Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර දෝසි
චුට්ටු බුට්ටු සහ සුප් බඩගිනි රාස්සයා
බූන්දි, 01:09:22
කමත් එක කාලෙක එකමත් එක ගමක හිටියා කුකුල් පවුලක්. ඒ පවුලෙ හිටියා චුට්ටු බුට්ටු කියන කුකුල් පැටියයි එයාගෙ මල්ලිලා හය දෙනයි , අම්මයි , තාත්තයි කුකුල් පැටවුන්ගෙ වයසක සීයයි. මේ කුකුල් ගමේ අයට ටිකක් දුර පියාඹන්න පුලුවන්. ඒගොල්ලො ඒ ගැන සතුටු වුනා. ඒ අහල පහළ තිබුණා තව කුකුල් ගෙවල් කීපයක්. මේ කවුරුත් හිටියෙ බොහොම අලංකාර පුංචි පුංචි පිදුරු ගෙවල්වල.. ඒ ගෙවල් තිබුණෙ ගැඹුරු ගංගාවක් අයිනෙ. වැඩිහිටියො ඒකට කිව්වෙ කැඩපත් ගංගාව කියලයි. ගඟට යන කාගෙ වුනත් මූණ බොහොම ලස්සනට පෙන්නන හින්දයි ඒ ගඟට ඒ නම වැටුණෙ.



චුට්ටු බුට්ටු හැමදාම උදේට නැගිටලා එයාගෙ මල්ලිලා එක්ක ගඟ ට ගිහින් නානවා. නානවා කිව්වට ඒගොල්ලො වැඩිපුර කරන්නෙ දිය බුං ගහන එක. ඊට පස්සෙ අම්මයි තාත්තයි අහුලලා තියෙන පණුවන්ව උදේ කෑමට ගන්නවා. බඩ පිරුණම ගං ඉවුරෙ උදෑසන අවුවෙ ආපහු දුව පැන පැන සෙල්ලම් කරල අහල පහල ඇවිදිනවා. කාල ඉවර වෙලා ඒගොල්ලන්ට කරන්න නියමිත වැඩක් තියෙනවා. ඒ තමයි සීයගෙ දේශනා අහන එක.

"ඌහ් ... නිදිමතයි"

ඒ වෙලාවට චුට්ටු බුට්ටු පියාපත් කම්මැලි කමින් දිගඇරලා එහෙම කියනවා. සීයා කියලා දෙන්නෙ කෑම අහුල ගන්න හැටි, පණුවො වැඩි පුර ඉන්න තැන් ගැන විතරක් නෙවෙයි ලොකු රාජාලියන්ගෙන් හිවල්හාමි ගෙන් වගේම කැලේ ඉන්න අනෙක් නපුරු සත්තුන්ගෙන් පරිස්සම් වෙන හැටිත් කියල දෙනවා. ඒ වුනාට කුකුල් පැටව් පාඩම් අහන් ඉන්න කම්මැලියි. ඒගොල්ලන්ට ඕනෙ හැමදේම තමන් ම කරලා ඉගෙන ගන්න.
"පරිස්සම් වෙන එක ඒ හැටි ලොකු දෙයක්ද? අපි ගඟේ දිය බුං ගහන්නත් පුලුවන්. අපි දැන් ලොකු කුකුල් පැටව්" ඒගොල්ලො පියාපත් ගස්සලා එකිනෙකාට කොඳුර ගන්නවා.

සීයා මේවා නෑහුණා වගේ ගහක මුලක් උඩට පියාඹලා උගුරෙ රැල් බුරුල් අරිනවා. සීයා වයසයි. කෙට්ටුයි. පිහාටු හැලිලා . තියෙන පිහාටු වුනත් තරුණ අයගෙ වගේ දිළිසන්නෙ නෑ. කරමල තද රතුපාට නෑ. අවපැහැ වෙලා. පහළට කඩා වැටිලා. කුකුලු පැටවුන්ට පේන්නෙ සීයගෙ තට්ටෙ පෑදිලා වගෙයි. ඒ වුනාට සීයගේ කටහඬ බොහොම ගාම්භීරයි. සීයා කතාව පටන් ගන්නවා.
කතාව අහන් ඉන්න කුකුල් පැටවු ඔන්න නිදි කිරා වැටෙනවා.

"ගර් ර් ර්ර්...." චුට්ටු බුට්ටු බොරුවට නින්දෙන් ගොරවනවා. සීයා සැර වුනාම ආයි නැගිටලා අහන් ඉන්නවා. අනෙක් අය හිනාවෙනවා. ඔය විදිහට තමයි මේ පාඩම් අහගැනිල්ල කෙරුණේ.

ඔන්න එදා උදෙත් කුකුල් පැටවු ගඟේ සෙල්ලම් කළා. එදා ඒගොල්ලො තව අලුත් වැඩක් යොදාගෙන තිබුණා. ඒ තමයි කැලේ හැංගිමුත්තං තරගයක් තියන්න. කැලේ ගොඩක් ඉඩ තියෙනවා. හැංගුනාම හොයන්නත් අමාරුයි. මේ ලොකු අදහසේ අයිතිකාරයා තමයි පුංචි චුට්ටු බුට්ටු. ඒ වුනාට ලොකුම බාධාව තමයි සීයගේ උදේ වරුවෙ කතාව. මේගොල්ලො කල්පනා කළේම කොහොමද එදා පාඩමෙන් ගැලවෙන්නෙ කියලා.

"අපි සීයව කේන්ති ගස්සමු. එතකොට සීයා අපි එක්ක තරහ වෙලා යන්න යාවි. ඊට පස්සෙ අපි කැලේට දුවමු."

චුට්ටු බුට්ටු අදහසක් ගෙනාවා. හැමෝම එක පයින් කැමති වුණා.



වෙනද වගේම ඉර ගඟ උඩින් හිනාවෙද්දි සීයා ගස් මුල උඩට පියාඹලා උගුර පෑදුවා.

"අද ළමයිනේ මං කියල දෙන්න යන්නෙ සුප් බඩගිනි රාස්සයා ගැන"

කුකුල් පැටවු ටික ආයෙත් කිචි බිචි ගාන්න පටන් ගත්තා. සුප් බඩගිනි රාස්සයා ගැන කොච්චර නම් අහලා තියෙනවාද? ඔය කිව්වට එහෙම රාස්සයෙක් නෑ කියලමයි චුට්ටු බුට්ටු අනිත් අයට සහතික කරල කියලා තිබුණේ.

"අපේ මේ කුකුල් ගමට පිටිපස්සෙන් තියෙන්නෙ සුප් බඩගිනි රාස්සයා ඉන්න මහ වනන්තරේ. මේ රාස්සයට හැමදාම අස්සයො දෙන්නෙකුගෙන් සුප් හදලා බොන්න ඕනෙ. රාස්සයට සුප් හදලා දෙන්නේ රාජාලියෙක්. මේ රාජාලියාට හැතැප්ම සීයක් දුර පේනවා. රාජාලියා සුප් බඩගිනි රාස්සයාගේ කන්දක් උස උරහිසට නැගලා කැලේ බැලුවම අස්සයො ඉන්න තැන් පේනවා. ඊට පස්සෙ රාජාලියා ගිහින් අස්සයෙකුට ඇස්වලට ඇනලා අන්ධ කරනවා. තවත් අස්වයෙකුගෙ ඇස්වලට ඇනලා අන්ධ කරලා මෙන්න මෙහෙම සින්දුවක් කියනවා.

අහස යටින් අකුණු අරන්
පොළව යටින් ගින්න අරන්
මායා දූවරුනි ඇවිත්
අස්සයෙක්ව ඇහිඳ ගන්න
රාස්සයගෙ රාක්කයෙන්
අස්සයෙක්ව තියල එන්න


ඔන්න එතකොට මායාකාර දූවරු හත් දෙනෙක් අහසින් පොළවෙන් මතුවෙනවා. ඒ වෙලාවට අහසෙ අකුණු ගහලා පොළව දෙබෑ වෙලා ගින්දර මතුවෙනවා. ඒ ගින්දරට රස්නෙ ඉවසන්න පුලුවන් රාජාලියාට ම විතරයි. මායාකාරියො හත් දෙනා අස්සයින්ව මරලා රාස්සයගේ ගව්වක් දිග රාක්කෙ තියලා අතුරුදහන් වෙනවා. රාජාලියා පියාඹලා ගිහින් අස්සයින්ගෙන් සුප් හදනවා.

රාජාලියා අවුරුද්දකට සැරයක් විවේක ගන්න දුර ඈත කඳුමුදුනකට යනවා. එදාට රාස්සයට සුප් නැති වෙනවා. බඩගිනි රාස්සයා එතකොට වනන්තරේ දෙදරන්න ගොරවලා ලොකු කන්දක් පෙරළෙනවා වගේ ඇවිදින්න පටන් ගන්නවා. අහුවෙන ඕනෙ දෙයක් කනවා.
ඒ හින්දයි මේ ළමයින්ට කියන්නේ කැලේ ඈත ඇවිදින්න එපා කියලා. "
සීයා කතාව කියලා අවවාද දෙන්න හරි බරි ගැහුණා.

කුකුල් පැටවු ටිකක් කල්පනා කළා. සීයා හරියට රහස දැනගත්තා වගේ මේ කතාව කිව්වේ සෙල්ලම නවත්තන්න තමයි. ඒ ගොල්ලො හිතුවා. චුට්ටු බුට්ටු එකපාරටම පැනලා කැලේ පැත්තට දුවන්න පටන් ගත්තා. අනෙක් අයත් පස්සෙන් දිව්වා. අන්ද මන්ද වුන සීයත් "කොක් කොක් කොහෙද යන්නෙ" කිය කිය දුවන්න ගත්තා. කුකුල් පැටවු ටික ගස් අස්සෙ හැංගිලා.. සීයට දුවන්න බැරුව නැවතිලා. ඈතට දුවපු නිසා පැටවුන්ට සීයගේ කරමල නැති ඔළුව පෙනුනෙ තට්ටෙ වගේ. චුට්ටු බුට්ටු එක පාරටම හීනි හඬින් හනි හනිකට මෙහෙම කියන්න ගත්තා.

"තට්ට ගෙඩිය පෑදේ..
තට්ට ගෙඩිය පෑදේ."


ඒකට අනෙක් අයත් එකතු වුනා.



"තට්ට ගෙඩිය පෑදේ..
තට්ට ගෙඩිය පෑදේ.."
හැමෝම ගයන්න පටන් ගත්තා.

මේක ඇහුන සීයට හොඳටම තරහ ගියා. සීයා ගියා කුකුල් පැටවුන්ගේ තාත්තට මේ ගැන කියලා දඬුවම් අරන් දෙන්න. ඒ අතරෙ කුකුල් පැටවු තව තවත් කැලේට දිව්වා. දුවලා හැංගිමුත්තං කරන්න පටන් ගත්තා. සෙල්ලම් කරමින් ඉන්න කොට එකපාරට පොළව පෙරළෙනවා වගේ සද්දයක් ආවා. චුට්ටු බුට්ටු යි අනෙක් කුකුල් පැටවු ටිකයි හොඳටම බයවෙලා එහෙ මෙහෙ දිව්වා.



ඔන්න එතකොටම මහා විසාලෙට සුප් බඩගිනි රාස්සයා මතු වුණා. රාස්සයෙක් නෑ කියලා හිතාගෙන හිටපු චුට්ටු බුට්ටු බය වෙලා ගස් බෙනයක් ඇතුළට රිංගුවා. අනෙක් කුකුල් පැටවු ටිකත් ඒකටම රිංගුවා. ඒක දැකපු රාස්සයා මහ හයියෙන් හිනාවෙලා ගහ දෙකට ඉරලා කුකුල් පැටවුන්ව අරන් සාක්කුවෙ දා ගත්තා.

"අද මං අස්ස සුප් බීලා නුඹලව අතුරු පසට ගන්නවා."

කුකුල් පැටවු බයට වෙව්ලන්න පටන් ගත්තා. දැන් මොනවා කරන්නද? රාජාලියා නිවාඩු ගිහින් නිසා අද රාස්සයා දඩයමේ ඇවිත්. රාස්සයා අස්සයොයි කුකුල් පැටවුන්වයි අරන් එයාගෙ විමානෙට ගිහින් සාක්කුවෙ හිටපු කුකුල් පැටවුන්ව මේසයක් උඩ තියෙන ලොකු කෝපපෙක දැම්මා. ඒකෙ කට පොඩියි. පතුල ගැඹුරුයි. උඩට එන්න බෑ. කුකුල් පැටවු කණගාටු වුණා. චුට්ටු බුට්ටු හැමෝටම වඩා කණගාටු වෙලා සුසුම් හෙලන්න ගත්තා.

" මා නිසා තමයි මේ හැම දේම" ඔහු තමන්ටම බැණ ගත්තා. ඔන්න එතකොට ඒගොල්ලන්ට ඇහුණා සුප් බඩගිනි රාස්සයා ලිප පත්තු කරනවා.



"මම ඉස්සරවෙලා සුප් හදලා බීලා නුඹලව බදින්නම්" රාස්සයා කියනවා. කුකුල් පැටවු බයට වෙව්ලනවා.

එකපාරටම කුකුල් පැටවුන්ට "කොක් කොක් කොක්" කියලා කෑ ගහන, පිහාටු ගහන මහ සද්ද ගොඩක් ඇහුණා. කෝප්පෙ පෙරළුණා. පෙරළුණ කෝප්පෙන් එළියට ආපු කුකුල් පැටවු මේසය උඩට වැටුණා. එතකොටයි ඒගොල්ලො දැක්කේ කුකුල් ගමේ හැමෝම එයාලව හොයගෙන ඇවිත් බව. වැඩිහිටි කුකුල්ලුන්ට උපදෙස් දුන්නෙ චුට්ටු බුට්ටුලගෙ සීයා.

"අපි දැන් සුප් බඩගිනි රාස්සයට කොටන්න ඕනෙ"

සීයා ගැඹුරු හඬින් අණ දුන්නා. ඔක්කොම පියාඹලා ගිහින් රාස්සයගේ ඇස්වලට, ඔළුවට, කකුල්වලට කොටන්න ගත්තා. කලබල වුණ රාස්සයා ඇස් ඇරගන්න දැඟලුවා. අතපය ගැසුවා. ඊට පස්සෙ පය පැටලිලා නටන සුප් ඇතිලියට වැටුණා. රාස්සයා ගෙ කෑ ගැහිල්ලට වනන්තරේ ගස් ඉදිරුණ බවයි කුකුල් ගමේ කතන්දරවල නම් තියෙන්නෙ.

සුප් බඩගිනි රාස්සයා සුප් ඇතිලියේම මැරිලා ගියා. වැඩිහිටියෝ කුකුල් පැටවු හත්දෙනාව පිහාටු අතර තියාගෙන ගෙදර ආවා.

චුට්ටු බුට්ටුවත් එයාගෙ සහෝදරයොවත් ආයි කවදාවත් සීයට විහිළු කළේ නෑ. සීයා කියපු හැමදේම අහගෙන හොඳ ළමයි වෙලා හැදුණා වැඩුණා. ඉඳ හිට පුංචි පුංචි දඟකාරකම් කළා. ඒගොල්ලො කැඩපත් ගංගාවෙ දියබුං ගහන සද්දෙ බොහොම කාලයක් ඒ ගං ඉවුරෙන් ඇහුණා.



[චිත්‍ර : නම නොදන්න සුරංගනාවි සහ අන්තර්ජාලයෙන්]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
වසිලිස්සාගෙන් තවත් වියමන්
කතන්දර
ටෝටි නම් වූ පොඩි ඉබ්බා
පුහුල් දෝසි
කඩදාසියේ කතාව
කතන්දර
හඳ අහසට ගිය හැටි
කතන්දර
උදව් කරන, කතා කරන බනිස් ගෙඩිය
කතන්දර
කතා කරන සිප්පි කටුව
තවත් කතන්දර දෝසි
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
"මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]
"වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
"එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]
"සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
කාල් සේගාන් කියයි.
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට්... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook