Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
දේශපාලන සිරකරුවන් ඉදිරියේ සිරගත වන දේශපාලනය
බූන්දි, 18:01:32
මේ දවස් වල රටේ දේශපාලනය කැරකෙන්නේ ටොයියන් සහ බයියන්ගේ බල අරගල ආටක නාටක සමගයි. මෙම බල අරගල අතරින් ගිලිහී යන රටේ ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ දහසකුත් එකක් ප්‍රශ්න අතර බොහෝ දෙනෙක් අමතක කර දැමීමට කැමති මිනිසුන් කොට්ඨාශයක් ඇත. ඒ දින නියමයක් නැතුව රටේ බන්ධනාගාර තුළ සිර කර සිටින දේශපාලන සිරකරුවන්ය. රටේ ප්‍රථම පුරවැසියා වන ජනාධිපතිවරයා ගේ සිට බොහෝ පුරවැසියන් කැමති වන්නේ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය වළලා දමා ඒ මත රෝස මල් වැවීමටය. එහෙත් අධෝමුඛයේ ඇති විසර ගෙඩියක් සේ දේශපාලන සිරකරුවන් පිළිබද කුරිරු ඇත්ත සමාජය තුළ යළි යළිත් පෑරී ඉස්මතු වෙමින් අපේ සමාජයේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරමින් සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළ පරිදි දේශපාලන සිරකරුවන් නම් වූ සත්ත්ව විශේෂයක් ලංකාවේ භුමිය තුළ නැත. එනම් LTTE ත්‍රස්තවාදීන් සියළු දෙනා මරා දමා දැන් රට නිදහස් කරගෙන හමාර අතර එහිදී අල්ලා ගත් මිනීමරුවන්, දාමරිකයන් බන්ධනාගාර තුළට ගාල් කොට ප්‍රශ්නය අහවර කොට හමාරය. මාස කිහිපයකට කලින් සමාජ සංහිදියාව ගැන පොර ටෝක් දමා දමිළ සමාජය සමඟ දේශපාලන විනෝද සවාරියක් ගියමෛත්‍රී අවසානයේ තවත් 'මරා' වර්ගයේ දේශපාලකයෙක් වී බහුතර සිංහල සමාජය තුළ කුණුවෙමින් පැලපදියම් වීමේ ආරම්භය මෙයද?

දේශපාලන සිරකරුවන් සමඟ හොරගල් අහුලන දේශපාලකයන් බොහෝ දෙනෙක්ගේ ඔළුගෙඩි රත් වෙන කාරණය වන්නේ මෙම සිරකරුවන් අති බහුතරයක් දමිළ සිරකරුවන් වීමයි. ඔවුන් සිංහල මහා ජාතියේ සිරකරුවන් වූයේ නම් එක රැයෙන් සියළු රැඳවියන් එළියට දමා අපේ නායකයන්ට මහා ජාතියේ විකල්ප වීරයන් වීමට හැකියාව තිබුණි. 71 කැරැල්ලේ මෙන්ම 89-90 කැරලි වලදී සිරගත වූ දේශපාලන සිරකරුවන් එළියට දැමූ දේශපාලකයින් එක රැයින් වීරයන් බවට පත් විය. එහෙත් අවාසනාවකට මෙම රැඳවියන් දමිළ පමණක් නොවේ, මහා ජාතිය කිරිබත් කා ඔල්වරසන් දී සැමරූ යුධ ජයග්‍රහණයේ අනෙක් පැත්තේ සිටි ත්‍රස්තවාදින්ය. රනිල්,මෛත්‍රී සහ මරා ඇතුළු සියළු දේශපාලකයින් බහුතර සිංහල සමාජයේ ඡන්ද කුට්ටියට ඉව අල්ලන මේ කාලයේ ත්‍රස්තවාදීන් වූ මිනිසුන් සමඟ ගනුදෙනු කරන්නේ කවුද? හෘද සාක්ෂියට වඩා පාර්ලිමේන්තු බහුතරය කොපමණ වටීද?

දේශපාලන ඩීල් වලට මැදි වී ත්‍රස්තවාදීන් බවට හෝ මිනීමරුවන් බවට පත් වූ මෙම දේශපාලන සිරකරුවන්ගේ ජිවිතවලට අහම්බයෙන් හෝ එබී බැලුවොත් පසුගිය 89-90 සමයේ මහා ජාතියේ අම්මලාට සහ තාත්තලාට අසන්නට දකින්නට ලැබුණු කථා වැනිම වූ කථා දමිළ භාෂාවෙන් අසන්නට දකින්නට ලැබෙනු ඇත.

සමහර තරුණයන් බන්ධනාගාර ගත වෙන්නේ වසර දහයකට පමණ පෙර සිංහල සමාජය විසින් හැම දෙමළෙකුම කොටියෙකු යයි සැලකු වකවානුවේදීය. සමහර තරුණයන් තම තරුණ වයසේ හොදම අවුරුදු ටික බන්ධනාගාරයක් තුළ ගත කරන්න කර ඇති දරුණුම ත්‍රස්තවාදී ක්‍රියාව නම් අගනුවර බෝම්බ පිපුරුණු අවස්ථා වල එහි නතර වී සිටීමයි. නොඑසේනම්, යුද ක්‍රියාවලියේ පෙළඹවීමකට භාජනය වී එහි අබැටක් තරමකට දායක වූ අයයි. තාරුණ්‍යයේ අවාසනාවට යුද්ධ කාලයේ හුවමාරු උණු අත් පත්‍රිකා සඟවා ගෙන සිටි ඇතැම් තරුණයන් දකුණේ මාධ්‍ය විසින් කොටි බුද්ධි අංශ මහා මොළකරුවන් බවට පත් කොට නඩු නැතිවම බන්ධනාගාර ගත කොට වසර ගණනාවක් දැන් ගෙවී ඇත. පසුගිය 88-89 සමයේ ඇතැම් පුවත්පත් ළඟ තබාගෙන සිටි දකුණේ තරුණයන්ට තම ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු වූ මහා අවාසනාවේ දමිළ පරිවර්තනය මෙය නොවේද?

මෙම තරුණයන් එළියට දැම්මොත් රටට කුමක් වේවිද? රටේ මහා ජාතියේ නිල නොවන ප්‍රකාශකයා වන විමල් විරවංශට අනුව නම් මොවුන් එළියට ඇවිත් යළිත් සංවිධානය වී, බටහිරින් ආධාර ලබා ගෙන නැවත යුද්ධය පටන් ගනු ඇත. එහෙත් සිවිල් යුද්ධ යනු කෝම්පිට්ටු සෙල්ලම් යුද්ධ නොවේ. ඒ සඳහා සමාජ, ආර්ථික සහ දේශපාලන කාරණා බිඳෙන් බිඳ ගොඩනැඟිය යුතුය. රට තුළ සහෝදර ජාතින් දෙකකට අයත් මිනිසුන් අතර හට ගන්නා යුද්ධ වලින් පසු කිරිබත් කා එය සැමරීම සහ වසරක් පාසා යළි යළිත් කිරිබත් කමින් යුද ජයග්‍රහණ සංවත්සර සැමරීම මඟින් දමිළ ජනතාවට තවත් සිවිල් යුද්ධයක් සඳහා අවශ්‍ය මානසික තුවක්කු ලැබෙනු ඇත. එසේම යුද්ධයේ අවක්ෂේප ලෙස ඉතිරි කර ගන්නා සිරකරුවන්ව වෛරයේ සහ සැකයේ මාංචු යොදා ගනිමින් බන්ධනාගාර ගත කර තැබීම යනු මීළඟ යුද්ධයට අවශ්‍ය ඔක්සිජන් තැම්පත් කර තැබීමක් බව භුමි පුත්‍ර පෝතකයන්ට හැර ඇස් ඉස් මස් ලේ වලින් හැදුනු ඕනෑම මනුස්සයෙකුට තේරෙන කාරණයකි.

යුද්ධය යනු රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවන නිසා එහි තුළ මිහිරි සහ අමිහිරි දේවල් බොහෝ සිදුවේ. ඉතිහාසය විසින් LTTE යුද්ධය අවසන් කළේ ඉතා සරදම් සහගත ආකාරයකටය. එහි බොහෝ නායකයින් අවසන් මොහොත තෙක් සටන් කොට ජීවිතක්‍ෂයට පත් වූ අතර සමහර නායකයින් සටන අතරමඟ අතහැර සතුරාගේ මිතුරන් බවට පත්විය. ඉතිරි වූ නායකයෝ තම සිවිල් බලය පාවිච්චි කොට විවිධ දේවල් කරමින් සිටිති. එහෙත් සංවිධානය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුණු පුංචි කාඩරයින් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර තුළ කූරු ගනින අතර ඔවුන් වෙනුවෙන් කතා කිරීමට දමිළ දේශපාලන නායකත්වයක් පවා අද නැත. මේ වෙනුවට මෙම දමිළ නායකයන්ට පාර්ලිමේන්තුව තුළ දිවි හිමියෙන් සටන් වදින්නට වෙනත් බොහෝ දේවල් ඇත.

ලංකාව නම් වූ දිවයින තුළ සිටින බොහෝ මිනිසුන් සහ ගැහැණුන් දේශපාලනය ලෙසින් හඳුනා ගෙන ඇත්තේ දිනපතා ජනමාධ්‍ය මඟින් එළියට දාන ඕපදූප, පුරසාරම්, විසුක දස්සනයන්ය. ඊට ඔබ්බට ගොස් රටේ උතුරු ප්‍රදේශයේ ජිවත්වන මිනිසුන් පිරිසක් රාජ්‍යයට එරෙහිව කල සටන දේශපාලනික ලෙස දකින්නට සමත් මහා ජාතික පුරවැසියන් අපට නැත. එමනිසා මහා ජාතික අපි තවමත් කැමති වන්නේ යුද්ධයේ අවක්ෂේප වූ සියලු දෙනා දෙමළ ත්‍රස්තවාදීන් ලෙස බන්ධනාගාර තුළම සිටිනවා දකින්නටය. මේ මානසික සිරගෙය තුළින් අප එළියට නොඑන තාක් කල් ජනතාවගේ රුධිර නාළ අල්ලා ගෙන සිටින අපේ දේශපාලකයින්, දේශපාලන සිරකරුවන් සමඟ අදේශපාලනික ලෙස ක්‍රීඩා කරනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Tamil Political Prisoners in Sri Lanka, Political Violence in Sri Lanka, LTTE detainees, Ethnic War in Sri Lanka, Mahinda Rajapaksa, Maithripala Sirisena
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
Simone de Beauvoir කියයි.
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook