Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය'
බූන්දි, 15:43:54
'සමනල සංධ්වනිය' ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම මතුගම ජානකී සිනමාහලේදී එය නැරඹීමි. එය රසවත් අත්දැකීමක් විය. විශිෂ්ට චිත්‍රපටයක් නො වුණත්, යමක් කතා කිරීමට සිතෙන චිත්‍රපටයකි. 'සමනල සංධ්වනිය' චිත්‍රපටයයේ අදීශගේ අත්දැකීම ජී.බී. සේනානායක විසින් ලියන ලද 'උදුරා ගත් සපත්තුව' කෙටිකතාව සිහිගන්වයි. මෙම කෘති දෙකෙහි ම ඉන්නේ සුළු සිද්ධියක් විසින් සිතෙහි ඇති කරන ලද ශෘංගාරාත්මක බලපෑම හේතුවෙන් විඳවන පුද්ග‍ලයෝ දෙදෙනෙකි.

'සමනල සංධ්වනිය' චිත්‍රපටයේ අදීශ නම් පාසල් සිසුවා අත අහම්බයකින් පත් වන අනුන්ගේ පෙම් හසුනක් හේතුවෙන් ඔහුගේ ජීවිතය සපුරා වෙනස් වේ. ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක් විසින් ඇගෙන් වෙන් වුණ පෙම්වතාට ලියන ලද මෙම පෙම් හසුන ඔහු තුළ කම්පනයක් ඇති කරයි. තමන් දෙදෙනාට වැදගත් දිනයක් වන මාර්තු 07දා සෑම අවුරුද්දකදී ම තමන් කුමාරි උද්‍යානයට එන බව ඇය සිය පෙම්වතාට පවසයි. අදීශ එහි යන්නේ ඒ ලිපිය ඇයට දීමටයි. එහෙත්, ඔහුට එය දෙන්නට ලැබෙන්නේ නැත. ඔහු එම ලිපිය විනාශ කරන්නට උත්සාහ කළ ද ඔහුට එය කරන්නට බැරි ය. ඒ ලියුම නිසා ඔහු කරදර රැසකට මුහුණ දෙයි. ඔහුගේ සොහොයුරා එය ඔහුගෙන් උදුරා ගත්ත ද ඒ ලියුම ඔහුගේ ජීවිතයෙන් ඉවත් වන්නේ නැත. වසර බොහෝ ගණනකට පසුව පවා ඔහු එය හා සම්බන්ධ වේදනාවකින් පෙළෙයි.

සංගීතඥයකු වන ඔහුගේ නිර්මාණ පසුපස මේ සිද්ධිය හොල්මන් කරයි. ඔහුගේ පවුල් ජීවිතයේ ගැටලු ඇති වන්නේ ද ඒ නිසා බව චිත්‍රපටයෙන් පෙන්වා දෙයි. අවසානයේදී ඔහුගේ සොයුරා උපන් දින තෑග්ගක් ලෙස එම ලියුම ඔහුට ආපසු දෙයි. ඔහු වසර ගණනාවකට පසු මීළඟ මාර්තු 07දා නැවතත් කුමාරි උද්‍යානයට යයි. ඔහුට ඇය හමු වේ. ඒ වන විට ඇය වියපත් කාන්තාවකි. ඒ සම්බන්ධය ඔස්සේ ඉදිරියට සිදු වන සිදුවීම්වලිය අවසානයේදී ඔහු වසර බොහෝ ගණනකට පසුව තමන්ගේ සිතට මහා බරක් වූ ඒ ලියුම ඇයට ආපසු දෙයි. එයින් ඔහුගේ සිත නිදහස් වූ බවක් චිත්‍රපටය අවසානයේදී ඇඟ‍වේ.



මිනිස් සිත ගුප්ත ය. එය විග්‍රහ කිරීම අතිශය දුෂ්කර ය. විද්‍යාඥයෝ එක් ආකාරයකට මිනිස් සිත විවරණය කරති. ඒ මනෝ විද්‍යාවෙනි. කලාකරුවෝ සිය නිර්මාන හරහා මනෝ විශ්ලේෂණයක යෙදෙති. ඔවුහු මිනිස් සිත හැසිරෙන ආකාරය විවරණය කරති.

ජයන්ත චන්ද්‍රසිරි සිය කෘතියෙන් අදීශගේ සිත විවරණය කරන්නේ කෙසේ ද? අදීශ ඒ ලියුම ලියූ කාන්තාවට ආදරය කරනවා ද? චිත්‍රපටය පුරා දිවෙන ඔහුගේ අග්‍ර නිර්මාණය වන ගීතයෙන් කියවෙන පරිදි නම් එය ආදරයකි. අදීශ ඇයට ආදරය කරන බවක් එහි නිරූපණයන් ඔස්සේ මට නම් නො පෙනිණි. ඔහු ඇය දකින්නට උද්‍යානයට යයි. ඇය පසුපස යයි. ඇය නිසා රණ්ඩු සරුවල්වල පැටලෙයි. ඇය නිසා බුම්මාගෙන සිටියි. අසනීප වෙයි. මත්පැන් බොයි. ගීත ගයයි. එහෙත් ඒ නිරූපණයන් තුළ එවැනි ආදරයක ඉසියුම් ශෘංගාරාත්මක සුන්දරත්වය ගැබ් වී තිබේ ද? මට නම් සිතෙන්නේ 'නැත' කියා ය.

මෙහිදී මට මජීඩ් මජිඩිගේ බරන් චිත්‍රපටය සිහි වේ. එහි පිරිමි වෙස් ගෙන ඉදිකිරීම් වැඩපළක වැඩ කරන දිළිඳු ඇෆ්ගන් සරණාගත තරුණියකට පෙම් කරන විකාර ගති පැවතුම් ඇති කම්කරු තරුණයාගේ ප්‍රේමය සිනමාකරුවා විසින් නිරූපණය කරන ආකාරය අතිශය සුන්දර ය. විකාර ගති පැවතුම් ඇති මෙම තරුණයා තරුණියගේ පියා වැඩපළට පැමිණෙන අවස්ථාවකදී සැඟවෙන ආකාරය මගේ සිත් තදින් පැහැර ගත්තේ ය. තුරුණු ප්‍රේමයේ ශෘංගාරය ඇතැම් විටෙක විකාර ලක්ෂණවලින් ද යුක්ත ය. පෙම්වතුන්ට/වතියන්ට අනෙකාගේ පවුලේ අය දැකීමෙන් පවා පෙම්වතිය හා සම්බන්ධ ශෘංගාරාත්මක හැඟීම් තීව්‍ර වේ.

අදීශගේ ජීවිතයට ලියුමේ සිද්ධිය මෙතරම් බලපාන්නේ කෙසේද යන්න පිළිගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දීමට නිර්මාණකරුවා අසමත් වී තිබේ. මනස නම් ගුප්ත ලෝකයේ සොඳුරු හා අඳුරු අහු මුළු වෙත දීප්තිමත් ආලෝක ධාරාවක් එල්ල කිරීමට ඔහු සමත් වන්නේ නැත. ඔහු කරන්නේ මතුපිට අතපතගෑමක් පමණි.

ජයන්ත චන්ද්‍රසිරිට ප්‍රේමයේ ඒ සියුම් සුන්දරත්වය හසු වන්නේ නැත. ‍එහෙත්, ඔහු දක්ෂ සිනමාකරුවෙකි. ඔහු විසින් කරන ලද එක් ශ්‍රව්‍යමය පෙළහරක් මගේ සිතේ තදින් කා වැදී තිබේ. එහෙත්, ඒ 'සමනල සංධ්වනියෙහි' නො වේ. දඬුබස්නාමානයෙහි ය. එහි මරණ ගෙදරක රාත්‍රියේ දුක, බිය, ගුප්තකම හා නිදිමත මැද මරණ ගෙදර රැස් වූ මිනිසුන්ගේ මුණුමුණුව නිරූපණය කර තිබෙන ඉසියුම්කම අති විශිෂ්ට ය. 'සමනල සංධ්වනියෙහි' ගීත නිර්මාණයෙහි දක්නට ලැබෙන මෙම සියුම්කම සමස්තයක් ලෙස චිත්‍රපටයෙන් ගිලිහී තිබේ. එසේ වන්නේ ඇයි?



කතන්දර කීම කලාවේ මූලික ලක්ෂණයකි. විශේෂයෙන් ම, සිනමාවට, නවකතාවට කතන්දරය ඉතා වැදගත් ය. සිනමාකරුවකු හොඳ කතන්දරකාරයකු විය යුතු බව මගේ අදහසයි. ජයන්ත චන්ද්‍රසිරි කතන්දරකරුවකු ලෙස කලින් පෙන්වූ දක්ෂතා පිරිහෙමින් ඇති බවට 'සමනල සංධ්වනිය' සාක්ෂියකි. අතිශය සුන්දර නාට්‍යමය නිර්මාණයක වස්තු බීජයක් ඔහු අත අතු ඉති ලා වැඩෙන්නේ නැත.

කතා පුවත ඉතා සියුම් අන්දමින් ගොතන ආකාරය පිළිබඳ මට සිහිපත් වන හොඳ උදාහරණයක් වන්නේ මිස්ටර් බීන්ගේ චරිතය නිරූපණය කිරීමෙන් ප්‍රසිද්ධ වූ රොවන් ඇට්කින්සන් රඟපාන 'ජොනී ඉංග්ලිෂ්' චිත්‍රපටයයි. එහි පහර දීමක් පිළිබඳ ජොනී සපයන බොරු සාක්ෂි මත පොලිස් සිත්තරෙක් පුද්ගලයකුගේ චිත්‍රයක් අඳියි. එම සිද්ධිය එතනින් හමාර ය. එහෙත් චිත්‍රපටය අවසාන ජවනිකාවේ ජොනීට තෑගි ලැබුණු නවීන මෝටර් රියේ සිය පෙම්වතියත් සමග රවුමක් යමින් සිටියදී ඔහු එහි බොත්තමක් ඔබයි. අසුනත් සමග ගැලවී උඩින් විසි වන ජොනී පිහිනුම් ත‍ටාකයකට ඇද වැටෙයි. ඒ තටාකය අද්දර අසුනක දිගා වී සිටින පුද්ගලයෙකි. ඒ අර පොලිස් සිත්තරා විසින් අඳින ලද පුද්ගලයා ය.

විකාරරූපිත්වය ඔහුගේ කලින් නිර්මාණවල ද දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි. විකාරරූපිත්වය කලාත්මක ලක්ෂණයකි. එහෙත්, 'සමනල සංධ්වනියෙහි' තිබෙන්නේ විකාරරූපිත්වයක් නොව විකාර ගොඩකි. එහි සීරියස් පෙම්වතා හැර අනෙක් සියලුම චරිත විකාරකාරයෝ ය. පෙම්වතා ද පසුකාලයේ විකාරකාරයෙකි. කුමාරි උද්‍යානයේදී අදීශ රණ්ඩුවකට පැ‍ටලෙන සිද්ධිය පරම විගඩමකි. ඒවා විහිළු ද නො වේ.

මෙම ජවනිකා විසින් අමතනු ලබන්නේ පරපීඩනයෙන් සතුටු වන, ගැඹුරු විහිළුවක් රසවිඳිය නො හැකි අඳබාල ප්‍රේක්ෂක ප්‍රජාවටයි.

ජාතිකවාදී සිනමා රැල්ල විසින් රසඥතාවට දැවැන්ත බලපෑමක් කර තිබෙන බවට ද 'සමනල සංධ්වනිය' සාක්ෂියකි. සෝමරත්න දිසානායක වැනි අය රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් චිත්‍රපට ශාලාවලට ආකර්ශණය කරගෙන තිබෙන ප්‍රේක්ෂක ප්‍රජාවට ජයන්ත චන්ද්‍රසිරි වැනි සිනමාකරුවෝ බියක් දක්වන බව පෙනේ. එහි ලියුම ලියූ කාන්තාවගේ පෙම්වතා හමුදා නිලධාරියකු බව හෙළි කරමින් ඔහු මේ ප්‍රේම වෘත්තාන්තය ජාතිකවාදය සමග සම්බන්ධ කරයි. එහෙත්, එය චිත්‍රපටයට අවශ්‍ය ද? එයින් සිදු වන්නේ මෙම විශ්ව සාධාරණ අත්දැකීම පටු කෝවකට ඇතුළු කිරීම පමණි.

සමාජය හා සිනමාව පුරා වැතිරුණු හිස් ස්වෝත්තමවාදී ජාතිකවාදය තුළ සිරගත කරන ලද ප්‍රේක්ෂක පිරිස නම් සපත්තුවේ තරමට ජයන්ත සිය 'සමනල සංධ්වනිය' නම් කකුල කපාගෙන තිබේ.

'සමනල සංධ්වනිය' ප්‍රේක්ෂකයන්ගේ රසඥතා සිර ගෙවල් පුපුරුවා හැර, වින්දනයේ නිම් වළලු පුළුල් කරන නිර්මානයක් නො වේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- A review on Jayantha Chandrasiri's Samanala Sandhawaniya (2013), Sinhala Movie, Sri Lankan Film, Yasodha Wimaladharma, Uddhika Premarathna, Baran (2001) by Majid Majidi, Johnny English (2003) by Peter Howitt, Rowan Atkinson
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් පැරකුම් ජයසිංහ ගෙන් තවත් වියමන්
කරන්ට්ස්
ඌරෝ
කවි
පිලියන් එකේ යන මිනිස්සු
කරන්ට්ස්
රතු පස්
පොත්
මාස්ටර් හා දීප්ත(ි කුමාර ගුනරත්න) මරා සත්‍යාපෝල් නම් පරමාදර්ශය උපදින ලලිත සමය
කරන්ට්ස්
තුඩ කඩා ලු පෑනක්
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook