Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මැන්ඩෙලා: ඔහු ලෝකය වෙනස් කළේය.
බූන්දි, 19:42:47
"ඕනෑම අවස්ථාවක ජාතිය මත පදනම්ව කරන සියලු බෙදීම්වලට මම දැඩි සේ වෛර කරනවා. මම මගේ මුලු ජීවිතය පුරාම එයට එරෙහිව සටන් කළා. මම දැනුත් සටන් කරනවා. මගේ ජීවිතයේ අන්තිම දවස දක්වා මම එය කරනවා."
-නෙල්සන් මැන්ඩෙලා

දකුණු අප්‍රිකානුවන්ගේ පියා, වර්ණභේදවාදයේ කුරිරු බවට එරෙහිව සටන් කොට මුළු මහත් ජනතාවකට නිදහස ලබා දුන්, ලෝකයට බලාපොරොත්තුව, සාමය සහ සමාවේ පණිවුඩය දුන් මෙඩිබා නැත්නම් නෙල්සන් රොලිලා මැන්ඩෙලා 2013 දෙසැම්බර් මස පස්වැනිදා රාත්‍රියේ සදාකාලික සාමය අත් කරගත්තා.

1918 ජුලි 18 වැනි දින දකුණු අප්‍රිකාවේ තෙම්බු රාජකීය ගෝත්‍රික පවුලක උපන් නෙල්සන් මැන්ඩෙලාට පවුලෙන් ලැබූණ නම වුනේ රොලීලා. ක්සෝසා භාෂාවෙන් එහි තේරුම 'ගැටළු ඇති කරන්නා' යන්නයි. පාසලට ඇතුළු වු ඔහු පසු කලෙක Fort Hare විශ්ව විද්‍යාලය සහ Witwatersrand විශ්ව විද්‍යාලය වෙතින් නීතිය හදාරා වසර සිය ගණනක් තිස්සේ යුරෝපයේ කොළනියක් වූ දකුණු අප්‍රිකාවේ පැවති වහල් වර්ණභේදවාදයට එරෙහි නිදහස් සටනේ පෙරමුණ ගත්තා.1962 දි අත්අඩංගුවට පත් වී එතැන් පටන් වසර 27ක් ඔහු ව සිරගත කර තබනු ලැබුවා. ඒ සිරමැදිරියේ සිට ඔහු ලෝකයේම මිනිසුන්ට නිදහස පිණිස සටන් කිරීමට පසු කලෙක පන්නරයක් වුණ සිය ජීවිත කතාව ලියූ අතර ලොව පුරා මිනිසුන් ඔහුගේ නිදහස වෙනුවෙන් අරගල කළා.


[Jurgen Schadeberg, Nelson Mandela in his Cell on Robben Island, Revisit 1994]

මේ සියලු අරගලවල ප්‍රතිඵලයක් ලෙස 1989 දී එවකට දකුණු අප්‍රිකානු ජනාධිපති ඩි ක්ලාර්ක් ඔහු සමග සාකච්ඡා කළා. මැන්ඩෙලා නිදහස් කිරීමට ඔහුට අවශ්‍ය ව තිබුණත් මැන්ඩෙලා ගේ කොන්දේසිය වුනේ ඒ වන විටත් තහනම් කොට තිබූ තම දේශපාලන පක්ෂය අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) තහනම ඉවත් කළ යුතු බවයි. නැතහොත් තමන්ට නැවත වරක් තහනම් දේශපාලනයක නිරත වන්නට සිදුවන බවට ඔහු අනතුරු ඇඟවූවා. ඒ අනුව මැන්ඩෙලා පක්ෂයේ නිදහස වෙනුවෙන් වසර 27 ක් ලැබ ගන්නට බලා සිටි තම නිදහස ප්‍රතික්ෂේප කළා. මාස දෙකකට පසු 1990 පෙබරවාරි දෙවැනි දා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව උඩු යටිකුරු වුනා.

මැන්ඩෙලා ගේ වචනවලින් ම කියනවා නම්, " ඩි ක්ලාර්ක් ජනාධිපතිවරයා එදා මෙදා තුර කිසිදු ජනාධිපතිවරයෙක් නොකළ දෙය කළා. ඔහු ඇපාර්තීඩයේ බිත්ති බිඳ තමා ප්‍රජාතන්ත්‍රවාදී දකුණු අප්‍රිකාවකට පදනම දැමුවා." (Long Walk to Freedom (1994), 131 පිටුව) ඩි ක්ලාර්ක් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ඇතුළු තහනම් කොට තිබූ තවත් පක්ෂ සහ ආයතන 31 ක තහනම ඉවත් කළා. දේශපාලන සිරකරුවන්ට නිදහස ලැබෙන බවට ද ප්‍රකාශ කළා. නමුත් හදිසි නීතිය එසේම තිබුණා.

එහි ඊළඟ පියවර ලෙස මැන්ඩෙලාට නිදහස හිමිවන බව ඩි ක්ලාර්ක් ඔහු හමුවී කිව්වා. ඩි ක්ලාර්ක් ඇතුළු රජයට අවශ්‍ය වුනේ ඔහුව කේප් ටවුන් වෙතින් ජොහැන්නස්බර්ග් කරා ගුවනින් ගෙන යාමට වුවත් මැන්ඩෙලා එය ප්‍රතික්ෂේප කළා. ඔහුට අවශ්‍ය වුනේ දශක තුනකට ආසන්න කාලයක් තමන්ගේ සිර ගෙය මෙන්ම නිවහන වූ කේප් ටවුන් හරහා ඇවිද යාමට. සාකච්ඡා කීපයකින් පසු එයට එකඟ වූ ඔවුන් 1990 පෙබරවාරි 11 වැනිදා මැන්ඩෙලා නිදහස් කළා. ඒ පෙබරවාරි 11 වැනිදා සවස හතරට පමණ මෙඩිබා සිය බිරිඳ විනී මැන්ඩෙලාගේ අත ගෙන වික්ටර් වර්ස්ටර් බන්ධනාගාරයේ දොරටු අතරින් නිදහස් මිනිසෙකු ලෙස ඇවිද ගියා.

"අපි වාහනයෙන් බැහැලා මා එනතුරු පෙරමඟ බලමින් සිටි මහා විශාල සෙනඟ දෙසට ඇවිද ගියා. ගේට්ටුවෙන් එළියට යන විට මම මගේ දකුණු අත මිටි කර එසෙව්වා. සෙනඟ මහා ඝෝෂාවක් නිකුත් කළා. වසර 27කින් මා එවැන්නක් කර තිබුණේ නෑ. මට එක්වරම මහා ශක්තියක් සහ ප්‍රීතියක් දැණුනා. මට හැඟුණා වයස 71 දි මගේ ජීවිතය නැවත ඇරඹෙන්න යන බව. අන්තිමේදි දින 10,000 ක මගේ සිර දිවිය නිමා වෙලා තිබුණා." (Long Walk to Freedom (1994), 134, 135 පිටු)


මැන්ඩෙලා සහ ඩි ක්ලාර්ක් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද මොහොත.

1993 දි නෙල්සන් මැන්ඩෙලා සහ ඩි ක්ලාර්ක් නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. 1994 දී එරට පැවති ප්‍රථම බහුවාර්ගික ජ්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් දකුණු අප්‍රිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපතිවරයා ලෙස මැන්ඩෙලා තේරී පත් වුණා. 1999 තෙක් ජනාධිපති ධුරය හෙබවූ ඔහු කැපවුනේ වර්ගවාදයෙන් තොර සමාජයක් වෙනුවෙන්. රට තුළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ පණත දිරිගැන්වීමට කැපවූ අතරම දුගී බව තුරන් කිරීමටත් සෞඛ්‍ය සේවා දියුණු කිරීමටත් වෙහෙසුනා. එමෙන්ම ඔහු රටවල් අතර ඇතිවන්නට ගිය ගැටුම් නිරාකරණය කිරීමට පවා සමත් වූ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණා. ලිබියාව සහ බ්‍රිතාන්‍යය අතර ගැටුම සමථයකට පත්කිරීම ඊට එක් උදාහරණයක්.

"අප දේශපාලනික වශයෙන් සතුරන් වුවත්- අතීතයේ අපේ සම්බන්ධතාවය කුණාටු සහිත එකක්ව පැවතුනත්, සාමයේ කතිකාව තුළ අපට හැම තිස්සෙම හැකි වුනා තීරණාත්මක මොහොතවල් වලදී එකට ඉඳගෙන බොහෝ අර්බුද විසඳන්න." ඩි ක්ලාර්ක්, වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ අවසාන ජනාධිපතිවරයා පසුව සිය ප්‍රකාශයක එසේ සඳහන් කළා.

ලොව පුරා මිනිසා මිනිසාට එරෙහිව කරන ලද දුෂ්ටකම්වලින් දකුණු අප්‍රිකාවේ සුදු ජාතික සුළුතරය, ස්වදේශික කලුජාතිකයන්ට සියවස් ගණනාවක් තිස්සෙ කරන ලද අසාධාරණය හා අවමානය සුළුපටු එකක් නොවේ. සුදු ජාතිකයින්ට පමණක් වෙන්වූ පොදු පහසුකම් සහ කලු ජාතිකයන් වහලුන් ලෙස දශක ගණන් තබා ගත් අධිරාජ්‍යවාදී නීති විසින් මේ මුළු කාලය පුරා කලුජාතික පරම්පරා ගණනාවක අධ්‍යාත්මයන් නිර්දය ලෙස අවමානය තුළ දියකර හරිමින් තිබුණා. පවුලේ කිසිවෙකු පාසල් නොගිය පෙළපතකින් පැවත ආ මැන්ඩෙලා නැගී සිටින්නේ එබඳු ප්‍රබල වර්ගවාදයකට එරෙහිව. ඔහු විරුද්ධ වූයේ ලෝකයේ බලවත්ම රාජ්‍යයන් විසින් වෙනස් කළ නොහැකි ලෙස ලොවපුරා පතුරුවනු ලැබූ වර්ණභේදවාදයේ සහ වර්ගවාදයේ වෛරසයට එරෙහිවයි. එය හුදු අවි දැරූ සටනකින් පමණක් කළ හැකි දෙයක් නොවේ. ආකල්ප සහ විශ්වාසයන් විසින් මඬනා ලද, වසර දහස් ගණනක් තිස්සේ වහල් බවට, අගතියට සහ අධිරාජ්‍යවාදයට හුරුවුණ මනස් වෙනස් කිරීමේ මහා මානව සංග්‍රාමයක් කිරීමේ වගකීම ඔහු ඇතුළු පිරිස කරට ගත්තා. ඒ දශක ගණනාවක් වෙහෙසකර ගමනේ දී තමන් ලොව පාලනය කිරීමට උපන්නායැයි දැඩිව විශ්වාස කළ සුදු මොළවලට කල්ලන් යනුත් මිනිසුන්ම බව වටහා දීමේ අසීරු කාර්යයේ ඔහු නිරත වුණා. වැදගත්ම දෙය වන්නේ ඔහු තමන් කරන දෙය සහ එහි සාර්ථකත්වය කෙරෙහි තැබූ නොසෙල්වුණු විශ්වාසයයි.

නෙල්සන් මැන්ඩෙලා ගේ මරණයේ පුවත ලොව පුරා පැතිරීමත් සමග ගෙවුණු අන්ධකාර රාත්‍රියේ මැන්ඩෙලාගේ ජොහැන්නස්බර්ග් නිවස වටා රැස් වූ සිය ගණන් ජනතාව ඔහු වෙනුවෙන් ගී ගැයුවා. එය ශෝකී වැළපුමකට වඩා උත්සවාකාරී සැමරුමක්. ඔහුගේ සේයාරූ සහ ඉටිපන්දම් අතින් ගෙන නිවස දෙට පා ගමනින් ඇදුණු ඔවුන් 'නෙල්සන්' කියමින් කෑ ගැසුවා. ‘සමදානයේ සැතපෙන්න මෙඩිබා' ඔහුගේ නිවස ඉදිරිපිට ඔවුන් එල්ලූ සේයාරුවක එසේ ලියා තිබුණා.


[ctvnew]


[CNN]


[CNN]

කළු ජාතිකයින් වසන සොවේටෝ ප්‍රදේශයේ වීදිවලට බට ජනතාව ගී ගයමින් සහ නටමින් ඔහුගේ මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළ අතරම ඒ අසීමිත මිනිසා ඔවුන්ට සහ මානව වර්ගයාට අත්පත් කර දුන් ජයග්‍රණයන් ද සැමරුවා. සොවේටෝ යනු ඔහු වරක් ජීවත් වූ ප්‍රදේශයයි. මෙඩිබා යන ඔහුගේ ගෝත්‍රික නමින් ඔහු හැඳින්වූ වත්මන් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පැවසුවේ දකුණු අප්‍රිකාවේ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා සාමයෙන් මරණය වැළඳගත් බවයි. "අපට අපගේ පියා අහිමි වුනා" ජනාධිපති ජේකබ් සුමා තවදුරටත් කීවා.

තවත් පිරිසක් විලකාසි වීදියට රැස්ව රවුමට අත් අලවාගෙන වර්ණභේදවාදයට එරෙහි ගීත ගායනා කළා.

"අපි ඔහුගේ ජීවිතය වගේම අප වෙනුවෙන් කළ සියලු දෙය සමරනවා." 47 හැවිරිදි ටෙරී මොකෝනා (නගර වැසියෙක්) පැවසුවා. "මට සතුටුයි. ඔහු ට සාමය අත්වුණා. ඔහු අප වෙනුවෙන් අප්‍රමාණ වූ දේවල් කළා. තවත් දේවල් කරන්න කියල අපි ඔහුගෙන් ඉල්ලනව නම් ඒක ආත්මාර්ථකාමී කමක්. මැන්ඩෙලා අපිව එක්සත් කළා. කලු- සුදු- වර්ණවත්- ඉන්දියානු- මේ හැමෝවම. ඔහු අපිට එකමුතුබව ඉගැන්වුවා"

"ඔහු සොවේටෝවලට ආවෙ නීතිඥයෙක් විදිහට. ඔහු අපිව මෙහෙයෙවුවා. 1994, අවුරුදු 27 කට පස්සෙ ඔහු හිරෙන් එළියට ආවෙ වෛරයෙ තිත්ත සමග නෙවෙයි. ඔහු ආවෙ සාමයේ පණිවුඩයත් එක්ක." 37 හැවිරිදි සොවේටෝ වැසියෙකු වන ම්බුලේලෝ රඩිබි ප්‍රකාශ කළා.

ජොහැන්නස්බර්ග් නගරයේ නෙල්සන් මැන්ඩෙලා චතුරශ්‍රයේ ඇති මීටර් හයක් උස මැන්ඩෙලා පිළිරුව අසල සිටගත් පුරවැසියන් හය දෙනෙකු සිය නායකයාට ප්‍රණාමය දැක්වුවා. සුදු ජාතිකයින් දෙදෙනෙක්, කලු ජාතිකයින දෙදෙනෙක් සහ ඉන්දියානුවන්ගෙන් පැවත එන්නන් දෙදෙනෙකු වශයෙන්. එයින් නියෝජනය කළේ මැන්ඩෙලා සිය ජීවිතය සහ නිදහස පරිත්‍යාග කරමින් සටන් කොට දිනාගත් දකුණු අප්‍රිකාවේ ‘දේදුණු ජාතිකත්වය'(Rainbow Nation) සංකේතවත් කරමින්.


Video- Nelson Mandela Death: A Look at South Africa's First Black President | The New York Times

"අවුරුදු 23ක්- ඔහු නිදහස් වූ දා සිට- මා ඔහුගේ මාවතේ ගමන් කළා." වෙළඳ සේවිකාවක් වන 46 හැවිරිදි සොන්ජා පෝකොක් කීවා. "මම අයත් වෙන්නේ පැරණි රෙජීමයට. ඔහු මගේ සීයා වගේ. ඔව්. ඔහු මගේ සීයා තමයි." ඇය එසේ පවසා වැළපෙන්න පටන් ගත්තා.

ඇගේ මිතුරියක වන 38 හැවිරිදි ක්‍රෙසාන් ෂෝමන් මැන්ඩෙලා පිළිරුව අසල රතුමල් අතුරමින් සිටි සිය මිතුරිය දෙස බලාගෙන ඒ මැදියම් රාත්‍රියේ මෙහෙම කිව්වා.

"මම ඔහුව අගය කළා. ඔහු නිදහස සහ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටියා. සමහරු කියනවා ඔහු ත්‍රස්තවාදියෙක් කියලා. නමුත් ඔහු නැගී සිටියේ ඔහු විශ්වාස කළ දෙය වෙනුවෙන්. ඔබ කලු වුනත් සුදු වුනත් දුප්පත් වුනත් පෝසත් වුනත්- හැමදෙනාටම අයිතියක් තියෙනවා ජීවත් වෙන්න. ඒ වෙනුවෙනුයි ඔහු නැගී සිටියෙ. ඒ වගේම ඔහු සමාව දීම වෙනුවෙනුත් පෙනී සිටියා. එයයි ඔහුගෙ විශේෂත්වය...!"

"ඔහු සිය ක්‍රියාවෙන් එනම් සිය උණුසුම් බවින්, අනෙකාව හඟින්නට සහ අනෙකාට සවන් දෙන්නට තිබූ වුවමනාව නිසාම ඔහු ජාතිය සහ පංතිය ඉක්මවා ගියා. ඔහු අපිට ඉගැන්වූවා දේශපාලනිකව, සාමාජයීය වශයෙන් හෝ සංස්කෘතිකව වෙනස්වන්නන් ට ගරු කිරීම යනු දුර්වලකමේ සංකේතයක් නොව ස්වාභිමානයේ සංකේතයක් බව." වරක් ඩෙස්මන්ඩ් ටුටූ ආච්බිෂොප්වරයා ප්‍රකාශ කර තිබුණා.

"ලෝකය වෙනස් කළ හැකියි. ආකල්ප සහ සංජානනය වෙනස් කිරීම හරහා ලෝකය වෙනස් කළ හැකියි. එය සැබෑවක් කළ මේ උසස් මිනිසාට මම මගේ ප්‍රණාමය පුදකරනවා." අවුං සාං සුකී ඔහුගේ මරණින් පසු අල්ජසීරා රූපවාහිනී නාලිකාවට පැවසුවා.


මැන්ඩෙලා- අනුර ශ්‍රීනාත්ගේ තෙලි තුඩින් | anurasrinath.com

අමෙරිකාව ඇතුළු නවීකරණය වූ ආක්‍රමණිකයින් සහ වර්ගවාදයන් නිර්මාණය කරන්නන් මැන්ඩෙලාගේ මරණය ගැන ශෝක වන අකාරය එක්තරා විදිහකින් හාස්‍යජනක වන්නා සේම ඔහු වෙනුවෙන් බ්‍රිතාන්‍ය උප අගමැති නික් ක්ලෙග් නිකුත් කළ නිල පණිවුඩය අධිරජ්‍යවාදී උමතුවක ලේ වැකුණු ඉතිහාසයක් මත උත්ප්‍රාසය තවරනවා. "ඉතිහාසය විසින් කලාතුරකින් විශ්වීය පණිවුඩ දිය හැකි මිනිසුන් නිර්මාණය කරනවා. නෙල්සන් මැන්ඩෙලා, ඔහු නැති ශෝකය සහ පාළුව හැම මහාද්වීපයකටම සමස්ත ලෝකයටම දැනේවි. ඔහු රැගෙන ආ බලාපොරොත්තුව ජාතීන් එකමුතු කරනු ඇති. එය සංස්කෘතීන් යා කළා. පරම්පරාවන් අභිබවා ගියා. එයට හැකිවුණා ගැඹුරුම බෙදීම් පවා නැති කර දමන්න." අගමැති ඩේවිඩ් කැමරන් ගේ වර්ණභේදවාදී දකුණු අප්‍රිකානු ඉතිහාසය ඒ උත්ප්‍රසාය තවත් තීව්‍ර කරනු ඇති.

වර්ග කිලෝ මීටර 1,221,037ක වසන මිලියන 53 ක ජනතාවක් වර්ගවාදයෙන් සහ වර්ණ භේදවාදයෙන් මුදාගෙන එකමුතු කිරීමට පෞද්ගලික ජීවිතය නොතකා දශක ගණනක් කැපකළ මේ උදාර මිනිසා අවසානයේ දී සිය සිහිනය සැබෑ කරගත්තා. ඊට වඩා විසි ගුණයක් කුඩා, ජනතාව මිලියන 20 ක් වසන ශ්‍රී ලංකාව ඒ සිහිනයෙන් කොතරම් ඈතදැයි සිතන්නට දකුණු අප්‍රිකාවේ මෙන් දශක ගණනක් ඈතට යා යුතු නොවේ. දශක දෙකක් හොඳටම ප්‍රමාණවත්ය.

අධිරාජ්‍යවාදී උත්ප්‍රාසයට එකතු වනවා ද දේදුණු ජාතියක බලාපොරොත්තුවට පණ දෙනවා ද යන්න එක වරක් නොව සිය දහස් වරක් රටක් ලෙස අප සිතා බැලිය යුතුය. මානව හිමිකම් පිළිබඳ නීතිඥයෙකු වෙන ජෝර්ජ් බිසෝස් eNCA රූපවාහිනියට පැවසුවේ සිය දීර්ඝ කාලීන මිත්‍රෙයකු වූ මැන්ඩෙලා කිසිදිනෙක වර්ගවාදයට එරෙහිවීම සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කළ කැප කිරීම බිඳකිනුදු අඩු නොකළ බවයි.

"ඔහු ජීවිතයටත් වඩා විශාලයි. ඔහු වැනි කෙනෙක් නැවත අපට මුණ ගැහෙන්නේ නැහැ." බිසෝස් පැවසුවා.

ඇසුර-
Mandela Nelson- Long Walk to Freedom (1994),
AlJazira TV Channel, BBC TV Channel, Yahoo News
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nelson Mandela, Madiba, Tata, South Africa, United Kingdom, Europian Colonies, F. W. de Klerk, Arch Bishop Desmond Tutu,Jacob Zuma, President of South Africa, African National Congress, Victor Verstor Prison, Johannesburg, Capetown, Apartheid, Winnie Mandela, Rainbow Nation of Mandela, Soweto, Celebrating Life of Mandela, David Cameron, Aung San Suu Kyi,Nick Clegg
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
හර්මන් ගෝරිං (නියුරම්බර්ග් නඩුවේ දී) කියයි.
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook