Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
ඔබටත් එහි අසුනක් ඇත!– 2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල ගැන හඳගම සමග කතාබහක්
බූන්දි, 09:51:09
ශ‍්‍රී ලංකාවේ පළමුවරට සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන "2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල", සැප්තැම්බර් 2 සිට 7 දක්වා, රීගල්, මැජෙස්ටික් (අල්ට‍්‍රා), එම්පයර් (ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් ආකේඞ්) හා තරංගනී යන කොළඹ සිනමාහල් හතරකදී පැවැත්වෙයි. මේ කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල ගැන එහි උළෙල අධ්‍යක්‍ෂ, අශෝක හඳගම සමග කළ කතාබහකි.

ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලක් ලංකාවේ පැවැත්වීමේ ප‍්‍රයත්නය පැහැදිලි කරන්න.

අපේ රටේ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලවල් තියන්න ගත්ත උත්සාහයන් 70 දශකයේ ඉඳන්ම තියෙනවා. විශේෂයෙන් ශ‍්‍රී ලංකා විචාරක සංගමය, ආසියානු සිනමා කේන්ද්‍රය, ඇජෙන්ඩා 14 වැනි සංවිධාන සහ සමහර තානාපති කාර්යාලවලින් අඩුවැඩි වශයෙන් එවැනි උත්සාහයන් ගැනුණා. ඒ වාගේම 1956දී ලෙස්ටර් රේඛාව කෑන්ස් චිත‍්‍රපටි උළෙලට ඉදිරිපත් කළ අවස්ථාවේ සිට මේ දක්වා නොනැවතී අපේ චිත‍්‍රපටි ජාත්‍යන්තර උළෙලවලට යනවා. ඒ හරහා ලෝක සිනමාවේ අපේ සිනමාවට තිබෙන තැන අපි අත්දැකලා තියෙනවා.

ඒ වුණත් ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලක අර්ථයෙන් අංග සම්පූර්ණ උළෙලක් තියන්නට අපට මෙතෙක් හැකිවී නැහැ. අංග සම්පූර්ණ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලක ලෝකයේ සියලූ කලාපවලින් එන චිත‍්‍රපටි තිරගත වෙනවා. ඊට අමතරව චිත‍්‍රපටි උළෙලත් එක්ක බැඳුණු වෙනත් ක‍්‍රියාකාරකම් රාශියක් තියෙනවා, වැඩමුළු, සංදර්ශන, කතාබහ, සංවාද. සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන ආදි වශයෙන්. එවැනි චිත‍්‍රපටි උළෙලකදී තමයි ලෝක සිනමාවේ විවිධ ප‍්‍රවණතා පිළිබඳව දැනගන්නත්, ඒවා පිළිබඳව කතාබහ කරන්නත් සිනමා පේ‍්‍රක්‍ෂකයන්ට අවස්ථාවක් ලැබෙන්නේ. එවැන්නක් වාර්ෂිකව තියන්න පටන් ගත්තාම පුරුද්දක් විදියට ඒකට පේ‍්‍රක්‍ෂකයෝ ආකර්ෂණය වීමක් තිබෙනවා. ඉතින් මේ තමයි ලංකාවේ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලක් තැබීමේ උත්සාහය ක‍්‍රියාත්මක වන අවස්ථාව.

මෙතැනදි වෙන්නේ පටන්ගැන්මක්. ඒත් ක‍්‍රමවත් පටන්ගැන්මක්. දිගටම කරගෙන යන්න පුළුවන් වුණොත් මේක ලොකු සංස්කෘතික වැඩසටහනක් බවටත් වාර්ෂිකව පත්වෙයි. උදාහරණයක් හැටියට කෑන් වගේ වෙරළාශ‍්‍රිත නගරයක් ලෝකය හඳුනන්නේ එහි පැවැත්වෙන චිත‍්‍රපටි උළෙල නිසා.

චිත‍්‍රපටි උළෙලක අදහස වර්ධනය වී ගොඩනැගුණේ කොහොමද?

ගිය අවුරුද්දේ ඉඳන්ම චිත‍්‍රපටි උළෙල පිළිබඳ අදහස තිබුණාට, ප‍්‍රායෝගිකව කරගැනීම සඳහා විවිධ පාර්ශ්වයන් එක්ක කතාකරලා උත්සාහ ගත්තාට ඒක හරිගියේ නැහැ. මේ සැරේ තමයි ඒක හරිගියේ. අපි ජපානයේ ඔකිනාවා උළෙලට ගිහින් අදහස කිව්වාම ඒ චිත‍්‍රපටි උළෙලේ අධ්‍යක්‍ෂවරු ලංකාවට ආවා ඒ ගැන බලන්න. ඔවුන් පොරොන්දු වුණා, පටන්ගැන්ම සඳහා අපිට පොඩි සහයෝගයක් දෙන්න. ඒ අනුව අපට ලැබෙන මුදලින් චිත‍්‍රපටි ටිකක් ලංකාවට ගෙනත් පෙන්වන්න අපට අවස්ථාව ලැබුණා. නමුත් ඉතා විශාල උළෙලක් කරන්න නෙවෙයි. චිත‍්‍රපටි ගෙනල්ලා පෙන්වන්න පුළුවන්ය කියන ඒ විශ්වාසෙත් එක්ක තමයි මේක පටන්ගත්තේ. ඊට පස්සේ සිලෝන් තියටර්ස් ආයතනය අපට කිව්වා ශාලා දෙන්නම් කියලා. ජාතික චිත‍්‍රපටි සංස්ථාව සහයෝගය දෙන්නම් කිව්වා. ටික ටික තමයි ගොඩනැගෙන්නේ. නමුත් පළමුවැනි උළෙල තිබුණාට පස්සේ ලෝකය දැනගනීවි මේ ගැන. වෙනත් ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලවලට මේ පණිවිඩේ යනවා. දැනට අපි දන්න සම්බන්ධකම් පාවිච්චි කරලා තමයි චිත‍්‍රපටි ගත්තේ. සහභාගිවෙන්න එන අයත් එන්නේ ඒ සම්බන්ධකම් මත.

ලෝකයේ අනෙක් චිත‍්‍රපටි උළෙලවලදී වාගේ තරගකාරී අංශයකුත් මෙහි තිබෙනවාද?

මේක පළමුවැනි වාරය නිසාත්, අපේ චිත‍්‍රපටි උළෙල ගැන ලෝකය එතරම් නොදන්නා නිසාත්, තරගකාරි උළෙලක් සංවිධානය කරන්න තරම් අවකාශයක් තිබුණේ නැහැ. ඒ තත්ත්වය මත ලබන අවුරුද්දේ ඉඳලා අපට නිවේදනය කරන්න පුළුවන් තරගයක් තියෙනවා කියලා. ආරම්භයක් හැටියට ඉන්දීය සාගර කලාපීය තරග අංශයකින් තමයි පටන්ගන්න හිතාගෙන ඉන්නේ.

මෙවැනි දැවැන්ත වැඩකදී මොනවාද මුහුණ දෙන්න සිදුවන අභියෝග?

ලංකාවට තියෙන ලොකුම අභියෝගය තමයි, සිනමාව සම්බන්ධයෙන් පමණක් නෙවෙයි අනෙක් බොහෝ කාරණා හින්දාත් චිත‍්‍රපටි උළෙලක් වැදගත්ය කියන එක ගැන නොදැනීම. මෙවැනි උළෙලක ව්‍යාපාරික වැදගත්කමකුත් තියෙනවා. රටක සංචාරක ව්‍යාපාරයටත් ලොකු වටිනාකමක් චිත‍්‍රපටි උළෙලකින් එනවා. එහෙම අවබෝධයක් ඇතිවුණාම තමයි, මේ වාගේ දේකට ආයෝජනය කරන්න පුද්ගලයො සූදානම් වෙන්නේ. එවැනි දේ ගැන අවබෝධයක් තාම ලංකාවේ නැති නිසා මේ වටිනාකම ගැන පැහැදිලි කරන එක ටිකක් වෙහෙසකරයි.

ඔකිනාවා කියන්නේ ජපානයේ නගරයක්. සාමාන්‍යයෙන් එය ලෝකය දන්නේ අමෙරිකානු හමුදා කඳවුරක් එහි තිබෙන නිසා. නමුත් ඔකිනාවා චිත‍්‍රපටි උළෙල හරහා ඒ නගරය ගැන වෙනම ප‍්‍රතිරූපයක් හදන්න ඔවුන්ට පුළුවන් වුණා. ඉතින්, ඔකිනාවා සංවිධායකයන් පහසුවෙන් තේරුම්ගත්තා කොළඹ චිත‍්‍රපටි උළෙලක් කිරීමේ වැදගත්කමත්.

අංග සම්පූර්ණ චිත‍්‍රපටි උළෙලක චිත‍්‍රපටි 300ක් විතර පෙන්වනවා. අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ 70ක් 80ක් විතර තමයි. ඒ තත්ත්වයට ගැළපෙන නව තාක්‍ෂණය සහිත සිනමා ශාලාත් අපට නැහැ. ඒක තව ප‍්‍රශ්නයක්. අපේ චිත‍්‍රපටි බෙදාහැරීමේ යාන්ත‍්‍රණයෙන් බැහැර වෙලා ශාලා ලබාගැනීමේ ක‍්‍රමවේදයත් ප‍්‍රශ්නයක්. මීට වඩා චිත‍්‍රපටි ශාලාවලට මේක ව්‍යාප්ත කරන්න පුළුවන් නම් වැඩි චිත‍්‍රපටි ප‍්‍රමාණයක් අපට ගෙන්වා ගන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය හැටියට අපි කරන්න ඕනෑ වැඩක් නෙවෙයි මේ, අපි කරන්න ගත්තාට. නමුත් ව්‍යාපාරික වුවමනාවෙන් කරන්න පුළුවන් වැඩක් මේක. උදාහරණයක් හැටියට බූසාන් සිනමා උළෙල එක්ක තමයි කොරියානු සිනමාව කියලා එකක් ජාත්‍යන්තරය හඳුනාගන්නේ සහ කොරියානු නව රැල්ලක් පටන්ගන්නේ. කොරියානු සිනමාව කර්මාන්තයක් හැටියට ශක්තිමත් වෙන්නත්, කලාවක් හැටියට කොරියානු සිනමා රැල්ලක් බිහිවෙන්නත් හේතුවුණේ බූසාන් චිත‍්‍රපටි උළෙල. ටොරොන්ටෝ චිත‍්‍රපටි උළෙල දැන් තනි ආයතනයක් හැටියටම වර්ධනය වෙලා තියෙනවා. ඔවුන්ට සිනමා ශාලා පවා තිබෙනවා. මේ වාගේ දෙයක් ඒ මට්ටමට දියුණු කරන්නත් පුළුවන් තත්ත්වයක් තිබෙනවා. හැබැයි ඒ අත්දැකීම ඇඟට දැනෙන්න ඕනෑ.

සාමාන්‍ය උළෙලකදී දකින්න ලැබෙන්නේ කිසියම් අවුරුද්දක නිපදවූ අලූත්ම චිත‍්‍රපටි. මෙහිදීත් එවැනි නවතම චිත‍්‍රපටි දක්නට ලැබෙනවාද?

ඔව්. උදාහරණයක් හැටියට මේ අවුරුද්දේ කෑන්ස් චිත‍්‍රපටි උළෙලේ පළමුවරට පෙන්වූ චිත‍්‍රපටි ආසියාවේදී පළමුවැනි වතාවට ප‍්‍රදර්ශනය වෙන්නේ කොළඹ චිත‍්‍රපටි උළෙලේදීයි. ඒ වාගේම බර්ලින්වල පෙන්වූ අලූත් චිත‍්‍රපටි මෙහි පෙන්වනවා. විවිධත්වය ඇතිකරන්නත්, බිහිවුණු හොඳම චිත‍්‍රපටි ගෙන්වන්නත් වුවමනා නිසා 2013 නිෂ්පාදනය වුණු චිත‍්‍රපටි තමයි ගන්නේ. ඊට අමතරව 2012 චිත‍්‍රපටි එක දෙකකුත් ප‍්‍රදර්ශනය වෙනවා. ඒවා ඉතාමත්ම හොඳ චිත‍්‍රපටි නිසායි ගත්තේ. ලොකාර්නෝ චිත‍්‍රපටි උළෙල තියෙන්නේ කොළඹ චිත‍්‍රපටි උළෙලට සති දෙකකට කලින්. එහි පළමුවර පෙන්වන චිත‍්‍රපටි ඊළඟට පෙන්වන්නේ කොළඹ. දවසකට ශාලා හතරක චිත‍්‍රපටි 16ක් ප‍්‍රදර්ශනය වෙනවා. ඒක විශාල ප‍්‍රමාණයක්. සමහර විට තරංගනී සිනමා ශාලාවේ මධ්‍යම රාත‍්‍රී දර්ශනයක් පවත්වන්නත් පුළුවන්ද කියලාත් බලනවා. එහෙමයි මේක සංස්කෘතික ක‍්‍රියාකාරකමක් හැටියට ගොඩනැගෙන්නේ.

ලංකාවේ සිනමා ශාලාවල තත්ත්වය ගැන ඔබ කිව්වා. ඒවා සෑහෙනවාද මෙවැනි උළෙලක් දරාගන්නට?

කොළඹ රීගල් සිනමා ශාලාව තමයි එවැනි නොවන ශාලාවකට තියෙන්නේ. ඒකත් මේ චිත‍්‍රපටි උළෙල සඳහාම නවීකරණය කෙරෙනවා. අගෝස්තු පළමුවැනිදා සිට තාවකාලිකව වසා දමන රීගල් සිනමා ශාලාව නවීකරණය කරලා විවෘත කරන්නේ කොළඹ චිත‍්‍රපටි උළෙලට. උළෙල සඳහා තරංගනී ශාලාවටත් ඩිජිටල් ප‍්‍රක්‍ෂෙපණ පද්ධතියක් සවිකෙරෙනවා. අනෙක් ශාලා දෙකම නවීන පහසුකම් සහිත ශාලා. ඒ වාගේ කිසියම් පිබිදීමක් මේ උළෙල හරහා තිබෙන බව පෙනෙනවා.

කුමන වර්ගවල චිත‍්‍රපටිද උළෙලේ ප‍්‍රදර්ශනය කෙරෙන්නේ?

ඔෆිෂියල් සිලෙක්ෂන් කියලා කොටසක අපි තෝරාගත් චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය වෙනවා. පසුගිය අවුරුදු දෙක ඇතුළත නෙට්පැක් සම්මානය දිනූ ඉතා හොඳ චිත‍්‍රපටි නවයක් පෙන්වනවා. ප‍්‍රත්‍යවලෝකන දැක්මවල් දෙකක් තියෙනවා. එකක්, ජුලියට් බිනෝෂ් කියන ප‍්‍රංශ නිළියගේ චිත‍්‍රපටි. අනෙක මයිකලාන්ජලෝ අන්තෝනියෝනි කියන ඉතාලි චිත‍්‍රපටිකරුවාගේ චිත‍්‍රපටි.


ජුලියට් බිනෝෂ් [Juliette Binoche- Retrospective]


මයිකලාන්ජලෝ අන්තෝනියෝනි [MichelAngelo Antonioni- Retrospective]

ඒ වගේම කාලෝස් රෙගදාස් කියන මෙක්සිකානු සිනමාකරු උළෙලට මෙහි එනවා. ඔහුගේ චිත‍්‍රපටි පෙන්වනවා. ඔහු මෙහිදී දවස් දෙකක වැඩමුළුවක් කරනවා. රාජිව් රවි කියන ඉන්දියානු කැමරාකරු කැමරාකරණය සම්බන්ධව කරන වැඩමුළුවක් තියෙනවා. සංස්කරණය ගැනත්, සිනමා තිරපිටපතක් ලියලා එය සිනමා කෘතියක් බවට පත්කරගැනීම දක්වාවූ වැඩ පිළිබඳ වැඩමුළුත් තියෙනවා. ළමා චිත‍්‍රපටි වගේම ඉන්දියන් නිව් කරන්ට්ස් කියලා ඉන්දියානු නව කෘති ගැන අංශයකුත් තියෙනවා. ලංකන් නිව් කරන්ට්ස් කියලා ලංකාවේ තරුණ සිනමාකරුවන්ගේ තවමත් පෙන්නුවේ නැති චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය වෙනවා. ඊට අමතරව කෙටි චිත‍්‍රපටි හා වාර්තා චිත‍්‍රපටිත් පෙන්වනවා. සියල්ල නොමිලේයි පෙන්වන්නේ. නමුත් ප‍්‍රවේශ පත‍්‍ර ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වේවි.

මේ උළෙලේදී රතු පලසකුත් ඇතිරෙනවා නේද?

ඔව්. ජාත්‍යන්තර සිනමා උළෙලක සංදර්ශනාත්මක දිදුලන අංගය ඒකයි. රීගල් ශාලාවේ ආරම්භක අවස්ථාවේදී ශාලාවෙන් පිටත මහජනයාට දැකගත හැකිවන පරිදි ලංකාවේත් ජාත්‍යන්තර සිනමාවේත් සුවිශේෂ තාරකා කැඳවාගන්නට බලාපොරොත්තු වෙනවා. කිසිම භේදයක් නැතිව ලංකාවේ සිනමාවේ සියලූම දෙනාට රතු පලස මතින් ගමන්කරන්නට ආරාධනා ලැබෙනවා.

මෙවැනි උළෙලක ලංකාවේ සිනමාවේ කොටස්කාරයන්ට වගේම රසිකයන්ට අයට තියෙන වැදගත්කම මොකක්ද?

උළෙලේ ප‍්‍රධානතම අරමුණ තමයි සිනමාව පිළිබඳ අනුරාගයක් ඇතිකරන්න මුලපිරීම. රූපවාහිනිය නිසා, චිත‍්‍රපටිවල නීත්‍යනුකූල හෝ නීත්‍යනුකූල නොවන ඞීවීඞී පිටපත් නිසා ශාලාවකට ගිහින් සාමූහික අවකාශයක් තුළ චිත‍්‍රපටියක් බැලීම, රසවිඳීම අද මිනිසුන්ගෙන් ඈත්වෙලා. ඒ සඳහා නැවත මිනිසුන් ගෙනයෑමට අවශ්‍ය සිනමාව පිළිබඳ අනුරාගය ඇතිකිරීම මෙයින් සිදුවෙයි කියලා අපි හිතනවා. එවැනි අනුරාගයක් ඇතිකළොත් පමණයි, කලාවක් හා කර්මාන්තයක් හැටියට සිනමාව පවතින්න පුළුවන් වෙන්නේ.

අපේ රටේ තරුණ සිනමාකරුවන් ඉන්නවා, තමන්ගේ චිත‍්‍රපටිය හදාගෙන අවුරුදු තුන හතරක් ගිහින් තවමත් පෙන්වන්න බැරිව ළතැවෙන. කවදා ඒක පෙන්වන්න ලැබෙයිද විශ්වාසයක් නැහැ. මෙවැනි උළෙලකින් සිනමාව ගැන අවධානයක් ඇතිවුණොත් ඊට අනුකූලව වෙනස්වන තත්ත්වයන් එක්ක ඔවුන්ටත් බලාපොරොත්තුවක් ලැබෙන්න පුළුවන්.

ලෝකයේ වෙනත් සිනමා උළෙලවල් තියෙන්නේ ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් පහසුවෙන පරිදි සීමාසහිත භූගෝලීය ඉඩක නේද? ලංකාවේත් ඒ තත්ත්වය ඇතිවෙයිද?

ඔව්. කොළඹත් එහෙම කරන්න පුළුවන්. වෙනත් රටවල මල්ටිෆ්ලෙක්සස් (චිත‍්‍රපටි ශාලා කිහිපයකින් සැදි සංකීර්ණ) දෙකක විතර උළෙල පැවැත්වෙනවා. ඒ අතර ගමනාගමනයට ෂට්ල් සර්විස් යොදාගැනෙනවා. එවැනි පරිසරයක් ලංකාවේ මරදාන ආශි‍්‍රතවත් ඒ කාලයේ තිබුණා. මරදාන ආශි‍්‍රතව රූබි, එල්ෆින්ස්ටන්, ඉම්පීරියල්, සෙන්ට‍්‍රල්, ගාමිණි හෝල් ආදිය කේන්ද්‍රකරගෙන එවැනි දෙයක් ගොඩනැගිලා තිබුණා. රෑ එළිවෙනකම් හෝටල් ඇරලා තිබෙන නයිට් සිටි එකක් බවට මරදාන පත්වෙලා තිබුණේ ඒ සිනමා සංස්කෘතියත් නිසා. අද අපට නැත්තේ මිනිසුන්ට ගැවසෙන්න වුවමනා කරන සංස්කෘතික කටයුතුයි, ඒවාට අදාළ පහසුකමුයි. ඒක හදන්න ඕනෑ.

එවැනි දෙයක් අධ්‍යක්‍ෂවරුන්ට පමණක් කළ හැකියිද? රජයේ සහයෝගයත් අවශ්‍යයි නේද?

අපි සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය හැටියට මේක කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් ජාතික චිත‍්‍රපටි සංස්ථාවටත් දන්වා තිබෙනවා. ඔවුන් අපට සහාය දෙන බව දැනටමත් කියා තිබෙනවා. එහෙම ලැබෙන සහයෝගයේ ප‍්‍රමාණය මත තමයි ඊළඟ අවුරුද්දේ මේක දියුණුකරන්න පුළුවන් වෙන්නේ. ඒ වාගේම සියලූ ජනමාධ්‍යවල සහායත් අපට අවශ්‍යයි. ඒ සියල්ලේම එකතුවෙන් තමයි කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල කියන සමස්තය හැදෙන්නේ.

චිත‍්‍රපටි උළෙලක් කෙරෙන්නේ යම් රටක රසිකයන් මෙම අගනා අවස්ථාව ඉතාම උනන්දුවෙන් භාරගනීවි කියන විශාල විශ්වාසයකින්. ලංකාව සම්බන්ධයෙන් ඒ පැත්ත කොහොමද?

උදාහරණයක් හැටියට ප‍්‍රංශයේ අමියොන් නගරයේ උළෙලක් තියෙනවා. දැන් 33 අවුරුද්දක් ඒක කෙරෙනවා. නමුත් ඔවුන් විශාල ප‍්‍රසිද්ධියක් ඊට දෙන්නේත් නැහැ. හැබැයි විශාල සෙනඟක් ඒකට එනවා. ඒ ඒක පුරුදු වෙලා නිසා. කොරියාවේ ජුන්ජු නගරයේ තියෙන උළෙලත් එහෙමයි. ඒවාට හරියට පෙරහැර බලන්න යනවා වාගේ සම්ප‍්‍රදායක් හැදිලා තියෙනවා. එවැනි පුරුද්දක් ඇතිවුණාම මිනිස්සු එනවා. ප‍්‍රංශයේ වැනි චිත‍්‍රපටි උළෙලවල දකින්න ලැබෙන විශේෂ දෙයක් තමයි ඒවා බලන්න බාගෙට බාගයක් එන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. විශ‍්‍රාම දිවිය ගෙවන ඔවුන්ට සෑහෙන කාලයක් චිත‍්‍රපටි සඳහා වැය කරන්නට පුළුවන්. ලංකාවේත් එවැනි අයට මේ අවස්ථාව ලබාගන්නට පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, වෙනත් උසස් අධ්‍යාපනය හදාරන්නන්ට, ගුරුවරුන්ට චිත‍්‍රපටියක් රසවිඳින්න, ඒ ගැන කතාබහ කරන්න, අදහස් සමග ගැටෙන්න මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. පාසල් දරුවන්ටත් ළමා චිත‍්‍රපටි ප‍්‍රදර්ශනයට එකතුවෙන්න පුළුවන්.

අවසන් වැදගත්ම ප‍්‍රශ්නය වාරණය. ලංකාවේ නිල චිත‍්‍රපටි වාරණය උළෙලට කොහොමට බලපාවිද?

සාමාන්‍යයෙන් උළෙලක් සඳහා ගෙන්වන චිත‍්‍රපටි වර්ග කරනවා මිසක වාරණයට ලක්වෙන්නේ නැහැ. මේ චිත‍්‍රපටි උළෙල සඳහා එවැනි සහායක් අපට දෙන බවට රැඟුම් පාලක මණ්ඩලය පොරොන්දු වෙලා තියෙනවා.


අසෝක හඳගම- කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ අරමුණු පහදමින්
[උපුටනය- 2014.08.07 වන දින රාවය පුවත්පතින්.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Colombo International Film Festival 2014, Interview with Asoka Handagama, Ravaya, Carlos Reygadas, Master Class Series, Sri Lankan Cinema, Sri Lankan Film Directors, Juliette Binoche, MichelAngelo Antonioni
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ කතා-බස්
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'
මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****

"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා... [More]
What's New | අලුතෙන්ම
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
කවි| ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

28-Secs

(වින්ද්‍යා ආරියරත්න) කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි

වැට මායිමක
වැටහිරියා අතු අඟිස්සක... [More]
අදහස්| සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?

4-Mins

(සරද සමරසිංහ) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කවි| අපේ තාත්තා

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණ ඇතුළේ
හිටපු අපෙ තාත්තා

කූරු හිසකේ -රැළි ගස්සා... [More]
වෙසෙස්| රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

4-Mins

(සරද සමරසිංහ) අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කතන්දර| දොළොස්දාහක්

5-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
කවි| මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය

19-Secs

(මහේෂි බී. වීරකෝන්) ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook