Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පරිවර්තන කවි
පිය නොනගනුය ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව
බූන්දි, 23:06:06
පිය නොනගනුය ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව,
ගිනිගත යුතුය බුර බුරා මහලු විය අවසන් වන විට දවස;
සටන් කරනුය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව.

අවසාන මොහොතට ළංවූ නැණැති දන
දත් වුවද ළඟ එන අඳුර වළකනු නොහැකි වග,
නොනැගුණු හෙයින් ඔවුන්ගේ වදන් කිරියට
පිය නොනගති ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව.

දියතෙහි දිවි ගෙවන අවසන් සුදන ගණ,
'කළ හැකිව තිබිණිද කෙතරම් යහපත් කිරිය'
හඬ නගා වැලපෙමින් ඒ ලෙසට කියමින
සටන් කරතිය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව.

අතින් අල්ලා නැගෙන ඉර, ගී ගැයූ නොදැමි දන
පමාවී වැටහී සොවින් මරු නිසැකවම එන වග,
පිය නොනගති ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව

අඳව යන දෙනෙතින් බලන, මරණය අබිමුවැති නිසල දන
බැබළෙනු හැකිය ඒ නෙත්වලට ප්‍රීතියෙන් උල්කා ලෙසින,
සටන් කරතිය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව

මා පියාණෙනි රැඳී සිටිනා ඒ දුක්ඛිත මොහොත අබියස
යදිනෙමි ඉතින්, ශාපකරනා ලෙස ආසිරි පතන ලෙස මහට
ඔබේ බියකුරු කඳුළුවැල් වගුරමින.
පිය නොනගනුය ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව.
සටන් කරනුය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව.

ඩිලාන් තෝමස් (1914-1953)-

විසිවැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම වෙල්ෂ් ජාතික කවියෙකු ලෙස ගැනෙන ඩිලාන් තෝමස් නූතන ඉංගිරිසි කවීන් අතර උසුලන්නේ අද්විතීය ස්ථානයකි. අවුරුදු තිස් නවයක් වැනි කෙටි ජීවිත කාලයක් තුළ ඩිලාන් තෝමස් විසින් කරන ලද කාව්‍ය නිර්මාණ ලෝක සාහිත්‍යයේ සිය ලකුණ රඳවා ඇත.

Do not go gentle into that good night නමැති මෙම කවිය, මරණ මංචකයේ සිටි තම පියා වූ ඩේවිඩ් ජෝන් තෝමස් අමතමින් ඩිලාන් තෝමස් විසින් ලියන ලද්දකැයි කියැවේ. තරුණ වියේදී ශක්තිමත් මිනිසෙකුව සිටි තම පියා දුර්වලව, අඳ වූ දෙනෙතින් යුතුව මරණ මංචකයේ වැතිර සිටින විට, මරණය නමැති රාත්‍රියට සටනක් නොකර පිය නොනගන ලෙසටත්, මරණයට පහසුවෙන් යටත් නොවන ලෙසටත් කවියා ඔහුට ආයාචනා කරයි.

යහපත් මිනිසුන්, නොදැමි මිනිසුන්, නුවණැති මිනිසුන් සහ නිසල, බැරෑරුම් මිනිසුන් මරණයට මුහුණ දෙන විවිධ ලීලාවන් ගෙනහැර දක්වන කවියා සිය පියාට කියනුයේ මරණය නමැති සුබ රාත්‍රිය වෙත සන්සුන්ව පිය නොනගන ලෙසත් මිය යමින් ඇති ආලෝකයට විරුද්ධව වියරුවෙන් මෙන් සටන් කරන ලෙසත්ය.


සිතුවම- LEGA, Silvestro
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Do not go gentle into that good night by Dylan Thomas
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පරිවර්තන කවි
යෑම සහ ඒම අතර
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
අදේශපාලනික බුද්ධිමතුන්
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook