Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
අඟහරු තරණය
බූන්දි, 23:00:23
මංගල්යාන් අඟහරු ග්‍රහයාගේ උතුරු අර්ධගෝලයේ නිසල පෙදෙසක් වෙත ළඟා වෙමින් තිබිණ. ඒ වූකලී සමස්ත ලෝකයේම අවධානය අඟහරු වෙතටත් වඩා ඉන්දියානු අර්ධද්වීපයට යොමුවෙමින් තිබූ සන්ධ්‍යාවක් විය. මා එවෙලේ සිටියේ මෙවර සතිඅන්ත පුවත්පතේ ‘මගේ කොලම’ සඳහා පලකළ යුතු ලිපිය සකස් කරමිනි. 'දකුණු ආසියාවේ ආර්ථික අර්බුදය' මැයෙන් මා විසින් සකස් කළ ලිපිය ඒ වන විටත් පැවතියේ අඩකට ආසන්න ප්‍රමාණයක් අවසන්වය. විවිධ ආර්ථික විශ්ලේෂණ දත්ත හා මෑත කාලීන ආර්ථික ප්‍රවණතා මෙන්ම වෙළඳපල හැසිරීම් තුලනාත්මකව විග්‍රහ කරමින් සැලකිය යුතු කරුණු ප්‍රමාණයක් මා විසින් එහි දක්වා තිබිණි.

‘අඟහරු තරණය’ සජීව විකාශය රූපවාහිනී නාලිකා සියල්ල ඔස්සේම විකාශය වෙමින් තිබිණ. මංගල්යාන් නිරුපද්‍රිතව අඟහරු මතට ගොඩබට බවත් තව ස්වල්ප මොහොතකින් යානයේ ප්‍රධාන දොරටුව විවෘත කළ පසු ගගනගාමීන් යුවළ අඟහරු මත පය තැබීමට සූදානම් බවත් කුතුහලය වඩවන ස්වරයකින් විස්තර කරනු ඇසුනි. රූපවාහිනියේ හඬ මඳක් අඩු කළ මම යළිත් ලිපිය යතුරු ලියනය කිරීම ආරම්භ කළෙමි. කලාපීය සහයෝගීතාව තුළින් ශක්තිමත් කලාපීය ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා පැරණි පූර්වාදර්ශයන් ලබා ගැනීමේ නම්නතාවන් හා සීමා පිළිබඳ වඩාත් තියුණු ලෙස තර්කයක් ගොඩනැඟීම මගේ බලාපොරොත්තුව විය. පසුගිය සාක් සමුළුවේදී යෝජනා වූ ඇතැම් යෝජනාවන්ගේ ඇති ප්‍රායෝගික දුබලතාවන් මෙන්ම ඒවා වඩාත් ඵලදායක අයුරින් ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයන් රටවල් තුළින්ම මතු කර ගැනීම පිළිබඳවත් පසුගිය සතිඅන්තයේ මගේ කොලමෙන් ලීවෙමි. කෙසේ වුවද, එම ලිපියේ තරමක මත භේදයට තුඩු දිය හැකි කරුණු ඇතුළත් හෙයින් ප්‍රධාන කර්තෘ මා අමතා ලිපිය පල කිරීමට ප්‍රථම එහි සංශෝධන කිහිපයක් කළ හැකිදැයි විමසුවේය. ලිපියේ මුඛ්‍ය අදහසට හානියක් නොවන පරිදි ඇතැම් තැන් වෙනස් කිරීමට අකමැත්තෙන් වුවත් මම එකඟ වූයෙමි. ඒ අනුව එහි ඇතැම් තැනක යෙදුණු ‘සියලුම’ යන වචනය වෙනුවට ‘ඇතැම්’ යනුවෙන්ද ‘නිරන්තරයෙන්’ යන්න ‘බොහෝ විට’ යනුවෙන්ද වෙනස් කිරීමට සිදුවිය.

"ආපහු ඇඳිරි නීතිය දාලලු.." බිරිඳ කෝපි කෝප්පයක් පිළිගන්වමින් කීවාය.

නගර කිහිපයක සිදු වූ නොසන්සුන්කාරී තත්වයන් හේතුවෙන් දිවයිනටම බලපවත්වන පරිදි ස්ථාන කිහිපයකට පනවා තිබූ ඇඳිරි නීතිය හෙට පෙරවරු 6 දක්වා දීර්ඝ කළ බව අඟහරු තරණය සජීවී වැඩසටහන අතරතුර විශේෂ ප්‍රවෘත්ති විකාශයෙන් ද මොහොතකට පෙර කියවිණ. ආගමික ස්ථානයකට පහරදීමේ සිද්ධියක් සමඟ ආරම්භ වු අරගලය පැය කිහිපයක් තුළ තදාසන්න නගර ගණනාවකට ද පැතිර ගියෙන් තත්වය පාලනය කිරීමට ඇඳිරි නීතිය පැනවීමට සිදු වූ බව නිවේදනයේ වැඩිදුරටත් දැක්විණ.

මංගල්යාන් යානයේ සිටි නාරායන් චෞද්‍රි සහ අස්රෆ් මලික් යන ඉන්දීය ගගනගාමීන් දෙදෙනා අඟහරු මතට ගොඩබට ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන අඟහරු සහ පෘථිවිය අතර ස්ථානගත කළ අතරමැදි චන්ද්‍රිකාවක් ඔස්සේ මිනිත්තු කිහිපයක් ඇතුළත පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කළ හැකිවිය. මෙය විසිඑක්වන සියවසේ ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය බවත් මෙය මානව ශිෂ්ටාචාරයේ අලුත් යුගයක් සඳහා තබනු ලැබූ යෝධ පිම්මක් වනු ඇති බවත් නිවේදක විසින් උද්වේගකර ස්වරයකින් යුතුව විස්තර කරන ලදී.

නාරායන් හා අස්රෆ් විසින් අඟහරු මත ඉන්දීය ධජය සිටුවනු ලැබීමෙන් අනතුරුව පස් සාම්පල එකතු කරන ආකාරයත් නිරීක්ෂණ උපකරණ සවි කරන ආකාරයත් වැඩසටහන අතරතුර වරින් වර පෙන්වනු ලැබීය. මා ලියමින් සිටි ලිපියේ කටයුතු මොහොතකට නවතා දමා බිරිඳ විසින් පිළියෙළ කර දුන් කෝපි කෝප්පය තොල ගාමින් ‘අඟහරු තරණය’ නැරඹීම සඳහා සෝපාව මත හිඳගත්තෙමි. බිරිඳත් පුතුන් දෙදෙනාත් මහත් උනන්දුවකින් අඟහරු තරණය නරඹමින් සිටියහ. දැල්වුණු කුතුහලයෙන් යුතුව රූපවාහිනිය දෙස බලා සිටි දෙටුපුතු හඬ අවදි කළේය.

"තාත්තෙ, දැන් අපිටත් අඟහරු වල පදිංචියට යන්න පුළුවන්ද?"

"සමහර විට.." මම කීවෙමි.

"ඉතිං අපිත් යමුකො තාත්තෙ.."

"මේ යන විදියට අපිටත් අඟහරු වලට තමා යන්න වෙන්නෙ"
බිරිඳ සුසුමක් හෙළමින් කීවාය.

මා සකස් කරමින් සිටි ලිපිය පසුව පළ කර මේ සති අන්ත කොලම සඳහා ඉන්දියානු අඟහරු තරණය පිළිබඳ යමක් ලිවිය යුතු යැයි මට සිතිණ. නැවතත් පරිගණකය ක්‍රියාත්මක කළ මම ඒ සඳහා සුදුසු ප්‍රවේශයක් සොයමින් අන්තර්ජාල පිටු පිරික්සමින් කරුණු රැස්කළෙමි.

ඉන්දියානුවන්ගේ අඟහරු තරණය හුදෙක් ඉන්දියාවට පමණක් නොව දකුණු ආසියාවටත් සමස්ත ලෝකවාසී ජනතාවටම ආඩම්බර විය හැකි කරුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්වීටර් පණිවුඩයේ දක්වා තිබිණි. සෑම රටකින්ම පාහේ සුබ පැතුම් ගලා එන්නට වූ අතර අප අසල්වැසි ඉන්දියාව අත්පත් කරගත් ජයග්‍රහණයට සුබ පතමින් ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍යතුමන් ද සුභාශිංශන පණිවුඩයක් එක්කර තිබිණි.

ඉන්දියාවේ මේ තාක්ෂණික විප්ලවය සැබෑ ඉන්දීය අවශ්‍යතාවක් ද යන ගැටලුව මුල සිටම මා තුළ වූවකි. ඉන්දියාව මේ මොහොතේ ඉටුකරමින් සිටින තාක්ෂණික විප්ලවය බහුතරයක් වූ දුප්පත් එමෙන්ම නූගත් ඉන්දියානු පුරවැසියාගේ සැබෑ අවශ්‍යතාවක්ද? සමස්ත ජනගහනයෙන් හතරෙන් පංගුවක් අන්ත දුගී ජනතාවක් වෙසෙන ඉන්දියාවේ මෙම තාක්ෂණික විප්ලවය හා එමඟින් ලෝක බලවතා වීමට දරන ඊනියා ව්‍යායාමය එරට බොහෝ මධ්‍යස්ථ මතධාරීන්ගේ පවා විවේචනයට තුඩු දුන්නකි. ලෝක බලවතා වීමේ නොසන්සිඳෙන ආශාවෙන් ඉන්දියාව විසින් පසුගිය දශකයක පමණ කාලය පුරා අභ්‍යවකාශ ව්‍යාපෘති සඳහා වැයකළ මුදල සමස්ත ඉන්දියාවේ දිළිඳුකම මුළුමනින්ම පිටුදැකීමට ප්‍රමාණවත් බව ඉන්දීය ආර්ථක විශ්ලේෂකයන් විසින් මංගල්යාන් ව්‍යාපෘතියට එල්ල කළ ප්‍රධාන චෝදනාවක් විය. ඉන්දියාව මීළඟ ලෝක බලවතා වීමේ හැකියාව මෙන්ම නොහැකියාව ද එකවර උසුලන රටක් බව බ්‍රිතාන්‍ය පුවත්පතක් වාර්තා කර තිබුණේ මීට දෙසතියකට ඉහතදීය.

නගර කිහිපයක තත්වය වඩාත් උග්‍ර අතට හැරෙමින් තිබීම නිසා එම ප්‍රදේශ වල ආරක්ෂාව තර කිරීමට විශේෂ කාර්ය බලකාය යෙදවීමට සිදු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සඳහන් කළ බව ප්‍රවෘත්ති විකාශයෙන් කියැවිණ. අන්තවාදී පිරිස් විසින් ගෙනයන කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහයෝගය නොදෙන ලෙසත් සාමකාමීව ක්‍රියාකරන ලෙසත් සර්වාගමික නායකයන් විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබිණි. තවද අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා තව ස්වල්ප වේලාවකින් ජාතිය අමතන බවද ප්‍රවෘත්ති විකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා මම එවෙලේම අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිපදෙනෙකු ඇමතුවෙමි. තත්වය සන්සුන් වූ පසු සිද්ධිය අළලා විශේෂාංග තීරු ලිපියක් සැකසීම මගේ සිතුවිල්ල විය.

"දැන්ම මුකුත් ලියන්න එපා.. ආණ්ඩුවෙ කීප දෙනෙක්ම වැඩේ පිටිපස්සෙ ඉන්නවා.. මුං හදන්නෙ කොහොම හරි හදිසි නීතිය දාල පාර්ලිමේන්තුව විසුරුවන එක වළක්වන්න.."
එක් මිතුරෙකුගේ ප්‍රතිචාරය විය.

අලුත් පිටුවක් විවෘත කළ මම ලිපිය යතුරු ලියනය කිරීම ආරම්භ කළෙමි. කිසිදු සංස්කරණයකින් තොරව අපිළිවෙලින් සිතට නැඟුණු අදහස් එපරිද්දෙන්ම සනිටුහන් කරමින් පිටු කිහිපයක්ම එකදිගට යතුරු ලියනය කළෙමි. බිරිඳත් පුතුන් දෙදෙනාත් නින්දට යන බව පවසා තමතමන්ගේ කාමරවලට ගියහ. මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබූ නිසා තරමක වෙහෙසකර ගතියක් දැනෙන්ට වූ හෙයින් මෙහොතකට දෑස් පියාගත් මා යළිත් අවදි වී තිබුණේ අගමැතිගේ ජාතිය ඇමතීමේ කතාවෙනුත් පසුවය. අඟහරු තරණය පිළිබද විශේෂ සජීවී වැඩසටහන දිගටම විකාශය වෙමින් තිබිණි. අඟහරු ජයගැනීම සමරමින් දහස් ගණනින් ඉන්දියානුවන් ඒ මධ්‍යම රාත්‍රියේ වීදි බැස මල්වෙඩි දල්වමින් ප්‍රීතිඝෝෂා කරන අයුරු දක්නට ලැබිණ.

නොදැනුවත්වම නැවතත් නින්දට වැටුණු මා අවදි වූයේ කොපමණ වේලාවකට පසුවද යන්න නිශ්චය කළ නොහැකි විය. ඊළඟ මොහොතේ මා අවදි වන විටත් රූපවාහිනිය ක්‍රියාත්මකව තිබූ අතර කඩසාප්පු සමූහයක් ගිනිගෙන දැවෙන රූපරාමු පෙළක් දර්ශනය වෙමින් තිබිණ. ගොඩනැඟිලි ගණනාවක් මුළුමනින්ම ගින්නෙන් විනාශ වී ඇති අයුරු ද තරුණයින් පිරිසක් පෙට්‍රල් පිරවූ කෑන් අතැතිව විදී පුරා දුවමින් කඩසාප්පු ගිනිබත් කරන ආකාරයද දක්නට ලැබිණි.

මා එවෙලේ සිටින්නට ඇත්තේ නින්දත් නොනින්දත් අතරය. රූපවාහිනියෙන් දුටු ඇතැම් දර්ශන මා සිහිනයෙන්ද දුටු බව මට හොඳින්ම මතකය. ඒ මැදියම් රැයේ සිය ගණනින් මිනිසුන් වීදි බැස කඩසාප්පු ගිනිතබමින් මල්වෙඩි සහ රතිඤ්ඤා දල්වනු මා දුටුවේ සිහිනයෙන් විය යුතුය. නාරායන් සහ අස්රෆ් අඟහරු මත සැහැල්ලුවෙන් ඇවිද යන අයුරුත්, කැමරාවට අත වනන අයුරුත් මා දුටුවේ සිහිනයෙන් ද නැතහොත් රූපවාහිනියෙන්ද යන්න තවමත් මට නිශ්චය කළ නොහැකි විය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Sinhala Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දමිත් වැලිකලගෙන් තවත් වියමන්
කවි
ෂැන්ග්‍රිලා....
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
Cine
සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි"
Cine
අබවසක හුදෙකලාව නොහොත් ගුරුත්වයේ සිට 'ග්‍රැවිටි' කියැවීම
කවි
සිත සිත ලෝ දහම සිහි කරනුය නන්ද!
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook