Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
ජේ.එච්. ජයවර්ධන නම් වූ නළුවා නොහොත් සැබෑ රූකඩයා
බූන්දි, 19:24:22
බටහිර සිනමාවේ මහා සිනමාකරුවෙකු වන ඇල්ෆර්ඩ් හිච්කොක් වරක් ප්‍රකාශ කළේ, නළු නිළියන් යනු 'පණ ඇති රූකඩ' බවත්, එම රූකඩ නිර්මාණාත්මකව හැසිරවීම, සිනමාකරුවන්ගේ කාර්යභාරය බවත්ය. එහෙත් අපේ නළු නිළියන් අධිනිශ්චය වී, රූකඩ රාමුවෙන් එළියට පැමිණ වීර සෙයියාවෙන් අභිෂේක ලබනවා පමණක් නොවේ; මේ වීරකම් උඩ දමා පාර්ලිමේන්තුවට පවා ගොස් ව්‍යාවස්ථාදායක වැඩ වලට පවා හොට දමන්නෝය...!

මේ අතර රූකඩයාගේ කාර්යභාරය අඩුවක් නැතිව, නිවැරදිව සිදු කළ සැබෑ නළුවෙක් පසුගිය දා ජිවිතයෙන් සමුගත්තා. ඔහු ජේ. එච්. ජයවර්ධන. මිය යන විටත් සැබෑ රූකඩයෙක් යන අයිඩෙන්ටිටිය පමණක් ඔහුට තිබුණ නිසා ඔහුගේ මරණය මාධ්‍ය කාලගෝට්ටියක් බවට පත් වුණේ නෑ. මාධ්‍ය කිහිපයක පළ වූ පුංචි මුද්දර ප්‍රමාණයේ හුදකලා පුවත් කිහිපයකින් අනතුරුව අපි ජේ.එච්.ව වළලා දමා අත්දෙක පිහිදා ගත්තා.

සිංහල සිනමාවේ චිත්‍රපට විසි හයකට ජේ. එච්. දායක වෙනවා. ඔහු කැමරාව ඉස්සරහා මුලින්ම රූකඩයෙක් බවට පත් වෙන්නේ 1953 වසරේ "එදා රෑ" චිත්‍රපටියෙන්. ඉන් පසුව ධර්මසිරි බණ්ඩාරනායකගේ, පතිරාජගේ, එච්.ඩී. ප්‍රේමරත්නගේ, ටයිටස් තොටවත්තගේ චිත්‍රපටි වල නිත්‍ය සාමාජිකයෙක් වෙනවා.

ජේ. එච්. යනු නළුවෙක් නොහොත් රූකඩයෙක් නිසා ඔහුට අනන්‍යතා අර්බුද අදාළ වෙන්නේ නෑ. ඒක නිසා ඇගේ වෛරය, ජුරිය ඔබයි වගේ චිත්‍රපට වලත් ඔහු රගපානවා.

ආර්. ආර්. සමරකෝන් තමයි ජේ. එච්.ව නිවැරදිවම අල්ලගන්නේ. එහෙමත් නැතිනම් ආර්.ආර්.ගේ කැළණි පාලම වේදිකා නාට්‍යයේ මැම්බර් මහත්තයා ගේ චරිතය නිසා ජේ.එච්.ට නළුවෙක් කියන සිවිල් අයිඩෙන්ටිටිය හම්බවෙනවා. ජේ.එච්.ට තියන අමුතු උච්චාරණ විලාශය නිසා ඔහු විචාරකයින් ඔහුව හඳුන්වන්නේ අධි තාත්වික රංගන ශිල්පියෙක් විදිහට. ඒත් ජේ.එච්. ගේ මිතුරන් නම් කියා සිටින්නේ ඔහුගේ මේ අධි තාත්වික රංගනය සහ ඔහුගේ සැබෑ ජීවන විලාසය අතර ඇත්තේ ඉතා අල්ප වෙනසක් බවයි.

ජේ.එච්.ගේ අධි තාත්වික රංගන විලාසය සහ කටහඬට නිල නොවන පේටන්ට් බලපත්‍රයක් මේ කාලයේ ඔහුට ලැබෙනවා. ඒත් ජේ.එච්. යනු කැමරා ඉදිරිපිට රූකඩයෙක් වී, අඩියක් පුඩියක් ගසා ගෙදර යන සරල ප්‍රාණියෙක් නිසා ඔහුව වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ක්‍රමානුකුලව විකිණෙන්නේ නෑ. ඔහුගේ තරුණ කාලයේදී ඔහු රඟපාන චරිත ප්‍රතිනිෂ්පාදනය කොට වෙළෙන්ඳන් බඩු විකුණන අතර ඒ නිසා ඔහුගේ සාක්කුවට එබෙන අමතර මොණරු කොළ ඇසුරු සැනින් මිතුරන් අතර දියවෙන මධු සාද බවට පත් වෙනවා.

අමරබන්දු රුපසිංහලා ගවන්විදුලියේ රජ කරන කාලයේ ජේ.එච්. ගුවන්විදුලියට ගොඩවදිනවා. ඊට පස්සේ මොණර තැන්න ගුවන් විදුලි නාට්‍යයේ රජ්ජුරුවෝ චරිතයට හඬ කවනවා. ඊට පස්සේ ජේ.එච්.ගේ අමුතු උච්චාරණය ගම්දනවු වල ආයෙත් රැව් පිළිරැව් දෙන්න පටන් ගන්නවා. මේ අසූව දශකයේ. එ්ත් ජේ.ආර්.ගේ දේශපාලනය විසින් හදිස්සියේම අමරබන්දුව ගුවන්විදුලියෙන් එළියට දැම්මම ජේ.එච්.ගේ ගුවන්විදුලියේ රජකම නැතිවෙලා යනවා.

නිහාල් සිල්වා වගේ අය ප්‍රේමදාස දේශපාලනයත් එක්ක ඒ කාලයේ නාට්‍ය කලාවේ අයිතිකාරයෝ වෙනවා. එතකොට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්නේ සුගතපාල ද සිල්වා වගේ අය. සුගත්ලා, රන්ජිත් ධර්මකීර්තිලා, ජේ.එච්. ගේ මීවිත - හිත මිත්‍ර සගයන්. එ්ත් සුගත්ලා කලාවෙන් දේශපාලනය කරන කොට ජේ.එච්.ලා උදාසීනව ඉන්නවා. එහෙමත් නැතිනම් වේලාසනින් ගෙදර ගොස් නිදිය ගන්නවා. ඒ තමයි ජේ. එච්.

එක දවසක ජේ.එච්.ගේ ගෝලයෙක් වගේ යාළුවෙක් රතුපාට දේශපාලනයේ පන්ති පහටම සහභාගී වෙලා ඔලුගෙඩිය පුරවාගෙන ජේ.එච්. හම්බ වෙන්න එනවා. ගෝල යාලුවා තෙල බෙදන්න පටන්ගන්නවා. පිළිතුරු විදිහට ශුද්ධ සිංහල වචන අහුරක් ජේ.එච්.ගෙන් හම්බ වෙනවා.

"මං හොද ලිබරල් මිනිහෙක් බං..." ජේ. එච්. විහිළුවට වගේ කියනවා.

ඒත් ඒ විහිළු අස්සේ සුන්දර, නොකිලිටි මිනිහෙක් ඉන්නවා. ඒ තමයි හරිම නිදහස් ඇසකින් ලෝකය දකින ජේ.එච්...!

ඒත් ඒ නිදහස් ඇස වසර 1997 දී නොපෙනී යනව. එහෙමත් නැතිනම් ග්ලුකෝමා රෝගය හැදිල ජේ.එච්. ගේ ඇස් දෙකම අන්ධ වෙනවා. ඒ එක්කම මේ දක්ෂ රූකඩයා රඟහලෙන් බැහැල යනවා. එතැන් සිට ඔහු ලෝකය දකින්නේ තම දයාබර බිරිඳ සහ දරුවන්ගේ ඇස් වලින්.

ජේ.එච්.ගේ සමකාලීනයින් බොහෝ දෙනෙක් මේ වෙනකොට ජිවිතයෙන් සමුඅරගෙන. එහෙමත් නැතිනම් ජේ.එච්. දෑස පියාගෙන ඉන්න කාලේදී වීරයෝ වෙලා එක එක අයිඩෙන්ටිටි වලට මාරු වෙලා. එහෙමත් නැතිනම් විවිධ කඳවුරු වල දේශපාලකයින්ගේ දෑත ශක්තිමත් කරන්න ගොස් හිකනල්ලු වගේ දැපනේ වැටිලා. මේ සියළු විසුක දස්සනයන් නොබලන්නට දැස පියාගෙන ඉන්න තරම් එක අතකට ජේ. එච්. වාසනාවන්ත වුනා.

ඔහු දෑස පියාගෙන ඉන්න අවදියේදී ඇස් අරගෙන සිටි මිනිසුන් බොහෝ දේවල් කරන්න පුරුදු වෙලා ඉන්නවා. වේදිකාවෙන් බැස යන්න සුදානම් වෙලා ඉන්න සැදෑ සමයේ කලාකරුවන් කල්ලිවාදින් හෝ දේශපාලකයින් විසින් උපහාර උත්සව නාමයෙන් වේදිකා මතට දක්කාගෙන විත් කයිවාරු ගසා අනතුරුව අධෝමුඛයට පයින් දෙකක් ඇන පැත්තකට කරවීමේ "පාපයට" හසු නොවීමට ඇස් වසාගෙන සිටිය ජේ.එච්.ට පුළුවන් වෙනවා.

දක්ෂ රූකඩයෙක් ලෙස කැමරාව ඉස්සරහට ආපු ජේ.එච්. ජිවිතයෙන් සමුගෙන යන විට තම අයිඩෙන්ටිටිය විතරක් නෙමෙයි ආත්මය පවා රැකගෙන ආපසු යන්න යනවා.

ජේ.එච්. ජිවිතයෙන් පැරදුනත්, ඔබ දිනුම්!

(මුලාශ්‍ර තොරතුරු අරුණ පෙරේරා මහතාගෙනි.)

ඡායාරූපය- ජේ.එච්., වසන්ත කොටුවැල්ල සමග- ගම්පෙරළිය ටෙලි නාට්‍ය දර්ශන තලයේදී.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- J.H. Jayawardena, Veteran Sri Lankan Actor, Sinhala Cinema, Sinhala Drama, Alfred Hitchcock, Kalani Palama, R.R. Samarakoon, Dharmasena Pathiraja, Dharmasiri Bandaranayake, H.D. Premarathna, Age Wayiraya, Moneratanna, Rajjuruvo
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
BoondiLets
ඩේවිඩ් ක්‍රොනන්බර්ග් (කැනේඩියානු සිනමාකරු) කියයි.
වාරණ බලධාරීන් කරන්නේත් උමතු රෝගීන් කරන දෙයයි. ඔවුන් යථාර්ථය, මායාව හා පටලවා ගනී.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook