Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
හිරු යොවුන් කතා සහ ලාංකේය යොවුන් සාහිත්‍යය
ඉකුත් ජුනි මස කුරුණෑගල දී, ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්තගේ, 'හිරු යොවුන් කතා මාලාව' එළිදැක්වීම නිමිත්තෙන් සමන් අතාවුදහෙට්ටි විසින් පවත්වනු ලැබූ දේශනය.
බූන්දි, 04:34:54
රාජකාරි කටයුතු මැද්දේ හිරවෙලා ඉන්දැද්දි 'හිරු යොවුන් කතා' වෙනුවෙන් මේ දේශනය කරන්න කියල කරපු ආරාධනය මම පිළිගත්තේ හේතු දෙකක් නිසා. එකක් මේක ළමයින්ගෙ නැත්නම් යොවුන් පරපුර වෙනුවෙන් කළ නිර්මාණයක් වීම. අනෙක මේ කෘති සඳහා කර්තෘවරුන් දෙදෙනෙක් සම්බන්ධවීම. මේ කාරණා දෙකම මාගේ ජීවිතයට බොහෝම සම්බන්ධයි. සමීපයි.

70 දශකයේ මුල් කාලේ, 1972 විතර අපි ගුවන් විදුලියේ 'ළමා පිටිය' ඔස්සේ විවිධ නිර්මාණ ඉදිරිපත් කලා. ඔය කාලේ දවසක ගුවන් විදුලියේ 'ළමා රංග පීඨයේ' නිෂ්පාදක මහින්ද අල්ගම, මගෙන් ඉල්ලීමක් කලා කාලෝ කොලිඩ් කියන ඉතාලි ජාතිකයා ලියපු පිනෝකියෝ කතාව ආශ්‍රය කරගෙන ගුවන් විදුලි ළමා රංග පීඨයට මාලා නාට්‍යයක් නිර්මාණය කරන්න කියලා. ඒ නාට්‍ය රචනා කරන වැඩේට මම කරුණාතිලක හඳුවලත් හවුල් කරගත්තා. නවකතාවක් එහෙම නැත්නම් කෙටි කතාවක් ඇසුරෙන් රේඩියෝ නාට්‍යයක් එහෙම නැත්නම් චිත්‍රපටි තිරනාටකයක් ලියන්න දෙන්නෙකුට එතරම් අපහසු නෑ. පිනෝකියෝ කතාව ඇසුරෙන් රූකඩ පැංචා මාලා නාටකය හා ලන්දේසි දූපත නම් වූ ස්වතන්ත්‍ර නිර්මාණය රේඩියෝවේ ළමා රංග පීඨය සඳහා නිර්මාණය කලා. අද පරම්පරාවේ උදවිය නම් මේ නාට්‍ය ගැන දන්නේ නෑ. ඒත් ඔයාලගෙ අම්මල තාත්තල ආච්චිල සීයල මේ ගැන දන්නවා.

ජිල්ජෝනා සහ වැන්දබෝනා චරිත නිරූපනය කල මේ ලන්දේසි දූපත නාට්‍ය තමයි ලංකාවේ රේඩියෝ ඉතිහාසයේ විකාශනය වූ දීර්ඝතම ළමා නාට්‍යය ඒ වගේම ජනප්‍රියතම ළමා නාට්‍යය. අවුරුදු හයකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව මේ නාට්‍ය විකාශනය වුනා. මුල් මාස කීපයේ අපි දෙන්න එකට ඉඳගෙන ඒ ඒ සතියේ නාට්‍ය කොටස නිර්මාණය කලා. ඊට පස්සේ එක සතියක කොටස මම ලියනව ඊලඟ සතියෙ කොටස හඳුවල ලියනවා. එක් එක් කොටස කවුරු ලිව්වද කියල හොයාගන්න පුළුවන් වුනේ අත්පිටපතේ අකුරුවලින් විතරයි. දෙන්නෙක් එකතුවෙලා නව නිර්මාණයක් කරද්දී ඒ වගේ ආත්මීය නිර්මාණ බන්ධයක් ඇතිවුනොත් විතරයි ඒක සාර්ථක වෙන්නේ. ඒ නිසා දෙන්නෙක් එකතුවෙලා කරපු සාහිත්‍ය නිර්මාණ ඉතා අඩුයි. නවකතා ගත්තොත් මුළු ලෝකෙම තියෙන්නේ ස්වල්පයයි. අපේ රටෙත් එහෙම අවස්ථා විරලයි. මීට අවුරුදු දහයකට විතර කලින් සුනේත්‍රා රාජකරුණානායකත් සමඟ මම මේ අසීරු අභියෝගයට මුහුණ දුන්නා. ඒ හෘද සූත්‍රය නම් වූ නවකතාව නිර්මාණය කරමින්. මගේ පෞද්ගලික අත්දැකීම් පදනම් කරගෙන මේ කරුණු ගෙනහැර පෑවේ දෙන්නෙක් එකතුවෙලා ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක ගැන ඔබේ සිතේ කිසියම් ම හෝ කුකුසක් විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒක දුරුකරගන්න. ඒ වැඩේ කරන්න පුලුවන්. ඒක තමයි. ජයන්ත කහටපිටිය, චමින්ද ක්‍රිෂාන්ත ඒක කළේ. හැබැයි මේක අසීරුයි, අභියෝගාත්මකයි. ඒ වගේම තමන් නිර්මාණය කරන චරිත පිළිබඳව සියයට සීයකම අවබෝධයකින් සිටිය යුතුයි. සහෝදර ලේඛකයාගේ ලේඛිකාවගේ මතයට ගරු කිරීමට පමණක් නොව ඒ මත ප්‍රතිෙක්ෂ්ප කිරීමටත් ශක්තියක් තිබිය යුතුයි. නිර්මාණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ මේ සියළු කරුණු මතයි. ජයන්තත්, චමින්දත් මේ අසීරු අභියෝගය ජයගනිමින් හිරු යොවුන් කතා මාලාව නිර්මාණය කරනවා. සමහර විට ඔවුන් මෙය යොවුන් කතා මාලාවක් ලෙස හඳුන්වන්නට ඇත්තේ මෙහි එන චරිත යොවුන් විය දක්වා තවත් ඉදිරියට ගෙනියන්නට අපේක්ෂාවක් ඔවුන්ගේ සිත් තුල ඇති නිසා වෙන්න ඇති. හැබැයි තාමත් මුල් කතා පොත් දෙකේ දී අපිට හමුවෙන්නේ ළමා ලෝකය.

රිදී බැඳී ඇල මිටියාවතේ හොඳ අත්තම්මගෙ ආදරයත්, කැලණිවැලියේ රෝස ආච්චිගෙ ආදරයත් විඳින දරු කැලකගේ අපූරු අත්දැකීම් ගණනාවක් මේ කෘති දෙකට ඇතුලත් වෙනවා. ඔවුන් අතරට අහම්බෙන් පැමිණෙන හිරු මේ චරිත අතර ප්‍රධාන චරිතය බවට පත්වෙන්න නිතැතින්මයි. හිරු කවුද, එන්නෙ කෙහේ ඉඳලද ඔහුගේ පවුලේ තොරතුරු මොනවාද ඒ සියල්ල අභිරහසක් සේ සඟවා ගනිමිනුයි මේ කතා මාලාව ඉදිරියට ඇදෙන්නේ. පොතේ සඳහන් වන පූර්ව කථනය මම මෙහි දී උදෘත කරගන්න කැමතියි.

"මීට දශක තුනකට පමණ පෙර එක්තරා දිනයක රිදීබැඳි ඇල මිටියාවතට අපූරු ළමයෙක් අමුත්තෙකු සමඟ පැමිණියේය. ඒ ළමයා තමයි හිරු. හිරු කාගේ කවුද? කොහෙන්ද ආවේ කියන එක තාමත් රහසක්. හැමෝම හිරුව හඳුනන්නේ ගහකට ගොඩවුණාම කකුල් වෙවුලන, නාසය අතින් මිරිකගෙන වතුරෙ ගිලෙන පුංචි දේටත් ඇස්වල කඳුළු පුරෝගන්න ළමයෙක් විදියට. හිරු වීරයෙක් ද නැද්ද කියන එක පොත කියවන ඔබයි තීරණය කරන්න ඕනෑ."

මේක තමයි පොතේ එන පූර්වකථනය. සිංදු කියන නංගී, චුට්ටන් බිම්මල, මද්දු, කතා නැති පබළු, හෝඩියේ ළමයා, ඉලන්දාරි ළමයා, ගලිවර් ආතා වගේ චරිත විතරක් නෙමෙයි; සිල්ගත් පූසා, ගල්මල් ඉබ්බා ආදී සත්ව චරිතත් මේ කතාවේ දී අපිට හමුවෙනවා. ළමා මනස අවදිකරවන හා උනන්දු කරවන සරල බස් වහරක් ජයන්තත්, චමින්දත් යොදා ගන්නවා. ඒ නිසා අවුරුදු අටේ ඉඳලා අසූව දක්වා ඕනෑම ළමයෙකුට මේ මම වගේ ළමයෙකුට වුනත් කම්මැලිකමකින් තොරව පොත කියවන්න හිතෙනවා. පොතට යොදා ඇති මාතෘකා වගේම අනු මාතෘකාත් අපේ කුතුහලය වඩවනවා. මේ මාතෘකා කීපය අහන්න.

"අරුම පුදුම නමත් තියෙන ළමයෙක්"
"සුළගේ නැගී ආ සරුංගල් උකුස්සා"
"අහුලාගත් ප්‍රහේලිකාව"
"බෙරගෙදර කුරුල්ලෝ"


මෙන්න ඒ වගේම අනු මාතෘකා කීපයක්....

"රෝදහතරෙ ඉබ්බා පිට ආ ළමයා"
"සවන්දෙන උණ පඳුර"
"එකේ පංතියේ සිට එන ඇවිදින කෝච්චිය"
"එපා කරපු කජු ගහ"
"වැව මැද්දේ ලිං පේළිය"
"කව්බෝයි හැට් එකක් පැලඳ සිටින උස ජේත්තු කාරයා"
"ඉත්තෑ ගෙදර ළමයි"


ජයන්ත කහටපිටියගේ සහ චමින්ද ක්‍රිශාන්තගේ මෙම ව්‍යායාමය අප අගය කල යුත්තේ මේ කතා මාලාව තව ඉදිරියට ගෙනයාමේ අවකාශයන් ගණනාවක් ඔවුන් විවර කරගෙන තියෙන නිසයි. ඒ ඔස්සේ මීටත් වඩා සාර්ථකලෙස ඉදිරි නිර්මාණ කරන්න ඔවුන් දෙදෙනාට හැකිවේවායි. කියා මම ප්‍රාර්ථනා කරනවා.

මේ ප්‍රාර්ථනාව ඔස්සේ මේ කෘති දෙකේ දුටු අඩුපාඩු ගැන කතා කරන්නත් කැමතියි.

මෙවැනි අතපසුවීම් වෙන්නේ නිර්මාණය පිළිබඳව අවධානය ගිලිහී යෑමෙන්. සිත්තම් වල දී පමණක් නොව රචනයේ දී ද එවැනි අතපසුවීම් පෙනෙන අවස්ථාවන් කීපයක් තියෙනවා. ඒ නිසා ඒ වගේ සියුම් තැන් පිළිබඳව ඉදිරි නිර්මාණයන් හි අවධානය යොමුකරන්න යැයි මම ජයන්ත ගෙන් හා චමින්දගෙන් ඉල්ලා සිටින්න කැමතී. එක්තරා පැත්තකින් බැලුවොත් චමින්දත් ජයන්තත් මේ උත්සාහ කරන්නේ උඩුගම්බලා පීනන්න. ළමා පරපුරට හරවත් දෙයක් දායාද කරන්න. මේ වගේ නිර්මාණ කාර්යයන් වැදගත් වෙන්නේ මේවයින් ළමා පරපුරට ලබාදෙන්නෙ පොතක් නැත්නම් කතන්දරයක් පමණක් නොවන නිසා. මේ කතා වලින් ළමා මනස පෝෂණය වෙනවා. ළමයින්ගේ චින්තන හැකියාව අවදි වෙනවා. මේ කතා කියවද්දී ළමයි හිතන්න පටන් ගන්නවා. අලුත් සිතුවිලි වලින් තමන්ගේ මනස මුවහත් කරගන්නවා. ඒ ඔස්සේ ජීවිතය සැබෑ ලෙසම දකින්න පුලුවන් වෙනවා. එක තැනකට එක සංකල්පයකට පමණක් සීමා නොවී විවෘත ලෙස යමක් දකින්නට විමසන්නට පදනමක් මෙවැනි නිර්මාණ හරහා සැකසෙනවා. මට මතක් වෙන්නේ අපි රේඩියෝ වැඩසටහන් කරන්න ළමා පිටියට ගිය අවධියය. ඒ කාලේ අපි ළමා පිටියෙන් ඉගෙන ගත්තෙ වැඩසටහන් ඉදිරිපත් කරන හැටි විතරක් නෙමෙයි. අපි ජීවිතය ඉගෙන ගත්තේ ළමා පිිටියෙන්. ඒ නිසා ඒ කාලෙ ළමා පිටියෙන් පන්නරය ලැබුව අය අද සමාජෙ හොඳින් ජීවත්වෙනවා. විවිධ ක්ෂේත්‍රයන් හි ඉදිරියෙන්ම ඉන්නවා. ඒත් අද තත්වෙ වෙනස්. ජයන්ත හා චමින්ද වැන්නවුන් කීපදෙනෙක් මේ වගේ නිර්මාණ හරහා නිදහසේ සිතන්න, විමසන්න, හැකියාවක් හා ශක්තියක් ඇති ළමා පරපුරක් ගොඩනගන්න උත්සාහ කළත් බහුතරය කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්.

අද අපේ සමහර ජනමාධ්‍යත් මතවාද පතුරවන ප්‍රමුඛයනුත් හදන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ සමාජය ආපස්සට ඇදගෙන යන්න. නවීන සමාජයක් කරා අපේ ළමා පරපුර ඔසවා තබනවා වෙනුවට ආපසු ගෝත්‍රික සමාජයක් වෙත රැගෙන යන්න. අපේ කාලෙ අපිට ළමා පිටියේ දී ඉගැන්නුවේ අනාගතය දෙස විවෘතව බලන්න. ලෝකයේ ඕනෑම සංකල්පයක් සම්ප්‍රදායක්, ඇසුරු කිරීමේ ඥානය ඒ සියල්ලෙන් අපට සුදුසු හා අවශ්‍ය දේ පමණක් ග්‍රහණය කරගැනීමේ ශක්තියත් අපට ලැබුනේ ළමා පිටියෙන්. අපි ළමයින්ගෙන්ම පටන් ගනිමු.

ලෝකයේ හැමරටකම ළමා ගී සම්ප්‍රදායක් තියෙනවා අපේ රටෙත් තිබුණා. ඒත් දැන් නෑ. දැන් නාලිකාවලින් අපට පෙනෙන්නේ ඇහෙන්නේ වැඩිහිටි ගීත ගායනා කරන ළමයි. ස්ටාර්ස්ලා වීමට පැමිනෙන මේ කුඩා දරු දැරියෝ ළමා මනසට කිසිසේත්ම අනුචිත ගීත හැගීම් දනවමින් ගායනා කරනවා. අවාසනාවකට මේ තරඟ විනිශ්චය සඳහා පැමිණෙන් ප්‍රවීණයන් ද අවධානය යොමු කරන්නේ ගායන හැකියාව ගැන විතරයි. කටේ කිරි සුවඳ යන්න කලියෙන් අම්මලා තාත්තලා ඉස්සරහා තියාගෙන මේ ළමයි කියන සිංදු මොනවාද? "වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්"... "සඳදිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ"... "මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසේ ප්‍රේමයනම් කිමැයි කියා"...

මේවා කියන්නේ නිකන්ම නෙමෙයි. ඒ ගීතවල හැඟීම් දනවන විදියටයි. මෙවැනි ගායනා ඉදිරිපත් කරන දරු දැරියන්ගේ මනසට සිදුවන හානිය කියා නිමකරන්න බෑ. ඒත් ඒ බරපතල තත්වය ගැන අවබෝධ කරගත් අය බොහොමයක් සද්ද නැතිව ඉන්නවා. අධ්‍යාපන විශේෂඥයින් මේව ගැන නිශ්ශබ්දයි. ඇත්තටම කියනවා නම් මේ සිද්ද වෙන්නේ ළමා අපචාරයක්. ඒත් කවුරුත් කතා නෑ. ඒ ඇයි? අර කියන නාලිකා වලින් තමන්ට ලබාගන්න තියෙන වාසි අහිමි වෙයි කියලා බයට.

අපි ආගම ගැන බලමු. අද අපේ රටේ ජනමාධ්‍ය බුදු දහම සම්පූර්ණයෙන්ම විකෘති කරල කනපිට හරවල තියෙන්නෙ. බුදුන් වහන්සේ පෙන්වාදුන් ජිවිතය යහපත් කරගැනීමේ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය අනුගමනය කිරීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කළා. පිරිත්වලට සූත්‍ර කියන නම යෙදුනේ ඇයි? සූත්‍රය යනු ක්‍රමය. පිරිතෙන් පෙන්වා දෙන ක්‍රමය අනුගමනය කිරීමෙන් ජීවිතයට යහපතක් උදාකර ගත හැකි බව බුදුන්වහන්සේ එදා පෙන්වා දුන්නා. ඒත් අද ජනමාධ්‍ය ඔස්සේ අපට කියන්නේ මොනවාද? බිස්නස් සරුකරගන්න නම් අහවල් පිරිත අහන්න. විභාගෙ පාස්වෙන්න නම් අහවල් පිරිත අහන්න. පවුල් ජීවිතය අවුලක් නැතුව ගත කරන්න නම් අහවල් පිරිත අහන්න, අහවල් පිරිත එකසිය අටවාරයක් කිව්වොත් ආයෙ දෙකක් නෑ. වැඩේ ෂුවර්. මොකද? මේ මාධ්‍ය රටට දෙන පණිවිඩය ඕනෑම ජරාවැඩක් කරපන්, ඕන තරම් නරක විදියට හැසිරියන් හැබැයි මොනතරම් අධාර්මිකව ජීවත් උනත් උදේට උදේට මේ පිරිත් ඇහුවොත් බඩුම තමයි. මේ අය පිරිත් සූත්‍ර, මන්ත්‍ර බවට පත්කරගෙන බුදුන්වහන්සේ සිය චින්තන විප්ලවය කලේ යන්ත්‍ර මන්ත්‍ර වලට විරුද්ධව අපේ සියලු කාර්යයන්ට මුල වෙන්නේ මනස බවත් මනස හැඩ ගසා ගැනීමෙන් මෙලොව පමණක් නොව පරලොව ජීවිතය ද හැඩගස්වා ගත හැකි බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. එහෙම කතාකාලොත් තමන්ට ඒ නාලිකාවලින් ලැබෙන අවස්ථාව නැතිවෙයි කියන බයට ද මම දන්නෙ නෑ. මේ වගේ උදාහරණ සිය ගණනක් ගෙනහැර දක්වන්න පුලුවන්. අද ජනමාධ්‍ය ඔස්සේ සිදුවන්නේ ළමුන්ගේ සිට වැඩිහිටියන්ගේ දක්වා මනස දූෂණයට ලක් කිරීමේ ක්‍රියා පිලිවෙතක් නේද? කියල අපිටම හිතෙන්නෙ මේ වගේ උදාහරණ ගැඹුරින් විමසා බැලීමේ දී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පමණක් නොව මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද පතුරවන්නේ මිත්‍යාව, අවිද්‍යාව, අසත්‍ය මේ තත්වයට ජනමාධ්‍යයට පමණක් දොස් කීම අර්ථශුන්‍ය ක්‍රියාවක්. මොකද මේ සියල්ලෙන් නිරූපනය වෙන්නේ අපේ සමාජයේ පිළිඹිබුවක් නිසා. ආපස්සට යන සමාජෙක දකින්නට තියෙන්නේ ආපස්සට යන ජනමාධ්‍ය කලාවක්. අපේ මුලු සමාජටෙ වැරදි පාරක් දිගේ යන්නට උත්සාහ කරන බවයි මට පෙනේනේ. ඒ සඳහා ප්‍රධාන ලෙසම භාවිත කරන අවිය වෙන්නේ මිත්‍යාව සහ අවිද්‍යාව.

රාජ්‍ය පාලකයාගේ සිට පහලම තලය දක්වා යන්තර මන්තර ගුරුකම් පස්සේ ගිය හැටි අපි අහල තියෙනවා. දැකල තියෙනවා. ඒ පස්සේ යන හැටි අපි දැනුත් දක්නවා. දෛවඥයින් හමුවේ දේශපාලනඥයින් පමණක් නොව සමාජයේ මතවාදී නායකයින් ජනමාධ්‍ය කරුවන් ද පීචන් වී ගිය අයුරු අපි පසුගිය මැතිවරණ කීපයක දීම දැක්කා. පසුගිය ජනාධිපතිවරණ සමයේ දෛවඥයින් ගේ අනාවැකි සඳහා පත්තර පිටු කීයක් නම් වෙන් වුනාද? රූපවාහිනී හා රේඩියෝ වල වැඩ සටහන් කීයක් නම් විකාශනය වුනාද? ඒ කාලෙ බොහෝ ජනමාධ්‍ය මතවාද හා ප්‍රතිපත්තිවලට වඩා මූලික තැනක් දුන්නේ අනාවැකි හා ගුරුකම් වලටයි. රටක පාලකයෙක් තෝරා ගැනීමේ දී ප්‍රතිපත්ති වලට වඩා ග්‍රහයන්ට මූලිකත්වය දෙන්නට තරම් අපේ සමාජය දුර්වල වී ඇති බව නේද අපිට එයින් හැඟෙන්නේ... මට නම් දැනෙන්නේ නිර්මාණාත්මකව හිතන්නට බැරි සමාජයක් බිහි වෙමින් පවතින බවයි. කවුරුන් හෝ කියන යමක් ගෙඩි පිටින් පිළිගන්නවා ඇරෙන්නට ඒ ගැන හිතා මතා බලන්නට ශක්තියක් නැති සමාජයක් බිහි වෙමින් පවතින බවයි.

බුදුන් වහන්සේ, කාලාම සූත්‍රයේ දේශනා කලේ හොඳින් සිතාමතා බලන්නෙ නැතුව කිසි දෙයක් පිළි නොගන්නා ලෙසයි. පොතක පතක සඳහන් කර තිබුනත් කවුරුන් හෝ ප්‍රකාශ කර තිබුනත් ඒ පිළිබඳව සිතා මතා බලා තමන්ටම එය සත්‍යයක් සේ වැටහුනහොත් මිසක් එය පිළිගකන්නට එපා කියා උන් වහන්සේ දේශනා කලා. සංඛ්‍යා ලේඛන අනුව නම් අපේ රටේ බහුතරය බෞද්ධ ආගමිකයින් ඒත් අඩු තරමින් බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කල අදහස පිළිපදින අය ඒ අතරින් ඉන්නේ කීයෙන් කී දෙනාද? අපි අපේ හදවත් වලින් ප්‍රශ්න කරමු.

අද අපේ සමාජෙ පුරුදු වෙමින් සිටින්නේ කිසිවක් විමසා බැලීමකින් තොරව අදහන්නන් වාලේ පිලිගන්නටයි. විශ්වාස කිරීමටයි. ඒ නිසා සමහර සංකල්ප මුද්‍රාව වගේ සමාජෙ මුල් බැස තියෙනවා. මම ඒ පිලිබඳවත් යමක් මෙහි දී සඳහන් කරන්නේ සමාජෙ මුල් බැසගෙන තිබුන එවැනි මුද්‍රා සංකල්පයන්ට ජයන්තත් චමින්දත් මේ කෘති මගින් අභියෝග කරන නිසයි. ඔවුන් එවැනි මුද්‍රා සංකල්පයන්ගෙන් ඔබ්බට සිතන්නට ඔවුන්ගේ කෘති ඔස්සේ ළමා පරපුරට මග පෙන්වන නිසායි. ඒ නිසා අද අපේ සමාජයේ මුල් බැස ඇති එවැනි මුද්‍රා සංකල්ප එක දෙකක් ගැන ඔබේ අවධානය යොමුකළ යුතු යැයි මම කල්පනා කලා.

අපේ රට බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවතුනා. ලෝකයේ රටවල් ගනනාවක් විටින් විට වෙනත් රටවල ආධිපත්‍යයට යටත්ව පැවතුන බව අපි දන්නවා. ඒ ඒ කාලයන් හි ලෝකය පුරා වෙළඳ ආධිපත්‍ය පතුරවන්නට සමත් වූ රටවල් වෙනත් රටවල් තමන්ගේ පාලනයට නතු කරගත්ත. බ්‍රිතාන්‍ය පාලකයින් ගැන අපේ රටේ පවතින ජනප්‍රිය මතවාදය කුමක් ද?

සුද්ද අපේ රට කෑවා, සුද්ද අපේ රට විනාශ කලා, සුද්ද අපේ රටේ සාරය උරා බිව්වා... කාලයක් තිස්සේ මේ මතවාදය සමාජයට කාන්දු කර තියෙනවා. තවමත් මේ ජනප්‍රිය සටන් පාඨය විකිණෙනවා. හැබැයි අපි අවධනය යොමුකල යුතු කාරනයක් වෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ මෙහෙම කතාවක් විකිනෙන්නෙත් නෑ. විකුණන්නත් බෑ. ඉන්දියානු දේශපාලන නායකයින් මැතිවරණ ව්‍යාපාර වලදී සුද්දා ඉන්දියාව කෑවා, විනාශ කළා කියල කියන්නෙ නෑ. කිව්වත් බහුතර ඉන්දීය ජාතිකයින් ඒක පිළිගන්නෙත් නෑ. මොකද ඉන්දියාව සුද්දා කරපු වැරදි නිවැරදි කරගන්තා. සුද්දා කරපු හොඳ වැඩි දියුණු කරගත්තා. ඒකට අපි, අපි තාමත් සුද්දට බනිනවා. ඇත්තටම සුද්දා කලේ නරක විතරමද? සුද්දට බනින සටන් පාඨයෙ හිර නොවී අපිට එතනින් එහාට හිතන්න බැරි වුනේ ඇයි?

සුද්දා අපේ රට අල්ලා ගනිද්දී පැවැතුනේ රාජාණ්ඩු ක්‍රමයක්. අපේ රජවරු දකුණු ඉන්දියාවෙ වඩිග පරම්පරාවෙ රජවරු. සුද්දා නිසා අපිට පාර්ලිමේන්තු ක්‍රමය ලැබුණා. පිළිගත් අධිකරණ ක්‍රමයක් ලැබුණා. අධ්‍යාපන ක්‍රමයක් ලැබුණා. මේ අධ්‍යාපන ක්‍රමය ගැනත් යමක් සඳහන් කළ යුතුයි. කලින් අපේ රටේ තිබුනේ පන්සල ආශ්‍රිත අධ්‍යාපන ක්‍රමයක්. නමුත් අපි කවුරුත් අමතක කරන දෙයක් තමයි ඒ කාලෙ පන්සලට ගිහිල්ල අධ්‍යාපනය ලබන්න අවසර තිබුනෙ ඉහළ පැලැන්තියෙ කුලවල ළමයින්ට විතරයි. පහළ කුලවල අය තමන්ගෙ කුලයට අයිති වෘත්තියටම සීමා වුණා. මේ කුලවාදය අපේ රටෙන් නීතියෙන් මුල්වරට අතුගා දැම්මෙ සුද්දා. නීතියක් ගෙනල්ල, පනතක් ගෙනල්ල. මේ නිසා පහත් කුලවල අයටත් අධ්‍යාපනය ලැබීමේ වප්‍රසාදය සුද්දා නීතියෙන්ම හිමි කර දුන්නා. ඒ නීතිය ගෙනාවෙ නැත්නම් සුද්දට බනින සමහර උදවිය තාමත් තැන් තැන් වල බෙර ගහනවා. වෙල්ලාලවල රෙදි හෝදනවා. මම මේ බැව් සඳහන් කරන්නේ කිසිකෙනෙකුට අපහාසයක් කරන්න නෙමෙයි. මම බුදුදහම පිළිපදින කෙනෙක්. බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නෙ උපතින් නෙමෙයි ක්‍රියාවෙන් කියල බුදුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මම කුලවාදය තදින්ම ප්‍රතිෙක්ෂ්ප කරනවා. මම මනුස්ස කුලයෙ ඔබ සැම වගේම. නමුත් මම මේ කාරණය මතුකලේ කුල පීඩනයෙන් මිදී තමන්ට ඉහළට යන්න මග පෑදුනේ සුද්දා ගෙනා නීතිය නිසා බව නොදන්න සමහරුන්ට ඒ බව මතක්කර දීම සඳහායි.

මේ ඊයේ පෙරේදා දවසක මහාචාර්ය සුනිල් ආරියරත්න මට හමුවුනා. ඔහු මට කිව්වා මහදැනමුත්තා කතාවටත් සුද්දට සමහරු බනිනව කියලා. සුනිල් ආරියරත්න කියූ පරිදි ඒ අය කියන්නේ මහදැන මුත්තාකතාව සුද්දා නිර්මාණය කරල තියෙන්නෙ සිංහල නායකත්වය පාච්චල් කිරීම සඳහා කියලා. මීට කලකටපෙර නාරද කරුණාතිලක හා කොලට් සේනානායක මගේ මිත්‍රයින් දෙදෙනෙක් පොතක් ලියමින් ඔප්පු කරන්න උත්සාහ කලේ සිංහල නායකත්වය පාච්චල් සඳහා පෘතුගීසින් විසින් මහදැනමුත්තා කතාමාලාව නිර්මාණය කළා කියලා. දැන් කාලයාගේ ඇවෑමෙන් ඒක සුද්දට මාරු වෙලා. මහදැනමුත්තා කතාව මහාචාර්ය සුනිල් ආරියරත්න ගැඹුරු පර්යේෂණයක නිරත වුණා. මුලින්ම මහදැනමුත්තා කතා නිර්මාණය වෙන්නේ දකුණු ඉන්දියාවෙ. මේවා මුලින්ම ලේඛණගත වෙන්නේ දකුණු ඉන්දියාවෙ දෙමළ භාෂාවෙන්. ද්‍රවිඩ භාෂාව පිළිබඳව හසළ දැනුමක් මුල්ම යුරෝපියා වශයෙන් සැළකෙන ඉතාලි ජාතික කොන්ස්තන්තීනු ජෝසප් බැස්කි කියන පියතුමා තමයි මේ නිර්මාණ ග්‍රන්ථාරූඩ කරන්නේ. එතුමා දකුණු ඉන්දියාවෙ හඳුන්වන්නෙ වීර මැමුනියර් පියතුමා කියලා. ඒ තරමටම එතුමා ද්‍රවිඩයි. එවක ඉන්දියාවේ ජනප්‍රවාදයේ පැවති ජනකතා මාලාවක් පදනම් කරගනිමින් පරමාර්ථ ගුරු නමින් වීර මැමුනියර් පියතුමා මේ පොත ලියන්නේ 1744 දී. සුද්දා ලංකාවට එන්න බොහෝ කලකට පෙර. පසුකලෙක මේ පොත තෙලිඟු හා ඛන්නඩ භාෂාවන්ටත් පරිවර්ථනය වුනා. ඒ කාලෙ අපේ රටේ රජකම් කලේ දකුණු ඉන්දියානු රජවරු. ඒ රජවරු දකුණු ඉන්දියාව සමග සමීප සම්බන්ධතා පැවැත්වුවා. ඒ නිසා දකුණු ඉන්දියාවේ ජනකතා, දකුණු ඉන්දියාවේ ආහාර පාන අපේ ලංකාවට කාන්දු වුනා. පසු කාලෙක දෙමළ මහදැනමුත්තා නැතහොත් පරමාර්ථ ගුරු නමින් මහාචාර්ය සුනිල් ආරියරත්න මේ පොත.... වීර මැමුනියර් පියතුමා ලියූ පොත... සිංහලට පරිවර්තනය කළා. මහදැනමුත්තාගේ සැබෑ ඉතිහාසය ඒකයි.

අපේ සමහර අය මහදැනමුත්තගෙ කතාවත් සුද්දගෙ ගිණුමට බැර කරනවා. සුද්දා අපේ රට අල්ලගෙන හිටිය එක ඇත්ත. අපේ රටේ ආර්ථීක සම්පත් වලින් ඵල ප්‍රයෝජන ගත්ත එකත් ඇත්ත. ඒත් සුද්දා අපේ රට කෑවා, සුද්දා අපේ රට විනාශ කළා, සාරය උරා බිව්ව වගේ මුද්‍රා සංකල්ප සියයට සීයක් ඇත්ත නෙමෙයි.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ අපේ රටේ සියළු නිල රාජ්‍ය ආදායම් පවත්වාගෙන ගියේ ලංකාව නම් වූ ගිණුමක. අප නිදහස ලබද්දී ඒ ගිණුම ලංකාවේ නව නිදහස් රජය වෙත ඔවුන් භාර දුන්නා. ඒ අවස්ථාවේ ලංකාව ආර්ථීක අතින් හිටියේ ආසියාවේ ඉහළම තැනක. මොකද මේ ගිණුමේ රන් පවුම් ශේෂය ඉතා ඉහළ මට්ටමක තිබුණා. නිදහස ලැබීම පිළිබඳව කතුවැකියක් ලියන ලන්ඩනයේ ප්‍රකට පුවත්පතක් සඳහන් කලේ ආසියාවේ ස්විස්ටර්ලන්තය බවට පත්වීමට තරම් ආර්ථීක ශක්තියක් හා ස්වභාවික සම්පත් ලංකාව සතු බවයි. නිදහස ලබද්දී අපි කිසිම රටකට ණය නැති ජාතියක්. ඩී. එස්. සේනානායක මැතිතුමා ගල්ඔය යෝජනා ක්‍රමය හැදුවේ කිසිදු විදේශ ආධාරයකින් තොරව. සියළු වියදම් දරන්නට තරම් ශක්තිමත් භාණ්ඩාගාරයක් ඒ කාලේ ලංකාවට තිබුණා. සුද්දා ඉතිරි කරල දීල තිබුණෙ එවැනි ශක්තිමත් භාණ්ඩාගාරයක්, ප්‍රබල ආර්ථීකයක්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් අපට ඉතිරි කරලයි සුද්දා රටින් ගියේ. රට විනාශ කලේ කවුද කියන එක අපි කවුරුත් දන්නවා. සුද්දගෙ වැරදි අඩුපාඩු තියෙනවා. ඒත් අපේ සමාජයේ කිඳා බැහැල තියෙන මුද්‍රාව මොකක්ද. අදත් සමහර දේශපාලකයින් සමාජගත කරන්නට වෙහෙසෙන මුද්‍රාව මොකක්ද. සුද්දා නරකයි, සුද්දා රට කෑවා. එහෙම වෙලා තියෙන්නෙ ඇයි? මෙවැනි මිත්‍යාවක් සමාජගත කරන්නට පසුබිමක් පදනමක් මේ සමාජයේ තියෙන්නෙ ඇයි? හැකියාවක් තියෙන්නෙ ඇයි? අපි හිතන්නෙ මතන්නෙ නැති ජාතියක් බවට පත්වෙමින් යනවා. හොයා බැලීමකින් විමසීමකින් තොරව අනුන් කියන දේවල් පිළිගැනීමට සූදානම් ජාතියක් නිසා. ඒ නිසා මම අඩුතරමින් මේ සභාවෙ සිටින ඔබගෙන් ඉල්ලා සිටින්නේහැම දෙයක් ගැනම අලුතෙන් හිතන්නට ශක්තිය ඇතිකරගන්නා ලෙසයි. මතවාදයක, සංකල්පයක විවිධ පැතිකඩ ගැන පියවි සිහියෙන් විමසා බලන ලෙසයි.

මේ දිස්ත්‍රික්කය නියෝජනය කළ බොහෝ කතාබහට ලක්වූ දේශපාලනඥයෙක් පිළිබඳව කරුණු කීපයක් මම මේ කතාවට ඈඳන්න කැමතියි. ඒ තමයි කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ I.M.R.A. ඊරියගොල්ල මැතිතුමා. එතුමා "ලෝකෙන් උතුම් රට ලංකාවයි" යනුවෙන් ගීයක් නිර්මාණය කළා. මම ඒ සංකල්පයට එකඟ නෑ. ඇයි ඒ මට රාජකාරිය සඳහා ලෝකයේ වෙනත් රටවල සංචාරය කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයින් සමඟ කරන නිල සාකච්ඡා වලට සහභාගීවෙන්න අවස්ථාව ලැබිල තියෙනවා. මේ කිසිම රටක් කිසිම අවස්ථාවක තමන් ලෝකෙන් උතුම්ම රට කියා සංකල්පයක් හෝ අදහසක් ප්‍රකාශ කරල නෑ. තමන්ගේ රට තුල එවැනි සංකල්පයක් හෝ මත වාදයක් ජනගත කරන්නට ඔවුන් ඉඩ දෙන්නෙත් නෑ. ඔවුන් හැම විටම කියන්නේ තමන්ගේ රටට තව බොහෝ දුරක් ඉදිරියට යාමට ඇති බවයි. තවමත් ඔවුන් හරිහමන් දියුණුවක් ලබා නැති බවයි.

මෑතක දී චීනයේ උප ජනාධිපති තුමා හමු වූ අවස්ථාවක එතුමා පැවසුවේ චීනය තවමත් දියුණු වෙමින් පවතින රටක් බවයි. ගම්මාන හා නගර අතර ආර්ථික පරතරය ඉතා වැඩි බවයි. ඒ නිසා ගම්මානවල ආර්ථීකය නගා සිටුවීම සම්බන්ධයෙන් චීන රජය වැඩිවැඩියෙන් වෙහෙසන බවයි. අපි තවම ඉන්නේ පහල තැනක... අපි ඉදිරියට යා යුතුයි. අපි දියුණු මදි, අපි තාම දුප්පත්, අන්න එහෙම හිතා ජාතියකට ඉදිරියට යන්න පුලුවන්. තමන්ට වඩා උතුම් වෙන කවුරුත් නෑ, අපියි පොරවල්, අපිට වඩා වෙන කවුරුත් නෑ කියල හිතන ජාතියකට ඉදිරි ගමනක් නෑ.

මීට වසර කීපයකට කලින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට වැඩ පිළිවෙලක් දියත් කරන්නට ආණ්ඩුව තීරණය කලා. ඒ සඳහා වූ තේමා පාඨයක් ද නිර්මාණය කෙරුනා. ඒක තමයි "අසිරිය රජයන පුංචි කොදෙව්වක්" නමුත් අපේ පාලකයින් මේ තේමා පාඨයට කැමති වුනේ නෑ. මොකක් ද හේතුව රට පුංචි කියල හඳුන්වනවට ඔවුන් විරුද්ධ වුනා. අන්තිමට ඔවුන්ට ඕන කලේ පම්පෝරිය සහ මහත් තත්වය පෙන්නන තේමා පාඨයක්. ඒ නිසා තෝරා ගැනුනේ මේ තේමා පාඨය "ආසියාවේ ආශ්චර්යය" මෙහෙම කිව්වහම අපිට වැඩිය කවුරුත් මුළු ආසියාවෙම නෑ. මං හිතන්නෙ ආසියාවේ ආශ්චර්යය, ලෝකෙන් උතුම් රට ආදී සංකල්පයන්ගෙන් අපි මිදෙන්න ඕනෙ කියලා. රේස් එකේ පළවෙනිය අපි කියල හිතල ආතල් ගත්තොත් කවදාවත් අපිට රේස් එක දිනන්න බෑ හැබැයි පළවෙනියා වෙන්නට උත්සාහ කලයුතු යැයි හිතුවොත් අපිට රේස් එක දිනන්න පුලුවන්.

කිසිම ජාතියක්, කිසිම ආගමක්, කිසිම දේශයක් පහත් කොට සැලකීම වරදක්. ඒත් බෝහෝ දෙනෙක් උගන්වන්න උත්සාහ කරන්නේ තමන්ට වඩා අනුන් පහත් කොට සීතිමේ සංකල්පයයි. තමන් කියන කරන දේ හැර අනිත් සියලු දේ පාච්චල් කිරීමේ කලාව දේශපාලඥයන් හා මතවාද පතුරවන්නත් තමන්ගේ වාසිය වෙනුවෙන් මේ සිදුකරන විකාශ ගැන කතා කරන්නේ කීපදෙනයි. තවත් බොහෝ දෙනෙකුට මේ පිළිබඳව අවබෝධයක් නෑ. තවත් සමහරු දැන දැනම මේ ක්‍රියාවට ඉඩ දෙන්නෙ පුද්ගලික වාසි බලාගෙන. චමින්දගේ හා ජයන්තගේ මේ නිර්මාණය අපට වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ අවසනාවන්ත තත්වයකට අද අපේ සමාජය ඇද වැටෙමින් පවතින පසුබිමක ඔවුන් මේ අභියෝගාත්මක කාර්යයට උරදෙන නිසා. ඔවුන් දෙපල උත්සාහ ගන්නේ මේ තත්වයෙන් අඩු තරමින් අපේ ළමා හා යොවුන් පරපුර බේරාගන්න. යමක් ගැන විමසන්න. යමක් ගැන හිතන්න යමක් ගැන සොයා බලන්න. සාකච්ඡා කරන්න සංවාද කරන්න තරම් ශක්තිමත් මනසක් ඇති ළමා පරපුරක් බිහිකරලීමේ සත් කාර්යයට තම ශක්ති ප්‍රමාණයෙන් දායක වන්නටයි. ඔවුන් උත්සාහ කරන්නේ. මම මගේ කතාවේ මුලිනුත් සඳහන් කලා වගේ මේ වැඩේ ලේසි පහසු එකක් නෙමෙයි. උඩුගම් බලා පිහිනීමක්. අන්න ඒ නිසා මේ උඩුගම් බලා පිහිනීමේ ව්‍යායාමයට දායක වෙන්නැයි කියා මේ සභාවේ සිටින ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නට කැමතියි. ඒ සඳහා ජයන්තගෙත් චමින්දගෙත් මේ පොත් කියවන්නට ඔබේ දරුවන්ට අවකාශ සලසා දෙන්න. වැඩිහිටි ඔබත් ඒවා කියන්න. හැමවිටම අලුතින් හිතන්නට පුරුදුවෙන්න. හැම දෙයක්ම විමසන්න. හැම පැත්තක් ගැනම සොයා බලන්න. වැදගත්ම කාරණය ඒ වගේම මම අද දැක්වූ කාරණය හිස් මුදුනින්ම පිලිගන්න එපා. මගේ අදහස් ගැන සිතන්න. විමසන්න. සොයන්න. මා කී දේ සත්‍යයි ඔබට හැඟෙන්නේ නම් පමණක් ඒවා පිළිගන්න. අසත්‍යයි හැඟෙන්නේ නම් සත්‍ය සොයා යන්න. ඔබට සත්‍ය සොයා ගැනීමට හැකි වුනොත් මටත් ඒ සත්‍ය පෙන්වා දෙන්න. බොහොම ස්තුතියි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hiru Yowun Katha, Jayantha Kahatapitiya, Chaminda Krishantha, Sinhala Speeches, Sri Lankan Young Adult Literature, Sinhala Kathandara, Sinhala Fictions
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සමන් අතාවුදහෙට්ටිගෙන් තවත් වියමන්
ගී
එක්වෙමු එක්වෙමු අපි පුංචි යාළුවෝ
තවත් පොත් බූන්දි
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්
හකාවතී- කියවල අඬන්නද? හිනාවෙන්නද?
ඒ නිද්‍රාවෙහි පසු වන්නේ ඔහුද ඔබද මමද නැතහොත්...?
'අඟුණ මල්'- කෙටි කවියක දාර්ශනික දිගන්තයක් හෙවත් පොඩියට ලියපු ලොකු කවි
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
ඔත්තු| ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18

23-Secs

"ලංකාවෙ ආර්ට් එකට විචාරයක් මොකටද?" මැයෙන් 'ඇත්ත' පුවත්පත විසින් සංවිධානය කරන "ඇත්ත- මුහුලස කතිකාවෙහි" දෙවැනි... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]

10-Mins

(සුදර්ශන සමරවීර) මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

ආරියවංශ අබේසේකර ලියූ, සිංහල දෙමළ වාර්ගික අර්බුදය පිළිබඳ ගැඹුරු සංවාදයකට හවුල් වෙන්නට වලිකන මේ කෘතිය ප්‍රබන්ධකතාවේ සත්‍යාභාසී... [More]
ඔත්තු| "දැහැමි ද මෙ දිවයින" සමග "Glimpses of a shattered Island"- ජූලි 20

10-Secs

චූලානන්ද සමරනායක විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ ද්විත්වය, "දැහැමි ද මෙ දිවයින" සහ "Glimpses of a... [More]
කතන්දර| "කුකුළා හා පාට"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

වී. සුතේයෙව් පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, පද්ම හර්ෂ කුරණගේ සිංහලට නැගූ "කුකුළා හා පාට" සෝවියට් ළමා කතන්දර පොත ඇසුරින්... [More]
අදහස්| ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?

2-Mins

(තිලක් සේනාසිංහ ) ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
ඔත්තු| තරුණ සාහිත්‍ය වැඩමුළුව-සැප්. 01

40-Secs

විවිධ කලා ක්ෂේත්‍රයන්හි නම රැන්දූ විශිෂ්ඨයන් සමග යෞවනයේ අත්දැකීම් බෙදා හදා ගන්නට නූතන තරුණ පරපුරට... [More]
පොත්| ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) රුසියානු විප්ලවයට තදනුබද්ධ උන්නතිකාමී ලේඛකකයකු වූ ලියෝ තෝල්ස්තෝයි (1829-1910) විසින් විරචිත ශ්‍රේෂ්ඨත ම මනෝවිද්‍යාත්මක නවකථාව ඇනා කැරනිනා (1873)ය. මෙය වූ... [More]
වෙසෙස්| බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)

21-Secs

බොබ් මාලි (රොබට් නෙස්ටා මාලි) (1945-1981), තම කෙටි ජීවන චාරිකාව නිමා කොට ලෝකයෙන් සමුගත්තේ අමරණීය මියැසි නිර්මාණ රැසක් ලොවට ඉතිරි... [More]
ඔත්තු| සුසුම් නාඳුනන අප දෙදෙන- ජුලි 15

10-Secs

උපේක්ෂා ප්‍රේමතිලකගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'සුසුම් නාඳුනන අප දෙදෙන', 2017, ජූලි 15, සවස 3.00ට, ... [More]
කවි| අද දවස මෙතෙකින් නිමයි..

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) පල්ලියේ ගල් තාප්පය මුදුනත
පරෙවියන් පෙම් කෙළියි
හීන් අඬකින් ගීතිකාවක්
නැගෙයි බැසයයි

අර්ධ අඳුරැති සුරුවමක පාමුල... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4

23-Mins

(අජිත් සී හේරත්) සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව්. ජනරංජන

රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන "ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?" යනුවෙන් ලිපියක්... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]

11-Mins

(සුදර්ශන සමරවීර) කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි.... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook