Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කලින් පැන්න අය "යහ" වීමේ "යහපාලන" කලාව
බූන්දි, 01:51:55
මෙතෙක් කලක් කට්ටඬියන්, හූනියම්කාරයන්, ප්‍රේතයන් හා කුම්භාණ්ඩයන් පෙරටුකරගත් ගෝත්‍රික මිනිසුන් පාලනය කල ලංකාව හරහා මේ දිනවල හදිස්සියේම යහපාලන සීතල සුළගක් හමා යමින් තිබේ. යහපාලනයක් සදහා අනිවාර්යයෙන්ම යහපත් මිනිසුන් අවශ්‍යය. මෛත්‍රී ආණ්ඩුවේ යහපත් මිනිසුන් සොයාගැනීමේ ලිට්මස් පරික්ෂාව බැලුබැල්මට මෙසේය.

මරාගේ නැවෙන් මෛත්‍රී නැවට ප්‍රථමයෙන්ම පැන්න මිනිසුන් ඉතා යහපත් මිනිසුන්ය. පරක්කු වී පැන්න මිනිසුන් තරමක් යහපත් මිනිසුන්ය. තවමත් මරා ලග ඉන්නේ ඉතා නරක මිනිසුන්ය. මෛත්‍රීටත් ඉස්සර මරාට එරෙහිව රටේ යහපාලනය කථාකළ මිනිසුන් යහපත් මිනිසුන් වුවත් ඔවුන් සමග ඩීල් කරන්නේ දැනට හඳුනාගෙන තියෙන ඉතා යහපත් මිනිසුන්ගේ ඕනෑ එපාකම් වලින් පසුවයි. විකල්ප ගැන කතාකරන්නන් මරාටත් වඩා අයහපත් මිනිස්සුන්ය.

මෙම සමීකරණයට අනුව ඊයේ පෙරේදා වෙනකම් මරාගේ කකුල් මිරිකමින් සිටිය ද සුළං හමන අත හොදින් අධ්‍යනය කොට මරාගේ නැවෙන් මෛත්‍රී නැවට කල් බලා පැන්න සෝමරත්න දිසානායකට යහපත් මිනිසා මුද්‍රාව ලැබුණු අතර පසුව ඔහු රූපවාහිනියේ සභාපතිකම දිනාගැනීමට සමත් විය.

ඊයේ පෙරේදා යහපත් මිනිසුන් ලෙස රූපාන්තරණය වීමෙන් අනතුරුව රටේ යහපාලනය ඇතිකිරීමට සරම් කැහැපොට ගහගෙන සිටින මිනිසුන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. යහපාලන අපේක්ෂාව පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමේ යුද්ධය අභිමුව ටික කලක් කල් දමලාද? රාජිත සේනාරත්න මහතාට අනුව මහා පරිමාණ දුෂකයින් දඬු කදේ ගහන අතර කුඩා පරිමාණ දුෂකයින් දෙස නොපෙනෙන ඇස් වලින් බලාගෙන සිටියි. මරාගේ පවුල හැර අනෙක් සියලුම ජහමනයා යහපත් මිනිසුන් බව කිසියම් යහපාලන ඇජෙන්ඩා එකේ අයිතිකාරයෙක් ප්‍රකාශයට පත්කරොත් එය ද පුදුමයක් නොවේ.

අලුත් ආණ්ඩුවේ යහපාලන Road Show එක ඉතා දිගුය. ඒ සදහා අපක්ෂපාතී, පිරිසිදු නිලධාරීන්ගේ හිඟයක්ද ඇති බව ඇත්තකි. ව්‍යවස්ථාදායක කොමිෂන් සභා ඇතිකිරීම සහ ඒ තුලින් රටේ වැදගත් තනතුරු සදහා නම් යෝජනා කිරීම වැනි දිගු න්‍යාය පත්‍රයක් මෙම ගමනට අයත්ය. මෙවැනි වැඩක් සදහා අවශ්‍ය ලොකු දැක්මක් සහිත අපක්ෂපාති මිනිසුන් සොයාගන්නේ කෙසේද?

ඉතා හැඟුම්බර වචන සහිත, ලොකු ලොකු වැඩ කිඩ උඩ දමමින් පිහිටවූ ආණ්ඩු මෑත අතීතයේ සුලබ දසුනකි. අනුවේ දශකයේ අග භාගයේ චන්ද්‍රිකා එවැනි ආණ්ඩුවක් පිහිටවූයේ ධනවාදයට මානුෂික මුහුණුවරක් යෝජනා කරමිනි. ඉන්පසු හදිස්සියේ රනිල් ද ආණ්ඩුවක් පිහිටවූයේ රටේ ආර්ථිකය ධන කිරීම සඳහාය. ඉන්පසු මරා පැමිණියේය. මෙම හැම ආණ්ඩුවක්ම අල කරන ලද්දේ ඒ වටා හදිස්සියේ රොක්වෙන මිනිසුන් විසිනි. අවසාන විග්‍රහයේදී විවිධ නම්වලින්, පාටවලින් ආණ්ඩු පිහිටවෙන අතර කාලයාගේ අවෑමෙන් එම ආණ්ඩුවල තීරණාත්මක බලය එකම බුර්ෂුවා පන්නයේ දේශපාලක/ ව්‍යාපාරික/ නිලධාරී රංචුවක් වටා කරකැවී නතරවීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණි.

අලුත් ආණ්ඩුවද මේ ගොඩටම දැමීමට තවමත් කල් වැඩිය. එහෙත් මාරා විසින් විසූක දස්සන දමමින් සිටින අවදියේ, බොහෝ අය ඇස් කන් වසාගනිමින් ඔහුට පවන් සලමින් සිටින අවදියේ සුළි සුළගක් මැද අන්ධකාරයේ ඉතා ආයාසයෙන් පළමු යහපාලන පහන්වැට දල්වපු මිනිසුන්ට අයිනකට වී බලාසිටීමට සිදුවීම හෝ මෛත්‍රී නැවේ ඉඩ නැතිවීම අහම්බයක්ද?

ගෝත්‍රික වාදී කට්ටඬියන් හෝ වනසතුන් රට පාලනය කරනවට වඩා මිනිසුන් විසින් රට පාලනය කිරීම යහපත්ය. එහෙත් ආණ්ඩු හදන ගමන් මිනිසුන් හැදිමටත් පුරුදු විය යුතුය. එවිට එම ආණ්ඩු වලට යහපාලන දීර්ඝ ආයුෂ ලැබෙනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Good governance, Maithripala Sirisena, Somarathna Dissanayake, Ranil Wickramasinghe, Chandrika Bandaranayake, Sri Lankan Government
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
හැනා අරෙන්ඩ්ට් කියයි.
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook