Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
හැත්තෑව දශකයෙන් ඇහෙන නොකිලිටි කටහඬ- බර්ටි බී කුඩාහෙට්ටි
හැත්තෑව දශකයේ කාව්‍යකරණයට එළඹි බර්ටි බී. කුඩාහෙට්ටි සින්ඩරෙල්ලා, සැපෙනි සැප වේවා සහ සිරිමලූගේ නගා නලනීය නමින් කවි පොත් තුනක් එළි දක්වා තිඛෙයි. කඳුළු සලා අඬමින් ඉකි බිඳේයා සහ කෙලී සියොළඟ දූලි ගාලා යන නවකතා රචනය කළ බර්ටි බී. කුඩාහෙට්ටි රජ මළේ ද බිසව ද මළාය, නරිනාටක සහ ඔවුන් පැහැරගත් වගයි යනුවෙන් නාට්‍ය තුනක් ද වේදිකාවට ගෙන ආවේය. එවකට ඛෙහෙවින් කතා බහට ලක් වූ විශිෂ්ට නිර්මාණකරුවකු වූ බර්ටි පසු කාලීනව කිසියම් නිහැඬියාවක් දැක් වූ අතර, අපේ පරපුරේ බොහෝ දෙනෙකුට ඔහුගේ නිර්මාණ හමු නොවීමට එයම හේතුවක් විය.

හැත්තෑව දශකයේ නිර්මාණකරණයට එළඹි, ''පොර සීල්'' සහිත බොහෝ කවි ''පොර''වල්, වසර ගණනාවක් තිස්සේ කවියෙන් අපට දෙසාබාමින් සිටි පුරුෂාර්ථ පසෙක ලා, පීඩකයන්ගේ ගෙමිදුල් වල ගැට ගසන ලද පොමනේරියන් වර්ගයේ සුරතලූන් බවට පත් වෙමින් සිටිති. එයිනිදු සමහර පැරණි කවි විරුවෝ, පිළිකනු දිගේ ගොස් ඝාතකයන් සහ සාහිත්‍යකරුවන් සම්බන්ධීකරණය කිරීම රස්සාව ලෙස තෝරා ගෙන හිඳිති!

මේ සියලූ විකල් රංගන බලමින් තවමත් නිහඬව- එහෙත් පාවා නොදුන් ආත්මයක් සහිතව නිර්මාණකරණයේ යෙදෙන බර්ටි බඳු කවීන්ගේ යටපත් කරන ලද කටහඬ ''ඇම්ෆ්ලිෆයි'' කොට අලූත් පරපුරට ඇහෙන්නට සැලැස්වීම මගින්, ඊනියා කවි කුක්කන්ගේ හඬ හුදු කෙඳිරිල්ලක් දවා පසු බැස්සවීම යන අති වැදගත් අංකය, කවියට හිතැති සියලූ කණ්ඩායම්වල න්‍යාය පත්‍ර වලට ඇතුළත් විය යුතු බවට අපි යෝජනා කරමු.

බර්ටි බී කුඩාහෙට්ටිගේ නිර්මාණයක්...

වෙස්සන්තර උද්දමනයට හසුවෙයි

බඩගිනි උස් කඳු මුදුනින්
සෝක සුසුම් ඇදෙන වෙලේ
නුවන් විලෙන් උණු කඳුලැලි
වතුර ගලන්නේ
ඒ වතුරට රාජ්ජයේ
දනන් තෙමෙන්නේ
වතුර මැදින් අරගලයක්
මතුවී ගිය උදෑසනක
වෙස්සන්තර රජ්ජුරුවෝ
අරගලයෙන් හෙම්බත් වී
දිවෙස් බලා පවතින්නට
සලාකයට නොදී බැරිව
සේරු දෙකක් දන් දෙන්නේ

උත්පාතයෙ සලූ පොරවා
උද්දමනය වහ ගන්නේ
අරගල ඇයි මෝරන්නේ
වෙස්සන්තර නය ගන්නේ

ලෙඩට බේත් ඉල්ලන්නේ
වැඩි පඩි නඩි ඉල්ලන්නේ
සිල්ප සතර ඉල්ලන්නේ
නොයෙක් සහන ඉල්ලන්නේ

නෙක අරගල දකිමින්නේ
වෙස්සන්තර දන් දෙන්නේ

උත්පාතයෙ සලූව ඉරී
උද්දමනය මතු වන්නේ
උද්දමනයෙ අතිනත ගෙන
අවපාතය ගෙත එන්නේ
වෙස්සන්තර වෙව්ලන්නේ
දන් පින් අමතක වෙන්නේ

කම්හල් බිම දොයියන්නේ
බැංකු දොරටු වහගන්නේ
නෙක අරගල මතු වන්නේ
වෙස්සන්තර වෙස් ගන්නේ

රජු වෙස්සන්තර නමිනේ
ඉන්නට බැරි බව දන්නේ
ඇඳි සලූ පිළි ගලවන්නේ
වෙසමුණි වෙස් අරගන්නේ
සිරිමලූගේ නඟා නලනිය-1975
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Berty B Kudahetti
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook