Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පරිවර්තන කවි
නියමුවාණෙනි අහෝ මා නියමුවාණෙනි!
බූන්දි, 19:27:46
නියමුවාණෙනි අහෝ මා නියමුවාණෙනි ! අපේ බියකුරු ගමන දැන් අවසන්ය,
ගමන් කර ඇත නැව පරයමින් සියලු අනතුරු, අප සෙවූ දිනුම දැන් අප සතුය
නැව්තොට නුදුරේය, ඇසේ ඝණ්ටා නාදය, මිනිසුන් නගන සැටි ජයගොස
නෙත් හෙලමි නොසෙල්වෙන නැව්තලය දෙස, නිර්භයය සැඩය නෞකාවේ පෙනුම

එනමුදු අහෝ හදවත ! මා හදවත
මා නියමුවාණන් ශීතල මළසිරුර
වැදහොත් නැව්තලය මත
අහෝ ! රතුවන් ලේ බිඳු වැගිරේය

නියමුවාණෙනි අහෝ මා නියමුවාණෙනි ! සවන් දෙනු මැන නැගී ඝණ්ටා නදට;
නැගී සිටිනු මැන ඉදින්- මේ ධජය ලෙලෙන්නේ, බියුගලය වැයෙන්නේ නිසා ඔබ වෙනුවෙන්ම,
මේ මල් පොකුරු, මල් කලබ- රොද බඳින මේ මිනිස් කැළ නිසා ඔබ වෙනුවෙන්ම,
හිසො’සවා බලමින්, ඔබට හඬ ගසමින්, තෙරපෙන ජන ගඟ නිසා ඔබ වෙනුවෙන්ම.

නියමුවාණෙනි, ආදර පියාණෙනි!
හිසට යටවූ ඔබේ මේ හස්තය!
දකින්නේ මා සිහිනයක්දෝ නැව්තලය මත
වැතිර ඇති සැටි ඔබ ශීතල මළසිරුර

පිළිතුරු නොදේ මා නියමුවාණන්, නිසලය සුදුමැලිය ඔහු දෙඅදර
නොදැනේ ඔහුට මාගේ ස්පර්ශය, නැවතී ඇත ඔහු හදගැස්ම, සිතිවිලි,
ගමන් අවසන් කළ නැව, නැංගුරම් ලා ඇත සුරක්ෂිත ලෙස
බියකුරු ගමන නිමවා, සිය අරමුණ දිනා, නැව්තොටට පැමිණ ඇත නැව

අහෝ ජයගොස නගවු මිනිසුනි, නගවු ඝණ්ටා නද ඉතින් !
මා නියමුවාණන් ශීතල මළසිරුර
වැදහොත් නැව්තලය මත
ඇවිද යමි මම දැඩි සොවින්.

*-වෝල්ට් විට්මන් (1819-1892) ගේ 'O Captain! My Captain!' පද්‍යයෙහි සිංහල පරිවර්තනය

**********

-ඇමෙරිකා එක්සත් ජනපදයේ දහසයවැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කොට 2015 අප්‍රේල් 15 වැනිදාට වසර එකසිය පනහක් පිරිණි. වහල් මෙහෙය අවසන් කිරීමට විරුද්ධ වෙමින් දකුණේ ප්‍රාන්ත එකොළහක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වෙන්වීමට ගත් තීරණය හේතුවෙන් ඇමෙරිකාවේ උතුරුදිග ප්‍රාන්ත නියෝජනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයත් (United States of America) දකුණු දිග වෙන්වී ගිය ප්‍රාන්ත විසින් පිහිටුවා ගනු ලැබූ ඇමෙරිකා සන්ධාන ජනපදයත් (Confederate States of America) අතර ඇමෙරිකානු සිවිල් යුද්ධය හටගත්තේය. 1861 සිට 1865 දක්වා පැවැති සිවිල් යුද්ධයේදී, වහල් මෙහෙය අවසන් කළ යුතුය යන මතයේ පිහිටා කටයුතු කළ එක්සත් ජනපදයට නායකත්වය දුන් ලින්කන් 1865 දී සන්ධාන ජනපදය පරදවා සිවිල් යුද්ධය ජයග්‍රහණය කළා පමණක් නොව ඇමෙරිකාව තුළ වහල් මෙහෙයද අවසන් කළේය. 1865 අප්‍රේල් 15 වැනිදා ලින්කන් ඝාතනය කෙරිණි.

ලින්කන්ගේ මරණයෙන් ප්‍රකම්පනයට පත් වෝල්ට් විට්මන් විසින් "O captain! my captain" නමැති මේ කවිය ලියන ලදී. සිවිල් යුද්ධය නමැති අනතුරුවලින් ගහණ සාගරයේ ඇමෙරිකා එක්සත් ජනපදය නමැති නෞකාව පදවා එය ගමනාන්තයට ළඟා කරවූ නියමුවෙකුට ලින්කන් මෙහිදී උපමා කෙරේ.

ඇමෙරිකානු කවීන් අතර ශ්‍රේෂ්ඨතම කවියෙකු වූ වෝල්ට් විට්මන් "නිදහස් පද්‍යයේ" පියා ලෙස සැලකේ. හෙතෙම, එතෙක් විරිතක් අනුයමින් ලියැවුණු ඉංගිරිසි කවිය විරිතකින් තොරව නිදහස් ලෙස රචනා කිරීමේ පුරෝගාමියා විය. වසර හැත්තෑ තුනක් වූ විට්මන්ගේ ජීවිත කාලය ඇතුළත හටගත් වැදගත්ම සිදුවීම වූයේ ඇමෙරිකානු සිවිල් යුද්ධයයි. සිවිල් යුද්ධ වකවානුවේදී හෙතෙම එක්සත් ජනපදයට දැඩි ලෙස සහයෝගය දැක්වීය. මුලදී ඔහු ජනාධිපති ලින්කන් ගැන එතරම් තැකීමක් නොකළ නමුදු යුද්ධය දිනෙන් දින ඇවිලී යත්ම ලින්කන්ට ඇලුම් කරන්නට පටන් ගත්තේය. කෙසේවුවද ඔවුන් දෙදෙනා කිසි දිනෙක එකිනෙකා මුණ ගැසී නැතැයි කියැවේ.
වෙනත් සබැඳි |
O Captain! My Captain! [Wikipedia]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Abraham Lincoln, Walt Whitman, American Poetry on Freedom from Slavery
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පරිවර්තන කවි
යෑම සහ ඒම අතර
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
අදේශපාලනික බුද්ධිමතුන්
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook