ප වලට වඩා බරට දැනුණා.

සුසීමා ලා දුඹුරුපාට මග් එක අතට ගන්න කොට තේ එක ඇල් වතුර තරමටම හීතල වෙලා. ඉඟුරු සුවඳක් දැනුණෙත් නෑ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Kathandara, Sinhala Katha, Sri Lankan Short Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
යශෝධා සම්මානි ප්‍රේමරත්නගෙන් තවත් වියමන්
කතන්දර
විරාම ලකුණු
කතන්දර
දොළොස්දාහක්
කරන්ට්ස්
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?
කතන්දර
නොපිරවෙන හිස්තැන්
කතන්දර
අනුකම්පා විරහිත විහිළුකාරයෙක්
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook