Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
කොණ්ඩ කුරුල්ලන් වැනි කුඩා අය ගැන
බූන්දි, 21:52:16
මම ඉන්නෙ කුඩා කඳු මුදුනක තැනූ කුඩා තාවකාලික නිවහනක කියල හිතාගන්ඩ. ඇත්තම ස්වභාවය එය නො වුණත් යෝජනා කළ භූමි තත්ත්වය මේ කතාව සඳහා ප්‍රමාණවත්. බෑවුම පටන් ගන්නා අයිනෙන්ම වැටක් ගහල තියෙනවා. ඇන්ටිනාව හයි කරල තියෙන්නෙ වැටේ.

කඳු මුදුනක් නිසා ඇන්ටිනාවට උස කණුවක් උවමණා නෑ.

කොණ්ඩ කුරුල්ලා ඇන්ටිනාවේ ඩයිපෝලය උඩ වසා සිටියා. ඌ බොහෝ වෙලාවක් කල්පනා කර කර හිටියා. ඌ සතුටින් ඉන්න බවක් පෙනෙන්න තිබුනේ නෑ. කුරුල්ලන්ට හැඟීම් භාවයන් ප්‍රකාශ කරන මුහුණක් නැති බව ඇත්ත. ඒත් මට දනුනා ඌ ඉන්නේ සතුටින් නො වන බව.

හදිස්සියේම දෙමළිච්චො දෙන්නෙක් පියාඹාගෙන ඇවිත් ඇන්ටිනාවෙ ඩිරෙක්ට්‍රික්ස් කූරු දෙකක් මත වැහැව්වා. කොණ්ඩ කුරුල්ලගෙ ධ්‍යානය බිඳුනා. (කොණ්ඩ කිරිල්ලියක් ද? කිරිල්ලියො ධ්‍යානගත වෙනව ද? කිරිල්ලියන්ට ධ්‍යානගත වෙන්න වෙලාව තියෙනව ද?)

කොණ්ඩෙ කෝපයට පත් වුණා. ඌ 'කුරු කුරු' වශයෙන් අපට ඇසෙන, අඩුසංඛ්‍යාත ශබ්දයක් නිකුත් කළා. ඌ කියපු වචන දෙමළිච්චන්ට තේරුනේ නෑ. තේරෙන්න විදියක් නෑ. වෙන බාසාවක්. දෙගොල්ලන්ට බාසා දෙකක්. දෙගොල්ලම ඉංග්‍රීසි දන්නෙ නෑ. දෙමළිච්චො දෙන්නා කොණ්ඩ කුරුල්ලා ගැන කිසිම ගෞරවයක් නැතුව උන්ගේ අධිසංඛ්‍යාත කටහඬින් ශබ්ද නගා කෑගහන්න පටන් ගත්තා. කාට වුණත් තේරෙනවා ඒක එච්චර විනීත වැඩක් නෙවේ කියල. කොණ්ඩ කුරුල්ලන්ට වඩා දෙමළිච්චො ලොකු බව දෙමළිච්චො දන්නවා. කොණ්ඩ කුරුල්ලත් දන්නවා. කොණ්ඩ කුරුල්ලට දෙමළිච්චන්ගේ විෂමාචාරය ඇල්ලූවේ නෑ. විෂමාචාරය කියන එක කාටවත් අල්ලන්නේ නෑ.

දෙමළිච්චො දෙන්නෙක්. උන් තමුන්ට වඩා විශාළයි. මොහොතක් කල්පනා කරමින් සිටි කොණ්ඩ කුරුල්ලා ඉගිලූනා. පල්ලෙහට. මොහොතකින් ආපහු ආවා කලින් තමා සිටි ස්ථානයටම. ඌ පිටිපස්සෙන් තවත් කොණ්ඩ කුරුල්ලෙක් ආවා. පළමුවැනි කොණ්ඩය දෙමළිච්චන්ට පහර දෙන්න පටන් ගත්තා. දෙමළිච්චො සටන් කිරීමේ දක්ෂ නෑ. උන්ගෙ හොට උල් ඇත්තෙත් නෑ. දෙවෙනි කොණ්ඩය බලා සිටියා විතරයි. ඌ චිත්ත ධෛර්යය දීම සඳහා පැමි‚යෙක්. සමහරවිට අවශ්‍ය වුනොත් සටනාධාර දෙන්න බලා ගෙන හිටියා වෙන්නත් පුලූවන්. විශ්වසනීය තත්ත්වය යටතේ සටන් කළ පළමුවැනි කොණ්ඩය දෙමළිච්චන් දෙන්නා එලවා දැම්මා.

මම කොණ්ඩ කුරුල්ලගෙ පැත්තෙ. මොකද කියනව නම් ඉස්සරවෙලා ඇන්ටිනාවට ආවෙ කොණ්ඩ කුරුල්ලා නිසා. ස්වභාවික නීතිය: යම් දෙයක අයිතිය පළමුවෙන් පැමි‚ කෙනාට. සියලූ දේ සඳහා වලංගුයි. මට හදිස්සියේ හිතුනා මම නිරීක්ෂණය කළේ මැද හරියෙ ඉඳලවත් ද කියල. මැද හරියෙ ඉඳල නම් මගේ පක්ෂපාතිත්වය අපක්ෂපාතී නෑ.

අපක්ෂපාතී නැති තත්ත්වය යටතේ ලේනෙක් වැට දිගේ ගියා. ඇන්ටිනාව තියෙන්නෙ වැටට අඩි තුනක් විතර උඩින්. ලේනාගේ වැට උඩ ගමනෙන් කොණ්ඩ කුරුල්ලාට හානියක් සිදුවිය නො හැකියි. ඒත් කොණ්ඩ කුරුල්ලා ලේනා එලවා දැම්මා. ඌට බිමට බැහැල දුවන්න සිද්දවුණා.
ලේන්නු සහ දෙමළිච්චො භාවිතා කරන්නේ එක වගේ භාෂාවල්. දෙගොල්ලන්ට දෙගොල්ල තේරෙනව. දෙගොල්ල ඉන්නෙත් එකට. එලවා දැමීම ඒ නිසා වත් ද?

කොණ්ඩ කුරුල්ලාගේ තරහේ ඇත්ත තත්ත්වය මට දැනගන්න ලැබුනෙ පස්සෙ. ඌ කූඩුවක් හදන්න පටන් අරගෙන. මගේ තාවකාලික ගෙයි වහලෙ බාල්කයක් උඩ. මම ඉඳගෙන ඉඳල තියෙන්නෙ හරියටම ඒක යට. ඌට ඒක මට කියාගන්න විදියක් නැතිවයි තරහෙන් ඉඳල තියෙන්නෙ. මම කොණ්ඩ කුරුල්ලට වඩා හුඟක් ලොකුයි නෙ. ඒ නිසා කියා ගන්න බැරුව. හුඟක් ලොකු අයට කවුරුවත් මොනවත් කියන්නෙ නෑ.

තවත් එකක්. මම කලින් දවසක බිම අතුගෑවයින් පස්සෙ දැක්කා පුංචි කෝටු කෑලි සහ කෙඳි ටිකක් බිම වැටිල තියෙනවා. මම වැඩි සොයා බැලීමක් නැතිව සුළඟට ෙදාස් පවරමින් නැවතත් බිම අතුගාල දැම්මා.

තාවකාලික වහලෙ ගහල තියෙන්නෙ යකඩ පයිප්ප වලින්. රවුම් යකඩ පයිප්ප උඩ කූඩුවක් හදන්න පුලූවන් ද? තියන තියන කෝටු සහ කෙඳි පයිප්පෙන් ලිස්සල බිමට වැටෙනව. මේකටත් ඌට තරහ ගිහින් තියෙන්න ඇති.

මම කරුණාවන්ත වෙලාවට කරුණාවන්තයි. ඒ වෙලාව මගේ කරුණාවන්ත වෙලාවක්. කොණ්ඩ කුරුල්ලන් කූඩුව හදන්න හදන තැන පයිප්ප වටේ මම කොහු ලනු ටිකක් ඔතල දුන්නා. ඊට පස්සෙ උන් කූඩුව හැදුවා. ඒත් උන් මට ස්තුතියක් වත්, ගරු කිරීමක් වත් කලේ නෑ. මම කරන වැඩ වලට ස්තුති නො ලැඛෙන ස්වභාවයක් මට පිහිටලා තියෙනවා.

කොණ්ඩ කුරුල්ලෙක්ම නො වුණත් වෙන කුඩා කුරුල්ලෙක් සහ මා අතර සිදුවීමක් මීට කලින් ඇතිවී තියෙනවා. අපේ සැබෑ ගෙදරදි. ඒකත් මේ වගේ තනියෙන් ඉන්න කාලෙක.
ඒ වන විට ජනේලෙ ඉස්සරහ තිබුණ මල් පැලේ මල් ගහක් වෙලා. මල් නැති මල් ගහක්. උසයි. අතු රිකිලි තියෙනවා. කොළ පිරිල. මල් හැදෙන්නෙ නෑ. ජනේලෙ වීදුරු ජනේලෙයක්. ඇතුළෙ ඉන්න අයට එලිය පෙනෙනව. එලියෙ ඉන්න අයට ඇතුළ පේනව. වීදුරුවල ස්වභාවය එහෙම තමයි. ඒකට කාටවත් විරුද්ද වෙන්න බෑ. කුරුල්ලො දෙන්නා දැන් තුන් පාරක් ඇවිල්ල බලල ගියා. ඉතා සාමාන්‍ය පොඩි කුරුල්ලො. පාට වුණත් බැබලෙන තද පාට නෙවේ. නිකං පාටක් නැති සාමාන්‍ය පාට. අන්තිමට දෙන්නම එකට ආවා. තව තැන් බලන්න ඇති. මෙච්චර හොඳ නැතුව ඇති.
'අපි සාමාන්‍යයෙන් අවුරුද්දක කුලිය ගන්නව, අත්තිකාරමක් විදියට.'
'අවුරුද්දක...? අත්තිකාරම ටිකක් අඩු කරන්ඩ බැරි ද? ....මාසෙ කුලිය අඩු කරන්න කියන්නෙ නෑ.'
'මෙයයි ළමයයි විතරයි නේ ද ඉන්නව කිව්වෙ?'
'ඔව්. ඒ නිසයි හොඳ තැනක් බලන්නෙ... මෙහෙම කරන්න බැරි ද? දැන් අපි මාස හයක ඇඩ්වාන්ස් එකක් දෙන්නම්. මම ගිහිල්ල මාස හයක් ඇතුළත ඉතිරි මුදල එවන්නම්.'
ජනේලෙ ළඟ මල් නැති ගස. ඉතා නිශ්ශබ්ද පරිසරය. විශේෂ පාටක් නැති සාමාන්‍ය පාට කුරුල්ලො සුමානෙකට පස්සෙ කූඩුව හදන්න පටන් ගත්ත. බලන්න හොඳ නෑ. බැලූවොත් උන් කූඩුව අතෑරල යයි. කුරුල්ලන්ගෙ ස්වභාවය.

ඡායාරූප ප්‍රදර්ශනයේ විශාල ලෙස මගේ සිත් ගත් විශාල ඡායාරූපය: හෙලිකොප්ටරයක සිට ගත් එකක්. එහෙම එකක් විය යුතුයි. සුදානයේ ඉතා මුඩු කඳුකර ප්‍රදේශයක්. සම්පූර්ණ භූමියම රතු දුඹුරු පැහැති ගල් හා පස්. බෑවුම් දෙක අතර පටු නිම්නයක පැලවුණ පාම් ගසක්. එහි අතු පමණක් කොළ පාටින්. පෙනෙන මානයක වෙන කිසිම ජීවී දෙයක් නැහැ. පාම් ගසට අඩි කීපයක් ඈතින් අඩි කීපයක් උසට ගස වටේට ගල් වැටියක්. මිනිසුන් විසින් කරන ලද දෙයක්. අයාලේ යන ඔටුවන්ගෙන් ගසට ආරක්ෂා වී සිටීම සඳහා විය යුතුයි. තමන්ට අයිති නැති වුණත් තමන්ට සම්බන්ද නැති වුණත් මිනිස්සු ජීවත් වෙන්න තැත් කරන දේවල් වලට කොච්චර කරුණාව දක්වනව ද?

'මේසයක් තියෙනව ඕන්නම් දෙන්නම්.'
'නෑ. උවමණා නෑ.'
'පොත් හරි මොනව හරි තියන්න පුලූවන්.'
'නෑ කමක් නෑ.'
කුරුල්ලො කූඩුව හදනවා. මම කොහු ලනු කෑල්ලක් ලිහල කෙඳි ටිකක් වෙන් කරල මල් නැති මල් ගහ ළඟින් තිබ්බා. උන් ඒ දිහා බැලූවෙ වත් නෑ. කෙඳි කොහෙද ඈතකින් ගෙනාවා.
සාලෙ කෑම මේසෙට උඩින් තියෙන ලයිට් එකට ලොකු කවරයක් දාල. වෙසක් කූඩුවක් වගේ එකක්. ප්ලාස්ටික් නැත්නම් කඩදාසි වෙන්න ඇති. සදාකාලිකව තියෙන්න නෙවේ නෙ. පරණ වූ විට ඉවත දැමිය හැකියි. පරිසරයට හානිකර නෑ.

මම ජනේලයෙන් කූඩුව දිහා බලාගෙන ඉන්නවා. මිදුලට ඇවිල්ලත් බලනව. මේක විශාල ව්‍යාපෘතියක් නෙවේ. නමුත් බලා සිටිය හැකියි. කූඩුව අපිළිවෙළයි. තණ කෙඳි සහ වියලි කොළ තැන් තැන් වලින් එලියට පැනල. ඒවා මීට වඩා හොඳට අමුනන්න පුලූවන්. මට කරන්ඩ දෙනව නම් මේක වූල් බෝලයක් වගේ හොඳට ලස්සනට හදල දෙන්න පුලූවන්.
පොඩි ටී.වී. එකක් තියෙන්නෙ. ඇන්ටෙනාව හරි පැත්තට හයි කරලත් නෑ. ඔක්කොම චැනල් පෙනෙන්නෙ නැතුව ඇති.
'ටක්... ටක්...'
'කවුද...?'
'මම... ලියුමක් තියෙනව.'
'ෙදාර යටින් දාන්න. බොහොම ස්තුතියි... ලියුම් තියෙනකොට ෙදාර යටින් දාන්න.'
ජනේලෙ ළඟ කූඩුවෙන් කිසිම ඉල්ලීමක් නැතිව පූසන්ගෙන් ආරක්ෂා කිරීම මම බාර අරගෙන. ජනේලෙ ළඟ කූඩුව පූසෙකුට පනින්න බැරි උසක් නෙවේ.

සමහර උන් එන්නෙ ත්‍රීවීලර් වල. මම ගේට්ටුවෙන් ඇතුළට එන්න දෙන්නෙ නෑ. ගෑස් හරි මොනව හරි ගෙනාව නම් බාල යනකල් මම බලාගෙන ඉන්නව. සම්පූර්ණ ආරක්ෂාව සහතික කිරීමක්.
ඉතා තදින් වහිනවා. වැස්ස සහ රාත්‍රිය එකට සිදුවීම මිනිසුන් තනි තනිව පරිවරණය කරනවා. විවෘත වීමට බියක් සහිත අයට සුබයි. වැස්ස සහ රාත්‍රිය විවෘත වීම පහසු කරවනවා.
'කවුද...?'
'මම...'
'මේ වෙලාවෙ?... හදිසියේම?'
'මේ කෑල්ලෙ සමහර තැන් තෙමුනා... ඉස්සර... පස්සෙ හැදුවා... ඒත් තෙමෙනව ද බලන්නයි ආවෙ.'
වැස්සට පහුවදා උදේ. මම මල් ගහ ළඟ පුටුවක් තියල පුටුව උඩට නැගල කූඩුවට එබිල බැලූව. තෙමිල ද කියල. එච්චරයි කලේ. අතක් වත් තිබ්ඛෙ නෑ. තරහ වෙලා යන්ඩ ගියා. හරියකට ඉගිලෙන්ඩවත් බැරි පැටවු දෙන්නත් අරගෙන.

මේකෙන් ඉගෙන ගත යුතු පාඩම මේකයි. කුරුල්ලො හිතන්න ඇති මම උන්ට අනතුරක් කරන්න හදනව කියල. එහෙම තමයි නො දන්න කමට හිතන්නෙ. පුංචි සත්තු හිතන්නෙ ලොකු සත්තු හැම වෙලාවෙම පොඩි සත්තුන්ට අනතුරු කරනවා කියල. පුංචි සත්තුන්ට ඒ අය ඉන්න විදියටම ඉන්ඩ දෙන්ඩ. උදව්වක් ඉල්ලූවොත් විතරක් උදව් කරන්ඩ. නැත්තන් වැරදියට හිතයි. නො වැරදීම වැරදියට හිතයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සමර විජේසිංහගෙන් තවත් වියමන්
කවි
ඉතා කුඩා විශාල වෙනස
කවි
බුමුතුරුණු යට කුණු
කවි
දන්වා සිටීම (කොන්දේසි විරහිතව)
කවි
කාලයේ කෙළවර
කවි
මේපල් කොලයක්
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook