Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
බාල ස්කාගාරයක මත්පැන් බෙදනවා වගේ බොළඳ හාස්‍යයෙන් වර්තමාන වේදිකාව පිරිලා..!- අකිල සපුමල්
බූන්දි, 21:16:22
අකිල ප්‍රකාශන මාධ්‍යක් විදිහට නාට්‍ය කලාව තෝරා ගන්නේ ඇයි?

ග්‍රීසියේ නාට්‍ය කලාව උපත ලබන කොට පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදය එරට ස්ථාපිත කරන්නත් ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය පුරුදු කරන්නත් නාට්‍ය උළෙලවල් පැවැත්තුවා. නාට්‍ය කලාව හොඳ ප්‍රකාශන මාධ්‍යක් කියලා ඒකෙන් තේරෙනවා. අපේ රටේ නම් අද ඒකේ අනිත් පැත්ත. එන්න එන්න ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යන හැටි අද නාට්‍ය කලාවට දීලා තියෙන තැන දැක්කම පේනවා. මිනිස්සුන්ට කැමති දෙයක් නිර්භයව කලාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් එකම කලාව නාට්‍ය කලාවනේ. සජිවීව එම හැඟිම් අත්විඳින ප්‍රේක්ෂකයන්ට තම වටාපිටාව ගැන අවදියෙන් තැබිමට අවශ්‍ය ඥානය නාට්‍යයෙන් ලබා දෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ හැඟිම් ඉතාමත්ම සොඳුරු විදියට පිට කරගන්න තියෙන තැනක් වේදිකාව සහ ප්‍රෙක්ෂාගාරය. මිනිස්සු තමන්ගේ හැඟිම් පිට නොකර හිර කරගත්තම තමයි අශෝභන අශීලාචාර දේවල් පිට වෙන්නේ. සජීවි කලාවක් වන නාට්‍ය කලාව තුළ ඇති මෙම ශක්‍යතාවය සහ ප්‍රබලත්වය නිසා තමයි මම මේ කලාව නියෝජනය කරන්නේ.

නාට්‍ය කලාව ප්‍රබල කලා මාධ්‍යයක් ලෙස විස්වාසකරන ඔබ එය යොදා ගන්නේ කුමන අරමුණකින්ද?

නාට්‍ය කලාව බැරෝ මිටරයකට සමානයි කියලා ස්පාඤ්ඤ ජාතික ගාර්ෂියා ලෝකා කියලා තියෙනවා. මමත් ඒක පිළිගන්නවා. බැරෝ මිටරයෙන් කරන්නේ පීඩනය මනින එකනේ. සමාජයේ පීඩන තත්ත්වය නාට්‍ය කලාව තුළිනුත් බලන්න පුළුවන්. අනෙකුත් කලාවන් තුළ මෙවැනි දේ කරන්න බෑ. සමාජයක් නිතර එකිනෙකා ගැන ලෝකය ගැන විශ්වය ගැන දක්වන ආකල්පය තමයි නාට්‍ය තුළින් විදහා දැක්වෙන්නේ. දේශපාලනය, ආර්ථීකය, සමාජය, ආගම, මිනිස් සිත නාට්‍ය මගින් කියවන විදිය අපුරුයිනේ. ඒ තුළ සෞන්දර්ය තියෙන නිසා හදවතට කා වදිනවා. සමාජයට වැඩදායී විදිහට දන්නෙම නැතුව මිනිස්සු වෙනස් වෙනවා. ඒකනේ ඇරිස්ටෝටල් කිව්වේ නාට්‍ය මඟින් මිනිසාගේ සිත පිරිසිදු කරනවා කියලා.

මගේ නාට්‍ය කලාවේ අරමුණත් ඒකම තමයි. මම මගේ නාට්‍ය තුළ සෞන්දර්ය මතු කරගන්න හුගක් හිතනවා. අර්ථය එළිපිට ගෙන එන්න උත්සාහ කරන්නේ නෑ. රසය විඳින්න විඳින්න දන්නේම නැතුව අර්ථය හදවතට කාවදින රංග ක්‍රමයක් තමයි මම යොදා ගන්නෙ. මං හිතනවා ලාංකික සමාජය තුළ නාට්‍ය කලාව අනෙකුත් කලාවන් ඉක්මවා පෙරට එන දිනක මං කියන්නේ ජනතා සහභාගිත්වය පෙරට එන දිනක මේ රට නොස්තු විදිහට වෙනස් වෙනවා.

නාට්‍ය කලාව අධ්‍යයනය කළ යුතු විෂයයක් ලෙස ඔබ සිතනවද?

නාට්‍ය කලාව රස විදිය යුතු දෙයක්. රසය විඳින්නේ ප්‍රෙක්ෂකයන්. ඒයාලට නියම රසයක් ලබා දෙන්න අධ්‍යයනය වැදගත්. නෝ නාට්‍ය, සංස්කෘත, ග්‍රික, කබුකි වගේ හැම නාට්‍ය සම්ප්‍රදායකම ආරම්භයේ ඉදන්ම අධ්‍යයනය, අභ්‍යාසය වැදගත් කියලා සලකනවා. ඒහෙම බැලුවම නාට්‍ය කලාවේ නිරතවන්නෝ අනිවාර්යයෙන්ම නාට්‍ය කලාව අධ්‍යයනය කිරීිම කළ යුතුමයි. ප්‍රෙක්ෂකයන් ද නාට්‍ය ශෛලිය, ආකෘතිය, රූපණය, රස භාව පිළිබඳ යම් තරමකින් හෝ දැනුවත් නම් ඔහුගේ රසඥතාවය තිව්‍ර වෙනවා. නමුත් කලාත්මක සොඳුරු නිර්මාණයක් රස විඳීමට අධ්‍යයනය කළ යුතුම නෑ. නාට්‍ය කලාව සජිවි ප්‍රකාශන මාධ්‍යයක් නිසා ප්‍රේක්ෂකයෝ කවමදාවත් නාට්‍යයක් තනිවම රසවිඳන්නේ නෑ. සමුහිකවයි රස විඳින්නේ. කෝළම්, සොකරි බලන්න අපේ ගැමියන්ට අධ්‍යයනයක් තිබුණෙ නැනේ. ඒහෙත් ඔවුන් හොඳ තෘප්තියක් ආස්වාදයක් ලැබුවා.

තරුණයෙකු ලෙස ඔබ ඔබට පෙර පරම්පරාවල නාට්‍ය නිර්මාණ දකින්නේ කෙසේද?

ඒ කාලේ නාට්‍යකරුවන්ට වඩා දැන් නාට්‍යකරුවන් මුහුණපාන ගැටළු අධිකයි. මහචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම, ආර්. ආර්. සමරකෝන් වගේ නාට්‍ය කරුවන්ගේ ගුණාත්මක හොඳ නාට්‍ය රටේ අස්සක් මුල්ලක් නෑර පෙන්නුවට අද ගුණාත්මක නාට්‍යයක් පෙන්නන එක හරිම අසිරු දෙයක්. ප්‍රසිද්ධ මුහුණක් නැතුව නාට්‍ය දුවවන්න බැරි තැනකට අද ලාංකාවේ නාට්‍ය කලාව පත් වෙනකොට ඉන් අපි විශාල අර්බුදයකට පත් වෙලා තියෙනවා. රාජ්‍ය මැදිහත්විම එන්න එන්න අවම වෙද්දි සහ හවස පැය තුන හතර මිනිස්සුන්ට සල්ලි බෙදමින් රූපවාහිනියේ වහල්ලු බවට පත් කරන බිස්නස් එක ජයටම කෙරිගෙන යන සමයක මට හිතෙනවා පෙර සිටිය නාට්‍යකරුවන් කොතරම් වාසනාවන්තද කියලා. එකල නාට්‍යකරුවන් අනුගමනය කළ ගුණාත්මක ප්‍රවේශය අද නාට්‍යකරුවන් බොහොමයකගෙන් ගිලිහි ගිහින් තියෙනවා. මෙම තත්ත්වය වෙනස් කළ යුතුයි.

වර්තමානයේ ශ්‍රි ලාංකික වේදිකාව ඔබ හඳුනාගන්නේ කුමන ආකාරයෙන්ද?

දැන් වේදිකාවත් මෙගා වෙලානේ. වේදිකාව තියෙන්නේ පර්යේෂණ කරන්න. අලුත් දේ නිර්මාණය කරන්න. ප්‍රෙක්ෂකයාගේ සිතුවිලි වලට සෞන්දර්ය එකතු කරන්න. බාල ස්කාගාරයක මත්පැන් බෙදනවා වගේ බොළඳ හාස්‍යයෙන් වර්තමාන වේදිකාව පිරිලා. මේ තත්ත්වයෙන් සිංහල වේදිකාව මුදාවා ගන්න හොඳ නිර්මාණ එක පිට එක බිහි කරගන්න වෙනවා. කොමඩි හොඳයි. මොලියර්, ඇරිස්ටොෆානිස්, බෙන් ජොන්සන් වැනි කොමඩි නාට්‍ය කරුවන්ගේ නාට්‍ය අදත් හැම රටකම නැවත නැවත නිෂ්පාදනය වන්නේ එහි ඇති ජිවන දෘෂ්ටියත්, අර්ථවත් බවත් නිසානේ. අපේ කොමඩියත් ගුණාත්මකව පෝෂණය විය යුතුයි. නාට්‍ය රචනය කියන්නේ ලෝකයේ අසීරුම කටයුතුවලින් එකක්. දවසෙන් දෙකෙන් නාට්‍ය ලියන්න බෑ. අවර ගණයේ නාට්‍ය රචනා දැන් වැහි වැහැලා. මේකෙන් වෙන්නේ හොඳ ප්‍රෙක්ෂකාගාරය එන්න එන්න අඩු වෙන එකයි, බාල රසයට කැමති අය එන්න එන්න වැඩි වන එකයි.

මොකද්ද මේ Mask Theatre 2015 නාට්‍ය උළෙල?

මම අවුරුදු 12 ක් තුළ නිර්මාණය කළ නාට්‍ය වලින් නාට්‍ය නිර්මාණ හතරක් දින හතරක් තුළ ඉදිරිපත් කරන නාට්‍ය උළෙලක් තමයි Mask Theatre 2015 නාට්‍ය උළෙල විදිහට නම්කල තියෙන්නේ. 2012 වර්ෂයේ නවකයන් පෝෂණය කරන්න රංග වැඩමුළු පවත්වන්න මං ආරම්භ කරපු නාට්‍ය කණ්ඩායම තමයි Mask Theatre. ඔවුන්ගේ පූර්ණ සහභාගිත්වය ඇතුව ලහිරු රන්දික ලියනගේ තමයි මේ උළෙල සංවිධානය කරන්නේ. ග්‍රීක නාට්‍ය රචක යුරිපිඩිස්ගේ නාට්‍යයක් ආරියවංශ රණවීරයන් පරිවර්තනය කරනවා 'බැකී' නමින්. ග්‍රික නාට්‍ය කලාවේ ප්‍රභවයට මුලික වන දියෝනීසස් දෙවියන් පාදක කරගෙන ගලායන අපුර්ව කතා සන්දර්භයක් තමයි බැකී තුළ තියෙන්නේ. ඒ වගේම මගේම ස්වතන්ත්‍ර නාට්‍ය නිිර්මාණ දෙකක් වන 'හිනාවෙලා මිනිත්තුවක්' සහ 'රාවණ ආදරයේ හුස්ම ළඟ' නාට්‍යයත් මරදාන ටවර් රඟහලේදි වේදිකාගත වෙනවා. ඒ වගේම නාට්‍ය උළෙලේ අවසන් දිනයේ නාට්‍ය රඟ දැක්වෙන්නේ බොරැල්ල පුංචි තියටර් රඟහලේ සිව්වන මහලේ. ප්‍රොසිනියම් වේදිකාව බැහැර කරන නව රංග ආකෘතිය සහිත 'විකාරම හැන්දෑව', ආචාර්ය ආරියවංශ රණවීරයන්ගේ සංකල්පනා මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඕනෑම ස්ථානයක් රංගභුමියක් බවට පත් කරගෙන ප්‍රෙක්ෂකයාට උසස් රසවින්දනයක් ලබාදීමේ අරමුණින් නිර්මාණය කරපු එකක්. මෙම නාට්‍ය උළෙලේදී 'විකාරම හැන්දෑව' නාට්‍ය නොමිලේ පෙන්වීමට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා.

ඔබගේ අලුුත් නාට්‍ය නිර්මාණයකුත් මේ තුළ තියෙනවාද?

ඔව්. මගේ හිනාවෙලා මිනිත්තුවක් අලුත්ම නාට්‍යයි. යථාර්ථවාදි රංග ශෛලිය නව ප්‍රවේශයකින් අත්හදා බලන නිර්මාණයක් හිනාවෙලා මිනිත්තුවක්. මේ තුළ සරල රංග ආකෘතියක් භාවිතා කරලා තියෙනවා. මගේ නිර්මාණ හතර තුළ සංගීත අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් කටයුතු කරනවා. ඒ රාජ්‍ය සම්මාන ලාභි ළහිරු මාඩිවිල සහ ප්‍රබෝධ බුද්ධිප්‍රිය. විශේෂයෙන් කියන්න ඕනා මෙම නිර්මාණ හතර ආකෘතිමය වශයෙනුත් අන්තර්ගතය වශයෙනුත් වස්තු විෂය අතිනුත් වෙනස්.

මෙවැනි වටපිටාවක නාට්‍ය කිහිපයක් එකතුකරගෙන මේ වගේ වැඩක් කරන්න හිතුවේ ඇයි?

නාට්‍ය කලාව ක්‍රම ක්‍රමයෙන් ජනතාවගේ මිත්‍රයෙක් කිරිම තමයි මගේ අරමුණ. ඒ සඳහා මගේ කණ්ඩායමට කළ හැකි උපරිමය සිදු කරගෙන යනවා. නාට්‍ය කලාව සමාජයේ බලාත්මක කිරිම යුගයේ අවශ්‍යතාවයක් ලෙස මා දකිනවා. මෙරට ප්‍රධාන පෙළේ නාට්‍ය උළෙවල් දෙකක් පැවැත්වෙනවනේ. එකක් රාජ්‍ය නාට්‍ය උළෙල. අනෙක යෞවන සම්මාන උළෙල. රාජ්‍ය මාධ්‍ය වලින්වත් නාට්‍ය කරුවන්ට තමන්ගේ නාට්‍ය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න අවස්ථාව නොදෙන හා නිසි ගෞරවය නොදෙන තත්වයක අපි කල්පනා කලේ ගෞරවාන්විතව හොඳ වැඩක් කිරීමටයි. මෙම නාට්‍ය උළෙලේ විශේෂත්වය තමයි මෙම සිව් දින තුළ නාට්‍ය කලාවට විශාල මෙහෙයක් ලබා දෙමින් සිංහල වේදිකාව පෝෂණය කළ කලාකරුවන් 12කුට 'උත්තම අභින' නමින් සම්මාන ලබා දීම. ඔවුන්ට නිසි ගෞරවය ඉහළ තැන්වලින් නොලැබුනත් අප ඔවුන්ට කළ ගුණ සලකන්නේ හදපිරි සතුටකින් හා සෙනෙහසකින්. ඒ නිසා අපුරු වු සුන්දරත්වයක් ප්‍රහර්ෂයක් මෙම නාට්‍ය උළෙල නැරඹීමෙන් ප්‍රේක්ෂකයාට ලබා ගෑනීමට පුළුවන් වේ යැයි මම විශ්වාස කරනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Akila Sapumal, Rawana Adaraye Husma Langa, Hinawela Miniththuwak, Wikarama Handawa, Sri Lankan Drama, Sinhala Drama
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජන්ත අලහකෝන්ගෙන් තවත් වියමන්
කතා-බස්
මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු
Cine
කියවිය යුතු සැබෑ ඉතිහාසයක්- ඔබ නැතිව ඔබ එක්ක
රංග
ජොගින් පාත් මිස රඟහලක් නැතිව ගිය කොලොම් පුරේ සිරි..!
රංග
අප අතර සිටින ජන හතුරා හදුනාගැනීමට.... ජන හතුරා
Cine
සිරි දළදාගමනය ගැමියාට අපහාස කිරීම
තවත් රහ කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඩේවිඩ් ක්‍රොනන්බර්ග් (කැනේඩියානු සිනමාකරු) කියයි.
වාරණ බලධාරීන් කරන්නේත් උමතු රෝගීන් කරන දෙයයි. ඔවුන් යථාර්ථය, මායාව හා පටලවා ගනී.
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook