Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ජෙරමි කෝබීන්- ලේබර් පක්ෂය ඩැහැ ගත් 'අන්ත වාමාංශිකයා'!
බූන්දි, 02:20:14
බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවති තරගය එරට මහමැතිවරණයටත් වඩා මාධ්‍ය අවධානයට ලක්වුණා. 'අන්ත වාමාංශිකයෙක්' ලෙස (BBC ඇතුළු මාධ්‍ය විසින් කෝබීන්ව හැදින්වූ ආකාරය) ප්‍රකටවූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ ජෙරමි කෝබීන් තරගයේ දෙවැනියාට වඩා 40%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත්තා.

ජෙරමි කෝබීන් ලේබර් පාක්ෂිකයින් අතර දැඩි ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන තිබුණත්, සිය පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඔහුට තිබුණේ අවම කැමැත්තක්. විපක්ෂය විසින් නම් කරන ෂැඩෝ කැබිනට්ටුවේ මෙතෙක් පත්ව සිටි බොහෝ පිරිසක් කෝබින්ගේ ආගමනයත් සමග ඉල්ලා අස්වුණා. මේ පිරිස තමන් සහ කෝබීන් අතර තිබෙන ප්‍රතිපත්තිමය නොඑකඟතාවය විවෘතව ප්‍රකාශ කළා. මේ අය නිර්නාමිකව පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ ෂැඩෝ කැබිනට්ටුවේ කටයුතු මාධ්‍ය වෙත මේ වනවිටත් නිකුත් කරමින් සිටිනවා.

ෂැඩෝ කැබිනට්ටුවේ ප්‍රධානතම තනතුර ෂැඩෝ චාන්සලර් තනතුරයි. මේ තනතුර සදහා මැදිහත් පුද්ගලයෙකු පත්කළ යුතු බව කොබීන්ට කොන්දේසි විරහිත විවේචන ගෙනෙන මාධ්‍ය මෙන්ම, විරුද්ධව කටයුතු කරන ලේබර් පාක්ෂික සහ ආණ්ඩු පක්ෂය විසින් ද යෝජනා කළා. පත්වීම සිදුකිරීමට පෙර සිට කසුකුසුව පැතිර ගියේ කෝබීන්ගේ නායකත්වය සදහා වන ප්‍රචාරණ කටයුතු මෙහෙයවූ ජෝන් මැක්ඩොනල් මේ සඳහා පත්කිරීමට යන බවයි. පාර්ලිමෙන්තුවේ කැරළිකාර මන්ත්‍රීන් අතර මැක්ඩොනල් දෙවැනි වූයේ කෝබීන්ට පමණයි. වරක් හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරියක වන මාර්ග්‍රට් ත්‍රැචර් සම්බන්ධයෙන් "ඇයව ඝාතනයට ලක්වූවානම් මා වඩාත් සතුටුවනවා" වැනි ආන්දෝලනාත්මක ප්‍රකාශ ඔහු විසින් සිදුකොට තිබුණා. ඊට අමතරව මැක්ඩොනල් විසින් සමස්ත ධනවාදයම ලොවෙන් තුරන්කළ යුතු බවටත් ප්‍රකාශකොට තිබෙනවා. කෝබීන් සහ මැක්ඩොනල් යන දෙදෙනාම උතුරු අයර්ලන්තයේ කැරළිකාර අයි.අාර්.ඒ. සංවිධානය සමග සාම ගිවිසුම ක්‍රියාත්මක කරලීම වෙනුවෙන් ප්‍රධාන පෙළේ දායකත්වයක් දැක්වූ අය. මේ නිසාම උතුරු අයර්ලන්තයේ සින්ෆේන් සංවිධානය සමග සමීප ඇසුරක් යුද්ධය ක්‍රියාත්මක වූ අසූව දශකයේ සිට ඔවුන් දෙදෙනාටම පැවතී තිබෙනවා. ත්‍රස්තවාදීන් සමග සමීප ඇසුර සම්බන්ධයෙන් සුලබ චෝදනාව තවමත් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් විසින් සිදුකරන ලබන්නක්.

මෙවැනි තත්ත්වයක් මත මැක්ඩොනල් වෙත පාර්ලිමෙන්තු විපක්ෂයේ ප්‍රබල තනතුරක් ලැබෙන්නට යාම ලේබර් පක්ෂයේ සිටි දක්ෂිණාංශික ටෝනි බ්ලෙයාර්වාදීන්ට දැවැන්ත බලපෑමක් වන්නට නියමිතව තිබුණා. මේ නිසාම සියළු මාධ්‍ය විසින් මැක්ඩොනල්ට එරෙහි මඩ ප්‍රචාරණයක් දියත් කර ඔහුගේ චරිතයට හානිකරවීමේ උත්සාහයක් පැවතුණා. කෙසේ නමුත් ජෙරමි කෝබීන් විසින් පාර්ලිමේන්තු විපක්ෂයේ දෙවන ප්‍රධාන තනතුර වෙනුවෙන් තමන්ගේ මිත්‍රත්වයට වඩා, තමන් විසින් නියෝජනය කළ ප්‍රතිපත්ති සහ මතවාදය ඉදිරියට ගෙනයාම සඳහා වඩාත් ගැලපෙන ජෝන් මැක්ඩොනල් ඒ තනතුර සදහා පත්කරනු ලැබුවා.

ෂැඩෝ කැබිනට්ටුවේ ප්‍රධාන චරිත සදහා කාන්තාවන් පත්කොට නැති බවට වන දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත්වුණා. එහි අර්ථය වූයේ ෂැඩෝ චාන්සලර්වරයා හැරුණු කොට ප්‍රධාන යැයි කියවෙන අභ්‍යන්තර කටයුතු පිළිබද ෂැඩෝ ඇමතිධූරය සහ විදේශකටයුතු පිළිබද ෂැඩෝ ඇමතිධූරය වෙනුවෙන් පිරිමි අයම පමණක් පත්වීමයි. මෙකී කාරණයට තරම් නොවන දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් මේ කාරණය වෙනුවෙන් ලැබුණා. කෙසේ නමුත් කෝබීන් නොමැති අවස්ථාවලදී පාර්ලිමේන්තුව තුළ ලේබර් පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමේ බලය මෙන්ම සමස්ත ෂැඩෝ කැබිනට්ටුවෙන් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයකට කාන්තාවන් පත්කොට තිබුණා. තත්ත්වය මෙසේ වන විට පාලක කොන්සවේටිව් පක්ෂයේ කාන්තා ඇමතිවරියන් සිටින්නේ 30%කටත් වඩා අඩු ප්‍රමාණයක්.

බ්‍රිතාන්‍යයේ සංකේතීයව හෝ පවතින රැජිණගේ පාලනයට එරෙහි වූ අයෙක් (රිබප්ලිකන්) ලෙසයි ජෙරමි කෝබීන් සැළකෙන්නේ. රැජිණ ඉදිරිපිට දණනමනවා ද කියන කාරණය සම්බන්ධයෙන් මෙතෙක් විරෝධතාවය දැක්වූ කෝබීන් සිය තනතුර නිසාවෙන් එසේ කරනවා ද යන්න සම්බන්ධයෙන්වත් තවම අදහසක් ප්‍රකාශ කොට නැහැ. "දෙවියන් විසින් රැජිණ රැකදේවා" යැයි කියවෙන බ්‍රිතාන්‍ය ජාතික ගීය, රාජ්‍ය උත්සවයකට සහභාගී වූ කොබීන් විසින් ගායනා නොකිරීම පසුගිය දින හත තුළම මාධ්‍ය විසින් පුපුරවා හරිනු ලැබුවා. වාමාංශික සහ රිපබ්ලිකන් පිරිස් විසින් මෙම කටයුත්ත දැඩිලස ප්‍රශංසා කලත්, ඉදිරියේදී ලේබර් පක්ෂ නායකයා ලෙස තමන් විසින් සහභාගී වන උත්සව වලදී එසේ ගායනා කිරීමට ඔහු එකඟ වූණා.

පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රශ්ණ ඇසීමේ අවස්ථාව විපක්ෂ නායකයාගේ පාර්ලිමේන්තු භූමිකාවේ සුවිශේෂී අංගයක්. මෙතැනදී බොහෝවිට සිදුවුණේ අනෙකාව උසුළු විසුළුවලට ලක්කිරීම සහ වචන භාවිතයෙන් පරාජයට පත්කරලීමයි. මේ අවස්ථාවට ජෙරමි කෝබීන් මුහුණ දෙන ආකාරය පිළිබදව සියළුදෙනා උනන්දුවෙන් බලාසිටියා. මින්පෙර ඔහු පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන්ගෙන නොතිබීමත්, අත්දැකීම් බහුල ඩේවිඩ් කැමරන් තමන්ගේ ප්‍රතිවාදියාට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකරන්නෙකු වීමත් මීට හේතුවුණා. එතෙක් පාර්ලිමෙන්තුවේ සැබෑ අරමුණුවලින් බැහැරව ජනතාවගේ ප්‍රශ්ණ ගැටළු පිළිබදව විමසනවාට වඩා මල්ලවපොර තරගයක ස්වභාවයගත් විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්ණ ඇසීම වෙනස් මුහුණුවරක් ගත්තා. කෝබීන් විසින් දින කිහිපයකට පෙර සියළු ලේබර් පාක්ෂිකයින්ට ඊමේල් පණිවිඩයක් මගින්, තමන්ට අගමැතිවරයාගෙන් ඇසීමට ප්‍රශ්ණ ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව ඔහුට ප්‍රතිචාර 40,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ අතරින් ප්‍රශ්ණ කාණ්ඩ වශයෙන් වෙන්කොට එකී ක්ෂේ්‍ත්‍ර නියෝජනය කෙරෙන ලෙස තෝරාගත් ප්‍රශ්ණ අගමැතිවරයාට යොමු කෙරුණා. එකී ප්‍රශ්ණ සිය ජනතාවගෙන් ලැබී තිබුණ නිසා ඵලක් නොවන, විහිළුකාර පිළිතුරු ලබානොදී ඒ වෙනුවෙන් සැළකීමක් දැක්වීමට අගමැති කැමරන්ට සිද්ධ වුණා.

සැප්. 19 වන දා, ලෝක රගර් තරගාවලිය බ්‍රිතාන්‍යයේදී ආරම්භ වුණා. ඒ වෙනුවෙන් ලැබූ ආරාධනාව පිළිනොගෙන, කෝබීන් විසින් තමන්ගේ ප්‍රාදේශීය මහජනතාව වෙනුවෙන් වන වැඩසටහනකට සහභාගී වූවා. මේ සදහා මාධ්‍ය විවේචන තිබුණත්, සැබැවින්ම මෙම ප්‍රවෘත්තියට ප්‍රසිද්ධියක් ලැබුණේ නම් ඒ සදහා මහජන කැමැත්ත වැඩිපුර ලැබෙන තත්ත්වයක් තිබූ නිසා බොහෝ මාධ්‍ය මෙම ප්‍රවෘත්තිය මග හැරියා.

ඇමරිකන් විදේශ ප්‍රතිපත්තියට සෘජුව විරුද්ධ, නේටෝ සංවිධානයේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්ණ කරන, මැද පෙරදිග කලාපයේ යුරෝපා හැසිරීම ප්‍රශ්ණ කරන, සමස්ත ලෝක ධනවාදයට සිය විරෝධතාවය පළකරන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකයාට වැඩිම අභියෝගය තිබෙන්නේ මාධ්‍යයෙන් සහ සිය පක්ෂ අභ්‍යන්තරයෙන්ම බවයි මේ වන විට පෙනී යන්නේ. සිය පක්ෂය තුළ ඇති ප්‍රතිපත්ති පිළිබදව සංවාදයක නිරත වන කෝබීන් මාධ්‍ය කෙරෙහි නම් කිසිමාකාරයක හිතවත් බවක් පෙන්වන බවක් පෙනෙන්නට නැහැ. ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය සක්විති රූපට් මර්ඩොක්ගේ ටැබ්ලොයිඩ් පුවත්පත වන "සන්" පුවත්පතක්වත් නොවේ යැයි කියන්නට කෝබීන් පසුබටවූයේ නැහැ.

ජෙරමි කෝබීන්ට අභ්‍යන්තරව සහ බාහිරව අභියෝග රැසක් එල්ලවෙන බව වඩාත් පැහැදිලියි. එහෙත් සමාන්‍ය පක්ෂ සාමාජිකත්වය අතර තිබෙන ඔහුට තිබෙන කැමැත්ත ක්‍රමිකව වැඩිවන බවයි පෙනෙන්නේ. ලක්ෂ තුනකට අධික නිත්‍ය සාමාජිකත්වය පසුගිය සතිය තුළ පමණක් තවත් 50,000කින් ඉහළට ගොස් තිබෙනවා.

[Photo: EPA/Will Oliver, Telegraph]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Jeremy Corbyn, Jeremy Bernard Corbyn, John McDonnell, British Labour Party, British Politicians, David Cameron, Margaret Thatcher, Queen Elizabeth II
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
මාක්ස් ලියයි.
......විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.

[-Das... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook