Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
ගිම්හානය
බූන්දි, 20:40:28
අජන්ත නැවත වතාවක් තමා ලියූ කවිය කියවා බැලූවේ ය. එහි යම් කිසි අපූර්වත්වයක් ඇතැයි ඔහුටම සිතෙයි. කවියටම බැඳුණ සිත ඇත්තෙන් දෙතුන් වතාවක්ම තනුජා කාමරයට හිස පොවා ගස්සා ගිය බව හෝ ඔහු නොදත්තේ ය.

''මොන මගුලක් වෙලාද මන්දා... මේ ලෝකෙ සිහි කල්පනාවකින් නෙවෙයි ඉන්නෙ.. ඇවිත් කෑම එක කනවා.. මට නිදාගන්න ඕනෙ..'' ඊළඟ වතාවේ කාමරයට එබුණ තනුජා දවසේ අවසාන වදන් කීපය සන්නිවේදනය කළා ය.

''මං කන්නං.. ඔයා නිදාගන්න..'' ඔහු කඩදාසියෙන් හිස නොඔසවාම කීවේ ය. කලකට පසු තමා අතින් ලියවුණ අර්ථාන්විත කවිය හේතු කොට ගෙන උපන් තෘප්තිමත් හැඟීමෙන් එක වරම මිදෙන්නට අවශ්‍යතාවක් ඔහුට නොවී ය.

''මේ කවිය නම් ෂුවර් එකටම පත්තරේ යයි..'' ඔහුගේ සිත කීවේ ය.

කවිය ගැන තනුජා හා කතා කරන්නට ඔහුට ඇවැසි විය. එහි පදයෙන් පදය ගෙන ඇයට තේරුම් කර දෙන්නට, ඒ වදන් වල සැඟව ගත් අපූර්වත්වය ඇයට වටහා දෙන්නට ඇත්නමි.. එය කිසිදා ඉටු නොවන පැතුමක් නොවේ දැයි සිහි වී ඔහු සුසුමක හෙළුවේ ය.

කොළය ඉතා සීරුවෙන් නැවූ අජන්ත එය ලියුම් කවරය තුළට දැමුවේ ය. කවරයේ පිටත පැහැදිළි අකුරෙන් පුවත් පතේ ලිපිනය ලිව්වේ ය. කවරයට දැමූ කඩදාසිය නැවත පිටතට ගෙන යළි දිගහැර සියල්ල නිසි ලෙස සටහන්ව ඇද්දැයි කියවා ලැබුවේ ය.

''ගිම්හානය'' ඒ අජන්ත කවියට දැමූ මාතෘකාවයි. ''ඒ අය සමහර විට වෙනින් හෙඩිමක් දායි.. ඒකට මොකද.. කවිය පත්තරේ යනවා නම්..'' ඔහු සිතුවේ ය. කවියේ අග තමා ගේ නම නිසි ලෙස ලියා ඇද්දැයි නැවත පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු කඩදාසිය යළි ලියුම් කවරයට දමා එය ඇලෙව්වේ ය. ලාච්චුවෙන් ගත් මුද්දරය දකුණු කෙළවරේ ඇලෙව්වේ ද බොහෝ පරිස්සමින් ය. උදේ වැඩට යන විට ගෙන යන්නට අමතක නොවනු පිණිස සිය මුදල් පසුම්බිය යටින් කවරය තැබූ ඔහු කාමරයට ගොස් තනූජා අසළින්ම ඇඳේ ඇලවුණේ ඇගේ නින්ද නොබිෙඳන සේ සීරුවෙනි.

''රෑ තුන් තිස් පැයක් වෙනකල් මොනා කුරුටු ගානවද මන්දා.. වෙලාවක මං අල්ල ගන්නංකො මොකීටද මේ ලියන්නෙ කියලා.. මළ විකාර'' තනුජා අනෙක් පසට හැරෙමින් කීවේ නිදිමත හඬින් ය. ''.. කෑම පිඟාන හෝදලා ආවෙ නැත්නං ආයෙ ගිහින් ඒක හෝදලාම එනවා.. මට උදේට ඉඳුල් හෝදන්න බැහැ''

තමා රෑ කෑම නොගත් බව අජන්තට සිහිවූයේ ය. නැවත නැගිට ගොස් කෑම කන්නට සිතක් ඔහුට නොවී ය. ඔහු දෑස් පියා ගත්තේ ''ගිම්හානය'' කවිය නැවත මතකයෙන් කියවමින් ය.

කවියක සැඟව ගත් අපූර්වත්වය තේරුම් ගන්නට තනුජාට නොහැකි වීම ගැන අජන්ත තැවුණේ ය. විවාහ වන්නට පෙර දී නම් ඇය ඔහු ගේ කවිත්වය මහ ඉහළින් අගය කළ බව ඔහුට මතක ය.

''එයා ෂෝක් එකට කවි ලියනවා අනේ..'' ඇය සිය මිතුරියන් හා කොයි තරම් කියන්නට ඇද්ද.?

විවාහ වූ අලූත ඔහු කවියක් ලියන්නට වාඩි වන විට ඇය තේ කෝප්පයක් හෝ ළඟට ගෙනැවිත් දුන්නා ය. ඔහු ලියන කිසිවක් නොකියෙව්වද ඒ යුගයේ ඇගෙන් බාධාවක් නම් නොවී ය.

අජන්ත උදෑසන කාර්යාලයට යන අතරමග හන්දියේ ලියුම් පෙට්ටියට කවිය රැගත් ලිපි කවරය දැම්මේ මහත් බලාපොරොත්තු සහිතව ය. පෙරදා රැයේ නොකන ලද බත් පංගුව හේතු කොට ගෙන උදේ පාන්දරින් ම තනුජා ගෙන් ලද රොස් පරොස් බස් සංග්‍රහය පවා ඔහුට ඉතා ඉක්මණින් අමතකව ගොස් තිබුණි.

මේ ඔහු පත්තර වලට තැපැල් කළ කී වෙනි කවිය දැයි ඔහුට ම මතක නැත. කවි පනහක් හැටක් පමණ වන තෙක් ගැණ ගෙන ආ නමුත් පසුව ඒ ගැනීම ද අතපසු විය. මෙපමණ කවි සංඛ්‍යාවක් ලියා යැවූ නමුදු ඒ එක කවියක් හෝ කවි පිටුවක පළ කරන්නට තරම් සුදුසු නොවේ යයි තීරණය කළ කවි පිටු සංස්කාරකවරුන් පිළිබඳ මේ වන විට ඔහු සිතේ සියුම් කෝපයක් ද පැළපදියම් වන්නට පටන් ගෙන ඇත.

තමා අතින් ලියැවුණ කවි වලට වඩා බොහෝ දුර්වල කවි පුවත් පත් වල පළවී තිඛෙනු ඔහු ඕනෑ තරම් දැක ඇත. සමහර විට ඒවා ඒ ඒ කවි පිටු සංස්කාරකවරුන් ගේ හිතවතුන්ගේ කවි විය යුතු ය.

''යාලූවෙක් දුන්නම මොන කුණු ගොඩක් හරි දාන්නම වෙනවනෙ.'' ඔහු සිතුවේ ය.

''මේ කවිය පළ වුණේ නැත්නම් මං කොහොම හරි කවි පිටුවක් කරන කෙනෙක්ව යාලූ කර ගන්න ඕනෙ'' ඒ සතියම අජන්ත ගත කළේ ඒ සිතුවිල්ලෙනි.

අලූතින් කවියක් ලියන්නට කවි සිතුවිල්ලක් හෝ ඒ දින කීපය තුළ ඔහු සිතේ පහළ නොවී ය. ඔහු දින කීපයක් නිදහස් ලෙස සිටීම තනුජාට නම් මහත් සහනයක් විය. ඈ වෙන කවරදාටත් වඩා ඒ දින කීපයේ ඔහුට සැළකුවා ය. බොහෝ කළකට පසු තේ කෝප්ප කීපයක්ම අතටම ගෙනැවිත් දුන්නා ය.

ඉරිදා පුවත්පත සෙනසුරාදා වන විට කඩ වලට පැමිණීම අජන්තට මහත් අස්වැසිල්ලක් විය. කඩයෙන් පිට වන්නටවත් නොවෙහෙසීම ඔහු කවි පිටුව පෙරළා බැලූවේ ය.

''ගිම්හානය'' පළමු වතාවට ඔහු ගේ කවියකට කවි පිටුවේ ඉඩක් ලැබී ඇත. නිකම්ම නොවේ. කවියේ අර්ථය කුළු ගැන්වෙන අපූරු සිත්තමක් ද සමගින් ය.

''මොකද මහත්තයා පත්තරේ බල බල හිනාවෙන්නෙ..?'' ජයසේකර මුදලාලි අසන තෙක්ම අජන්ත නැවත නැවත ඒ කවිය කියවමින් සිටියේ ය. තමා ගේ කවිය ගැන මුදලාලිට කියන්නෙම් දැයි සිතන්නටත් පෙරම මුදලාලි වෙනත් ගණු දෙණු කරුවකු හා කතාවට වැටුණ බැවින් අජන්ත වහ වහා කඩයෙන් එළියට බැස්සේ හැකි ඉක්මණින් නිවසට ගොස් තනුජාට මේ හපන්කම හෙළි දරව් කිරීමේ අදිටනින් ය.

''තනුජා මේ බලන්ඩෝ....'' ඔහු මිදුලේ සයිකලය නැවැත් වූ වහාම කෑ ගැසුවේ ය. ඈ මහත් කලබලයකින් මිදුලට දුව ආවා ය.

''මේ බලන්ඩ පත්තරේ..'' ඔහු සයිකලයේ සිටම පුවත්පත ඈ අතට දුන්නේ ය.

''මං මේ බය වෙලා දුවගෙන ආවා..'' ඈ පුවත්පත අතට ගන්නා අතර කීවා ය.

''කවි පිටුව බලන්ඩ.'' ඔහු නොයිවසිල්ලෙන් කීවේ ය. ''ඉන්ඩ මං පෙරළලා දෙන්න..'' ඔහු ඇගේ අතින් පුවත් පත ගෙන කවි පිටුව පෙරළා ඇය අතට දුන්නේ ය. ''මේ බලන්ඩ.. මගේ කවියක් පළ වෙලා.. ''

''මළ විකාර... මේකට ද මේ ලෝකෙම පෙරළගෙන කෑ ගැහුවෙ..'' ''ඕ ඔහු පෙරළා දුන් කවි පිටුව දෙස බලමින් කීවා ය.

''බලන්නකො... පින්තූරයකුත් එක්කම දාලා..'' ඔහු සිතෙන් ගිළිහෙමින් යමින් තිබූ උද්යෝගය රැක ගන්නට තවත් උත්සාහයක් දරමින් කීවේ ය.

''ලස්සන පින්තූරෙ..'' ඇය පුවත්පත ඔහු අතට දෙමින් කීවේ ගෙතුළට යන්නට හැරෙමින් ය.

ඔහු ගෙට ගොඩ වුණේ මහත් කළකිරීමකිනි. පුවත්පතක පළ වූ තමාගේ ප්‍රථම කවිය දැක ඇය අමන්දානන්ද ප්‍රීතියට පත් වනු ඇතැයි ඔහු සිතා සිටියේ ය. එනමුදු ඈ ඒ කවිය කියවන්නට වත් උත්සාහයක් නොගත් බව හැෙඟන විට ඔහුගේ ඇස් කඳුළින් පිරුණි. පුවත්පත මේසය මත දමා ඔහු ඇෙඳහි ඇළවුණේ ය.

''එයාට මගේ කවි අගේ නැති වුනාට කමක් නෑ.. මං දිගටම ලියනවා..'' ඔහු උදෑසන අවදි වූයේ ඒ සිතුවිල්ල සමගින් ය. කාර්යාලයට යන්නට ඇඳ පැළඳ ගෙන සාලයට ආ ඔහු මේසය මත දැම පුවත් පත ඇද්දැයි බැලූවේ ය. කාර්යාලයේ යහලූවන්ට සිය කවිය පෙන්වන්නට ඔහුට අවශ්‍ය විය. ඔවුන් එය අයග කරනු ඇති බව ඔහුට විශ්වාස ය. මේසය මත පුවත් පත නොවී ය. පුවත් පතේ කාන්තා අතිරේකය පමණක් එහි මත විය.

''කෝ මේ පත්තරේ..'' ඔහු සාලයේ සිට කුස්සියට ඇසෙන්නට කෑ ගැසුවේ ය.
''මොන පත්තරේද..?'' තනුජා ද කුස්සියේ සිටම ඇසුවා ය.
''මගේ කවිය ගිය පත්තරේ''
''මන්දා .. ඔහෙ ඇති..''
''මේ කාන්තා අතිරේකෙ විතරයි තියෙන්නෙ.. කෝ අනික්වා'' ඔහු කාමරෙයේත් සාලයේත් අහු මුළු අවුස්මින් පුවත් පත සෙව්වේ ය.

''ආ.... අනේ කාන්තා අතිරේකේ නම් මං අරගත්තා.. ඒකෙ තියෙනවා හමිංබර්ඩ් කේක් හදන රෙසිපි එක.. ඒක නම් ගෙනියන්න එපා.. ඒක මට ඕනෙ..'' තනුජා බත් පාර්සලය ඔහු අතට දෙන අතර කීවා ය.

අජන්ත මෝටර් සයිකලයට ගොඩ වුණේ මහත් කළකිරීමක් හිත දරාගෙන ය. සිය මංගල කවිය සහිත පුවත්පත නැති කිරීම පිළිබඳව ඈ කෙරෙහි ඔහු සිත තුළ ජනිත වූයේ දැඩි කෝපයකි. එය පිටතට නොදමා හිත තුළම සඟවා ගත් ඔහු කාර්යාලයට ආවේ වෙනදා සයිකලය පදවන වේගයට වඩා දෙගුණයක වේගයෙනි.

එදා උදය වරුවේ කාර්යාලයේ කිසිදු වැඩකට අවධානය යොමු කරන්නට ඔහුට නොහැකි විය. පුවත්පත මිතුරනට පෙන්වා ඔවුන් සමගින් සතුට ඛෙදාගන්නට තිබූ අවස්ථාව තනුජා විසින් නැති කරනු ලැබූ බව සිහි වන විට ඔහුගේ සිතේ වූ කෝපය දෙගුණ තෙගුණ වෙයි.

''උඹ නං අද ඉන්නෙ පුතෝ මොකක්දෝ වෙන කල්පනාවක.. යමං යමං කෑම කන්න ..'' දහවල් කෑම පැය ඇරඹෙන විට සුදත්ත ඈත සිටම කෑ ගසා කීවේ මුලූ උදය වරුවම අජන්තගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අතන=රුව ය. අජන්ත කිසිවක් නොදොඩා කෑම පාර්සලය ද රැගෙන සුදත්ත සමගින් කැන්ටිමට පිය නැගුවේ ය.

කැන්ටිමේ තමන්ට සුපුරුදු මේසයේ වාඩි වී කෑම පාර්සලය දිග හැරිය අජන්ත ගල් ගැසුණා සේ එදෙස බලා සිටියේ ය.

''ඇයි..?'' සුදත්ත ඇසුවේ ය.

අජන්ත අතින් කෑම එතූ පත්තර කඩදාසිය ඔහුට පෙන්නුවේ ය. කෑම පාර්සලයෙන් කාන්දු වූ පරිප්පු හොද්දෙන් පෙඟී තිබූ කඩදාසියේ ''ගිම්හානය'' යන අකුරු තමා දෙස අවඥාවෙන් බලා සිටිනු අජන්තට පෙනුණි.
2008 මැයි 20
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජගත් ඡේ එදිරිසිංහගෙන් තවත් වියමන්
කවි
සොයමි
කවි
ආගමනය
කරන්ට්ස්
පිල්ලේ
කතන්දර
කන්ද උඩ මාලිගාව
අදහස්
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook