Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
දරුවන්ගේ අධ්‍යාපන රෝගයට බන්දුල සහ මොහාන් ලාල් ට විශේෂඥ වෛද්‍ය උපදෙස්
පළමු වන ශ්‍රේණියේ සිට නව වන ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලබන පාසල් දරුවන්ගේ අධ්‍යාපන පීඩනය අවම කිරීමේ ක්‍රමවේදයක් සහිත අංග දහයකින් යුත් නවතම යෝජනාවලියක් අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු යන මහත්වරුන් වෙත ඉදිරිපත් කොට ඇත. මෙම ඉදිරිපත් කිරීම සිදුකොට ඇත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ ස්නායු රෝග විශේෂඥවෛද්‍ය නිලූපුල් පෙරේරා යන විද්වතුන් විසිනි. පසුගිය ඔක්තෝබර් 29 දා බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම වෛද්‍යවරුන් විෂය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා හමු වී ඇත. පළමු ශ්‍රේණියේ සිට නවවන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් අධ්‍යාපනයේ නාමයෙන් අත්විඳින කායික මානසික පීඩාව හැකිතාක් අවම කොට ඔවුන්ට ළමා වියේ සුන්දරත්වය අත්විඳීමට ඉඩදීමත් ඔවුන් එලෙස අත්විඳින කායික මානසික සැනසුම ඔස්සේ අනාගතයේ වඩාත් පිරිපුන් පුරවැසියන් ජාතියට දායාද කරවීමත් මෙම යෝජනාවලියේ අරමුණ වී තිබේ.

මෙම යෝජනාවලිය සඳහා 2011 සහ 2012 යන දෙවසර තුළ රැජින කාන්තා පුවත්පත මගින් සංවිධානය කරනු ලැබූ ‛ඔබේ දරුවාටත් සැබෑ නිදහස් අධ්‍යාපනයක්’ යන දීප ව්‍යාප්ත ගුරු දෙගුරු සම්මන්ත්‍රණ මාලාවේදී ඉහත සඳහන් වෛද්‍යවරුන් ලත් අත්දැකීම් සහ ලොව දියුණු රටවල ප්‍රාථමික සහ ද්වීතික අධ්‍යාපන ක්‍රම සම්බන්ධයෙන් කරන ලද තුළනාත්මක අධ්‍යයනයන්ගෙන් ලත් දැනුම් සහ අවබෝධයන් ද පදනම් කොටගෙන තිබේ. ඔවුන් විසින් පසුගිය ඔක්තෝබර් 29දා අධ්‍යාපන අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ මේ සම්බන්ධ දීර්ඝ වශයෙන් වාචිකව කරුණු ඉදිරිපත් කිරීමක් ද කොට ඇත.

ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ දරුවාගේ අධ්‍යාපන පීඩනය අවම කරවීම පිළිබඳ එම දස වැදෑරුම් යෝජනාවලිය මෙසේය.

දැනට ලාංකික පාසල් සිසුන්ට සකසා ඇති විෂය නිර්දේශයේ විශාලත්වය නිසා ඇති වී තිබෙන මානසික පීඩනයන් ඉවත් කිරීම සඳහාත්, දරුවන්ගේ ශාරීරික, සෞන්දර්යාත්මක, සමාජීය, ආවේග පාලනය හා අධ්‍යාත්මික කුසලතාවයන් දියුණු කිරීම සඳහාත් අපි පහත යෝජනා ඉදිරිපත් කරමු.

1. පළමු වන ශ්‍රේණියේ සිට නව වන ශ්‍රේණිය අග දක්වා ඒ ඒ වාරයේ දී ඒ ඒ විෂයයෙහි ඉගැන්විය යුතු පාඩම් නිගමනය කොට වාර අවසානයේ දී එම වාරයේ ඉගැන්වනු ලැබු ඒකකයන්ගේ විෂයය කරුණු වලින් පමණක් ප්‍රශ්න සකස් කොට වාර විභාගය පැවැත්විය යුතුය.

2. එවිට එක් වාරයක විෂයය කරුණු ඊළඟ වාර විභාගයේ දී විමසීම නොකෙරෙනු ඇත. එම නිසා ඒ ඒ වාරයේ උගත් කරුණු ගැඹුරින් හදාරා නැවත නැවත මෙනෙහි කිරීමට හැකි නිසා එම කරුණු ළමයා තුළ හොඳින් ධාරණය වනු ඇත. මෙය ලොව පිළිගත් ඉගැන්වීමේ ක්‍රමයකි.

3. වාර විභාගය ඒකක විභාගයක් බවට පත් කෙරෙන මුල් අවස්ථාවේදී එම විභාග සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සැකසීම අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුය. එසේ නොවුවහොත් මෙම නව ක්‍රමය නිසි පරිදි තේරුම් නොගැනීම නිසා ගුරුවරුන් මෙම නව ක්‍රමයට පටහැනි ලෙස ප්‍රශ්න සකසනු ඇත.

4. මෙම නව ක්‍රමය තුළ දැනට සිදුවන අයුරින් එක් වාරයක විෂයය කරුණු ඊළඟ වාරයට උතුරා නොයන නිසා පාසල් නිවාඩු කාලය ළමයාට සැබෑම නිවාඩු කාලයක් වනු ඇත.

5. මෙම නිවාඩු කාලය තුළ ළමයාට පරිසරය, සෞන්දර්ය, සමාජය සහ ආගම හා බැඳුණු නිරීක්ෂණය හා ක්‍රියාකාරී සහභාගීත්වයෙන් කෙරෙන පැවරුම් පමණක් කිරීමට නිර්දේශ කළ යුතුය. මෙම පැවරුම් මොනවාද යන්නත් ඒවා ඇගයීම කරන අයුරුත් අධ්‍යාපන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මුලදී සිදුවිය යුතුය.

6. වසර 10 සහ 11 සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කොට ගෙන ද වසර 12 සහ 13 උසස් පෙළ විභාගය ඉලක්ක කොට ගෙන ද දැනට පවත්වා ගෙන යන ඉගැන්වීමේ හා විභාග ක්‍රමය එලෙසින්ම පවත්වා ගෙන යාම මැනවි. (අප මෙම නව ක්‍රමය යෝජනා කරන්නේ පළමු වන ශ්‍රේණියේ මුල සිට 9 ශ්‍රේණියේ අග දක්වා පමණි)

7. දැනට ඇති පාසල් පෙළ පොත් ඒ ඒ වාරයට නියමිත පාඩම් අනුව කොටස් තුනකට (3) බෙදා මුද්‍රණය කළ හැක. එවිට ඒ ඒ වාරයේ දී ළමයා පාසලට රැගෙන යන පෙළ පොතේ විශාලත්වය අඩුවේ. එසේම ළමයා පාසලට රැගෙන යා යුත්තේ එම වාරයේ විෂයය කරුණු ලිවීමට ප්‍රමාණවත් වන කුඩා අභ්‍යාස පොතක් නිසා පාසල් පොත් බෑගයේ බර ද විශාල වශයෙන් අඩුවනු ඇත.

8. දැනට පාසල් අතර පවතින සම්පත් විෂමතාවයනුත්, දෙමාවුපියන්ගේ ආකල්පමය ගැටලුත් කඩිනමින් වෙනස් කළ නොහැකි නිසා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යයත්ව විභාගය අකමැත්තෙන් වුවද තව කලක් පවත්වාගෙන යෑමට සිදුවනු ඇත. (අප යෝජනා කරන මෙම නව ක්‍රමය පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට බාධාවක් නොවනු ඇත).

9. අප යෝජනා කරන ක්‍රමය සඳහා අමතර ප්‍රතිපාදන අවශ්‍ය නොවේ. එසේම දැනට පවතින විෂයය නිර්දේශයම මේ අයුරින් කොටස්වලට කඩා ඉගැන්විය හැකිය. විෂය නිර්දේශයේ අන්තර්ගතය වෙනස් කිරීම පසුව සිදුකළ හැකිය. තවද පවතින ක්‍රමයේ විශාල වෙනසක් සිදුවන බව නොදැනෙන නිසා මෙයට ඇතිවිය හැකි ප්‍රතිවිරෝධයන් අල්පය. නමුත් සියලූ දෙනාටම නොදැනී දරුවාට ඇති අධ්‍යාපන පීඩනය අවම වී පරිපූර්ණ පුරවැසියකු බිහිවනු ඇත.

10. දැනට අභාවයට ගොස් ඇති පන්ති සමිතිය නැවත හඳුන්වා දිය යුතු අතර ඒ සඳහා අවම වශයෙන් සතියකට පන්ති කාල පරිච්ඡේද දෙකක්වත් වෙන් කළ යුතුය. එමගින් ළමයින්ගේ සබකෝලය නැති වී ඔවුන්ගේ කථික, ගායන, වාදන, රැගුම් ප්‍රකාශන හා නායකත්ව කුසලතාවයන් වැඩි දියුණු වනු ඇත. පන්ති සමිතිය තුළ වැඩි ශිෂ්‍යයන් ප්‍රමාණයකට අවස්ථාවක් ලැබෙන නිසා එමගින් ද බහුතරයක් ශිෂ්‍යයන්ගේ හැකියාවන් වැඩි දියුණු වනු ඇත.



වෛද්‍ය අජිත් අමරසිංහ - ළමා රෝග විශේෂඥ
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන - ස්නායු ශෛල්‍ය විශේෂඥ
වෛද්‍ය නිලූපුල් පෙරේරා - ස්නායු විශේෂඥ


2013 ඔක්තෝබර් මස 29 වන දින දීය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Bandula Gunawardane, Mohan Lal Grero, Sri Lankan Education System, Sri Lankan Students
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
එලී වියෙසෙල් කියයි.
අප සෑම විටම පැත්තක් ගත යුතුම ය. මධ්‍යස්ථභාවය උපකාර කරනුයේ පීඩාවට ගොදුරු වන්නන්ට නොව පීඩකයාටම ය. නිහැඬියාව දිරි ගන්වන්නේ වධකයා මිස වධයට පාත්‍ර වන්නා නොවේ.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook