Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමං වූ කාන්තාව පිළිබඳ මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක්
බූන්දි, 19:19:28
සමනල අඩවියේ අතරමං වූ බුලත්සිංහලගේ රංජනී කුරේ නැමැති කාන්තාව විසින් කරන ලද ප්‍රකාශය අනුව ඇය හැටන් පාරෙන් තනියම සිරීපාදයට ගොස් තිබේ. සිරිපා වැඳීමෙන් පසු ඇය රත්නපුර පාරෙන් බැස තිබේ. එම මාර්ගයේදී රංජනී කුරේ කැලේ අතරමං වූවාය​. ඇය එම අත්දැකීම ගැන මෙසේ පවසන්නීය​.

"මම විවාහ වෙලා ඉන්නේ. ටික කාලයකට පෙර පුරුෂයා මාව අත්හැර ගියා. මට පුතෙක් හිටියා. ඒ ළමයා අවුරුදු කිහිපයකට උඩදි මැරුණා.

පහුගිය දෙවෙනිදා මම හැටන් පාරෙන් තනියම සිරිපා වඳින්න ආවා. තුන්වෙනිදා සිරිපා වැන්දා. රත්නපුර පාරෙන් බැස්සා. මට හිතුනා සිරිපාදේ අනික් පැත්ත බලන්න. ඉඳිකටු පානෙදි මම හිතලම කැළේට ඇතුල් වුණා. ආපහු එන්න පාර හොයාගන්න බැරිවුණා. මගේ අතේ තිබුණ බෑග් එක බර වැඩි හින්දා විසිකළා. මම දවස් ගාණක් කැළේ ඇවිද්දේ පාර හොයාගන්න. කන්දෙන් එහා පැත්තේ කවුරුහරි මට කතා කරනවා වගේ ඇහුණා. මම උත්තර දුන්නා. මට ඒ අය ඔහොමම ඉන්න කිව්වා.

මා ශ්‍රී පාදස්ථානයට යන්නට පිවිසි දින සවස් වරුවේදී ශ්‍රීපාද මාර්ගයේ එක්තාරා ස්ථානයකට පැමිණි බව මට මතකයි. මා පැමිණියේ තනියමයි. මා එසේ පැමිණ නතර වූ ස්ථානයදී මා නියමිත යා යුතු තැනට නොපැමිණ ඇති බව මට දැනුණා. පැමිණ සිටි ස්ථානයේ අඳුරු ස්වභාවයක් දැනුණා. කුඩා ගල් ගුහාවල් කීපයක්ම එතැන තිබුණා. ඉන්පසුව සිදු වූ දේ ගැන නිශ්චිත මතකයක් මට නැහැ. මා මෙම රොහලට ගෙන ආ නිලධාරින් එන විට මා ප‍්‍රපාතයට බසින්නට සූදානම්ව සිටි බව මට පසුව දැනගන්නට ලැබුණා.

යම්කිසි හේතුවක් නිසා මගේ පෙර ආත්මයන් පිළිබඳ මතකයක් මට සිහිපත් වන අවස්ථාවන් තිබෙනවා. නමුත් එම අවස්ථාවේ මා කුමක් කරන්නේද කියා මා දන්නේ නෑ. එවැනි අවස්ථාවල කායික වශයෙන් මට විශාල ශක්තියක් ඇතිවනවා. එයින් ප‍්‍රයෝජන ගෙන සමහරුන් මා නපුරු සතුන් සමඟ සටන් වලට පවා යොදවා ගෙන මුදල් හම්බ කිරීම පවා කර තිබෙනවා. ඒ පිරිස කවුරුන්ද කියා මට කියන්න බෑ. ඒ පිරිස අතර සමහර ඇමැති පුතුන් පවා සිටිනවා.

දේශපාලනඥයන් පවා මගේ උපකාර ලබා තිබෙනවා. නමුත් කිසියම් බලවේගයක් විසින් මා මෙහෙයවන බව මට වැටහෙන්නේ මෙවැනි දේ සිදු වූ පසුවයි. බොහෝ විට මා නින්දෙන් ඇවිදිනවා යයි මගේ පවුලේ අය මට පවසා තිබෙනවා යනුවෙන් තම අතීතය සම්බන්ධව රංජනී පැවසුවාය. මට මගේ හැසිරීම වෙනස් වන බව දැනගන්නට ලැබෙන්නේ එවැනි අවස්ථාවකින් පසුව මට යම් තුවාල සිදු වී මා සිටින ස්ථාන වෙනස පිළිබඳව දැනගත් විටදීය. ඒ අවස්ථා වලදී මට ඇතිවන වෙනසින් ප‍්‍රයෝජන ගන්නා පිරිසක් සිටින බව මට වැටහෙනවා. නමුත් ඒ වනවිට බොහෝ දේ සිදු වී අවසන් යයි පැවසූ ඇය දිග සුසුමක් හෙළා සිනාසුනාය."

(-ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමංවූ කාන්තාව- 2015 මාර්තු මස 24- ලංකාදීප)

බුලත්සිංහලගේ රංජනී කුරේ විසින් කියන ලද ප්‍රකාශයන්ට අනුව මෙම කාන්තාව Dissociative disorder හෙවත් විඝටන ආබාධයකින් පෙළෙයි. මෙම රෝගී තත්වය නිසා ඇය තුල මතකය අඩු වී ඇම්නීසියා හෙවත් විස්මෘති තත්වයක් පැන නගියි. මෙකී විස්මෘතිය විනාඩි ගනනක් සිට පැය ගනනක් ද ඇතැම් විට දින ගණනාවක් ද පැවතිය හැකිය​. විඝටන ආබාධයෙන් පෙළෙන්නන් අතර විශාදය, කාංසාව බහුලය​. උක්ත කාන්තාව පුරුෂයා හැර යාම සහ දරුවාගේ මරණය නිසා යම් කිසි විශාද තත්වයකින් ද පෙළෙනවා විය හැකිය​.

තවද, a sense of being detached from self හෙවත් තමන් තම මනස සහ තම අනන්‍යතාව තුළින් වියුක්ත වීම ද සිදු වේ. මේ හැර, a perception of the people and things around you as distorted and unreal (උදාහර​ණ- සමහරුන් මා නපුරු සතුන් සමඟ සටන්වලට පවා යොදවා ගෙන මුදල් හම්බ කිරීම පවා කර තිබෙනවා. ඒ පිරිස කවුරුන්ද කියා මට කියන්න බෑ. ඒ පිරිස අතර සමහර ඇමැති පුතුන් පවා සිටිනවා) වැනි අසාමාන්‍ය සිදුවීම් සත්‍ය ලෙසින්ම සිදු වූ බවට ඔවුන් ප්‍රකාශ කරති, විශ්වාස කරති.

මෙම කාන්තාව බොහෝ දුරට විඝටන ආබාධයකින් පෙළෙන්නීය​. මේ නිසා ආගමික හෝ සංස්කෘතික මති මතාන්තර තව දුරටත් ඇයට කවා ඇයව තව දුරටත් ව්‍යාකූල කිරීම, මුල්‍ය වාසි සඳහා ඇයට දේව වරම් තිබෙන බව කියා සාස්තර කීමට යොමු කිරීම වැනි අනිසි සූරාකෑම් නොකොට ඇයට තිබෙන රෝගී තත්වය ගැන සත්‍ය පවසා ඇයගේ මනස සුවපත් කිරීමට අවශ්‍ය කෙරේ. නැතහොත් මේ රෝගී තත්වය තව දුරටත් උත්සන්නව ඇය මනෝව්‍යාධික තත්වයකට පත් විය හැක​. එම නිසා මෙවැනි ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පුවත්පත් වාර්තාකරුවන් ඥානවත් ආකාරයට පුද්ගලයාට මෙන්ම සමාජයට හානි නොවන අන්දමට වාර්තා කළ යුතුය​.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Adam's Peak, Lihini Hela, Mental disorder, Mental illness, Psychiatric disorder, Superstitious Beliefs, Myths, psychoanalysis
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රුවන් එම්. ජයතුංගගෙන් තවත් වියමන්
වෙසෙස්
Anna O.- Famous Case Study of Joseph Breuer and Sigmund Freud
වෙසෙස්
Nietzsche on Buddhist Philosophy
කතන්දර
දයාබර නාදන්
පොත්
කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය
කවි
තාරකා කිසි දෙයක් කීවේ නැත
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
චේ කියයි.
නිර්ධන පංතිය නිරාහාරව, පීඩාවට පත්ව සිටින විට ධනපති පාලකයා සුඛෝපබෝගීව ජීවත් වේ. සියළු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තර කර ගනී. ජාතික විමුක්තිය,... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook