Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී කුසලතා ප්‍රවර්ධන වැඩමුළු පෙළක්
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල, සිය ප්‍රථම කුසලතා ප්‍රවර්ධන වැඩමුළු මාලාව සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබයි. ජාත්‍යන්තර සිනමාවේ විශිෂ්ටයන් සමග කටයුතු කරමින් ඔවුන්ගෙන් උගෙනීමට ලැබීම අංකුර සිනමාකරුවන්ට, සිනමා ලෝලීන්ට සහ ශිෂ්‍යයන්ට මහඟු අවස්ථාවක් වනු ඇති අතර, මේ කුසලතා ප්‍රවර්ධන වැඩමුළු මාලාව තුළින් ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර සිනමාව වෙත ප්‍රවේශ වීමට නව මං පෙත් විවර වනු ඇත.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල 2014 දී කුසලතා ප්‍රවර්ධන වැඩමුළු 03ක් පවත්වන අතර, එම සෑම වැඩමුළුවක් ම ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ඇත.

2014 සැප්තැම්බර් මස 03 වන දින පැවැත්වෙන මෙහි පළමු කුසලතා ප්‍රවර්ධන වැඩමුළුව මෙහෙයවනු ලබන්නේ සම්මානලාභී ඉන්දීය සිනමා අධ්‍යක්ෂ සහ සිනමාවේදී රාජීව් රවී (Rajeev Ravi) විසිනි. "කැමරාව සමග රීති බිඳ දැමීම" යනුවෙන් නම් කර ඇති එම වැඩමුළුව සිනමා ශිල්පය හදාරන ශිෂ්‍යයන්ටත්, නව පරපුරේ කැමරා ශිල්පීන්ටත් මහත් සේ වැඩදායක වනු ඇත. ඔහුගේම අධ්‍යක්ෂණයක් වන "Annayoun Rasoolum" චිත්‍රපටය ද සමග මෙවර කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දී තිරගත වීමට නියමිත "Liar’s Dice" චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන් රාජීව්‍ රවි, හොඳම කැමරාකරණය වෙනුවෙන් වන ඉන්දියානු ජාතික සම්මාන හිමි කරගෙන ඇත.


රාජීව් රවී

"සිනමාවේ චලන රූප අධ්‍යක්ෂණය" (Directing the moving images in cinema) යනුවෙන් නම් කර ඇති වැඩමුළුව මෙහෙයවන්නේ කෑන්ස් සම්මානලාභී මෙක්සිකානු සිනමා අධ්‍යක්ෂ කාලෝස් රෙගදාස් (Carlos Reggadas) විසිනි. මෙම වැඩමුළුව අදියර දෙකකින් පැවැත්වෙන අතර, පළමු වැඩමුළුව 2014 සැප්තැම්බර් 04 වැනි දිනත් දෙවන වැඩමුළුව 2014 සැප්තැම්බර් 05 වැනි දිනත් පැවැත්වෙනු ඇත. මෙම වැඩමුළුව සඳහා තෝරාගනු ලබන ශිෂ්‍යයන්ට එම අදියර දෙකට ම සහභාගි වීමේ අවස්ථාව හිමි වනු ඇත. මෙය රෙගදාස් ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය වන අතර, මෙහි දී ඔහු විසින් පවත්වනු ලබන ඉහත වැඩමුළුව ඔහු විසින් ආසියානු රටක දී මෙහෙයවනු ලබන පළමු කුසලතා ප්‍රවර්ධන වැඩමුළුව ද වේ.


කාලෝස් රෙගදාස්

මෙම වැඩමුළු මාලාවේ අවසාන වැඩමුළුව, බර්ලින් සහ ඩුබායි ජාත්‍යන්තර සිනමා උළෙලවල් සඳහා ඉන්දියානු/දකුණු ආසියානු සිනමාව පිළිබඳ උපදේශක, ප්‍රවීන සිනමාවේදී සහ සිනමා විචාරක මීනක්ෂි ෂෙදේ (Meenakshi Shedde) ගේ මෙහෙයවීමෙන් 2014 සැප්තැම්බර් 05 වැනි දින පැවැත්වෙනු ඇත. "යහපත් තිරරචනය සහ සිනමා උළෙල මූලෝපායයන්" (Better Screenplays and Festival Strategies) යනුවෙන් නම් කර ඇති මෙම වැඩමුළුව, ඊට සහභාගී වන සියල්ලන්ටම ප්‍රඥාපූර්ණ අත්දැකීමක් වීම නිසැක වන්නේ, මීනාක්ෂි ෂෙදේ විසින් සංකීර්ණ සහ උද්වේගකර ලෝක සිනමාව විචක්ෂණශීලි ලෙස විමර්ශනය කිරීමට සිය ශිෂ්‍යයන්ට මග පෙන්වනු ඇති බැවිනි.


මීනක්ෂි ෂෙදේ

කුසලතා ප්‍රවර්ධන වැඩමුළු සඳහා වන අයදුම්පත් සහ ඒවා ඉදිරිපත් කිරිම සඳහා නියමිත අවසාන දිනය ඇතුළු අවශ්‍ය සියළු තොරතුරු www.iffcolombo.comවෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමී ව පැවැත්වෙන මෙම වැඩමුළු මාලාව Digital Film Academy සහ Agenda 14 සමග ඒකාබද්ධ ව සංවිධානය කෙරේ.

අසෝක හඳගම- කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ අරමුණු පහදමින්-

Ashoka Handagama - Festival Director from IFFCOLOMBO on Vimeo.

Master Class Series at the International Film Festival of Colombo

The International Film Festival of Colombo is pleased to be launching its first Master Class Series. Presenting a perfect opportunity for budding filmmakers, cinema enthusiasts and students to learn from and interact with exceptional international film personalities, the Master Class program promises to open new channels for Sri Lankans to gain access to International Cinema.

There will be three Master Classes taking place under IFFColombo, 2014. Each Master Class will be conducted by a renowned personality in the industry.

The first of the Master Class series will take place on September 03, 2014. This class will be conducted by award winning Indian Director and Cinematographer Rajeev Ravi. The Master Class titled "Breaking the Rules with the Camera" will potentially benefit up and coming Cinematographers and Film Students. Rajeev Ravi has won the National Award for Best Cinematographer for the film Liar’s Dice which will be screened at the International Film Festival of Colombo this year alongside his own film Annayoum Rasoolum.

Cannes award winning Mexican Director Carlos Reygadas will also be conducting a Master Class titled "Directing Moving Image in Cinema". This class will take place in two sessions: Session I on September 04, 2014 and Session II on September 05, 2014. Students accepted to participate in this class will be attending both sessions over the two days. This is Reygadas’ first visit to Sri Lanka and the first Master Class he will be conducting in an Asian country.

Industry personality, Film Critic as well as South Asia consultant to the Berlin and Dubai International Film Festivals, Meenakshi Shedde will be conducting the final Master Class of the series on September 05, 2014. The class titled "Better Screenplays and Festival Strategies" promises to be an insightful experience to all as Meenakshi Shedde offers an opportunity for students to take a peek into the complex and exciting world of Cinema.

The (online) application to all Master Classes can be found on our website www.iffcolombo.com. Visit for information and deadlines for our Master Class series.

The Master Class Series at IFFColombo 2014, is held in association with the Digital Film Academy and Agenda14.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Colombo International Film Festival 2014, Workshops on Film Techniques
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Cine බූන්දි
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
විපරීත යුගයක තරුණ සිනමාව
ආලෝකය නොදිටිමි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
BoondiLets| ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
වෙසෙස්| එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන... [More]
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
රත්තරං ටික| සොක්‍රටීස්ගේ මරණය

35-Secs

(එරික් ඉලයප්ආරච්චි) ප්‍රංශ මහා විප්ලවයේ දොරකඩ සිටිමින් ශාක් ලුයී ඩේවිඩ් (1748-1825) මේ අසහාය චිත්‍රය නිමවූයේ ය. ග්‍රීක... [More]
කතා-බස්| "මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න

6-Mins

(අනුරාධා කෝදාගොඩ) "හඳ පළුව තනි තරුව" කෘතියෙහි අප කෙතරම් සංස්කෘතික, භාෂාමය වශයෙන් කලවම් ජාතියක් ද යන්න බොහෝ තැන්වල කියැවෙනවා. කෙසේ නමුත් අපිට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook