Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සිනමා ශිෂ්‍යයා සහ සිනමා අපචාර
බූන්දි, 22:17:30
සාමාන්‍යයෙන් මම හිතන දෙයක් තමයි ලංකාවේ සිනමාවට අවශ්‍යයි කියල හිතන සියලුම හැදෑරීම් ව්‍යාපෘති ටික තාක්ෂණික සුරාන්තයකින් අවසන් වීම නම් ස්වභාවය. මේ තාක්ෂණය පිලිබදව අපි කරන ඇදැහිල්ල ගැන තියෙන දිශානතිය ගැන 2007 චිත්‍රපට සංස්ථාවේ ඉඳන් කරපු සිනමාව ගැන හැදෑරීම් හැම එකකටම පැහැදිලි බලපෑම් එල්ල උනා. තාක්ෂණය කියන තැනදී ඇත්තටම ඒ කාලේ ඉඳන් මෙ ලිපිය ලියන මොහොත වෙද්දිත් සියලු ශිල්පීය ආයතන තුලින් සිදු වෙමින් පවතිනවා. තාක්ෂණික දෙවිවරු වශයෙන් රැස් විහිදුවමින් ඉන්න ගුරුවරු කිහිප දෙනෙක් තවමත් ලංකාවේ මේ තත්වයට වගකියන්න ඕන චරිත විදියට මම නාමකරණයක් කලත් ඒක ඒ මිනිස්සු භාරගන්නෙ නැහැයි කියන නිගමනය නිසාම මම ඒ වැඩේ මේ ලිපියෙන් අයින් කරනවා.

මේ තාක්ෂණික වැඩමුලු සියල්ලම එක්තරා දුරක් අපිව ගෙනියන්න සමත් වුනත් ඉතාමත් අවාසනාවන්ත විදියට අපි අනවරතම අපේම ජීවිතවලින් අහන ප්‍රශ්නය තමයි "කෝ බං සිනමාව" කියන ප්‍රශ්ණය. මං හිතන්නෙ මේක ආයතනික ව්‍යුහයන්ගේ ඇති ප්‍රශ්නයක් සමග ගැට ගහන්න යන එක ඉතාමත් නිෂ්ඵල දෙයක්. හේතුව එහෙම ගැට ගහපු ගමන්ම ඔය කියන ආයතන ව්‍යුහයන් ගෙන් නිශ්චිත පිළිතුරක් ඒකට ලබා ගන්න බැරි නිශ්ධිතත්වය. එතනට විසඳුමක් විදියට තමයි "තේ එකක් බොන ගමන්" කතා කරමු වැනි අධ්‍යාපනයකට පිවිසෙන්න අදාළ සිනමා පණ්ඩිතවේදියාට සිදුවෙන්නෙ. එහෙම ගත්තහම ඔය ගොඩක් සිනමාකරුවෝ, මහා සිනමාකරුවෝ වීමේ රහස පිටිපස්සේ ලොකූ වහල් ශ්‍රමයක් වගේම තේ බීපු වාරගණන ලයිස්තු ගත කරාම එන පිළිතුරේ ඓක්‍යයට ඔවුන්ගේම සිනමාව බොහෝ දුරට සමාන කරන්න හැකි වෙනවා. ඇත්තටම ඔය ආයතනික ව්‍යුහ වලින් ලැබෙන උදව්ව උපරිමයෙන් එපමණයි. නමුත් මේ සඳහා සිනමා ශිෂ්‍යයා ලක්ෂගණන් මුදලක් ඒ තාක්ෂණික දෙවිවරුන් සඳහා පුදලා හමාරයි.

නමුත් මේ ඉතා කුඩා සිනමා බැඳියාව ඇති කරගන්න ලක්ෂ ගණනින් මුදල් වැය කරනව කියන එක දිහා බැලුවම පැහැදිලිවම පේන දෙයක් තමයි මේ සිනමා අධ්‍යාපනය කියන එක කොයිතරම් ව්‍යාපාරික ඌණනයකට නතු වෙනවද කියන එක. ඇත්තටම සිනමා දේහයක් ඒ ආකාරයෙන් ඩිමාන්ඩ් වෙද්දි සිනමා මිතුරන් වැනි බොහෝ අයටත් මෙවැනි කැප කිරීමක් අදාළ වීම පැහැදිලිවම අප සිතා බැලිය යුතු දෙයක්.

සාමාන්‍යයෙන් සිනමාවටම ආවේණික වුන මැජිකල් ශ්‍රමය ගැන ගුප්ත සිතීමක ඉන්න මුල් කාලීන ශිෂ්‍යයා තමන්ගේ ගුප්ත අදහස නැති කරගන්න කාලය වෙද්දි ඔහුව මිතුරන් සහ ඉතා වැදගත් සිනමා දේහයන්ගේ අපචාරයට ලක් වෙලා ඉවරයි. විශේෂයෙන්ම ඔහු මේ පුරෝගාමි සිනමා දේහයන්ගෙන් කොයිතරම් අපචාරයට ලක්වෙනවාද කියන එක මතයි ඔහුගේ සිනමාත්මක අදහස පරිණත වෙන්නෙ.

ඇත්තටම මේ වෙද්දි ඒ අර්ථයෙදි නම් අර ආයතනික ව්‍යුහය විසින් සෑහෙන්න ලකූණු ප්‍රමාණයක් මේ අපචාරයට ලක් වී පරිණත වුන නව සිනමා දේහය නිසා දාගෙන ඉවරයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය වෙන එකක්. ආයතනික ව්‍යුහයන් විසින් මේ විදියට හදාගන්න සංකේත ප්‍රාග්ධනය තවත් මෙවැනිම වූ ක්‍රියාවලියකින් නැවත ඉතා විධිමත්ව සැකසෙන අතරෙදි, ඒ අර්ථයෙන්ම ආයතනික ව්‍යුහ විසින් සිනමා සිතීම කියන දෙය "අපචාරමය" සංදර්භයක පිහිටුවා ගැනීම.

එහෙත් මම මීලඟට යෝජනා කරන දෙය ඔට්ටුවට දැමූ විට ලැබෙන ප්‍රතිඵල ගැන කිසියම් වූ සාකච්ඡාවක් කර බලමු.

ඇත්තටම දැන් අවශ්‍ය වෙන්නෙ මේ ශිෂ්‍යයාව සිනමා දැනුම ගැන තියෙන මැජිකල් ස්වභාවයේ තාක්ෂණික හරඹයන්ගේ සුරාන්තයක සිට කෙලින්ම පොළවට බැස්සීම. නමුත් මේ ආයතන වල තියෙන ව්‍යාපාරික රාමුව නිසා එය කිසි ලෙසකින්වත් කරන්නට බැහැ. එහෙත් අපි මේ තද බදය විසඳාගත යුතුයි. ඒ සඳහා අපි මේ ආකාරයෙන් සිතීමක් කරමු.

දැන් සිනමා ශිෂ්‍යයාගෙ අවශ්‍යතාව "සිනමාව සොයාගැනීම" පිළිබඳව වූ එකක් නම් මේ සෑම ආයතනික ව්‍යුහයක්ම සිදු කල යුත්තේ සියලු තාක්ෂණික හදුන්වා දීම් නතර කිරිමයි. සිනමා සිතීම නම් වු දෙය සොයාගැනීම යන්න පිලිබඳව ඉතා පෞද්ගලිකව සොයා ගත හැක යන අභිලාශයේ සිට නිවසේ හිඳමින් චිත්‍රපට බලන, එමෙන්ම සිනමා උළෙලවල් වල රස්තියාදු ගසන පැවැත්මෙන් සිනමාව සොයාගත හැක යන ව්‍යාපෘතීයේ හිඳින "අපතයාව" ඔවුන් විසින් ඉතා නිවැරදිව හඳුනා ගත යුතු වෙනවා. මන්ද යත් මේ මොහොත වන විට ශ්‍රි ලංකාවේ සිනමාව නම් වු හඳුනා නොගත් එකක් ලෙස "හඳුනාගත් අභ්‍යවකාශ වස්තුව" පොලවෙන් සෑහෙන කාලයක කලින් ගිලීහී ගිය පොලවෙම කැබැල්ලක් වීමයි....

එහෙත් මේ සුපරික්ෂාකාරී හඳුනා ගැනීම මෙකී ව්‍යුහයන් කිසිසේත්ම සිදු කරන්නෙ නැහැ.

මුල් කාලයේදි ඇත්තෙන්ම මේ තාක්ෂණික සුරාන්තය තෙක් සිනමා ශිෂ්‍යයාව ගෙනියන ඉල්ලුම සහ සැපයුම තීරණය කරන සිනමා ගුරුවරුන් මුල් කාලයෙදි ඔවුන්ගෙ ආශාවන් සංසිඳවයි. එහෙත් ටික කලෙකින් සියල්ල අර්බුදයට යවනා තත්වයක් උද්ගත වෙයි. මන්ද යත් එම සුරාන්තය විසින්ම ඔවුන්ව අර්බුදයට යැවීමයි. ඉතාමත් වියළි පොළවක ට්‍රැක්ටරයකට හාන්නට දෙයක් නැතැයි හෙලිවෙද්දි වතුර සොයා යන්නට වීමයි.

එහෙත් දසත සිසාර බලද්දි ඔවුන්ට වතුර පොදක් ඇති මානයක් හෝ පෙනෙන්නට නැහැ. පැහැදිලිවම ගත්තොත් මේ සිනමා ශිෂ්‍යායා ගේ ඇතුළත වූ සෞභාග්‍යයේ තරම වෙනවා. එවිට ඒවා තෙත් කරන වෙනත් ක්‍රම සොයා යන්නට සිදු වෙනවා.

මෙලෙස සිනමාකරුවෙකුට වඩා තාක්ෂණ ශිල්පියෙක් ගිනි කාෂ්ටකයේ දිය සොයා යෑම පැහැදිලි ඛේදවාචකයෙක් ඉතුරු වෙනවා. මේ එවැනිවුන්ගෙන් පිටවන වදන්ය. ඇත්තටම ඒක සිනමැටික්ද? ඌ ඕක කරේ අරක කොපි කරලා? ඒක මට තේරෙන්නෙ නෑ? දර්ශනය ඉගෙන ගත්තහම දන්න කලාවත් ඉවරයි? සිනමාව කඩාගෙන වැටුනෙ විවෘත ආර්ථිකය නිසා? ෆිල්ම් කරන්න සල්ලි නෑ? අන්න ෆෝකස් අවුට් වුනා. ඒකේ පට්ට ජම්ප් තොගයක්?

මං හිතන්නෙ මේ දෙන ලද සිතියම ඔබගේ සිනමා කේන්දරය ගැන වඩා හොඳ අවබෝධයක් ලබා දෙන්නට සමත් වේවි කියලා. ඇත්තට මෙතනදි මගේ යෝජනාව වූයේ "ඇත්තටම දැන් අවශ්‍ය වෙන්නෙ මේ ශිෂ්‍යයාව සිනමා දැනුම ගැන තියෙන මැජිකල් ස්වභාවයේ තාක්ෂණික හරඹයන්ගේ සුරාන්තයක සිට කෙලින්ම පොලවට බැස්සීම." මෙතනදි තමයි අපි සිනමා අධ්‍යාපනය ගැන තියෙන මුල් පදනම වෙත ඉතාමත් ස්වභාවික විදියට "සිනමා සිතීම" කියන ප්‍රදේශයට පිවිසෙන්නේ. ඇත්තටම අපි ඒ පාඨමාලාවලින් අහන්න අවශ්‍ය "මගේ සිනමා සිතීම වැඩි දියුණු කරන තරමට මේ පාසැලෙන් සහතිකයක් නොදෙන්නේ නම් මගේ මුදල් ආපසු දෙනවද?" කියන ප්‍රශ්නයයි.

ඉතිං මේ වෙද්දි අපිට ඉන්න සිනමා ශිෂ්‍යයා කියන්නෙ ඉතාමත් පහසුවෙන් ආයතනයක ව්‍යාපාරික ඉලක්කයක් වෙනවට වඩා යමකට සහභාගී වන්නෙක්. ඒත් මේ සහභාගීවීම පිලිබඳ ඉතාමත් විවෘතව බලන්න පුලුවන් "කැරලිකරුවෙක්" ගේ අවශ්‍යතාවය මෙතනින් බලාපොරොත්තු වෙන එක අමතර දෙයක්. නමුත් වඩාත්ම වැදගත් දෙය වන්නෙ "සිනමා කැරැල්ලක්" වෙනුවෙන් වූ සාමූහිකත්වයයි. එය අනිවාර්ය ලෙසම සෝමරත්න දිසානයක වර්ගයේ ජාතික පරිමාණයේ සිනමා දේහයන්ට අභිමුඛ විය යුතු ද වෙනවා. ඒත් මේ තරම් ක්‍රියාවලික පුරෝගාමියෙක් වෙන්නවත් අද ඉන්න සිනමා ශිෂ්‍ය විකාරය කොහොමටවත් එකඟ නෑ. ඔවුන් සෑම මොහොතකම සිටින්නෙ පරිණත සිනමා දේහයක ගොදුරක් වෙන්න බලාගෙන.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Cinematography Education in Sri Lanka, Film Academies in Sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ශ්‍රීනාත් චතුරංගගෙන් තවත් වියමන්
අදහස්
"හිම කැටයක් වගේ ඔබ ඇවිත්... දිය වෙලා යනවා නම්..." ලිපියට ප්‍රතිචාරයක්
තවත් අදහස් බූන්දි
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
නයනහාරී නිමේෂ
මල්තුහින නොවේ මේ යාපනේ - இவைகள் யாழின் பனித்துளிகள் அல்ல
ඔටුවන් එක්ක නිදිවදින "බල්ලොත් එක්ක" බෑ.....!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියයි.
සිනමා පටයක "දිග" යනු, මිනිස් මුත්‍රාශයේ දරා සිටීමේ හැකියාව සමග සෘජු ලෙස සම්බන්ධ කොට සැලකිය යුත්තකි!
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook